සබැඳී ලිපි
--
කේන්ද්‍ර සටහනක හතර වැනි භාව කොටුව යනු කේන්ද්‍රස්ථාන හතරෙන් (1, 4, 7, 10) එකක් වේ. ගෘහස්ථානය, මාතෘස්ථානය, සුඛස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙම කේන්ද්‍රස්ථානයෙන් පදිංචි ගෘහය, නිශ්චල හා චංචල දේපොළ, මවු, මවුපියන්ගෙන් උරුම වශයෙන් ලැබෙන දේ, මවු පාර්ශවයේ නෑදෑ පරපුර පිළිබඳ විස්තර වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.
තවද යමෙකුගේ සාමාන්‍ය ඉගෙනීම, ස්ථිර වාසස්ථානයක් හිමිද යන වග සහ ජීවිතයේ අන්තිම කාලය කෙසේ ගතවන්නේද යනු සිවුවැනි භාවය පරීක්‍ෂාවෙන් දැනගත හැකියි. සිත පිළිබඳ කියැවෙන ප්‍රමුඛ ස්ථානය වන්නේ ද මේ හතරවෙනි කොටුවයි. ශරීරයේ නම් පපුව වේ.
සිවු වැන්නේ ශුභ ග්‍රහයන් යෙදී ශුභයන් ගේ දෘෂ්ටි ද යහපත් ලෙස ලැබී ඒ ග්‍රහයන් ගේ දශාවන් ද නිසි කලට යෙදෙන්නේ නම් එවැනි තැනැත්තා ප්‍රීතියෙන් හා නියම සැපයෙන් තම නිවසේම වාසය කරන බව නිසැක වශයෙන් කිව හැකිය. ඔහුගේ මවු ද නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂය වළඳන්නීය. මවු පාර්ශවයේ නෑදෑයන්ගෙන් බොහෝ ඇප උපකාර ලැබෙනු ඇත.
දුෂ්ට ග්‍රහ බලපැම් ආදියෙන් සිවුවැන්න දුර්වල නම් එබඳු තැනැත්තා ට කිසිකලෙකත් ස්ථිර වාසස්ථානය ක් උරුම නොවේ. දේපොළ හානිය සිදුවී දූෂ්‍ය වූ සිත් ඇති වේ. නෑදෑ විරෝධය ද එල්ලවේ. බොහෝවිට උපන් ගම් බිම් වලින් ද පිටමං වීමට සිදුවේ. ජීවිතයේ අවසාන කාලය අවාසනාවන්ත ලෙස ගතවේ.
මේ හේතුන් නිසා කෙනෙකුගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීමේදී සිවු වැනි භාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතුය. එහි යෙදෙන රාශිය, ඒ රාශියේ අධිපති ග්‍රහයා, එහි සිටින ග්‍රහයන් ගේ යථා තත්වයන් (සංයෝග ආදිය) ද වැටී ඇති දෘෂ්ටිවල ස්වභාවය ද ප්‍රවේශමෙන් සලකා බැලීම අතපසු නොකළ යුතුය.

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ලග්නය ↑

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ධනස්ථානය (2-දෙවැනි භාව කොටුව)

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බන්ධුස්ථානය (3-තෙවැනි භාව කොටුව)
--කේන්ද්‍ර සටහනක හතර වැනි භාව කොටුව යනු කේන්ද්‍රස්ථාන හතරෙන් (1, 4, 7, 10) එකක් වේ. ගෘහස්ථානය, මාතෘස්ථානය, සුඛස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙම කේන්ද්‍රස්ථානයෙන් පදිංචි ගෘහය, නිශ්චල හා චංචල දේපොළ, මවු, මවුපියන්ගෙන් උරුම වශයෙන් ලැබෙන දේ, මවු පාර්ශවයේ නෑදෑ පරපුර පිළිබඳ විස්තර වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.