🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ධනස්ථානය (2-දෙවැනි භාව කොටුව)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,945
    21,464
    113
    ජන්ම කේන්ද්‍රයක ප්‍රමුඛ ස්ථානය වන පළමු භාවය හෙවත් ලග්නය පිළිබඳව මින් පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් තිබෙනවා.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ලග්නය ↑

    --
    මේ ලිපියෙන් කේන්ද්‍රයක දෙවැනි භාවය හෙවත් දෙවැනි භාව කොටුව පිළිබඳ සවිස්තරාත්මකව සොයාබලමු.

    dhana.JPG


    කුටුම්භස්ථානය, ස්වස්ථානය, ධනස්ථානය යන පර්යාය නාම වලින් හැඳින්වෙන දෙවැනි භාව කොටුව දසවැන්න මූලික කරගත් 'අර්ථ' ත්‍රිකෝණයට අයත් 'මාරක' ස්ථානයකි.
    දෙවැන්නේ ිස්ඵූටය, යෙදී ඇති රාශිය, එහි සිටින ග්‍රහයන්, වැටී ඇති දෘෂ්ටි ආදී තත්ත්ව නිවැරදිව විමර්ෂණය කිරීමෙන් ජන්මියාගේ වාග් චාතුය්‍යර්‍ ය, සිහිය, ඇස් පෙනීම, දියුණුව සහ පිරිහීම, විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ විස්තර, තැන්පත් ධනය, දේපොළ ඉඩකඩම් ආදී වස්තුව, ගෘහ ජීවිතය සහ මරණය වැනි වැදගත් තොරතුරු රාශියක් පිළිබඳ මනා වැටහීමක් ලබාගත හැකියි.
    මුහුණ, මුඛය, ගෙල වැනි ශරීරාංග දෙවැන්නට අයිතිවේ. තවද ස්ත්‍රීන්ගේ වම් ඇස සහ පුරුෂයන් ගේ දකුණු ඇස ද දෙවැන්නට ම අයිතිවේ.
    දෙවැනි භාවය නරක් වුණොත් එවැනි අයෙකුට කිසිකලෙක ධනය ඉතුරු කරන්නට නොලැබේ. කොතරම් ඉපැයුවත් කෙසේ හෝ වියම් හෝ නාස්ති හෝ වී අවසානයේ අවාසනාවන්ත දිළින්දෙකු බවට පිරිහේ. අනුන් නුරුස්නා තියුණු වචන හේතුවෙන් ගැටුම් වලට මැදිවන්නට සිදුවේ. මුහුණේ පියකරු බවක් නැති දුෂ්ට රෞද්‍ර හෝ අවාසනාවන්ත පෙනුමක් වේ. ඇස් වලට අනතුරු සිදුවේ. රවි ශුක්‍ර වැනි ග්‍රහයන් දුෂ්ටව සිටියොත් ඇස් අන්ධ වියහැකිය. ගලගණ්ඩය, මුඛ පිළීකා, මුහුණේ සම දුෂ්‍ය වීම වැනි ව්‍යාධි වලට හේතුවේ. විවාහ ජීවිතය ද සතුටින් ඉදිරියට ගෙනයාම අසීරුය. ගෘහ ජීවිතයේ කලකෝලහාල බහුලය. අන්තිමේ අවාසනාවන්ත මරණයක් වේ.
    දෙවැන්න යහපත් වීමෙන් ඉහත කී සියල්ලට ප්‍රතිවිරුද්ධ දේ ඇතිවී තෘප්තිමත් වාසනාවන්ත ජීවිතයකට උරුමකම් හිමිවේ.
    එබැවින් ජන්ම කේන්ද්‍රය පරික්ෂා කිරීමේදී මේ දෙවැනි භාව කොටුවේ තත්ත්වය ඉතා බැරෑරුම් ලෙස සැලකීම මැනවි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,905
    18,778
    113
    මම මේ සීන් එකේ පොඩ්ඩක් වත් නෑනෙ. තේරුමක් තියෙයිද බලල.
     
    • Wow
    Reactions: Lovtus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,905
    18,778
    113
    මොකක්ද මචන් සීන් එක?
    නෑ නෑ ජෝතිශ්‍ය සීන් එක.. ඔයා දිගටම පෝස්ට් දැම්මනෙ. ලාවට බැලුව තේරෙන්නෙ නෑ.. ඒකයි ඇහුවෙ මම බැලුවට තේරුමක් තියෙයිද කියල
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,464
    113
    නෑ නෑ ජෝතිශ්‍ය සීන් එක.. ඔයා දිගටම පෝස්ට් දැම්මනෙ. ලාවට බැලුව තේරෙන්නෙ නෑ.. ඒකයි ඇහුවෙ මම බැලුවට තේරුමක් තියෙයිද කියල
    මුල් ලිපිවල ඉඳන් හෙමීට බලාගෙන ආවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි. නොතේරෙන තැනක් තිබුණොත් comment එකක් දාලා අහන්න. පැහැදිළි කරන්නම්.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,905
    18,778
    113
    මුල් ලිපිවල ඉඳන් හෙමීට බලාගෙන ආවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි. නොතේරෙන තැනක් තිබුණොත් comment එකක් දාලා අහන්න. පැහැදිළි කරන්නම්.
    එල මචං.. මම හිමීට බලන්න ගන්නම්..
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,464
    113
    ශනි නීච වීම ධනවත් වීමට හොදයි නේද?
    සාමාන්‍යයෙන් ගුරු, ශුක්‍ර නෛසර්ගික ශුභ ග්‍රහයෙක් බලවත් වුණාම ශුභ ඵල වැඩි වෙනවා. ඒ ග්‍රහයන් දුර්වල නම් ශුභ ඵල අඩු වෙනවා. ඒත් සෙනසුරු, කුජ, රාහු වගේ පාප ග්‍රහයන් ගේ තත්වය ඊට වෙනස්. මේ පාප ග්‍රහයන් නීචව දුර්වල වුණා කියලා අශුභ ඵල අඩු වෙලා ශුභ ඵල වැඩිවීමක් වෙන්නේ නැහැ. විපර්යාස වශයෙන් පාපියෝ බලවත් වුණාම ශුභ ඵල දෙනවා. ඒත් කුජ, රාහු වැනි ග්‍රහයන් දුෂ්ට ස්ථානවල බලවත් වීම (6 වැන්න හැර) යහපත් වෙන්නේ නෑ. සෙනසුරු කොතැනක වුණත් බලවත් වෙන තරමට හොඳයි. මේ කාරණය ටිකක් සංකීර්ණයි. වෙලාවක් ලැබුණාම මේ ගැන වෙනම ලිපියක් ලියන්නම්.
     
    • Like
    Reactions: scorpion MW

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ධනු ලග්නෙ දෙවන්නාධිපති එකොලොස්වාන්නාධිපති එක්ක එකොළොස්වෙනි කොටුවෙ හිටියොත් මොකද තත්වෙ @Lovtus ?
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,185
    113
    දෙහිවල
    මොකද පොන්නයො වෙලා තියෙන්නෙ
    උබට පිස්සුද
    පරන ත්රේඩ් කීයක් බම්ප් කරලද
    උබෙන් අහලද කැරි පොන්න මන්ද මානසික අඩුකුලෙ වෙසිගෙ පුතෝ මම නුල් බම්ප් කරන්න ඕන..