ජන්ම කේන්ද්‍රයක ප්රමුඛ ස්ථානය වන පළමු භාවය හෙවත් ලග්නය පිළිබඳව මින් පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් තිබෙනවා.
--
මේ ලිපියෙන් කේන්ද්‍රයක දෙවැනි භාවය හෙවත් දෙවැනි භාව කොටුව පිළිබඳ සවිස්තරාත්මකව සොයාබලමු.
කුටුම්භස්ථානය, ස්වස්ථානය, ධනස්ථානය යන පර්යාය නාම වලින් හැඳින්වෙන දෙවැනි භාව කොටුව දසවැන්න මූලික කරගත් 'අර්ථ' ත්‍රිකෝණයට අයත් 'මාරක' ස්ථානයකි.
දෙවැන්නේ ිස්ඵූටය, යෙදී ඇති රාශිය, එහි සිටින ග්‍රහයන්, වැටී ඇති දෘෂ්ටි ආදී තත්ත්ව නිවැරදිව විමර්ෂණය කිරීමෙන් ජන්මියාගේ වාග් චාතුය්යර් ය, සිහිය, ඇස් පෙනීම, දියුණුව සහ පිරිහීම, විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ විස්තර, තැන්පත් ධනය, දේපොළ ඉඩකඩම් ආදී වස්තුව, ගෘහ ජීවිතය සහ මරණය වැනි වැදගත් තොරතුරු රාශියක් පිළිබඳ මනා වැටහීමක් ලබාගත හැකියි.
මුහුණ, මුඛය, ගෙල වැනි ශරීරාංග දෙවැන්නට අයිතිවේ. තවද ස්ත්රීන්ගේ වම් ඇස සහ පුරුෂයන් ගේ දකුණු ඇස ද දෙවැන්නට ම අයිතිවේ.
දෙවැනි භාවය නරක් වුණොත් එවැනි අයෙකුට කිසිකලෙක ධනය ඉතුරු කරන්නට නොලැබේ. කොතරම් ඉපැයුවත් කෙසේ හෝ වියම් හෝ නාස්ති හෝ වී අවසානයේ අවාසනාවන්ත දිළින්දෙකු බවට පිරිහේ. අනුන් නුරුස්නා තියුණු වචන හේතුවෙන් ගැටුම් වලට මැදිවන්නට සිදුවේ. මුහුණේ පියකරු බවක් නැති දුෂ්ට රෞද්‍ර හෝ අවාසනාවන්ත පෙනුමක් වේ. ඇස් වලට අනතුරු සිදුවේ. රවි ශුක්‍ර වැනි ග්‍රහයන් දුෂ්ටව සිටියොත් ඇස් අන්ධ වියහැකිය. ගලගණ්ඩය, මුඛ පිළීකා, මුහුණේ සම දුෂ්‍ය වීම වැනි ව්‍යාධි වලට හේතුවේ. විවාහ ජීවිතය ද සතුටින් ඉදිරියට ගෙනයාම අසීරුය. ගෘහ ජීවිතයේ කලකෝලහාල බහුලය. අන්තිමේ අවාසනාවන්ත මරණයක් වේ.
දෙවැන්න යහපත් වීමෙන් ඉහත කී සියල්ලට ප්‍රතිවිරුද්ධ දේ ඇතිවී තෘප්තිමත් වාසනාවන්ත ජීවිතයකට උරුමකම් හිමිවේ.
එබැවින් ජන්ම කේන්ද්‍රය පරික්ෂා කිරීමේදී මේ දෙවැනි භාව කොටුවේ තත්ත්වය ඉතා බැරෑරුම් ලෙස සැලකීම මැනවි.

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ලග්නය ↑
--මේ ලිපියෙන් කේන්ද්‍රයක දෙවැනි භාවය හෙවත් දෙවැනි භාව කොටුව පිළිබඳ සවිස්තරාත්මකව සොයාබලමු.