ජ්යෝතිශ්යය හදාරන ආධුනිකයා පංචාංගය පිළිබඳ දැනුම කලින්ම තහවුරු කරගැනීම වැදගත් වෙයි.
දිනය, නැකත, තිථිය, යෝගය සහ කරණය යනු පංචාංගය නම් වේ.
--
දිනය
රවි, චන්ද්ර, කුජ, බුධ, ගුරු, ශුක්ර, ශනි යන ග්රහ සප්තකය ට අනුව දින වලට නම් යොදා තිබේ. මේ දින හත පූර්ණ වූ විට සතිය කියාද, සති හතරක් ගිය තැන මාසය කියාද, මාස දොළහක් වූ කල අවුරුද්ද කියාද සම්මතයේ භාවිතා වන විධිය යි.
දින හත මෙසේ ය;
1. රිවි දා / ඉරිදා - රවි ග්රහයා අනුව නම්කර ඇත. ශිව අධිපති වේ.
2. සඳුදා - චන්ද්රයා අනුව නම්කර ඇත. දුර්ගා අධිපතිනි වේ.
3. කුජ දා / අඟහරුවාදා - කුජ ග්රහයා අනුව නම්කර ඇත. ස්කන්ධ කුමාර අධිපති වේ.
4. බුධ දා / බදාදා - බුධ ග්රහයා අනුව නම්කර ඇත. විෂ්ණු අධිපති වේ.
5. ගුරු දා / බ්රහස්පතින්දා - ගුරු ග්රහයා අනුව නම්කර ඇත. මහා බ්රහ්ම අධිපති වේ.
6. කිවි දා / සිකුරාදා - ශුක්ර ග්රහයා අනුව නම්කර ඇත. ශ්රී අධිපතිනි වේ.
7. ශනි දා / සෙනසුරාදා - ශනි ග්රහයා අනුව නම්කර ඇත. යම අධිපති වේ.
පුර සඳු, බුධ, ගුරු, ශුක්ර හිමි දින ශුභ දින වශයෙන් ද,
අව සඳු, කුජ, ශනි හිමි දින අශුභ දින වශයෙන් ද සැලකේ.
ඉරු ගේ තත්කාල බලය විමසා රිවි දින විනිශ්චය කටයුතුය.
--
සැ. යු: අධික මිළ ගණන් නිසා පොත් මිළදී ගන්න අපහසු අය ජ්යෝතිශ්යය සම්බන්ධ ව ලියලා තියෙන පොත්වල free PDF ඉල්ලලා comments වලින් වගේම PM කරලා ඉල්ලලා තිබුණා. කතුවරුන් ගේ අනුමැතියක් නැතිව මට එහෙම PDF දෙන්න බෑ. ඒත් මම මේ දවස්වල ජ්යෝතිශ්ය විෂයය ගැන ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියේ පොතක් ලියමින් ඉන්නේ. ඒ වැඩේ සම්පුර්ණ වුනාම PDF එකක් විදියට දෙන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැන විස්තර ඉදිරියේදී කියන්නම්.