පෘථිවි ඛබොල වටා අවකාශය රාශි දොළහකට බෙදා ඇති අන්දම මින් පෙර විස්තර කරනු ලැබුවා ඔබට මතක ඇති.
එකී අවකාශය නැවත නැකැත් යනුවෙන් කොටස් විසි හතකට (27) බෙදනු ලබයි. එම නැකැත් විසි හත අයත් ග්‍රහයන් සමඟ මෙසේය;
1. අස්විද...........10. මා...................19. මූල -----> කේතු හිමි
2. බෙරණ.........11. පුවපල්...........20. පුවසල -----> ශුක්‍ර හිමි
3. කැති..............12. උතුරුපල්......21. උතුරුසල -----> රවි හිමි
4. රෙහෙණ.......13. හත................22. සුවණ -----> සඳු හිමි
5. මුවසිරස........14. සිත................23. දෙනට -----> කුජ හිමි
6. අද..................15. සා..................24. සියාවස -----> රාහු හිමි
7. පුනාවස.........16. විසා................25. පුවපුටුප -----> ගුරු හිමි
8. පුස.................17. අනුර..............26. උතුරුපුටුප -----> ශනි හිමි
9. අස්ලිස...........18. දෙට...............27. රේවතී -----> බුධ හිමි
* විසි එක් වෙනි උතුරුසල නැකත ට පසු අභිජිත් නමින් නැකතක් තිබේ. එය එතරම් ව්‍යවහාර නොවන නිසා වෙන්කර ඇත.
අස්විද නැකත මේෂ රාශිය සමඟ ආරම්භ වන රේඛාවේ දී රේවතී නැකත මීන රාශිය සමඟ අවසන් වේ.
මේෂ රාශිය පටන් ගැන්මේ සිට කටක රාශිය අවසානය දක්වා අස්විද නැකතේ සිට අස්ලිස දක්වා වන නැකැත් නමය (9) පිරී පවතී.
සිංහ රාශියේ පටන් ගැන්මේ සිට වෘශ්චික රාශිය අවසානය දක්වා මා නැකතේ සිට දෙට නැකත දක්වා වන නැකැත් නමය පිරී පවතී.
ධනු රාශියේ පටන් ගැන්මේ සිට මීන රාශියේ අවසානය දක්වා මූල නැකතේ සිට රේවතී නැකත දක්වා වන නැකැත් නමය පිරී පවතී.
එක් එක් නැකත පාද යනුවෙන් කොටස් හතරකට බෙදයි. එවිට නැකැත් පාද 108 කි. නැකැත් පාදයක් නවාංශකයක් යනුවෙන්ද හඳුන්වයි. ඒ නයින් අස්ලිස නැකතේ හතර වෙනි පාදය හෙවත් කටක රාශියේ මීන නවාංශකය කටකය සමඟ එකවිට අවසන් වේ. දෙට නැකතේ හතර වෙනි පාදය හෙවත් වෘශ්චික රාශියේ මීන නවාංශකය වෘශ්චිකය සමඟ එකවිට අවසන් වේ. රේවතී නැකතේ හතර වෙනි පාදය හෙවත් මීන රාශියේ මීන නවාංශකය මීනය සමඟ එකවිට අවසන් වේ. මේ අවසන් සන්ධි වලට ඝණ්ඨාන්ත යැයි කියනු ලැබේ.
අස්විද, බෙරණ, මුවසිරස, පුස, මා, උතුරුපල්, හත, සා, උතුරුසල, දෙනට, සියාවස හා පුවපුටුප ස්ථිර නැකැත් වේ.
කැති, රෙහෙණ, අද, පුනාවස, අස්ලිස, පුවපල්, සිත, විසා, අනුර, දෙට, මූල, පුවසල, සුවණ, උතුරුපුටුප හා රේවතී චංචල නැකැත් වේ.
යම් මොහොතක චන්ද්‍රයා සිටින නැකත උදාවී ඇති නැකත වශයෙන් සලකනු ලැබේ.

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - ප්‍රවේශය 2 ලිපියේ ඒ පිළිබඳ විස්තර අඩංගුව ඇත.
එකී අවකාශය නැවත නැකැත් යනුවෙන් කොටස් විසි හතකට (27) බෙදනු ලබයි. එම නැකැත් විසි හත අයත් ග්‍රහයන් සමඟ මෙසේය;1. අස්විද...........10. මා...................19. මූල -----> කේතු හිමි

Last edited: