🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / කන්‍යා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    කන්‍යා රාශිය
    6.kanya.png

    මධ්‍යම ප්‍රමාණයට වඩා ස්වල්පයක් කුඩා සියුමැලි ශරීරයකි. කඩිසරය. වයසට වඩා තරුණ පෙනුමක් ඇත. ලෙළදෙන කටහඬ වේ.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් කන්‍යා රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය කන්‍යාව යැයි කියනුලැබේ. කන්‍යා රාශිය කන්‍යාවියක ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ හය වැන්න වේ. පෙරදිග ක්ෂිතිජයේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය හතරකුත් මිනිත්තු පනස් එකක් ගතවේ. සදාහරිත තණබිම්, කන්‍යාරාම, බාලිකා සිප්හල්, ස්ත්‍රී ගෘහ වලට ද නිරිතදිග දිශාවට ද බලපවත්වයි. කන්‍යාවේ අධිපති ග්‍රහයා බුධ ය. සෞම්‍ය, ස්ත්‍රී, සම, උභය, ගර්භ, අධෝ, ජීව, දීර්ඝ, පඨවි, විචිත්‍ර වර්ණ, දිවා බල, හිසින් උදාවන නර රාශියකි.
    කන්‍යාවේ බුධ උච්ච වේ. රාහු ස්වක්ෂේත්‍ර වේ. චන්ද්‍ර, ශුක්‍ර, ශනි සහ කේතු මිත්‍ර වේ. රවි සම වේ. කුජ සහ ගුරු සතුරුයි.
    උතුරුපල - 3, හත, සිත - 2 අඩංගුය. මුල් නවාංශකය මකරය වේ.
    ශුක්‍ර ශුභයි. චන්ද්‍ර, කුජ සහ ගුරු පාපීහු වෙති.
    පත්ම රාග, ලා රතු ආදී ලා පැහැති ගල් වර්ග පැළඳීම යහපති.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    me Dawas wala කන්‍යා ලග්නේට කොහොමද බන්
    සතුරු කරදර ඇතිවෙන්න පුළුවන්. සෞඛ්‍ය තත්වය ත් එච්චර හොඳ නෑ. උදරය ආශ්‍රිත රෝග බහුලයි
     
    • Sad
    Reactions: NRTG