

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විද්‍යාස්ථානය (5-පස් වෙනි භාව කොටුව)
--දසවැන්නට සම්මුඛ අර්ථ නම් අශුභ ඵල දීමේ දෙවැනි බලවත් ත්‍රිකෝණය (2-6 -10) ට අයත් කේන්ද්‍ර සටහනේ හය වැනි භාව කොටුව, ශතෘ ස්ථානය, රෝග ස්ථානය, ක්ෂණ ස්ථානය යන පර්යාය නාම වලින් හැඳින්වේ. (ත්‍රිකෝණ දෘෂ්ටි පිළිබඳ විස්තර මේ ලිපියෙන් කියවන්න).
සතුරන් සහ සතුරු බලවේග, ලෙඩ රෝග, ආහාරයේ පථ්‍ය අපථ්‍ය ස්වභාව, ණය ගනුදෙනු, නැන්දා මාමා සහ ඒ පක්ෂයේ නෑදෑ පරපුර යනාදී දේ හය වැන්න පරීක්ෂා කිරීමෙන් දැනගත හැකිය.
තවද ශරීරයේ යටි බඩ, මුත්‍රාශය, වකුගඩු, ස්ත්රීන්ගේ ගර්භාෂය වැනි ඉන්ද්රියයන් හය වැන්නට අයිතිවේ. දුෂ්ට ස්ථානය බැවින් ඇතැම් දුෂ්ට ග්‍රහයන් හයේ බලවත් වීම යෙහෙකි. කුජ, රාහු, රවි හයේ බලවත් වූ විට ජන්මියාගේ වික්‍රමය හේතුවෙන් සතුරන් නැසෙයි. එහෙත් ස්ත්‍රීන් ට නම් මේ පිහිටීම අශුභ වන බව කිවයුතුය. ගබ්සා වීම් නිසා දරුඵල නොලැබී යන්නට ඉඩ තිබෙන බැවිනි. කෙසේ වූවත් දුෂ්ටයෝ හයේ සිටීමෙන් යටි බඩ ආශ්රිත දැවිලි හා වෙනත් දරුණු ව්‍යාධි ඇතිවීමේ අවදානමක් තිබෙයි. හයේ සිටි කුජ, රාහු ශුභයන් විසින් දකියි නම් ඉතා යහපත් වේ. එසේ වූ කල ජන්මියා ශරීර ශක්තියෙන් හෙබි නිරෝගී වික්‍රමවත් අයෙකු වේ.
චන්ද්‍ර, බුධ, ගුරු, ශුක්‍ර, කේතු ආදීන්ට හයවැන්න ශුභ නැත.
