--
01. රවි ගේ අපල දුරු වීමට ඉඹුල්, මුණමල්, පුළිල කොස්, රත් නෙළුම්, එනසාල්, දේවදාර,සැවන්දන, වැල්මී, මයිල, සපු යන ශාක ඉරිදා දිනයක රවිගේ නැකතකින් රවි හෝරාවෙන් දකුණු දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.
02. සඳුගේ අපල දුරු වීමට දිඹුල්, කුමුදු, සමන්, ජම්බු, වරා, සුදු නෙළුම් යන ශාක සඳුදා දිනයක සඳුගේ නැකතකින් සඳු හෝරාවෙන් වයඹ දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.
03. කුජ ගේ අපල දුරු වීමට කොළොං, රත් කණේරු, කිහිරියා, බෙලි, රත් සඳුන්, බැබිල, යන ශාක අඟහරුවාදා දිනයක කුජ ගේ නැකතකින් කුජ හෝරාවේ දකුණු දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.
04. බුධ ගේ අපල දුරු වීමට කොහොඹ, නා, තල, අල වර්ග, මී, යාව යන ශාක බදාදා දිනයක බුධ ගේ නැකතකින් බුධ හෝරාවේ නැගෙනහිර දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.
05. ගුරු ගේ අපල දුරු වීමට බෝ, බෙලි, උණ, උක්, නා, කඩල, උඳු, මෑ, අබ, ඉද්ද, වැල්මී, සමන් පිච්ච යන ශාක බ්‍රහස්පතින්දා දිනයක ගුරු ගේ නැකතකින් ගුරු හෝරාවේ ඊසාන දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.
06. සිකුරු ගේ අපල දුරු වීමට කරඳ, කේශර, එනසාල්, කුංකුම, නෙල්ලි, අශෝක, කපු, තල, කෑළ යන ශාක සිකුරාදා දිනයක සිකුරු ගේ නැකතකින් සිකුරු හෝරාවේ ගිණිකොන දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.
07. ශනි ගේ අපල දුරු වීමට නුග, තල, බැබිල, වී, මුණමල්, කොහොඹ, අඹ, නීල වර්ණ මල් සහිත ශාක සෙනසුරාදා දිනයක ශනි ගේ නැකතකින් ශනි හෝරාවේ බටහිර දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.
08. රාහු ගේ අපල දුරු වීමට වැටකේ, කුඹුක්, කරඳ, ඊතණ, තල, කලාදුරු යන ශාක රාහු ගේ නැකතක් යෙදී ඇතිවිට නිරිත දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.
09. කේතු ගේ අපල දුරු වීමට කෙසෙල්, ඊතණ, තල, කොළොං, හල්, කලාදුරු, නුග යන ශාක කේතු ගේ නැකතක් යෙදී ඇතිවිට ඊසාන දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.



