🪐 ග්‍රහ අපල දුරු වීම සඳහා රෝපණය කලයුතු ශාක 🌳🌲🌴

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    OMBzU5rm.jpg

    --
    01. රවි ගේ අපල දුරු වීමට ඉඹුල්, මුණමල්, පුළිල කොස්, රත් නෙළුම්, එනසාල්, දේවදාර,සැවන්දන, වැල්මී, මයිල, සපු යන ශාක ඉරිදා දිනයක රවිගේ නැකතකින් රවි හෝරාවෙන් දකුණු දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    02. සඳුගේ අපල දුරු වීමට දිඹුල්, කුමුදු, සමන්, ජම්බු, වරා, සුදු නෙළුම් යන ශාක සඳුදා දිනයක සඳුගේ නැකතකින් සඳු හෝරාවෙන් වයඹ දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    03. කුජ ගේ අපල දුරු වීමට කොළොං, රත් කණේරු, කිහිරියා, බෙලි, රත් සඳුන්, බැබිල, යන ශාක අඟහරුවාදා දිනයක කුජ ගේ නැකතකින් කුජ හෝරාවේ දකුණු දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    04. බුධ ගේ අපල දුරු වීමට කොහොඹ, නා, තල, අල වර්ග, මී, යාව යන ශාක බදාදා දිනයක බුධ ගේ නැකතකින් බුධ හෝරාවේ නැගෙනහිර දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    05. ගුරු ගේ අපල දුරු වීමට බෝ, බෙලි, උණ, උක්, නා, කඩල, උඳු, මෑ, අබ, ඉද්ද, වැල්මී, සමන් පිච්ච යන ශාක බ්‍රහස්පතින්දා දිනයක ගුරු ගේ නැකතකින් ගුරු හෝරාවේ ඊසාන දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    06. සිකුරු ගේ අපල දුරු වීමට කරඳ, කේශර, එනසාල්, කුංකුම, නෙල්ලි, අශෝක, කපු, තල, කෑළ යන ශාක සිකුරාදා දිනයක සිකුරු ගේ නැකතකින් සිකුරු හෝරාවේ ගිණිකොන දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    07. ශනි ගේ අපල දුරු වීමට නුග, තල, බැබිල, වී, මුණමල්, කොහොඹ, අඹ, නීල වර්ණ මල් සහිත ශාක සෙනසුරාදා දිනයක ශනි ගේ නැකතකින් ශනි හෝරාවේ බටහිර දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    08. රාහු ගේ අපල දුරු වීමට වැටකේ, කුඹුක්, කරඳ, ඊතණ, තල, කලාදුරු යන ශාක රාහු ගේ නැකතක් යෙදී ඇතිවිට නිරිත දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    09. කේතු ගේ අපල දුරු වීමට කෙසෙල්, ඊතණ, තල, කොළොං, හල්, කලාදුරු, නුග යන ශාක කේතු ගේ නැකතක් යෙදී ඇතිවිට ඊසාන දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    හදහනට අනුව මිනිහෙක්ගෙ අනාගතේ ගැන යම් තාක් දුරට නිවැරදිව කියන්න පුලුවන් කියන එක පිළිගන්නව.

    ඒත් ඔය ග්‍රහ අපල දුරුවෙන්න කියල කරන ඔය වගේ දේවල්, මැණික් පැලදීම, නැකත් වලට වැඩ කිරීම, පොරොන්දම් බැලීම මම නන් පිළිගන්නෙ නෑ. (ගහක් ඉන්දන එක නන් කොහොමත් හොදයී
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    හදහනට අනුව මිනිහෙක්ගෙ අනාගතේ ගැන යම් තාක් දුරට නිවැරදිව කියන්න පුලුවන් කියන එක පිළිගන්නව.

    ඒත් ඔය ග්‍රහ අපල දුරුවෙන්න කියල කරන ඔය වගේ දේවල්, මැණික් පැලදීම, නැකත් වලට වැඩ කිරීම, පොරොන්දම් බැලීම මම නන් පිළිගන්නෙ නෑ. (ගහක් ඉන්දන එක නන් කොහොමත් හොදයී
    සෙනසුරු දශාව, ඒරාෂ්ටක වගේ අපලයකින් හොඳ පරිප්පුවක් සෙට් උනාම ඕක කරලා බලන්න. වෙනස දැනෙන්න ගනීවි :yes:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    tfs bro.

    මේ තව ඔය එක එක අපලවලට එක එක දෙවිවරුන්ට පහනක් පත්තු කරන්න කියල උපදෙස් දෙනවනෙ සමහර අයට..

    මට කවුරුත් එහෙම කියල නෑ.. මන් බලලත් නෑ මට අපල තියේද කියල.

    හැබැයි මන් දැන් ලොකු කාලයක ඉඳන් උදේට පහනක් තියල බුදු හාමුදුරුවන්ට නමස්ජ්‍කාර කරලා තව දෙවිවරු 12 දෙනෙක් වගේ මතක් කරනවා..මන් කරන පින් අනුමෝදනා කරනවා. ඒක මට නිකන්ම දැනුන දෙයක් මෙහෙම කරන්න කියලා.

    එහෙම අවුලක් නෑ නේද?(දෙවිවරු ගොඩකට එක පහනක් තියන එක) @Lovtus
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    elon musk ge rocket eke angaharu ta giyama graha apala duru wenawada nattan wadi wenawada nattan alut grahayon apita balma daanawada kiala kalpana karana mama:baffled:
     
    • Haha
    • Like
    Reactions: asanka+++ and NRTG

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    01. රවි ගේ අපල දුරු වීමට ඉඹුල්, මුණමල්, පුළිල කොස්, රත් නෙළුම්, එනසාල්, දේවදාර,සැවන්දන, වැල්මී, මයිල, සපු යන ශාක ඉරිදා දිනයක රවිගේ නැකතකින් රවි හෝරාවෙන් දකුණු දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    02. සඳුගේ අපල දුරු වීමට දිඹුල්, කුමුදු, සමන්, ජම්බු,
    වරා, සුදු නෙළුම් යන ශාක සඳුදා දිනයක සඳුගේ නැකතකින් සඳු හෝරාවෙන් වයඹ දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    03. කුජ ගේ අපල දුරු වීමට කොළොං,
    රත් කණේරු, කිහිරියා, බෙලි, රත් සඳුන්, බැබිල, යන ශාක අඟහරුවාදා දිනයක කුජ ගේ නැකතකින් කුජ හෝරාවේ දකුණු දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    04. බුධ ගේ අපල දුරු වීමට කොහොඹ, නා,
    තල, අල වර්ග, මී, යාව යන ශාක බදාදා දිනයක බුධ ගේ නැකතකින් බුධ හෝරාවේ නැගෙනහිර දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    05. ගුරු ගේ අපල දුරු වීමට බෝ, බෙලි, උණ, උක්, නා, කඩල, උඳු, මෑ, අබ, ඉද්ද, වැල්මී, සමන් පිච්ච යන ශාක බ්‍රහස්පතින්දා දිනයක ගුරු ගේ නැකතකින් ගුරු හෝරාවේ ඊසාන දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.

    06. සිකුරු ගේ අපල දුරු වීමට කරඳ, කේශර, එනසාල්,
    කුංකුම, නෙල්ලි, අශෝක, කපු, තල, කෑළ යන ශාක සිකුරාදා දිනයක සිකුරු ගේ නැකතකින් සිකුරු හෝරාවේ ගිණිකොන දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ.
    :lol::lol:
    දේවදාර (Cedrus deodara) ශාකය ලංකාවේ වැවීම ඉතාම අපහසු ශාකයකි. ඉන්දියාවේ ශිත පරිසරවල ඇත.
    වරා හා රත් කනේරු යනු විෂ සහිත ශාකයි. ඒවා කුඩා දරුවන් වෙසෙන නිවාස වල වැවීම සුදුසු නැත.
    තල නමින් ශාක දෙකක් ඇත (තල කැරලි තල හා පුස්කොල පොත් තල)
    යව ශාකය ලංකාවේ නැත. රළු ධන්‍යයකි.
    කුංකුම ඉරානය වැනි රටවල වැවෙන ශාකයකි. ලංකාවේ වැවීම ඉතා අපහසුය.
    තවත් වැරදි රාශියක් ඇත.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    :lol::lol:
    දේවදාර (Cedrus deodara) ශාකය ලංකාවේ වැවීම ඉතාම අපහසු ශාකයකි. ඉන්දියාවේ ශිත පරිසරවල ඇත.
    වරා හා රත් කනේරු යනු විෂ සහිත ශාකයි. ඒවා කුඩා දරුවන් වෙසෙන නිවාස වල වැවීම සුදුසු නැත.
    තල නමින් ශාක දෙකක් ඇත (තල කැරලි තල හා පුස්කොල පොත් තල)
    යව ශාකය ලංකාවේ නැත. රළු ධන්‍යයකි.
    කුංකුම ඉරානය වැනි රටවල වැවෙන ශාකයකි. ලංකාවේ වැවීම ඉතා අපහසුය.
    තවත් වැරදි රාශියක් ඇත.
    ඉතින් වවන්න බැරි ශාක ගැන හිත හිත ලතවෙන්න දෙයක් නෑනේ ප්‍රෙන්. බැරි දේ අත්ඇරලා හැකි දේ කරන්න ඔළුව හදාගත්තොත් නරකද? මොනවද තවත් වැරදි රාශියක් ගැන කිවුවේ? :confused:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    ඔය මොකවත් ඕන නෑ. ඊළඟ චන්දෙදි මාලිමාවට කතිරෙ ගහපං සියළු ග්‍රහ දෝෂ, අපල නිවාරණයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    ඔය මොකවත් ඕන නෑ. ඊළඟ චන්දෙදි මාලිමාවට කතිරෙ ගහපං සියළු ග්‍රහ දෝෂ, අපල නිවාරණයි
    ඕන හුටප්පරයක් වෙයන් කියලා හිතාගෙන මේ පාර මගේ කතිරේ මාලිමාවට :yes:
     
    • Like
    Reactions: nalin0001

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ඉතින් වවන්න බැරි ශාක ගැන හිත හිත ලතවෙන්න දෙයක් නෑනේ ප්‍රෙන්. බැරි දේ අත්ඇරලා හැකි දේ කරන්න ඔළුව හදාගත්තොත් නරකද? මොනවද තවත් වැරදි රාශියක් ගැන කිවුවේ? :confused:
    ඕක ලියපු කෙනා තමන් සදහන් කරන ශාකය ගැන අවබෝධයක් නැතිව ලියන්නන් වාලේ හිතට ආපු නම් ටිකක් ලියල තියෙන්නේ. මම එක නිකම්ම කියනවට වඩා හොදයි උදාහරණ කිහිපයක් එක්ක සදහන් කරන එක. ඒකයි ගස් කිහිපයක් සදහන් කලේ. ඔකේ සදහන් කරපු ශාක වල දොස් (තාක්ෂණික දෝෂ ඇතුලත්ව) රාශියක් තියනව. ඒවා නිවැරදි කරන්න ගියොත් ඔය ලිපියම විසිකරන්න වෙනවා. :lol:
    කව්රුන් හෝ කුමන හෝ ගසක් සිටවීම වැදගත් නිසා ලිපිය විසිකරලා දාන්න කියල මුලින් ලිව්වේ නෑ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    E
    ඉතින් වවන්න බැරි ශාක ගැන හිත හිත ලතවෙන්න දෙයක් නෑනේ ප්‍රෙන්. බැරි දේ අත්ඇරලා හැකි දේ කරන්න ඔළුව හදාගත්තොත් නරකද? මොනවද තවත් වැරදි රාශියක් ගැන කිවුවේ? :confused:
    Ela wara beeja, රත් හඳුන් tiyenawada
     
    • Like
    Reactions: Lovtus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,513
    113
    New Zealand
    සෙනසුරු දශාව, ඒරාෂ්ටක වගේ අපලයකින් හොඳ පරිප්පුවක් සෙට් උනාම ඕක කරලා බලන්න. වෙනස දැනෙන්න ගනීවි :yes:
    පහන් පත්තු කරන්න, මැණික් ගල් පලදින්නත් ඕනි නේද බන්? ඒ ගැනත් විස්තරයක් දාපන්
     
    • Love
    Reactions: Lovtus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    බලන් ඉන්න බැරිම තැනයි කියන්නේ..ඕක වැරදී.. ඔය අපල වලට ගස් හිටෙව්වම අපල කරන ග්‍රහයාගේ කිරණ ශක්තිය වැඩිවෙලා තවත් අපල කරනවා.. හිටවන්න ඔනේ සුබ ග්‍රහයාගේ ගස්... :mad: උබත් අවුරුද්දට රෑට නැකැත් හදන කුලේද ?🤭
     
    • Haha
    Reactions: Mr.dark and gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    tfs bro.

    මේ තව ඔය එක එක අපලවලට එක එක දෙවිවරුන්ට පහනක් පත්තු කරන්න කියල උපදෙස් දෙනවනෙ සමහර අයට..

    මට කවුරුත් එහෙම කියල නෑ.. මන් බලලත් නෑ මට අපල තියේද කියල.

    හැබැයි මන් දැන් ලොකු කාලයක ඉඳන් උදේට පහනක් තියල බුදු හාමුදුරුවන්ට නමස්ජ්‍කාර කරලා තව දෙවිවරු 12 දෙනෙක් වගේ මතක් කරනවා..මන් කරන පින් අනුමෝදනා කරනවා. ඒක මට නිකන්ම දැනුන දෙයක් මෙහෙම කරන්න කියලා.

    එහෙම අවුලක් නෑ නේද?(දෙවිවරු ගොඩකට එක පහනක් තියන එක) @Lovtus
    දෙවිවරු ගාන වැඩියි මම හිතන්නේ. පහනට රණ්ඩු වෙයිද දන්නෑ. 🤔

    කොහොම හරි හැබැයි ගස් ටිකක් හිටවන එක නම් ලොකු දෙයක් අපලයක් තියෙයි හරි කියල.
    මාත් කියන්න හැදුවේ මයිල් ගස් හරි කමක් නෑ හිටවනවා නම්. 😍
    ------ Post added on Mar 28, 2024 at 9:49 PM
     
    • Haha
    Reactions: Mr.dark and Lovtus