🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ජෝතිෂය හරිද වැරදිද කියලා තර්ක කරන්න ග්‍රහයන් නිසා මිනිසුන්ට බලපෑම් වෙන්නේ කොහොමද කියලා ජෝතිෂය හරි කියන කෙනා කියන්න ඕනම නැහැ. අපි විද්‍යාව එක්ක කතා කරමු උදාහරණයක් විදියට.

    නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ගමු. එමගින් කියන්නේ ස්කන්ධ දෙකක් අතර ඇතිවන බලය ගණනය කරන විදිය. නිවුටන් කියන්නේ නැහැ ස්කන්ධ දෙකක් අතර බලයක් ඇතිවන්නේ ඇයි කියලා. එහෙම පැහැදිලි කිරීමක් කරානම් අපි කියන්නේ නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ theory(වාදය කියන වචනය අපි කියුවාට ගැලපෙන්නේ නැහැ එකයි ගොඩක්(ජනන නායක, අමුතුගල) අය අනාගන්න හේතුව) කියලා. නමුත් ඇතිවන විදිය කියන්න බැරි වුනාට නිව්ටන් හදපු එම සමීකරණයෙන් පැහැදිලි කරනවා ග්‍රහවස්තු සුර්යා වටේ යන විදිය පැහැදිලිව ග්‍රහයන්ගේ කක්ෂය තියෙන දුර සහ පරිබ්‍රමණ කාලය ලස්සනට ඒ නිසා නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය සඳහා පිළිගැනීමක් ඇතිවෙනවා.

    මේකම තමයි ජොතිශය සඳහා වෙන්න ඕන පුද්ගලයන් ගණනාවකගේ අධ්‍යාපන තත්වය, පවුල් ජීවිතය, දරුවන් ගණන, රැකියාව, අනතුරු වැනි සිදුවීම් ඇතිවූ දින, මැරුණ කෙනෙකුගේ නම් එම දිනය, ලිංගික නැබුරුව වැනි ජීවන තොරතුරු එකතු කර ජොතිශය වේදීන් සඳහා කේන්ද්‍රය දෙනවා මේ තොරතුරු කියන ලෙසට. එමගින් එන ප්‍රතිපලය සම්භාවිතාවය නිසා එන අගයකට වඩා නිවැරදි නම් එමගින් පෙන්වන්න පුළුවන් ජොතිශය නිවැරදි බව ගණිතය මගින්.

    එහෙම නැතිව විද්‍යාව දියුණු නැහැ ජොතිශය පැහැදිලි කරන්න ලෙස පැවසීම අවශ්‍ය නැහැ. ජොතිශය නිවැරදි බව ඔප්පු කිරීම විද්‍යාවේ කාර්යක් නොවේ එය ජොතිශයට අයත් කාර්යක්. එහෙම ඔප්පු කල දිනට තමයි ජොතිශය විද්‍යාවක් වෙන්නේ.

    එතකම් අපි මේ ගැන වාද කරලා වැඩක් නැහැ. පුළුවන් නම් මම කියපු පරීක්ෂණය කරමු.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    වැඩක් නැත්තං මගෙ මේ thread එකට බම්ප් එකක් දාපංකො.
    රෙද්දේ රෙවිලා ඉන්න ලංකාවට මේ වෙනකොටත් පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඛණිජ තෙල් මිලට ගැනීම විශාල ගැටළුවක් වෙලා ඉවරයි. ලෝකෙම පෙට්‍රෝලියම් වලින් ඈත් වෙලා පුනර්ජනනීය බලශක්තිය දිහාට යොමුවෙන මේ කාලේ, ලංකාවටත් ඒ පැත්තට අඩිය තියන්න පුලුවන්ද කියලා සාදාරන විග්‍රහයක් කරමුද?

    ඩබ්. ඩී. විමලසුරේන්ද්‍ර මහත්තයාට පින් සිද්ද වෙන්න ලංකාවේ ඇරඹුණු ජල විදුලි බලාගාර නිසා, මීට අවුරුදු 15කට විතර කලින් ලංකාවේ බහුතරය තිබුනේ පුනර්ජනනීය බලශක්තියට. :rolleyes:

    මෙගාවොට් 900ක ලක්විජය ගල් අඟුරු බලාගාරය, 200ක SKPL වගේ දුර නොදක කරපු මොට්ට project වලට පින්සිද්ද වෙන්න ලංකාව තවදුරටත් කාබන් දහනය කරන ප්‍රතිශතය වැඩි කරගන්න සමත් වුනා. 2017 වෙනකොට ලංකාවේ විදුලිය 52%කට වඩා නිෂ්පාදනය කලේ පෙට්‍රෝලියම් හෝ ගල් අඟුරු දහනය කරලා. ඒ කියන්නේ සම්පුර්ණයෙන්ම රටේ නැති ශක්ති ප්‍රභවයක් පාවිච්චි කරලා. දුර නොදක කරපු මේ වගේ වැඩ නිසා තමා ඩොලර් නැති වුනාම දවසෙන් බාගයක් විදුලිය නැතිව ඉන්න මුල් වුනේ. ඉස්සරහට කොහොමත් ලංකාවට ඩොලර් නැති වෙනවා. සුළං විදුලි බලය සහ සුර්ය විදුලි බලය තමා ඉදිරියේදී එකම පිහිටට තියෙන්නේ වහින්නේ නැති වුනොත්. ඒ වගේම ජල විදුලිය සහ සුලන් විදුලිය නිපදවන්න පුළුවන් ප්‍රමාණය බොහොම සීමා සහිතයි. ලංකාවේ ලොකු potential එකක් තියෙන්නේ ඉස්සරහට සෝලාර් එහෙම නැති නම් සූර්ය විදුලිය තමා.

    තවත් ලංකාවට විකල්ප බලශක්තියක් හොයාගෙන යනකොට හම්බෙන දෙයක් තමයි ජියෝ-තර්මල් එනර්ජි එහෙම නැතිනම් දැන් මේ සාකච්චාවට ගන්න හදන භුතාපජ ශක්තිය. පොලවේ අභ්‍යන්තර තියන තාපය පොලව මතුපිටට ගෙනල්ලා, වාෂ්ප බලයෙන් ටර්බයින් එකක් කරකවලා තමයි මුලිකවම මේකෙදි ශක්තිය නිපදවන්නේ. මුළු මනුෂ්‍ය ශිෂ්ටාචාරයටම තව අවුරුදු මිලියන ගානක් යනකල් විදුලිය නිපදවා ගන්න පුළුවන් පුනර්ජනනීය බලශක්ති මුලාශ්‍රයක් තමා මේක.

    පහල තියෙන්නේ ඩුවල් ෆ්ලෑෂ් කියන ක්‍රමයට හදපු ජියෝ-තර්මල් විදුලි බලාගාරයක දළ සටහනක්
    View attachment 173032
    1. පොළව අභ්‍යන්තරයේ ඇති උණුසුම් ජලය උකහා ගැනීම.
    2. පීඩනය අඩු කර, වාෂ්ප බවට පත් කිරීම.
    3. වාෂ්ප මගින් ටර්බයිනය කරකවා, ජෙනරේටරයෙන්න විදුලිය නිපදවීම.
    4. ටර්බයිනය කරකැවීමට යොදාගත් ජලවාෂ්ප සිසිල් කිරීම.
    5. සිසිල් කල ජලය නැවත පොළව අභ්‍යන්තරයට විදීම

    මේකේ මේ අවසාන පියවරේදී හරියට balance කරලා ආපහු විද්දේ නැති නම්, කාලයක් යනකොට ඒකෙන් පාරිසරික බලපෑමක් වෙන්න පුළුවන් කියනවා සමහර බුවාලා. සිංගල් ෆ්ලෑෂ් ක්‍රමේට සහ ඩ්‍රයි සිංගල් ක්‍රමේට මේ වැඩේ කරනකොට එහෙම වෙන්න පුළුවන් කියලා සමහර බුවාලා අදහස් දක්වනවා. (භූමි කම්පා, යමහල්, සහ වතුර සිඳී යාම්) නමුත් හරියට සමතුලිතතාවය පවත්වාගෙන යනවා නම් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා තමා ඒ සමහර බුවාලා කියන්නෙත්. ඉතිං මේක කිසිම ශබ්ධයක්, විමෝචනයක්, නැති නිසා සුලන් විදුලි බලයටත් වඩා පරිසර හිතකාමියි කියලා තමා කියන්නේ. ඒ වගේම හිල හාරගත්තට පස්සේ, පට්ටම ඉකොනොමිකල් කියනවා. "ලෝකේ ඕනෑම තැනක"උපරිම කිලෝ මීටර් දහයක් හාරලා, ජියෝ-තර්මල් එනර්ජි ගන්න පුළුවන් උණුදිය ජලාශයක් නිරාවරණය කරගන්න පුළුවන් කියනවා.

    නමුත් මේකට ලෝකේ වැඩිපුර යොමු වෙන්නේ නැත්තේ ඇයි?
    පොලව කිලෝ මීටර් දෙකක්, තුන හතරක් හෝ ඊටත් වැඩි ගණනක් හාරන්න වෙන එක ඉතාම වියදම් අධික වැඩක් නිසා. වැඩිවෙන කිලෝ මීටරයක් ගානේ, වියදම අහස උසට නගිනවා. පට්ට තද පාෂාණයක් අහු වුනොත්, වියදම හිතාගන්න බැහැ පාෂාණය හාරාගෙන ගිහිල්ලා ඉවර වෙනකල්ම. උද අර තියන පස්වෙනි පියවර වගේ ආපහු වතුර පොලව ඇතුලටත් විදිනවා නම්, හිල් දෙකක් නිසා වියදම දෙගුණයක් වෙනවා.

    නමුත්, ලෝකේ සමහර තැන් තියනවා වැඩිය පොලව හාරන්නේ නැතිව, හෝ සමහර වෙලාවට පොලව හාරන්නෙම නැතිව, ජියෝ-තර්මල් ශක්තිය පාවිච්චි කරලා විදුලිය නිපදවන්න පුළුවන් තැන්. ඒ තැන් බොහෝ විට ලෝකේ තියන ප්ලේට් එකිනෙක ගැටෙන තැන්. අයිස්ලන්තේ එහෙම මාර විදියට මේක පාවිච්චි කරනවා ඒ නිසා. එකේදී බලන්නේ පොලව මතුපිටටම උණු ජලය එන තැනක් බලලා, සෙටප් එක අටවන එක.

    අන්න එතැනදී, ලංකාවෙත් උණුදිය උල්පත් තියන තැන් හතක් තියනවා නේද දෙයියනේ කියලා පත්තු වෙනවා.
    View attachment 173039

    මේ වගේ තැන වල භූගත උණුසුම් ජලාශය පොළව මතුපිටට බොහොම ආසන්නයේ හොයාගන්න පුළුවන්. උදාහරණයකට, රංගිරි උල්පත දිහා සෙල්සියස් 75කට අධික උෂ්ණත්වයක් තියනවා ලු පොලව මතුපිටට එන වතුර වලත්. ඒ කියන්නේ, හාරන්නෙම නැතිව වුනත් විදුලිය නිපදවන්න පුළුවන් "බයිනරි" ක්‍රමේට ජියෝ-තර්මල් එනර්ජි පවර් ප්ලාන්ට් එකක් ගැහුවා නම්.
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ස්වාබාවික පද්ධති බිඳ වැටෙන වැටුනොත් පොලවෙ ඉන්න සේරම ජීවීන්ට බලපෑමක් තියනවා ඒක ඔය තරං මහා සංකීර්න විදියට හිතන්න දෙයක් නැහැ. ජීවය කියන්නෙ මේ තියන පරිසර පද්ධතියක කොටසක්නේ. ඒව ගැන තර්කයක් නැහැ.
    එතැනින් එහාට විග්‍රහ කරන්න ඕන නැහැනේ. ඔබ කැමති නැහැ සමස්තය දකින්න :giggle:
    බද්ධ කිරීමකදි වගේ එකකදි ජාන සංයෝජනය වෙන්නෙ නැහැ. ජාන තාක්ශනය කියන එක කෘතිම එකක් කියලා හිතන්නත් එපා. අපි අද කන්න බොන්න ගන්න පලතුරු එලවලු ධාන්‍ය සේරම දේවල් selective breading වලින් වැඩි දියුනු කරපු දේවල්. ඒවත් ජාන වෙනස් කරපුවා තමයි. ස්වාභාවික පරිසරයෙ ඒව ඔය විදියට නැහැ. ඒව අවුරුදු ගානක් තිස්සෙ අපිට අවශ්‍ය ලක්ශන තියන ශාක තෝරලා ඒවයෙන් ඉදිරි පරම්පරාවල් හදලා අද තියන තත්වෙට ගනිපු දේවල්. දැන් තාක්ශනය දියුනු වෙලා තියනවා එහෙම පරම්පරාවල් සිය ගානක් යන්නෙ නැතිව හරියටම අවශ්‍ය ජානය මොකද්ද කියලා හොයාගෙන ගහක් හදාගන්න තරමට. අපි ගස් selective beading කරලා ගෙඩි ලොකු සහ රස පලතුරක් හදාගත්තත් අපි නොදැන මොනවා හරි ඇඟට අහිතකර ජානයකුත් ඒ එක්කම එන්න චාන්ස් එකක් තියනවා, ඒ චාන්ස් එකම කෘතිමව කරත් එන්න තියනවා. ඒක නිසා ඒක කෘතිමව කරා කියලා එන අහිතකර බලපෑමක් නෙමයි. ඒව හොයාගන්න පුලුවන් තරමට තාක්ශනය දියුනුයි. කවුද කියන්නෙ ඒව හොයාගන්න තරමට තාක්ශණය දියනු නැහැ කියලා.
    ජානවලට / ශාක දෙවර්ගයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට අනෝන්‍යව කටයුකු කරන්න බැරි නම් වර්ධනය නවතිනවා හෝ විනාස වෙනවා, විකෘතිව වර්ධනය වන්නත් බැරි වෙනවා. ඒක එක්තරා සංයෝජනයක්.

    දැන් තාක්ශනය දියුනු වෙලා තියනවා අවශ්‍ය ජානය මොකද්ද කියලා හොයාගෙන ගහක් හදාගන්න තරමට. ඒව හොයාගන්න පුලුවන් තරමට තාක්ශනය දියුනුයි. කවුද කියන්නෙ ඒව හොයාගන්න තරමට තාක්ශණය දියනු නැහැ කියලා
    ජාන වලින් හදපුවා නෙවෙයි බද්ධ කළ ශාක පවා කිසිම දේශීය වෛද්‍යවරයෙක් ඔෘෂධ වලට ගන්නේ නැහැ. ඒවායේ ගුණත්‍වයට හානි වී ඇති බව හඳුනා ගැනීමට හා පරීක්‍ෂා කිරීමට හැකි තරමේ දැනුමක් බොහෝ අය සතුව තිබෙනවා.
    දැන් ඒවා කියන්නේ නැහැ කියලා මට බනින්නත් එපා, ඔබලා තාක්‍ෂණයේ දියුණුව නොදන්න නූගත්තු කියලා එම වෛද්‍යවරුන්ට බනින්න යන්නත් එපා.
    දැන් තාක්ශනය දියුනු වෙලා තියනවා එහෙම පරම්පරාවල් සිය ගානක් යන්නෙ නැතිව හරියටම අවශ්‍ය ජානය මොකද්ද කියලා හොයාගෙන ගහක් හදාගන්න තරමට.
    දියුණු නැහැ, ඒකයි මේ කෑ ගහන්නේ. ප්‍රඥාවක් ඇත්තවුන් ඒ තරමට දියුණු කරන්න දායක වන්න කැමතිත් නැහැ.

    මොලේට වෙන බලපෑමක් ගැන හොයාගෙන නැහැ.
    හඳෙන් වෙන බලපෑමක් ගැන එහෙම හොයාගෙන නැහැ.
    පොලව උඩ ජීවය පරිනාමය වෙන්නම සූර්යාගෙන් විසාල බලපෑමක් වෙලා තියනවා. සූර්යා ඔය තියන තත්වෙන් තියන නිසා තමයි ජීවය ඇති වෙලා තියෙන්නෙත්. ඒක නිසා ජීවයට සූර්යාගෙ බලපෑමක් තිබුනු පලියට වටේ තියන හැම එකාගෙන්ම බලපෑමක් තියනවා කියලා කියන්නෙ කොහොමද අනික ග්‍රහලෝක එලිය නෙමයි සද්ද දාගෙන ගියත් පොලව උඩ ඉන්න ජීවීන්ට හරි ඒ ජීවීන්ගෙ ලෙඩ රෝග වලට හරි සාර්ථකත්වයට හරි බලපෑමක් කරන්න බැහැ.
    මේවට ලොජිකල් පැහැදිලි කිරීමක් නැහැ ඒක තමයි මම කියන්නෙ. දැං ග්‍රහලෝක වල පිහිටීම ගනන් හදලා හොයාගන්නවා කියනවානේ. ඒක ලොජිකලි පැහැදිලිකරන්න පුලුවන්. වෙන බටහිර ක්‍රමේකටත් හදලා දියුනු ක්‍රම වලිනුත් ඒකම හදලා ඒ ගනනය කිරීම් නිවැරදිද කියලා කිසිම ගැටලුවක් නැතිව වෙරිෆයි කරන්නත් පුලුවන් ඒ වගේම ඔය කියන බලපෑම් අපිට වෙරිෆියි කරගන්න බැරි එකනේ වැඩේ. එහෙම පුලුවන් නං මේ ආගියුමන්ට් එකක් නැහැනේ
    දැන් ඔබ හොයාගෙන නැහැයි හා වෙරිෆයි කරන්න බැරි දේවල් බොරු කියලා තර්ක කලාට හෝ ඔබලාගේ නිගමනයකට අනුව කිසියම් අතීත කාරණාවක් බොරු යැයි පැවසුවාට යමෙක් මැදිහත් වෙලා මහා වියදමක් දරාගෙන එම නිගමනයක් බිඳ හෙළීමට පෙර නොවූ නවතම ආකාරයකට ජ්‍යාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ පර්යේෂණයක් සිදු කර පැහැදිලි කරලා දුන්නම පිළිගන්නවා.
    එසේත් නැතහොත් ඊට අදාළවන රහසිගත දෑ (පොදු සමාජයට හෙළි නොකරන දෑ) බොහෝ කාලයකට පසු යමෙක් ලෝකයාට හෙළි කළහොත් එතැනදී ද කාලයක් පුරාවට බොරු යැයි පවසමින් සිටින කණ්ඩායමට පිළිගන්න සිදු වෙනවා. ඒකනේ සරල කාරණය. මෙවැනි සිදුවීම ගැන ඕන තරම් අහන්න තියනවනේ.

    ඉන්දියාව හෝ අන් රටවල මෙන් නොව මෙතැන ප්‍රධාන කාරණය ව්‍යාජ හෝ මිත්‍යා වන කිසිදු තාක්ෂණයක් හෝ ශ්‍රාස්ත්‍රය‍ක් ලංකාවේ නැති බව අමතක කිරීම සහ තිබුණා වූ ශ්‍රාස්ත්‍රයන්ගේ හරය අතුරුදහන්ව ගොස් ඇති බව හෝ හෙළි නොකර සිටින බව නොසලකා ඒවාට පහර ගැසීම, මෙන්ම දේශීය දෑ සැමවිට අවතක්සේරු කර සැලකීමයි

    දේශිය තාක්ශනයන් බොරුයි කියලා කිවුවෙ නැහැ.ඇත්ත දේවල් තියනවා, උදාහරන විදියට ලංකාවෙ දේශීය තාක්ශනෙයෙන් ස්ථූප හදලා තියනවා, මහා වැවු හදලා තියනවා, මහා පිලිම නෙලලා තියනවා ඒව ඒ කාලෙ තාක්ශනෙන් කරපු හිතා ගන්න බැරි තරම් විශිශ්ඨ දේවල්. එහෙමයි කියලා අතීතෙ ඉඳන් ආපු සේරම මගුල් ඇත්තයි කියලා කියන්න බැහැ. අතීතෙ ඉඳන් ආවත් මොන දෙයියන්නාන්සෙ කිවුවත් බොරුව නං බොරුවමයි, ඇත්ත නං ඇත්ත තමයි
    ඔය ටිකෙත් කඩ දාන්න, මංතීරු හදන්න, ගළවන්න, බිඳින්න ඉඩ නොදී තියාගෙන ඉන්න නිසා ඔහොමවත් රැකිලා තිබෙනවා.
    පේන්න යන්තම් හරි ඉතිරි වෙලා තිබෙන නිසා හා අදහා ගන්න බැරි නිසා පිළිගන්නවා නේද? නමුත් ඒවායේ සියළුම තාක්‍ෂණයන් හරිහැටි දන්නේ නැහැ නේද? ඔබ පැවසූ දෑට පවා ජ්‍යෝතිෂය විවිධාකරයෙන් යොදා ගෙන තිබෙන බව සොයා බැලුවහොත් දැන ගන්න හැකි වේවි. අද වන තුරුත් සෘජුව හෝ හොරෙන් බටහිර ලෝකයා ඒවායේ තාක්‍ෂණය හඳුනා ගැනීමට විවිධාකර පර්යේෂණ සිදු කරන බව දන්නවා ඇති. අපිත් යන්තම් මැරුන් නොකා ඔවුන් එළවපු අවස්ථා තිබෙනවා.

    අනෙක් අතට පෙරදිග දැනුම පද්ධති විනාශ කර හා ඒවා උරුම වන්නන්ගෙන් බැහැර කොට ද; බටහිර ලෝකයා ගවේෂණය කර සොයාගෙන නමුත් ලෝකයට හෙළි නොකර තිබෙන දෑ කොතරම් තිබෙනවාද, හෙළි නොවන්නට හා මිනිසුන් මුලාකොට තබන්නට ලෝකයට මුදා හැර තිබෙන දේවල් ද තිබෙනවානේ. අතේ පත්තුවෙන බොරු තිබුණත් අහවල් රිසර්ච් එකයි, ක්‍රමවේදයයි, කිසිදු අවදානමක් නැතැයි ප්‍රායෝගිකයි පවසමින් බහුතර සමාජයට දිග හැරි දෑ හා එවා පිළිගන්නා මහා පිරිසක් ඉන්නවනේ. ඒ හන්දා තමයි ඔබත් දැන් තාක්‍ෂණය දියුණු බව පවසන්නේ
    දැං ග්‍රහලෝක වල පිහිටීම ගනන් හදලා හොයාගන්නවා කියනවානේ. ඒක ලොජිකලි පැහැදිලිකරන්න පුලුවන්. වෙන බටහිර ක්‍රමේකටත් හදලා දියුනු ක්‍රම වලිනුත් ඒකම හදලා ඒ ගනනය කිරීම් නිවැරදිද කියලා කිසිම ගැටලුවක් නැතිව වෙරිෆයි කරන්නත් පුලුවන්
    මේක විහිලුවක්නේ. මේක ගැන උඹට එන හැඟිම මොන වගේද. අන්න ඒ හැඟිම අර උඹ කියලා තියන එක කියවන එවුන්ටත් එනවා කියලා හිතෙන්නෙ නැද්ද
    වෙන ක්‍රමවල මූලාරම්භය හෝ සංවර්ධනයට දායකත්‍වය කෙසේ වෙතත් ඔබ දැනටමත් පිළිගන්නවානේ ජ්‍යෝතිෂයේ ඇතැම් කරුණු නිවරදි බව තහවුරු කළ හැකි බව, එහෙනම් අමූලික බොරු යැයි කියන්න බැහැනේ ඇත්තක් තිබිය දී, ඉතිං ඔබලා කලින් කලට වෙනස් වන මේ මෑත කාලයේ පර්යේෂකයින්ගේ පර්යේෂණ, අවබෝධය, දැනුම මත ගොඩනැගූ ක්‍රමවේද, නිගමන පිළිබඳව එහෙම පවසනවා වගේ අපටත් කියන්න පුළුවන් අපි ගාවත් තියනවා කියලා. එනමුත් පොදු ජනතාවට හෝ ලෝකයාට හෙළි කරන සීමාවක් තිබෙනවා.

    ඔව් අමූලික බොරු
    ජෞතීෂය මිත්‍යාව හරිම රසයි තලු මර මර රසවිදින්න පුලුවන් 😀
    ඒකට කුතුහලය එකතු උනාම ඊට වඩා පට්ට. මිත්‍යාවයි කුතුහලයයි ගහට පොත්ත වගේ.
    මොන දෙයියන්නාන්සෙ කිවුවත් බොරුව නං බොරුවමයි, ඇත්ත නං ඇත්ත තමයි
    ඔබට අනුව කෘතිම පරිසරවල හා යෙදවුම් භාවිතයෙන් මෙන්ම ජාන තාක්‍ෂණය උපයෝගී කර ගැනීමෙන් ඉහළ ගුණත්‍වයෙන් යුත් සහ අස්වැන්නක් සහිත සෞඛ්‍යාරක්‍ෂිත නැවුම් එළපළු පළතුරු වගා කරගන්න පුළුවන්. පළිබෝධයක්, ක්‍ෂුද්‍ර ආසාදනයක් හෝ අනෙකුත් බාහිර සත්වයින්ගෙන් බලපෑමක් ඇතිවුවහොත් ඒවා විනාශ කර වගාව පවත්වා ගැනීම ඔබලාගේ ක්‍රමවේදය.

    එනමුත් අප අද ද සොබාදහමට අනුගතව ජ්‍යෝතිෂ්‍ය භාවිතයෙන් තමයි බිම සැකසීමේ පටන් බීජ පැළ කිරීමේ සිට ඵලදාව ලබා ගැනීම දක්වා සියළුම වගා කටයුතු නියමිත කාල වලදී සිදු කරන්නේ. එමෙන්ම වගාවන් සඳහා බලපෑම් ඇති කරන සියළුම ක්‍ෂුද්‍ර සත්වයින්ගේ හා වෙනත් බොහොමයක් දෘශ්‍යමාන සතත්‍වයින්ගේ ජීවන චක්‍රයේ අවස්ථා සහ ඊට අනූකලව එම ජීවීන්ට ප්‍රයෝජනවත් වන ශාඛයක වර්ධන අවධීන් මඟහැර වගා කටයුතු කරන්නෙත් අනෙකුත් බාහිර බලපෑම් මඟහරින්නෙත් මෙම ජ්‍යෝතිෂයේ ප්‍රයෝජනයෙන් තමයි. ඉතිං අපි ඒ බොරුවට තදින් බැඳී සිටින පිරිසක්.

    ඊට අමතරව ඉතිරිවන ගැටළු වලටත් කිසිවෙක්ට හානි නොකර මඟ හැරීමට යන්ත්‍ර මන්ත්‍ර හා කෙම්ක්‍රම බහුලව භාවිතා කරනවා. මෙම දේවල් දේශීය ප්‍රයෝජනයට ගන්නවා මිස ලෝකයාට තහවුරු කිරීමක් සිදු කරන්නේ නැහැ. දැනටමත් බටහිර ලෝකය අත්පත් කරගෙන තිබෙන තාක්‍ෂණය මත සිදු කරන විනාශය පමණටත් වඩා වැඩියි.

    මේ බොරුවේ තවත් ප්‍රයෝජන කියන්න පුළුවන්, අදටත් ඔබලා බොහෝ අය විවාහ වන්න පෙර ඇඟ හිල් කොරලා ලේ පරීක්‍ෂා කරනවානේ. ඉතිං ජ්‍යෝතිෂයට හැකියාව තිබෙනවා දෙදෙනාගේ ලේ ධාතුව පිළබඳව හොඳින් විග්‍රහ කරන්න. එමෙන්ම යමෙක් (අ) පුද්ගලයා සමඟ විවාහ වුවහොත් දරුවන් නොලැබෙන බවත්, (ආ) පුද්ගලයා සමඟ විවාහ වුවහොත් දරුවන් ලැබෙන බවත් හරියාකාරව පැවසීමේ හැකියාව තිබෙනවා. කර්මානුරූපව ලැබීමේ සම්භාවිතාව අඩුනම් එයට ද කුසල් වැඩීමේ පිළියම් හෝ දේශිය වෙදකම තිබෙනවා.

    ඉතිං ජ්‍යෝතිෂ මෘදුකාංග හදාගෙන වැළලෙන, හෝ රු.500, 2000, 10,000 ව්‍යාපාර මෙන් කරන පුද්ගලයින්ට හෝ පොදු සමාජයට මුදා හැර තිබෙන මුද්‍රිත පොත්වලට ඇතුළත් වී තිබෙන කොටසින් හැදෑරූ පුද්ගලයින්ට අතිශය නිවරදිව කියන්න බැහැ. එය 10, 12 වසරක ශිෂ්‍යයෙක් හා උපාධිධාරියෙක්ගේ දැනුම වාගෙයි. එකම කාරණයක් පිළිබඳ වූවාට දැනුම් මට්ටම වෙනස්.

    තවත් පහදා දුනහොත්, ඔබලාට අනුව යන්ත්‍ර මන්ත්‍ර ද බොරු වෙන්න ඇති. නමුත් පොදු සමාජයට හා මුද්‍රිත පොතපතට මුදා හැර තිබන සීමාව භාවිතා කර අත්හදා බැලුවහොත් සත්‍යක් තිබෙන බව පිළිගත හැකියි නේද? නමුත් බැරෑරුම් දෙයකට අත්හදා බැලුවහොත් බොහෝවිට හරියාකාරව ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ හෝ ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. එනමුත් පාරම්පරික ඇදුරන්ට කිසිදු අපහසුවකින් තොරව එම කටයුතු සිදු කළ හැකියි නේද? ඒ වගේම දේශීය වෙදකම පිළිබඳව සමාජයට මුදා හැර තිබෙන සීමාවක් තිබෙනවා නේද?

    එයයි සියළුම දේශීය ශ්‍රාස්ත්‍රය‍න් හා තාක්ෂණයන් කළමනාකරණය සහ පවත්වාගෙන යන ස්වභාවය. පාරම්පරිකව ලැබෙන්නා වුවද දෙමාපියන් තම එක් දරුවෙක්ට හෝ සියළුම දරුවන්ට එය ලැබීමට නුසුදුසු බව හඳුනා ගතහොත් අදාළ ශ්‍රාස්ත්‍රය‍න් විනාශ වී ගියද උගන්වන්නේ නැහැ හෝ සීමාවක් ඇතුව ලබා දෙනවා. බුදුහාමුදුරුවන් ද කියා වෙනසක් නැහැ, සෑම දෙයක්ම හෙළි කරන්නේ නැහැනේ.

    මෙම ශ්‍රාස්ත්‍රයන් බොරු යැයි බටහිර ලෝකයා පැවසුවහොත් මම තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. නමුත් ස්වදේශිකයෙක් වන ඔබ ලබාගන්න බැරි මිදි තිත්තයි කීම උචිත නැහැ.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ග්‍රහලෝක කියන්නෙ මොඩල් එකක් බන් ජෝතීශ්‍ය එක්ස්ප්ලේන් කරන්න තියෙන්නෙ .හරියට ඊක්වේශන් එකක තියෙන්නෙ වේරිඅබල් වගේ. ඒ ටිකෙන් බැරි එකට ඉමැජිනරි ග්‍රහයො දෙන්නෙක් යොදාගෙන තිඋඑනවා.

    ඕක මම නම් දකින්නෙ , මිනිස්සුන්ගෙ ජීවිත වල වෙන දේවල් යම් රටාවක් මිනිස්සු නිරීක්ශණය කරලා තියෙනවා . ඒවා මෙශර් කරන්න යොදාගෙන තිබුණදෙය තමයි ග්‍රහලෝක . මොකද ඒ කාලේ කම්පුටර් තිබුනෙ නෑනේ.
    ඔබ හරි යාළුවා. ග්‍රහයන්ගෙන් අපිට ඉතාම සුළු බලපෑමක් ඇති. නමුත් මම හිතන්නෙත් ඉස්සර ඍෂිවරු අවුරුදු දහස් ගාණක් තිස්සේ මේවා අධ්‍යනය කරලා ඒ රටා තමයි ලියල තියෙන්නේ. එතකොට තියෙන්නේ සම්බවිතාවයක්. උදාහරණයක් විදියට සෙනසුරුගේ මහදෂාව යනකොට වම් කකුල කැඩෙනවා කියනවා. ඇත්තටම මෙහෙම වෙච්ච අය ඉන්නවා. ඒ කාල වකවානු පවා හරියට කියල තියෙනවා. හැබැයි මෙහෙම නොවිච්ච අය ඉන්නවා.
    තවත් පැහැදිලි කරොත් ලග්නය මෙහෙම නම් ග්‍රහයෝ ටික මෙහෙම නම් මෙන්න මේ වගේ හැකියාවන් තියෙනවා. මේ වගේ ගතිගුණ තියෙනවා කියල සම්බවිතාවයක් අනුව කියන්න පුළුවන්.
    අත බලලා ඇඟ ඇතුලේ තියෙන ලෙඩ හරියටම කියන්න පුළුවන් මිනිස්සු මට හම්බවෙලා තියෙනවා.
    අනික් එක ජ්‍යෝතිෂ්‍ය කියන්නේ සම්පූර්නයෙන් කර්ම නියාමය මත පදනම් වෙච්ච දෙයක්. එතකොට අනික් නියාම ධර්ම සලකා බැලෙන්නේ නැහැ. දැන් සුනාමියට මැරුණු අයගේ කේන්දරවල ජලයේ ගිලී මැරෙනව කියලා ලියලා තියෙන්න පුළුවන් සම්බවිතාවය 1% වත් නැතුව ඇති. ඒක උතු නියාමය.

    ප්‍රශ්නේ මේකයි. සාස්තරේ දන්න මිනිස්සුන්ට වඩා බොරු කාරයෝ වැඩියි. අනන් මනං බයිලා ගහල මිනිස්සුන්ගේ ඔළු කුරුවල් කරනවා. ඊට පස්සේ ඒ මිනිස්සුන්ට අපලේ ඩබල් වෙනවා. ඉස්සර මේ ශාස්ත්‍රය දැනන් හිටියේ පණ්ඩිත හාමුදුරුවරු. ඒ කාලේ හිටපු හාමුදුරුවරු දැන් කාලේ තරම්ම ලාබ ප්‍රයෝජන තකා වැඩ කරපු නැති නිසා අවුලක් උනේ නැහැ. දැන් බොරු කරලා බඩ ගෝස්තරය හොයාගන්න එවුන් මේක විනාශ කරලා.

    ඒ ඒ කාලවලට සූර්ය ශක්තිය ලැබෙන විදියේ වෙනසක් අනිවා තියෙනවා. ඒ අනුව ගස්වල පලදාව අඩු වැඩි වෙනවා. ඉර්තු 4ම තියෙන රටවල්වල මිනිස්සු මේ දේවල් හොඳට දන්නවා.
     
    • Like
    Reactions: sakuntha1996

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    itin ekane bang mama kiwwe tsunami walin samaharu karmaya nisa merenna ethi, samaharu damma niyamayen merenna ethi. 20% thibba probability eke ara deka thama issarahata awe.

    cricket wala ball ekak danakota out wenne probability eka 50%. ekko out nettam out ne. out wenawa nam uba kiwwa widiyata 10 ways thiyanawa eke probability eka 10%. mata therenne ne ubata meka therenne neththe ai kiyala. past records balala uba kiyai last dismissal 100 n hit wicket 1 wela thiyenne kiyala. ethakota hit wicket yanna probability eka 1% kiyai. e past records anuwa. but deyak wenakota ekata thiyana probability eka equal wenawa.

    uba kamma niyamaya nisa rich family ekaka ipadenawa. but parents lage issue ekak nisa mona hari rogayak hedila merenna yanawa eka beeja niyamaya. uba eka parama life eka epa wela yanawa suicide karaganna train ekata bella thiyala eka chiththa niyamaya. hebei eka parama akunak gahala uba merenawa eka damma niyamaya.

    ara akuna gahana ekath damma niyamaya wenna puluwan nettam kamma wennath puluwan. apita oka kiyanna be mama kalin kiwwa wage.
    උබ එරෝසන්ගේ නෑයෙක්ද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවා පට්ට බොරු බන් ජෝතිෂ්‍ය ඇත්ත නම් 2015 මහින්ද චන්දෙ දිනනන් ඕන. මොකද ජෝතිෂ්‍ය කාරයෝ කැට තියලා ඔට්ටු දැම්මේ මහින්ද දිනනවා කියලා.
     
    • Like
    Reactions: Gajaman007

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ජෝතිෂ්‍ය මිත්‍යාවක් පට්ට පල් බොරුවක් කියන්න හොඳම උදාහරණය ශ්‍රී ලංකාව. අපේ උන් ළමයා ඉපදිච්ච දවසේ ඉඳන් කසාද බැදලා මැරෙනකම් හැම දේටම වෙලාව ,දිශාව බලනවා, කේන්දර බලනව , ගෙයක් හැදුවත් , බිස්නස් එකක් පටන් ගත්තත්, වෙලාව බලනවා. රටේ මහ උන් ජනාධිපතිගේ හිටන් වෙලාව බලනවා. එහෙම වෙලත් ලංකාව හිඟා කන ලෝකයේ දුප්පත්ම අඩු පහසුකම් තියෙන රටක් උනේ කොහොමද කියපන්කො.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇත්තටම සූර්යා එහෙම රාශියකින් රාශියට මාරු වෙන්නෙ නැහැනේ. ඔය රාශි ටික කියන්නෙ පොලවට සාපේකශව පොලව වටේ තියන තරු රටා 12ක්, හැබැයි එහෙම රාශියෙන් රාශියට මාරු වෙන්න නං සූර්යාත් පොලව වටේ යන්න ඕන. ඇත්තටම එහෙම නෙමෙයිනේ වෙන්නෙ.
    ඇත්තටම වෙන්නෙ තරු රාශි 12 තියනවා, සූර්යාවටේ පොලව යනවා පොලවත් පොලව වටේතේ කැරෙකනවා ඕක නිසා අපිට නිකන් පේනව සූර්යාත් පොලව වටේ යනවා ඒක නිසා සූර්යා අර රාශි අතර මාරු වෙනවා කියලා.
    ඔන්න ඔය වගේ ෆන්ඩමෙන්ටල් අවුල් තියනවා ඕකෙ. හැබැයි නිකන් උඩින් විතරක් බැලුවම විද්‍යාවක් වගේත් පේනවා අන්න ඒක නිසා තමයි ගොඩක් දෙන මේක ගනන් හදලා කරන දෙයක් ඒක නිසා මේකටත් හරියටම විද්‍යාත්මකයි කියන්නෙ.
    ඔයා මේ හැමදේම පටලවාගෙන තියෙන්නේ. ජෝතිෂ්‍යයේ සඳහන් සංකල්ප ගැන නිරවුල් අවබෝධයක් නැතිව කියන කතා. විද්‍යාව සත්‍යය ද මිත්‍යාව ද කියලා මම තර්ක කරන්නේ නෑ. ග්‍රහලෝක හොයාගත්තා ලු, රොකට් අරිනවාලු. පරස්පර තර්කනේ ඕවා. රොකට් එකක් ඇහැට දැකපු කෙනෙක් ඉන්නවද මේකේ. ඔයා දැකලා තියෙනවද රොකට් අරිනවා? ඔයා පරමාණුවක් ඇහැට දැකලා තියෙනවද? හැබැයි පට්ට විදිහට විශ්වාස කරනවා නේ නේද? ඇයි ඒ විද්‍යාවේ පරීක්ෂණාත්මකව හොයාගත්තා කියලා සඳහන් වෙන නිසාද?
    බටහිර විද්‍යාවේ සත්‍යාසත්‍ය බව මෙතැනට අදාළම නැහැ. විද්‍යාව සත්‍යයි බවට ඔප්පු කිරීම මගින් ජෝතිෂ්‍යය මිත්‍යාවක් බවට ඔප්පු කළා වෙන්නෙත් නෑ. ''
    සූර්යයා රාශියකින් රාශියක මාරු වෙන්නේ නැහැනේ'' කියන ප්‍රකාශයෙන් ම ජෝතිෂ්‍යය පිළිබඳ ඔයාගේ දැනුමේ තරම පේනවා. ඔහොම ඉන්න ගමන් ජෝතිෂ්‍යය තරමක් දුරට වත් හදාරන්න කියලා මම ඔයාට යෝජනා කරනවා. පිළිගන්න අදහසින් නෙමෙයි, මේක බොරුවක් මිත්‍යාවක් කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕන කියන අදහාසින් වත් ජෝතිෂ්‍යය හදාරන්න. විෂයක් නිවැරදිව හදාරන්නේ නැතුව මොනවා හරි ටිකක් අතනින් මෙතනින් අහුලගෙන ඒ විෂයය ගැන නිගමනවලට එළඹෙන්න එපා. එහෙම කරන එක ඔයාලගේ ඔය ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමයට ත් පටහැණියි මම හිතන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    1. සුර්යයා ද ඇතුළුව ග්‍රහයන් 9 දෙනෙකුගේ පැවැත්ම නම් වශයෙන් නිශ්චිතව දැන සිටීම.
    2. ග්‍රහයන්ගේ චලිතය අනුවර්තියව සිදුවන බව හා ඒවාට ගතවන කාලය පිළිබඳ නිශ්චිත දැනුම.
    3. චන්ද්‍රයා පෘථිවිය වටේත්, පෘථිවිය චන්ද්‍රයාද සමඟ සුර්යයා වටේත් ගමන් කරන බව දැනසිටීම (රාහු සහ කේතු නමින් චින්තනමාත්‍රික ග්‍රහයන් දෙදෙනෙකූ පිළිබඳ දක්වා ඇති කරුණු වලින් මෙය ඉතා හොඳින් සනාථ වෙනවා).
    4. නැකත් පිළිබඳ දැනුම (නැකත් 28ක් ගැන සඳහන් වෙනවා. මේ නැකත් කියන්නේ අඟහරු සහ බ්‍රහස්පති කක්‍ෂ අතර ඇති ග්‍රහක කොටස් 28 කි. - in the asteroid belt)
    මේවා නිරීක්ෂණය කරල තර්ක කිරීමෙන් සහ ගණිත ක්‍රම මගින් ලබාගන්න පුලුවන් දේවල්. බටහිර මිනිස්සු මේවා හොයාගන්න බොහොම කාලෙකට කලින් ඉන්දියාව ග්‍රීසිය ආශ්‍රිත ශිෂ්ටාචාර වල මිනිස්සු මේවා හොයාගත්ත බව ඇත්ත.

    හැමදෙයක්ම කඩෙන් අරගෙන කන්න පුරුදු වුන කෙනෙක්. එළවළුවක්, පළතුරක් සාර්ථකව වගා කරගන්න, ඵලදාව හොඳින් ගන්න ජ්‍යෝතිෂය වුවමනා බව දන්නේ නැතිව ඇති.
    අනේ ඉතින් බයිල තමා :lol:

    ------ Post added on Jan 15, 2023 at 12:54 PM
     
    • Dislike
    Reactions: sahases

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජෝතිෂය හරිද වැරදිද කියලා තර්ක කරන්න ග්‍රහයන් නිසා මිනිසුන්ට බලපෑම් වෙන්නේ කොහොමද කියලා ජෝතිෂය හරි කියන කෙනා කියන්න ඕනම නැහැ. අපි විද්‍යාව එක්ක කතා කරමු උදාහරණයක් විදියට.

    නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ගමු. එමගින් කියන්නේ ස්කන්ධ දෙකක් අතර ඇතිවන බලය ගණනය කරන විදිය. නිවුටන් කියන්නේ නැහැ ස්කන්ධ දෙකක් අතර බලයක් ඇතිවන්නේ ඇයි කියලා. එහෙම පැහැදිලි කිරීමක් කරානම් අපි කියන්නේ නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ theory(වාදය කියන වචනය අපි කියුවාට ගැලපෙන්නේ නැහැ එකයි ගොඩක්(ජනන නායක, අමුතුගල) අය අනාගන්න හේතුව) කියලා. නමුත් ඇතිවන විදිය කියන්න බැරි වුනාට නිව්ටන් හදපු එම සමීකරණයෙන් පැහැදිලි කරනවා ග්‍රහවස්තු සුර්යා වටේ යන විදිය පැහැදිලිව ග්‍රහයන්ගේ කක්ෂය තියෙන දුර සහ පරිබ්‍රමණ කාලය ලස්සනට ඒ නිසා නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය සඳහා පිළිගැනීමක් ඇතිවෙනවා.

    මේකම තමයි ජොතිශය සඳහා වෙන්න ඕන පුද්ගලයන් ගණනාවකගේ අධ්‍යාපන තත්වය, පවුල් ජීවිතය, දරුවන් ගණන, රැකියාව, අනතුරු වැනි සිදුවීම් ඇතිවූ දින, මැරුණ කෙනෙකුගේ නම් එම දිනය, ලිංගික නැබුරුව වැනි ජීවන තොරතුරු එකතු කර ජොතිශය වේදීන් සඳහා කේන්ද්‍රය දෙනවා මේ තොරතුරු කියන ලෙසට. එමගින් එන ප්‍රතිපලය සම්භාවිතාවය නිසා එන අගයකට වඩා නිවැරදි නම් එමගින් පෙන්වන්න පුළුවන් ජොතිශය නිවැරදි බව ගණිතය මගින්.

    එහෙම නැතිව විද්‍යාව දියුණු නැහැ ජොතිශය පැහැදිලි කරන්න ලෙස පැවසීම අවශ්‍ය නැහැ. ජොතිශය නිවැරදි බව ඔප්පු කිරීම විද්‍යාවේ කාර්යක් නොවේ එය ජොතිශයට අයත් කාර්යක්. එහෙම ඔප්පු කල දිනට තමයි ජොතිශය විද්‍යාවක් වෙන්නේ.

    එතකම් අපි මේ ගැන වාද කරලා වැඩක් නැහැ. පුළුවන් නම් මම කියපු පරීක්ෂණය කරමු.
    ඒ වුණාට ජෝතිෂ්‍යය මිත්‍යාවක් කියලා කෑගහන අය එහෙම කෑගහන්නේ ඒක විද්‍යාවෙන් ඔප්පුකරන්න බෑ කියලනේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඇත්තටම සූර්යා එහෙම රාශියකින් රාශියට මාරු වෙන්නෙ නැහැනේ. ඔය රාශි ටික කියන්නෙ පොලවට සාපේකශව පොලව වටේ තියන තරු රටා 12ක්, හැබැයි එහෙම රාශියෙන් රාශියට මාරු වෙන්න නං සූර්යාත් පොලව වටේ යන්න ඕන. ඇත්තටම එහෙම නෙමෙයිනේ වෙන්නෙ.
    ඇත්තටම වෙන්නෙ තරු රාශි 12 තියනවා, සූර්යාවටේ පොලව යනවා පොලවත් පොලව වටේතේ කැරෙකනවා ඕක නිසා අපිට නිකන් පේනව සූර්යාත් පොලව වටේ යනවා ඒක නිසා සූර්යා අර රාශි අතර මාරු වෙනවා කියලා.
    ඔන්න ඔය වගේ ෆන්ඩමෙන්ටල් අවුල් තියනවා ඕකෙ. හැබැයි නිකන් උඩින් විතරක් බැලුවම විද්‍යාවක් වගේත් පේනවා අන්න ඒක නිසා තමයි ගොඩක් දෙන මේක ගනන් හදලා කරන දෙයක් ඒක නිසා මේකටත් හරියටම විද්‍යාත්මකයි කියන්නෙ.
    මෙහෙම දෙයක් තියෙනව මචන්. සූර්‍යයා වටා පෘතුවිය යනව වගේම පෘතුවිය වටේ සූර්‍යයා යනවා කියන එකත් නිවැරදී. දෙකම සාපේක්ෂ චලිත.
     
    • Like
    • Wow
    Reactions: Candid-B and Lovtus

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Jothishya boru nemei, lankawe godak ewun bageta igena gena minissunta boru karanawa. Kendaren pennanne karma sakthiya balapana akaraya.
     
    • Like
    Reactions: Lovtus

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,152
    4,910
    113
    ඕවා පට්ට බොරු බන් ජෝතිෂ්‍ය ඇත්ත නම් 2015 මහින්ද චන්දෙ දිනනන් ඕන. මොකද ජෝතිෂ්‍ය කාරයෝ කැට තියලා ඔට්ටු දැම්මේ මහින්ද දිනනවා කියලා.
    mewa godak salli walata karana weda bn.
     
    • Like
    Reactions: lasankandy

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෙහෙම දෙයක් තියෙනව මචන්. සූර්‍යයා වටා පෘතුවිය යනව වගේම පෘතුවිය වටේ සූර්‍යයා යනවා කියන එකත් නිවැරදී. දෙකම සාපේක්ෂ චලිත.
    සරළව කිව්වොත් ජෝතිෂ්‍යය කියන්නේ මිනිස්සුන්ට ප්‍රායෝගිකව වැඩගන්න තියෙන ශාස්ත්‍රයක්. මේ මහපොළොවේ ජීවත්වෙන මිනිහෙකුට නැගෙනහිරින් ඉර පායලා බටහිරින් බැහැලා යනවා වගේ තමයි පෙන්නේ, දැනෙන්නේ. ඉතින් ඒ මිනිස්සු තමුන්ට දැනෙන හැඟෙන සංජානනය වෙන විදිහට අනුව තමයි දවසේ වැඩකටයුතු සැලසුම් කරලා කරගෙන යන්නේ. විද්‍යාවේ කියනවා නෑ ඉර එහෙම නැගලා බහිනවා නෙමෙයි පෘථිවිය තම අක්ෂය වටා බ්‍රමණය වීමයි සිද්ධවෙන්නේ කියලා. එහෙම කියන විද්‍යාඥයෙකුටවත් පේනවද දැනෙනවද ඔය කියන විදිහේ බ්‍රමණයක්? විද්‍යාඥකුට ඉර පායන විදිහ සාමාන්‍ය මිනිහෙකුට ඉර පායන විදිහට වඩා වෙනස්ද? නැත්නම් උන්ට ඉර පායන්නෙම නැද්ද? දවසෙන් වැඩ ගන්න මිනිහෙකුට ඕකෙන් ඇති වැඩේ මොකක්ද?

    ඕකත් අර කපුටු - වවුල් විවාදය වගේ එකක් තමයි. එකක් රුක්‍ෂ ගහක වවුලෙකුයි කපුටෙකුයි හිටියා. එක වෙලාවක
    "කන්ද යටින් ඉරත් වැටුණා, දවසත් ගෙවුණා. දැන් ඉතින් නිදාගන්න වෙලාව"
    කියලා වවුලා ගහේ අත්තක එල්ලිලා නිදාගන්න සැරසුණා. මේ කථාවා ඇහුන කපුටාට මළපැන්නා.
    "තොට පිස්සුද වවුලෝ? කන්ද යටින් ඉර වැටුණේ නෑ, කන්ද උඩින් ඉර නැග්ගා. දැන් තමයි දවස පටන් ගත්තේ. වරෙන් මාත් එක්ක කෑම ටිකක් හොයාගන්න යන්න"
    දැන් කවුරු හරි මට කියපන් මුන් දෙන්නගෙන් වවුලට පිස්සුද, කපුටාට පිස්සුද?

    සම්පුර්ණ වැරදි අදහසක්
    නැකත් 28 කියන්නේ පෘතුවියට සාපේක්ෂව සඳ ගමන්කරන පථය තුල ආසන්න ලෙස සමාන දුරින් පවතින තරු 28ක් නැකත් තරු 28 සහ ඒවාට තාරකා විද්‍යාවේ භාවිතා කරන නම් මේ ලින්ක් එකෙන් බලාගන්න.

    https://en.wikipedia.org/wiki/Nakshatra

    තමන් යමක් හරි හෝ වැරදි කියන්න කලින් ඒ ගැන හරියට අධ්‍යනය කරන්න
    සම්පුර්ණ අසත්‍ය සහ නොමඟයවන සුළු හැඳින්වීමක්. wikipedia තියෙන හැමදේම ඇත්ත නෙමෙයි. ඔය article එකේ එන කරුණු 100% නිශ්චිත නෑ. බොහෝදුරට ඉදිරියේදී සංස්කරණය වේවි.
    ------ Post added on Jan 15, 2023 at 2:44 PM
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    සම්පුර්ණ අසත්‍ය සහ නොමඟයවන සුළු හැඳින්වීමක්. wikipedia තියෙන හැමදේම ඇත්ත නෙමෙයි. ඔය article එකේ එන කරුණු 100% නිශ්චිත නෑ. බොහෝදුරට ඉදිරියේදී සංස්කරණය වේවි.
    මම කියන්නේ විකිපීඩියා එකේ තියන කරුණු මත පදනම්ව නොවේ. ජෝතිෂ්‍ය හි ඇති සියලු ග්‍රහ පිහිටීම් සහ නැකත් උදාවීම් ගණනය කරන ගණිතය හොඳටම දැනගෙන. (පංචාංග ලිත භාවිතා නොකර)

    ජෝතිෂ්‍ය සිද්දන්ත අනුව නැකත් තරු කියන්නේ ලග්නයක් තුළ වෙනස් නොවන දෙයක්. පෘථිවියට සාපේක්ෂව සූර්යාගේ පතය කොටස් 12 බෙදා තමයි රාශි තියෙන්නේ ඒ වගේම කොටස් 28 බෙදා නැකත් තියනවා. රාශියක සාපේක්ෂව නැකත් පිහිටුම කිසිදා වෙනස් වෙන්නේ නැහැ නියතයි. ඔබ කියන විදියට ග්‍රහක නැකත් විදියට ගන්නවා නම් ඒවා සූර්යා වටේ යන වස්තු නිසා තරු රාශි සමග එහි පිහිටීම් වෙනස් වෙන්න ඕන.

    ඔබ කියන දෙය අඩංගු යම් ලිපියක් පොතක් ඇත්නම් එය ඉදිරිපත් කරන්න. යමෙක් නැකත් විදියට ගන්නේ ග්‍රහක කියා හඳුන්වන්නේ නම් ඔහු ජෝතිෂ සිද්ධන්ත නොදත් බොරු කාරයෙක්.

    ඒ වුණාට ජෝතිෂ්‍යය මිත්‍යාවක් කියලා කෑගහන අය එහෙම කෑගහන්නේ ඒක විද්‍යාවෙන් ඔප්පුකරන්න බෑ කියලනේ.
    ඉතින් සත්‍යාපනය නොකරන ලද දෙයක් කියන්නේ මිත්‍යාව තමයි
    ------ Post added on Jan 15, 2023 at 3:10 PM
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම කියන්නේ විකිපීඩියා එකේ තියන කරුණු මත පදනම්ව නොවේ. ජෝතිෂ්‍ය හි ඇති සියලු ග්‍රහ පිහිටීම් සහ නැකත් උදාවීම් ගණනය කරන ගණිතය හොඳටම දැනගෙන. (පංචාංග ලිත භාවිතා නොකර)

    ජෝතිෂ්‍ය සිද්දන්ත අනුව නැකත් තරු කියන්නේ ලග්නයක් තුළ වෙනස් නොවන දෙයක්. පෘථිවියට සාපේක්ෂව සූර්යාගේ පතය කොටස් 12 බෙදා තමයි රාශි තියෙන්නේ ඒ වගේම කොටස් 28 බෙදා නැකත් තියනවා. රාශියක සාපේක්ෂව නැකත් පිහිටුම කිසිදා වෙනස් වෙන්නේ නැහැ නියතයි. ඔබ කියන විදියට ග්‍රහක නැකත් විදියට ගන්නවා නම් ඒවා සූර්යා වටේ යන වස්තු නිසා තරු රාශි සමග එහි පිහිටීම් වෙනස් වෙන්න ඕන.

    ඔබ කියන දෙය අඩංගු යම් ලිපියක් පොතක් ඇත්නම් එය ඉදිරිපත් කරන්න. යමෙක් නැකත් විදියට ගන්නේ ග්‍රහක කියා හඳුන්වන්නේ නම් ඔහු ජෝතිෂ සිද්ධන්ත නොදත් බොරු කාරයෙක්.

    ඉතින් සත්‍යාපනය නොකරන ලද දෙයක් කියන්නේ මිත්‍යාව තමයි
    ------ Post added on Jan 15, 2023 at 3:10 PM
    "අඟහරු තරුවේ රවුමට පිටින් තිබෙන තිත්වලින් පෙන්නා තිබෙන රවුම අස්විදාදී නැකැත් පිහිටි රවුම හැටියට පිළිගෙන තිබේ. අපරදිග සොයාගැනීමේ හැටියට නම් මේවා කැඩී ගිය ග්‍රහ තරුවක සුන්බුන් ය."
    උපුටා ගැනීම, පිටු අංක 17, හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ 'ජීවිතය හා ග්‍රහයෝ' (එකොළොස්වන මුද්‍රණය - 2015). මේ ග්‍රන්ථය මුලින්ම මුද්‍රණය කර තිබෙන්නේ 1956 දී. 2015 වෙද්දී සංශෝධන සහිතව වරින් වර 11 වාරයක් නැවත නැවත ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඒ නිසා දැන් මේක මුද්‍රණ දෝෂයක් කියලා මෙතන වැලලෙන්න හදන්න එපා. හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ යනු මෙරට බිහිවූ කීර්තිමත් ජෝතිර්වේදියෙක්. අප දැනුවත්ව මේ කරුණ අභියෝගයට ලක්කරමින් මේ සා කාලයකට කිසිවකුත් කරුණු දක්වා නැහැ.
    මළපොතේ අකුරක් නොදන්න සියල්ල දත් බක පණ්ඩිතයා රෙද්දේ රෙවුනා වගේ දැනුනා නම් ෂේප් එකේ පිහගෙන මාරුවෙන එක තමයි ඇඟට ගුණ :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    boru. chk karanna puluwan lesima widiha jothishya buwalata kiala anith jothishya buwalage keindara balawana eka. eeta passe ewa compare karala balana eka.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    අඟහරු තරුවේ රවුමට පිටින් තිබෙන තිත්වලින් පෙන්නා තිබෙන රවුම අස්විදාදී නැකැත් පිහිටි රවුම හැටියට පිළිගෙන තිබේ. අපරදිග සොයාගැනීමේ හැටියට නම් මේවා කැඩී ගිය ග්‍රහ තරුවක සුන්බුන් ය."
    උපුටා ගැනීම, පිටු අංක 17, හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ 'ජීවිතය හා ග්‍රහයෝ' (එකොළොස්වන මුද්‍රණය - 2015). මේ ග්‍රන්ථය මුලින්ම මුද්‍රණය කර තිබෙන්නේ 1956 දී. 2015 වෙද්දී සංශෝධන සහිතව වරින් වර 11 වාරයක් නැවත නැවත ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඒ නිසා දැන් මේක මුද්‍රණ දෝෂයක් කියලා මෙතන වැලලෙන්න හදන්න එපා. හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ යනු මෙරට බිහිවූ කීර්තිමත් ජෝතිර්වේදියෙක්. අප දැනුවත්ව මේ කරුණ අභියෝගයට ලක්කරමින් මේ සා කාලයකට කිසිවකුත් කරුණු දක්වා නැහැ.
    මළපොතේ අකුරක් නොදන්න සියල්ල දත් බක පණ්ඩිතයා රෙද්දේ රෙවුනා වගේ දැනුනා නම් ෂේප් එකේ පිහගෙන මාරුවෙන එක තමයි ඇඟට ගුණ :lol:
    ජෝතිෂ්‍ය අනාවැකි කීම සහ ග්‍රහ පිහිටීම් සඳහා ගණන් හදීම දෙකක්. අනාවැකි කියන අය දන්නේ ලිත බලා ග්‍රහ පිහිටීම් බලලා. අනාවැකි කියන්න. ඔය ගැන අහනවා නම් ලංකා හෝ ඈපා පංචාංග ලිත හදපු අය ගෙන් අහලා දැනගන්න.

    පොත පත කියවන්න පුළුවන් නම් මෙතන මනස්ගාත කියන්නේ නැතිව. සූර්ය සිද්ධාන්තය වගේ පොතක් බලන්න. ලස්සනට නැකත් වලට අදාළ තරු පිහිටන අංශක ගණන හොයා ගන්න පුලුවන් ඊට පස්සේ නාසා එකේ සයිට් එකේ මම පෙන්වපු ලින්ක් එකෙන් ගිහින් ඔබ කියන ග්‍රහක වල පිහිටීම හොයන්න එතකොට තේරේවි අස්විද කියන්නේ ග්‍රහකයක් නොවන බව.

    ඔයා කියන විදියට නැකත් කියන්නේ ග්‍රහක නම් නැකත් 28 ට අදාළ ග්‍රහක 28 හි නම් දෙන්නක්කෝ. මම පෙන්වන්නම් නැකත පිහිටන තන සහ ඔබ කියන ග්‍රහක තියෙන තැන වෙනස් බව

    ඒ වගේම නැකත් තරු කියන්නේ ග්‍රහක නම් ඒවායේ පොළවට සාපේක්ෂව ගමඟන්නා ප්‍රවේගය වෙනස් වෙනවා. එහෙම නම් නැකත් ටිකත් පොළවට එහා ඉන්න ග්‍රහයෝ වගේ සමහර කාලවල ආපස්සට(පොළවට සාපේක්ෂව මිස ඉරට සාපේක්ෂව නොවේ) යන්න ඕන.
     
    • Love
    Reactions: Candid-B

    නැකැත් කියන්නේ මොනවද කියලා මම නෙමෙයිනේ කියන්නේ. දැන් පෙන්නුවේ පිටු අංකත් එක්ක. තවත් කතාකරන්න ගියොත් කුණුහරුප තමයි කියන්න වෙන්නේ. මේක කියවන කෙනෙක් තම නැණ පමණින් තේරුම් ගන්න. තමන්ගේ හෙළුව අල්ලෙන් වහගෙන අනුන්ගේ හෙළුවට ඇඟිල්ල දික්කරනවා 🤭