ස්වාබාවික පද්ධති බිඳ වැටෙන වැටුනොත් පොලවෙ ඉන්න සේරම ජීවීන්ට බලපෑමක් තියනවා ඒක ඔය තරං මහා සංකීර්න විදියට හිතන්න දෙයක් නැහැ. ජීවය කියන්නෙ මේ තියන පරිසර පද්ධතියක කොටසක්නේ. ඒව ගැන තර්කයක් නැහැ.
එතැනින් එහාට විග්රහ කරන්න ඕන නැහැනේ. ඔබ කැමති නැහැ සමස්තය දකින්න
බද්ධ කිරීමකදි වගේ එකකදි ජාන සංයෝජනය වෙන්නෙ නැහැ. ජාන තාක්ශනය කියන එක කෘතිම එකක් කියලා හිතන්නත් එපා. අපි අද කන්න බොන්න ගන්න පලතුරු එලවලු ධාන්‍ය සේරම දේවල් selective breading වලින් වැඩි දියුනු කරපු දේවල්. ඒවත් ජාන වෙනස් කරපුවා තමයි. ස්වාභාවික පරිසරයෙ ඒව ඔය විදියට නැහැ. ඒව අවුරුදු ගානක් තිස්සෙ අපිට අවශ්‍ය ලක්ශන තියන ශාක තෝරලා ඒවයෙන් ඉදිරි පරම්පරාවල් හදලා අද තියන තත්වෙට ගනිපු දේවල්. දැන් තාක්ශනය දියුනු වෙලා තියනවා එහෙම පරම්පරාවල් සිය ගානක් යන්නෙ නැතිව හරියටම අවශ්‍ය ජානය මොකද්ද කියලා හොයාගෙන ගහක් හදාගන්න තරමට. අපි ගස් selective beading කරලා ගෙඩි ලොකු සහ රස පලතුරක් හදාගත්තත් අපි නොදැන මොනවා හරි ඇඟට අහිතකර ජානයකුත් ඒ එක්කම එන්න චාන්ස් එකක් තියනවා, ඒ චාන්ස් එකම කෘතිමව කරත් එන්න තියනවා. ඒක නිසා ඒක කෘතිමව කරා කියලා එන අහිතකර බලපෑමක් නෙමයි. ඒව හොයාගන්න පුලුවන් තරමට තාක්ශනය දියුනුයි. කවුද කියන්නෙ ඒව හොයාගන්න තරමට තාක්ශණය දියනු නැහැ කියලා.
ජානවලට / ශාක දෙවර්ගයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට අනෝන්‍යව කටයුකු කරන්න බැරි නම් වර්ධනය නවතිනවා හෝ විනාස වෙනවා, විකෘතිව වර්ධනය වන්නත් බැරි වෙනවා. ඒක එක්තරා සංයෝජනයක්.
දැන් තාක්ශනය දියුනු වෙලා තියනවා අවශ්‍ය ජානය මොකද්ද කියලා හොයාගෙන ගහක් හදාගන්න තරමට. ඒව හොයාගන්න පුලුවන් තරමට තාක්ශනය දියුනුයි. කවුද කියන්නෙ ඒව හොයාගන්න තරමට තාක්ශණය දියනු නැහැ කියලා
ජාන වලින් හදපුවා නෙවෙයි බද්ධ කළ ශාක පවා කිසිම දේශීය වෛද්‍යවරයෙක් ඔෘෂධ වලට ගන්නේ නැහැ. ඒවායේ ගුණත්වයට හානි වී ඇති බව හඳුනා ගැනීමට හා පරීක්ෂා කිරීමට හැකි තරමේ දැනුමක් බොහෝ අය සතුව තිබෙනවා.
දැන් ඒවා කියන්නේ නැහැ කියලා මට බනින්නත් එපා, ඔබලා තාක්ෂණයේ දියුණුව නොදන්න නූගත්තු කියලා එම වෛද්‍යවරුන්ට බනින්න යන්නත් එපා.
දැන් තාක්ශනය දියුනු වෙලා තියනවා එහෙම පරම්පරාවල් සිය ගානක් යන්නෙ නැතිව හරියටම අවශ්‍ය ජානය මොකද්ද කියලා හොයාගෙන ගහක් හදාගන්න තරමට.
දියුණු නැහැ, ඒකයි මේ කෑ ගහන්නේ. ප්‍රඥාවක් ඇත්තවුන් ඒ තරමට දියුණු කරන්න දායක වන්න කැමතිත් නැහැ.
මොලේට වෙන බලපෑමක් ගැන හොයාගෙන නැහැ.
හඳෙන් වෙන බලපෑමක් ගැන එහෙම හොයාගෙන නැහැ.
පොලව උඩ ජීවය පරිනාමය වෙන්නම සූර්යාගෙන් විසාල බලපෑමක් වෙලා තියනවා. සූර්යා ඔය තියන තත්වෙන් තියන නිසා තමයි ජීවය ඇති වෙලා තියෙන්නෙත්. ඒක නිසා ජීවයට සූර්යාගෙ බලපෑමක් තිබුනු පලියට වටේ තියන හැම එකාගෙන්ම බලපෑමක් තියනවා කියලා කියන්නෙ කොහොමද අනික ග්‍රහලෝක එලිය නෙමයි සද්ද දාගෙන ගියත් පොලව උඩ ඉන්න ජීවීන්ට හරි ඒ ජීවීන්ගෙ ලෙඩ රෝග වලට හරි සාර්ථකත්වයට හරි බලපෑමක් කරන්න බැහැ.
මේවට ලොජිකල් පැහැදිලි කිරීමක් නැහැ ඒක තමයි මම කියන්නෙ. දැං ග්‍රහලෝක වල පිහිටීම ගනන් හදලා හොයාගන්නවා කියනවානේ. ඒක ලොජිකලි පැහැදිලිකරන්න පුලුවන්. වෙන බටහිර ක්‍රමේකටත් හදලා දියුනු ක්‍රම වලිනුත් ඒකම හදලා ඒ ගනනය කිරීම් නිවැරදිද කියලා කිසිම ගැටලුවක් නැතිව වෙරිෆයි කරන්නත් පුලුවන් ඒ වගේම ඔය කියන බලපෑම් අපිට වෙරිෆියි කරගන්න බැරි එකනේ වැඩේ. එහෙම පුලුවන් නං මේ ආගියුමන්ට් එකක් නැහැනේ
දැන් ඔබ හොයාගෙන නැහැයි හා වෙරිෆයි කරන්න බැරි දේවල් බොරු කියලා තර්ක කලාට හෝ ඔබලාගේ නිගමනයකට අනුව කිසියම් අතීත කාරණාවක් බොරු යැයි පැවසුවාට යමෙක් මැදිහත් වෙලා මහා වියදමක් දරාගෙන එම නිගමනයක් බිඳ හෙළීමට පෙර නොවූ නවතම ආකාරයකට ජ්‍යාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ පර්යේෂණයක් සිදු කර පැහැදිලි කරලා දුන්නම පිළිගන්නවා.
එසේත් නැතහොත් ඊට අදාළවන රහසිගත දෑ (පොදු සමාජයට හෙළි නොකරන දෑ) බොහෝ කාලයකට පසු යමෙක් ලෝකයාට හෙළි කළහොත් එතැනදී ද කාලයක් පුරාවට බොරු යැයි පවසමින් සිටින කණ්ඩායමට පිළිගන්න සිදු වෙනවා. ඒකනේ සරල කාරණය. මෙවැනි සිදුවීම ගැන ඕන තරම් අහන්න තියනවනේ.
ඉන්දියාව හෝ අන් රටවල මෙන් නොව මෙතැන ප්‍රධාන කාරණය ව්‍යාජ හෝ මිත්‍යා වන කිසිදු තාක්ෂණයක් හෝ ශ්‍රාස්ත්‍රයක් ලංකාවේ නැති බව අමතක කිරීම සහ තිබුණා වූ ශ්රාස්ත්රයන්ගේ හරය අතුරුදහන්ව ගොස් ඇති බව හෝ හෙළි නොකර සිටින බව නොසලකා ඒවාට පහර ගැසීම, මෙන්ම දේශීය දෑ සැමවිට අවතක්සේරු කර සැලකීමයි
දේශිය තාක්ශනයන් බොරුයි කියලා කිවුවෙ නැහැ.ඇත්ත දේවල් තියනවා, උදාහරන විදියට ලංකාවෙ දේශීය තාක්ශනෙයෙන් ස්ථූප හදලා තියනවා, මහා වැවු හදලා තියනවා, මහා පිලිම නෙලලා තියනවා ඒව ඒ කාලෙ තාක්ශනෙන් කරපු හිතා ගන්න බැරි තරම් විශිශ්ඨ දේවල්. එහෙමයි කියලා අතීතෙ ඉඳන් ආපු සේරම මගුල් ඇත්තයි කියලා කියන්න බැහැ. අතීතෙ ඉඳන් ආවත් මොන දෙයියන්නාන්සෙ කිවුවත් බොරුව නං බොරුවමයි, ඇත්ත නං ඇත්ත තමයි
ඔය ටිකෙත් කඩ දාන්න, මංතීරු හදන්න, ගළවන්න, බිඳින්න ඉඩ නොදී තියාගෙන ඉන්න නිසා ඔහොමවත් රැකිලා තිබෙනවා.
පේන්න යන්තම් හරි ඉතිරි වෙලා තිබෙන නිසා හා අදහා ගන්න බැරි නිසා පිළිගන්නවා නේද? නමුත් ඒවායේ සියළුම තාක්ෂණයන් හරිහැටි දන්නේ නැහැ නේද? ඔබ පැවසූ දෑට පවා ජ්‍යෝතිෂය විවිධාකරයෙන් යොදා ගෙන තිබෙන බව සොයා බැලුවහොත් දැන ගන්න හැකි වේවි. අද වන තුරුත් සෘජුව හෝ හොරෙන් බටහිර ලෝකයා ඒවායේ තාක්ෂණය හඳුනා ගැනීමට විවිධාකර පර්යේෂණ සිදු කරන බව දන්නවා ඇති. අපිත් යන්තම් මැරුන් නොකා ඔවුන් එළවපු අවස්ථා තිබෙනවා.
අනෙක් අතට පෙරදිග දැනුම පද්ධති විනාශ කර හා ඒවා උරුම වන්නන්ගෙන් බැහැර කොට ද; බටහිර ලෝකයා ගවේෂණය කර සොයාගෙන නමුත් ලෝකයට හෙළි නොකර තිබෙන දෑ කොතරම් තිබෙනවාද, හෙළි නොවන්නට හා මිනිසුන් මුලාකොට තබන්නට ලෝකයට මුදා හැර තිබෙන දේවල් ද තිබෙනවානේ. අතේ පත්තුවෙන බොරු තිබුණත් අහවල් රිසර්ච් එකයි, ක්රමවේදයයි, කිසිදු අවදානමක් නැතැයි ප්‍රායෝගිකයි පවසමින් බහුතර සමාජයට දිග හැරි දෑ හා එවා පිළිගන්නා මහා පිරිසක් ඉන්නවනේ. ඒ හන්දා තමයි ඔබත් දැන් තාක්ෂණය දියුණු බව පවසන්නේ
දැං ග්‍රහලෝක වල පිහිටීම ගනන් හදලා හොයාගන්නවා කියනවානේ. ඒක ලොජිකලි පැහැදිලිකරන්න පුලුවන්. වෙන බටහිර ක්‍රමේකටත් හදලා දියුනු ක්‍රම වලිනුත් ඒකම හදලා ඒ ගනනය කිරීම් නිවැරදිද කියලා කිසිම ගැටලුවක් නැතිව වෙරිෆයි කරන්නත් පුලුවන්
මේක විහිලුවක්නේ. මේක ගැන උඹට එන හැඟිම මොන වගේද. අන්න ඒ හැඟිම අර උඹ කියලා තියන එක කියවන එවුන්ටත් එනවා කියලා හිතෙන්නෙ නැද්ද
වෙන ක්‍රමවල මූලාරම්භය හෝ සංවර්ධනයට දායකත්වය කෙසේ වෙතත් ඔබ දැනටමත් පිළිගන්නවානේ ජ්‍යෝතිෂයේ ඇතැම් කරුණු නිවරදි බව තහවුරු කළ හැකි බව, එහෙනම් අමූලික බොරු යැයි කියන්න බැහැනේ ඇත්තක් තිබිය දී, ඉතිං ඔබලා කලින් කලට වෙනස් වන මේ මෑත කාලයේ පර්යේෂකයින්ගේ පර්යේෂණ, අවබෝධය, දැනුම මත ගොඩනැගූ ක්‍රමවේද, නිගමන පිළිබඳව එහෙම පවසනවා වගේ අපටත් කියන්න පුළුවන් අපි ගාවත් තියනවා කියලා. එනමුත් පොදු ජනතාවට හෝ ලෝකයාට හෙළි කරන සීමාවක් තිබෙනවා.
ජෞතීෂය මිත්‍යාව හරිම රසයි තලු මර මර රසවිදින්න පුලුවන්

ඒකට කුතුහලය එකතු උනාම ඊට වඩා පට්ට. මිත්‍යාවයි කුතුහලයයි ගහට පොත්ත වගේ.
මොන දෙයියන්නාන්සෙ කිවුවත් බොරුව නං බොරුවමයි, ඇත්ත නං ඇත්ත තමයි
ඔබට අනුව කෘතිම පරිසරවල හා යෙදවුම් භාවිතයෙන් මෙන්ම ජාන තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන් ඉහළ ගුණත්වයෙන් යුත් සහ අස්වැන්නක් සහිත සෞඛ්යාරක්ෂිත නැවුම් එළපළු පළතුරු වගා කරගන්න පුළුවන්. පළිබෝධයක්, ක්ෂුද්‍ර ආසාදනයක් හෝ අනෙකුත් බාහිර සත්වයින්ගෙන් බලපෑමක් ඇතිවුවහොත් ඒවා විනාශ කර වගාව පවත්වා ගැනීම ඔබලාගේ ක්‍රමවේදය.
එනමුත් අප අද ද සොබාදහමට අනුගතව ජ්‍යෝතිෂ්‍ය භාවිතයෙන් තමයි බිම සැකසීමේ පටන් බීජ පැළ කිරීමේ සිට ඵලදාව ලබා ගැනීම දක්වා සියළුම වගා කටයුතු නියමිත කාල වලදී සිදු කරන්නේ. එමෙන්ම වගාවන් සඳහා බලපෑම් ඇති කරන සියළුම ක්ෂුද්‍ර සත්වයින්ගේ හා වෙනත් බොහොමයක් දෘශ්‍යමාන සතත්වයින්ගේ ජීවන චක්‍රයේ අවස්ථා සහ ඊට අනූකලව එම ජීවීන්ට ප්‍රයෝජනවත් වන ශාඛයක වර්ධන අවධීන් මඟහැර වගා කටයුතු කරන්නෙත් අනෙකුත් බාහිර බලපෑම් මඟහරින්නෙත් මෙම ජ්‍යෝතිෂයේ ප්රයෝජනයෙන් තමයි.
ඉතිං අපි ඒ බොරුවට තදින් බැඳී සිටින පිරිසක්.
ඊට අමතරව ඉතිරිවන ගැටළු වලටත් කිසිවෙක්ට හානි නොකර මඟ හැරීමට යන්ත්‍ර මන්ත්‍ර හා කෙම්ක්රම බහුලව භාවිතා කරනවා. මෙම දේවල් දේශීය ප්‍රයෝජනයට ගන්නවා මිස ලෝකයාට තහවුරු කිරීමක් සිදු කරන්නේ නැහැ. දැනටමත් බටහිර ලෝකය අත්පත් කරගෙන තිබෙන තාක්ෂණය මත සිදු කරන විනාශය පමණටත් වඩා වැඩියි.
මේ බොරුවේ තවත් ප්‍රයෝජන කියන්න පුළුවන්, අදටත් ඔබලා බොහෝ අය විවාහ වන්න පෙර ඇඟ හිල් කොරලා ලේ පරීක්ෂා කරනවානේ. ඉතිං ජ්‍යෝතිෂයට හැකියාව තිබෙනවා දෙදෙනාගේ ලේ ධාතුව පිළබඳව හොඳින් විග්රහ කරන්න. එමෙන්ම යමෙක් (අ) පුද්ගලයා සමඟ විවාහ වුවහොත් දරුවන් නොලැබෙන බවත්, (ආ) පුද්ගලයා සමඟ විවාහ වුවහොත් දරුවන් ලැබෙන බවත් හරියාකාරව පැවසීමේ හැකියාව තිබෙනවා. කර්මානුරූපව ලැබීමේ සම්භාවිතාව අඩුනම් එයට ද කුසල් වැඩීමේ පිළියම් හෝ දේශිය වෙදකම තිබෙනවා.
ඉතිං ජ්‍යෝතිෂ මෘදුකාංග හදාගෙන වැළලෙන, හෝ රු.500, 2000, 10,000 ව්‍යාපාර මෙන් කරන පුද්ගලයින්ට හෝ පොදු සමාජයට මුදා හැර තිබෙන මුද්‍රිත පොත්වලට ඇතුළත් වී තිබෙන කොටසින් හැදෑරූ පුද්ගලයින්ට අතිශය නිවරදිව කියන්න බැහැ. එය 10, 12 වසරක ශිෂ්‍යයෙක් හා උපාධිධාරියෙක්ගේ දැනුම වාගෙයි. එකම කාරණයක් පිළිබඳ වූවාට දැනුම් මට්ටම වෙනස්.
තවත් පහදා දුනහොත්, ඔබලාට අනුව යන්ත්‍ර මන්ත්‍ර ද බොරු වෙන්න ඇති. නමුත් පොදු සමාජයට හා මුද්‍රිත පොතපතට මුදා හැර තිබන සීමාව භාවිතා කර අත්හදා බැලුවහොත් සත්‍යක් තිබෙන බව පිළිගත හැකියි නේද? නමුත් බැරෑරුම් දෙයකට අත්හදා බැලුවහොත් බොහෝවිට හරියාකාරව ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ හෝ ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. එනමුත් පාරම්පරික ඇදුරන්ට කිසිදු අපහසුවකින් තොරව එම කටයුතු සිදු කළ හැකියි නේද? ඒ වගේම දේශීය වෙදකම පිළිබඳව සමාජයට මුදා හැර තිබෙන සීමාවක් තිබෙනවා නේද?
එයයි සියළුම දේශීය ශ්‍රාස්ත්‍රයන් හා තාක්ෂණයන් කළමනාකරණය සහ පවත්වාගෙන යන ස්වභාවය. පාරම්පරිකව ලැබෙන්නා වුවද දෙමාපියන් තම එක් දරුවෙක්ට හෝ සියළුම දරුවන්ට එය ලැබීමට නුසුදුසු බව හඳුනා ගතහොත් අදාළ ශ්‍රාස්ත්‍රයන් විනාශ වී ගියද උගන්වන්නේ නැහැ හෝ සීමාවක් ඇතුව ලබා දෙනවා. බුදුහාමුදුරුවන් ද කියා වෙනසක් නැහැ, සෑම දෙයක්ම හෙළි කරන්නේ නැහැනේ.
මෙම ශ්‍රාස්ත්‍රයන් බොරු යැයි බටහිර ලෝකයා පැවසුවහොත් මම තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. නමුත් ස්වදේශිකයෙක් වන ඔබ ලබාගන්න බැරි මිදි තිත්තයි කීම උචිත නැහැ.