#1 - මුහුණු 21 යක්ෂයා - Monster With 21 Faces

StillStanding

Member
Feb 20, 2016
491
62
0
#1 - මුහුණු 21 යක්ෂයා - Monster With 21 Faces

කට්ටියම වැදගත් ත්‍රේඩ් දානවා පේනවා
මමත් ඔන්න මොනා හරි දාන්න ඕන කියලා බලද්දී මේ කේස් එක අහු උනා
මම තනියම සිංහල පරිවර්ත්නය දාන නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති :rolleyes:



The-Monster-with-21-Faces.jpg

මේ සිද්දිය වෙන්නෙ ටිකක් ඈත කාලේක, 1984 මාර්තු මාසේ වෙස් මූණු දා ගත්ත මිනිස්සු දෙන්නෙක් එකෙක්ව උස්සන් යනවා, උස්සන් යන්නේ එසේ මෙසේ එකෙක් නෙමේ Glico කියලා කැන්ඩි සමාගමක CEO කෙනෙක්. Katsuhisa Ezaki නිදහස් කරන්න නම් යෙන් බිලියනයක් ගෙවන්න කියනවා. බිලියනයක් කියන්නේ පට්ට ගානක් නිසා පොලිසියෙක් දෙක පූට්ටු වෙලා හොයන්න පටන් ගන්නවා මෑන්ස්ව. ඒත් පෙර පිනකට වගේ Ezakiකාරයා බේරිලා එනවා සල්ලි ගෙවන්න කලින්.

ආතල් එකේ ඉන්න කොට මෙන්න අප්‍රේල් මාසේ සමාගමට අයිති වාහන වගයකට කවුරු හරි ගිනිතියනවා. පොලිසිය කෙලින්ම ඒකට හොයන්නෙත් කලින් මූව උස්සපු උන්ව.

මැයි මාසේ සමාගමට ලියුමක් ලැබෙනවා අර සෙට් එකෙන්. උන් කියනවා උන් කැන්ඩි වලට සයිනයිඩ් දැම්මා කියලා. ක්ට්ටිය ඉතින් බොක්ක කූල් වෙලා කඩවල් වලට යවපු සේරම ආයෙත් ගෙන්න ගන්නව. මේකෙන් මුන්ට මිලියන 20ක් පාඩු වෙනවා. සේවකයොත් බර ගානකට ගෙදර යන්න වෙනවා

පොලිසියෙන් සිකුරිටි කැමරා චෙක් කරලා හොයා ගන්නව සමාගමට අයිති නැති බුවෙක් ඉන්නවා. ඒත් ඉතින් පැහැදිලි නැති නිසා අල්ල ගන්න විදිහක් නැහැ. එක එක පැති වලින් හිතුවත් කිසිම එකෙක් අල්ල ගන්න වෙන්නෙ නැහැ

ටික දවසක් යද්දි මුන් පොලිසියටත් ලියුමක් එවනවා කින්ඩියට වගේ. ඒ අතරේ මුන් වෙන කැන්ඩි සමාගම් වලිනුත් කප්පන් ගන්න පටන් ගන්නවා. ඔහොම කාලයක් යද්දි මුන් කියනවා යෙන් මිලියන 50ක් දුන්නොත් මු මේ වැඩ නවත්තනවා කියලා. සල්ලි දෙන්න ඕන විදිහ විදිහට කියන්නේ, සල්ලි ට්‍රේන් එකක යන ගමන් සුදු කොඩියක් දැක්කම විසික් කරන්න කියලා. පොලිසියත් ඉතින් කැමති වෙනවා

සල්ලි අරන් ට්‍රේන් එකට නැග්ගම සැක කටයුතු එකෙක්ට අවධානය යොමු උනත් ඌවවත් අල්ල ගන්න බැරි වෙනවා. සල්ලි විසික් කරන්නෙත් නැහැ. එහෙමම පරික්ෂන කර ගෙන යනවා පොලිසියෙන්. 1984 තව ලියුමක් එනවා මීඩියා වලට උන් සයිනයිඩ් තියෙන කැන්ඩි පාර්සල් 20ක් රට පුරා දැම්මා කියලා. පොලිසියෙන් පාර්සල් 10ක් හොයා ගන්නවා. ගොඩක් ඒව විනාස කරනවා!

1985දි පොලිසියෙන් චිත්‍රයක් ඇඳලා ඌව හොයන්න ට්‍රයි කරනවා
ඒත් හම්භ වෙන්නෙ නැහැ. අන්තිමට මේක බාරව හිටපු පොලිස් සුපිරිස්ටැන්ඩ් සියදිවි නසා ගන්න තීරනය කරනවා. ඌ ගිනි තියාගෙන මැරෙනවා.

අගෝස්තු මාසෙ මූ පොලිසියට ලියුමක් ලියනවා "මාගේ හිතාදර මෝඩ පොලිසිය වෙත, මට කිසිම යාලුවෙක් නැහැ, මම කිසිම විෂේෂ තැනක හැංගිලා නැහැ. අවුරුද්දයි මාස 5ක් උඹලා මොක්ද කලෙ? අපි වගේ උන්ට පැනලා යන්න දෙන්න එපා. මම තීරනය කලා මේ කැන්ඩි සමාගම් නටවන එක නවත්තන්න. වෙන කවුරු හරි එහෙම කලොත් ඒ මම නෙමේ. මම නරක කෙනෙක්, මට කැන්ඩි සමාගම් බය කරනවට වඩා වැඩ තියෙනවා. මේ විදිහට ජීවත් වෙන එක සතුටක්"

ඊට පස්සේ ඌ අතුරුදහන් වෙනවා
මේ දක්වා තවමත් උන්ව හොයාගෙන නැහැ

පරිවර්තනය කරන්න මහන්සි වෙච්ච එකට හරියන්නවත් රෙප් එකක් දීපන් මචන්
:rolleyes:
 

StillStanding

Member
Feb 20, 2016
491
62
0
දැං නම් ඔය වගේ ආතල් එකක් ගන්න අමාරුයි නෙහ් :P
දැනුත් බැංකු වලින් එහෙම කොල්ලකන ඒවා ප්‍රසිද්ධ නොකර ඉන්නවලු බන්
Rep +1 :D
Thanks bun
Rep +1 :D
Mokakda bun me seen eka
++
සල්ලි වලට කෙළින සීන් එකක් මචන්
Rep +1 :D

Rep +1 :D
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ වගේම සීන් එකක් රීඩර්ස් ඩයජස්ට් එකේ තිබ්බ 95,96 වගේ කාලෙ. ඒකෙ තිබ්ඛෙ ළදරු ආහාරයකට (යෝගට් වගේ හදපු) බ්ලේඩ් කෑලි දාල මුලු කම්පැනි එකක්ම බංකොලොත් කරපු ඩයල් එකක් ගැන.
     
    • Like
    Reactions: StillStanding

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    මේ වගේම සීන් එකක් රීඩර්ස් ඩයජස්ට් එකේ තිබ්බ 95,96 වගේ කාලෙ. ඒකෙ තිබ්ඛෙ ළදරු ආහාරයකට (යෝගට් වගේ හදපු) බ්ලේඩ් කෑලි දාල මුලු කම්පැනි එකක්ම බංකොලොත් කරපු ඩයල් එකක් ගැන.
    :nerd: මම දැක්කෙ නැහැ නෙ එහෙම එකක්
    හොයලා බලන්න ඕන