10000/= ගොඩ යන්න ඕනෙද?

Aug 24, 2014
63
4
0
10000/= ගොඩ යන්න ඕනෙද?

ආයුර්වේද නිෂ්පාදන කර්මාන්තශාලාවක හිමිකරුවෙක් වෙන්න කැමතිද?

මේ මම අතගහනවනම් කවදාහරි අතගහන්න හිතන් ඉන්න බිස්නස් එකක්. එහෙමයි කියලා මේක අනිත් උන්ට කරන්න තහනමක් නෑ. මම පටන් ගන්න කාලෙක උඹලගෙන් කවුරුහරි මේ බිස්නස් එකෙන් දියුනු වෙලා හිටියොත් මටත් වචනෙකින් හරි උදව් කරයි කියලා හිතනවා.

අපේ කම ගැන ඇම්මක් තියන උන් මේකට අතගහන එක වඩා හොඳයි. එතකොට මේ බිස්නස් එක ඉක්මනට අල්ලගන්න පුලුවන්. රුපියල් 30000/= වගේ තියනවනම් ගොඩක් හොදයි නැත්තන් මිල් එකක් ගන්න සල්ලි මදි නිසා බෙහෙත් බඩු කුඩු කරගන්න තැනක් සෙට් කරගන්න වෙනවා.

මේක instant herbal drinks වෙලඳාමක්. දන්නවනේ අද කාලේ කෙමිකල් කාලා කාලා මිනිස්සු හර්බල් වලට ලොකු ඉල්ලුමක් තියනවා නමුත් හර්බල් තම්බ තම්බ ඉන්න වෙලාව නැති නිසා තමයි මිනිස්සු මේවා නොගන්නේ. ඉතින් යම් හෙයකින් ඔයාලට පුලුවන් නම් තේ එකක් හදාගන්නවා වගේ පහසුවෙන් හර්බල් ඩ්‍රින්ක් එකක් හදාගන්න ක්‍රමයක් මහජනතාවට දෙන්න එයාලා අනිවා මේවා ගන්නවා.

ඉස්සෙල්ලම ඔයාලට උවමනා කරනවා පොඩි ප්‍රමානයේ මිල් එකක් (රුපියල් 15000/= 20000/= වගේ වෙයි. නත්තන් පාවිච්චි කරපු එකක් නම් අඩුවට ගන්න පුලුවන්..) සීලර් එකක් ඉලෙක්ට්‍රොනික් තරාදියක් (මේකට කිලෝ 5 ඉලෙක්ට්‍රොනික් කිචන් ස්කේල් එකක් වුනත් අවුලක් නෑ)ප්ලාස්ටික් බෑග් හදන රෝලක්. ඩ්‍රයර් එකක් (ඩ්‍රයර් එක හදාගන්න විදිහ කියලා දෙන්නම්.)

මුලින්ම පටන් ගන්න හොඳ එකක් තමයි බෙලි මල් (ආරම්භයක් විදිහට පිටකොටුවෙන් තොග ගන්න පුලුවන්) තව ඉරමුසු රනවරා නීරමුල්ලිය මේ වගේ ඒවා අරන් කුඩු කරලා පැකට් ගහන එක. ලාබය එකට එකක් තියන්න පුලුවන්. කල් යනකොට ලස්සන බොක්ස් එකක් හදාගන්නත් ටී බෑග් වගේ මේවා හදාගන්නත් පුලුවන්

මේවා කඩේට දාලා නිකන් ඉන්නවට වඩා හොඳයි ඉස්සෙල්ලා තමන්ම මේක විකුනන එක. මේකටත් ඔය ෆෙයා වල ස්ටෝල් ගැනීම වගේම ආයතන වලට ගිහින් එයාලගේ HR එකත් එක්ක කථා කරලා ඔෆිස් එක ඇතුලේ ප්‍රමෝෂන් එකක් කරන එක ගොඩක් සාර්ථක විදිහක්. ඊට පස්සේ සේවකයෝ අරගෙන මාසෙකට සැරයක් ලංකාව වටේම වුනත් ප්‍රමෝට් කරන්න පුලුවන්. හැබැයි ලොකු කම තියන් නම් බිස්නස් කරනවා බොරු..

මේ තියන්නේ සෝල ඩ්‍රයර් එක හදන විදිහ. නෙට් එකේ සර්ච් කලත් විස්තර එනවා..
SOLAR-Dryer_medium.gif


මේ ව්‍යාපාරය පටන් ගන්නකොට ප්‍රාදේශිය සභාවට ගිහින් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීම අනිවාර්‍යයි හේතුව මේක ආහාර සම්භන්ධ ව්‍යාපාරයක් නිසා. ඊට පස්සේ මහරගම නාවින්නේ ආයුර්වේද පර්යේෂන ආයතනයට ගිහින් සාම්පල් දීලා එතනින් සෙටිෆයි කරගන්න ඕන. මේවා එච්චර අමාරු වැඩ නෙමෙයි.

මම මේ කිව්වේ ආරම්භයක් ගැන ඊලඟට ඔයාලගේ නිර්මාන ශීලී අදහස් මේකට දාලා ජීවිතේ ජයගන්න. උඹලට ජය වේවා..
 
  • Like
Reactions: tarson
  • Sep 8, 2014
    490
    47
    28
    පිස්සුද යකෝ නැකත් රාල දාපු පෝස්ට් 1ක් ගෙඩිය පිටින් උස්සල ආපහු මේකෙ පෝස්ට් කරල තියෙන්නෙ:angry::angry: