2015 අය වැයෙන් වාහන

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    2015 අය වැයෙන් වාහන

    2015 අය වැයෙන් වාහන වලට වාසි අවාසි මොනවද?

    Tax ? අඩු උනාද? :dull:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    VAT adu una. eken podi effect ekak enawa 15000k 20000k withara. Aluth equation eka mokadda danne nae TAX calculataion ekata.

    Derana site eke nan thibbe Car 1000CC ta adu nam 25% wage price adu wei kiyala.

    Aluth permit system eka nisa lankawata aluthen ahana enawa.

    SO, second hand market 10%-25% wage bahinawa sure ekata
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    2015 අය වැයෙන් වාහන වලට වාසි අවාසි මොනවද?

    Tax ? අඩු උනාද? :dull:

    කිසි දෙයක් පැහැදිලිව දෙනවා කියලවත් කොච්චරකින් අඩු කරනවද කියලවත් නැහැ. අලුත් tax ක්‍රමයක් ගේනවා කියල තියෙන්නේ. හැබැයි එකෙන් රජයේ ආදායම වැඩිවෙනවා කියල කියන්නේ. ඒ කියන්නේ ආනයන බදු වැඩි වෙනවා කියන එකනේ. අනිත් ඒවත් එහෙම තමයි,. කිසි දෙයක් හරියටම දෙනවා කියල නැහැ. ගොඩක් ඒවා තියෙන්න යෝජනා කරනවා කියල විතරයි.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි.

    මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.

    “මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“

    යනුවෙන් ආටිගල මහතා කීය.

    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

    මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.

    වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසි දෙයක් පැහැදිලිව දෙනවා කියලවත් කොච්චරකින් අඩු කරනවද කියලවත් නැහැ. අලුත් tax ක්‍රමයක් ගේනවා කියල තියෙන්නේ. හැබැයි එකෙන් රජයේ ආදායම වැඩිවෙනවා කියල කියන්නේ. ඒ කියන්නේ ආනයන බදු වැඩි වෙනවා කියන එකනේ. අනිත් ඒවත් එහෙම තමයි,. කිසි දෙයක් හරියටම දෙනවා කියල නැහැ. ගොඩක් ඒවා තියෙන්න යෝජනා කරනවා කියල විතරයි.
    ඔය කියුවෙ ගොන් කතාවක් ලොල් දැනුම 0 යි. :P:P