අහගෙන ඉද්දි බොක්ක කූල් විය...
ගංගා... එන්නකෝ ගංගා...
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා
දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
බලා සිටිද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි
අහක බලන් යන්නේ
පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිත ව අකලට මහලු ව
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ
Last edited:




