උඹට මෙතන කරන්න පුළුවන් දේවල් කීපයක් තියනවා....
1. උඹ කිව්ව නේ කරන්නේ ක්ලාක් වැඩක් වගේ කියල....උඹට අත්දැකීම් තියන ෆිල්ඩ් එකක් ඇති නේ.....බලනවා ඊට වඩා හොඳ තැන් කීපයකට රැකියා ඉල්ලුම් කරලා...ඒක කරන්නේ ඔය ජොබ කරන ගමන්මයි....
2. උඹට පුළුවන් බිස්නස් එකක් කරන්න...හැබැයි ඒකට ඔය ලක්ෂ 2 නම් මදි පුතේ.....උඹට පුළුවන් නම් උඹ වගේ තවත් බිස්නස් පාට්නර් කෙනෙක් හොයා ගන්න අන්න වැඩේ ලේසි වෙයි........
පොඩි බිස්නස් අයිඩියා ......ඒක උඹ ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා....
-1. කැම කඩයක්....පුංචි හෝටලයක්...හැබැයි පිරිසිදුවට තියන සාමාන්‍ය මිනිස්සුන්ට කන්න පුළුවන්..
-2. පලයන් කොටුවට ගිහින් බලපන් තියන බඩු...තොගේට බඩු ගෙනත් විකුණන්න ගෙවල් පැත්තේ ගාණක් තියාගෙන
-3. ගිහින් පුළුවන් නම් පමුණුව පැත්තෙන් රෙදි, නැත්තම් බියගම මල්වාන වගේ පැති වලින් ගම්මිරිස් වගේ ඒවා ගෙනත් විකුණන්න ගෙවල් පැත්තේ පැකට් කරල කඩෙට දාන්න...සාධාරණ මුදලකට...
-4. සිසනල් බිස්නස් කරපන්..ඒක හොඳයි කාලෙන් කාලෙට කීයක් හරි හොයාගන්න....
අවුරුදු කාලෙට ඇඳුම් ටිකක්....කැවිලි හදෝලා කඩවලට දාන්න....අන්න ඒ වගේ.....කැවිලි හදෝලා දාපන් කඩවලට නමකුත් දාලා..මිනිස්සු ගනී.....
3. තව එකක් උඹට පුළුවන් වෙනම වෘත්තිය පැත්තකට යන්න....
ෂිපින් කැමති නැද්ද? ඒක හොයල බලන්න ඉගෙන ගන්න ඕන ඒවා ඉගෙන ගන්න....එයා ලයින් ටිකටින් වගේ ඒවත් හොඳයි
හැබැයි ඔක්කොටම කලින් මුදල් අපතේ යන ක්‍රම අඩු කරගන්න.....
විශේෂයෙන් මත්පැන් සිගරට් වගේ