නැකැත් රාල;19509565 said:ඒ කියන්නේ බුදුන්ගේ දහමත් ඔබ සැකයෙන් බලන්නේ මම හරි නේද? මට හිතෙනවා ඔබ බෞද්ධයෙකුත් නෙමෙයි කියා. (බොහෝ විට උච්චේද වාදියෙක් විය හැකියි)
මම ජ්‍යෝතිෂ හොයාගත් කෙනා නම් නෙමෙයි. ඔබ වරද්දාගෙන ඉන්නේ අන්න එතන ඔබ පයිතගරස් ප්‍රමේය නිවැරදියි කියලා කියුවත් එය සොයාගත් කෙනා ඔබ නෙමෙයි. ඔබ කරන්නේ නැවත වාරයක් එම ප්‍රමේයය ගණිතමය වශයෙන් නිර්මාණය කිරීම අන්න එහෙමයි අපිත් කරන්නේ. ජ්‍යෝතිෂය අනෙක් බොහෝ විෂයන්ට වඩා වෙනස් එකකට එකක් සම්භාන්ධයි. ඒ නිසා එක සිධාන්තයක් වැරදිනම් අනික් සිද්ධාන්තය ගොඩ නගන්න බැ. මෙහෙම කිව්වට ඔයාට තේරුම් යන්නේ නැති බව මම දන්නවා. හේතුව මම මේ කියන සිද්ධාන්ත ගැන අබමල් රේණුවක් තරම් වත් අදහසක් ඔයාට නැ.
මම නම් කියන්නේ කුරානය ගැන කතාකරන්න නම් කුරානය කියවන්න ඕනේ, බුද්ධාගම ගැන පොර ටෝක් දෙන්නනම් අඩුම තරමේ ත්රිපිටකයවත් කියවන්න ඕනේ. ජ්‍යෝතිෂ ගැන කතා කරන්න නම එහි සිද්ධාන්ත තියන පොත පත කියවන්න ඕන. ගොඩ දෙනෙක් කරන්නේ කවුරුහරි කියපු දෙයක් අල්ලාගෙන පොරටෝක් දෙන එක මිසක් තමන් එක ඇත්තද කියලා හොයලා බලන එක නෙමෙයි.
ආගම් සහ ජ්‍යෝතිෂ්‍ය එකට අරගෙන සමාන කරන්න එපා. ජ්‍යෝතිෂය කියන්නේ ශාස්ත්‍රයක් මිසක් ආගමක් නෙවේ නේ. බුද්ධාගම ආගමක්, ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයක්. ආගමක් අදහනකොට අපි එක සත්‍ය කියල පිළිගන්නේ තර්කයෙන් නෙවේ ශ්‍රද්ධාවෙන්. බෞද්ධයන්ට කර්මය හෝ නිවන තියෙනවද නැද්ද කියල පරීක්ෂණ කරල පෙන්නන්න ඕනේ නැහැ. බෞද්ධයන් බුද්ධ වචනය ප්‍රශ්න නොකර පිලිගන්නව ශ්‍රද්ධාවෙන් එකයි ආගම අදහනව කියන්නෙ. අනික් ආගම් වලත් එහෙමයි.ජ්‍යෝතිෂ්‍යත් එහෙම ප්‍රශ්න නොකර අදහන්න ඕනේ නං කරුණාකර එකට ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හෝ විද්‍යාව කියන වචනය පාවිච්චි කරන්න එපා. ඔබ කරන්නෙත් ජ්‍යෝතිෂ්‍ය ඇදහීම නං මේ කතාව ඇදගෙන යාමේ තේරුමක් නෑ.
සිද්ධාන්ත කියල ඔය ලොකුවට නැවත නැවත කියන දේවල් ඔක්කොම ප්‍රායෝගිකව ඔප්පු නොකරපු අන්ධානුකරණයෙන් අදහන උපකල්පන බව මම ආයෙත් කියනව. මටත් පුළුවන් කියන්න අපේ ගෙදර බල්ලා බුරන හැම සැරේම කොහෙහරි මිනිහෙක් මැරෙනව කියල කියන්න. හැබැයි එක වෙන්නේ කොහොමද, බිරිල්ල සහ මරණය සම්බන්ද වෙන්නේ කොහොමද කියල මට පැහැදිලි කරන්න බැරි නං වැඩක් නෑ.
ඔබට පුලුවන් නං ඔය කියන එක මුලික සිද්ධාන්තයකට එක උදාහරණයක් දෙන්න බලන්න. මුලික ජ්‍යෝතිෂ්‍ය පංතියකදී උගන්නන සරල ඒවා ඇතිනේ. මෙතන දාන්න දිග වැඩි නං තියෙන තැනක් පෙන්නන්න මම එතනින් කියවල බලන්නන්.
ඔය කියන සිද්ධාන්ත වලින් මම අහපු සරල ප්‍රශ්නෙට උත්තරේකුත් දෙන්න මතක ඇතුව.
"අලුත්ම ග්‍රහලෝකයක් සඳහා ජ්‍යෝතිෂයට අනුව පලාපල කියන්න ඔය සිද්ධාන්ත වලින් පුලුවන්ද ?" පැහැදිලි කිරීම් එපා, පුලුවන්ද බැරිද කියන්න.
වෙනස් නෙවේ ඒ කාලේ ග්‍රහ වස්තු කියල දැනන් හිටියේ ඔච්චරයි
අඟහරු සෙනසුරු අපිට බලපානවනන් යුරේනස් හරි නෙප්චුන් හරි වෙන ඒ සමාන ග්‍රහ වස්තුවක් බලනොපා තියෙන්න හේතුවක් නැති බව නොතේරෙන්න හේතුවක් නෑනේ.


එහෙම එකක් කවදාවත් තිබිල නෑ) තියෙන්නේ එකිනෙකට වෙනස් අටවගත්ත ක්‍රම ගොඩක් විතරයි. ඔය ක්‍රම ගොඩෙන් හරි ක්‍රමේ හොයන්න විදියකුත් නෑ මොකද කියන්නේ පරීක්ෂනෙකටවත් ගන්න බැරි වැට උඩ අනාවැකි. 