2016 - සිතන්න දෙයක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19509565 said:
    ඒ කියන්නේ බුදුන්ගේ දහමත් ඔබ සැකයෙන් බලන්නේ මම හරි නේද? මට හිතෙනවා ඔබ බෞද්ධයෙකුත් නෙමෙයි කියා. (බොහෝ විට උච්චේද වාදියෙක් විය හැකියි)

    මම ජ්‍යෝතිෂ හොයාගත් කෙනා නම් නෙමෙයි. ඔබ වරද්දාගෙන ඉන්නේ අන්න එතන ඔබ පයිතගරස් ප්‍රමේය නිවැරදියි කියලා කියුවත් එය සොයාගත් කෙනා ඔබ නෙමෙයි. ඔබ කරන්නේ නැවත වාරයක් එම ප්‍රමේයය ගණිතමය වශයෙන් නිර්මාණය කිරීම අන්න එහෙමයි අපිත් කරන්නේ. ජ්‍යෝතිෂය අනෙක් බොහෝ විෂයන්ට වඩා වෙනස් එකකට එකක් සම්භාන්ධයි. ඒ නිසා එක සිධාන්තයක් වැරදිනම් අනික් සිද්ධාන්තය ගොඩ නගන්න බැ. මෙහෙම කිව්වට ඔයාට තේරුම් යන්නේ නැති බව මම දන්නවා. හේතුව මම මේ කියන සිද්ධාන්ත ගැන අබමල් රේණුවක් තරම් වත් අදහසක් ඔයාට නැ.

    මම නම් කියන්නේ කුරානය ගැන කතාකරන්න නම් කුරානය කියවන්න ඕනේ, බුද්ධාගම ගැන පොර ටෝක් දෙන්නනම් අඩුම තරමේ ත්රිපිටකයවත් කියවන්න ඕනේ. ජ්‍යෝතිෂ ගැන කතා කරන්න නම එහි සිද්ධාන්ත තියන පොත පත කියවන්න ඕන. ගොඩ දෙනෙක් කරන්නේ කවුරුහරි කියපු දෙයක් අල්ලාගෙන පොරටෝක් දෙන එක මිසක් තමන් එක ඇත්තද කියලා හොයලා බලන එක නෙමෙයි.

    ආගම් සහ ජ්‍යෝතිෂ්‍ය එකට අරගෙන සමාන කරන්න එපා. ජ්‍යෝතිෂය කියන්නේ ශාස්ත්‍රයක් මිසක් ආගමක් නෙවේ නේ. බුද්ධාගම ආගමක්, ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයක්. ආගමක් අදහනකොට අපි එක සත්‍ය කියල පිළිගන්නේ තර්කයෙන් නෙවේ ශ්‍රද්ධාවෙන්. බෞද්ධයන්ට කර්මය හෝ නිවන තියෙනවද නැද්ද කියල පරීක්ෂණ කරල පෙන්නන්න ඕනේ නැහැ. බෞද්ධයන් බුද්ධ වචනය ප්‍රශ්න නොකර පිලිගන්නව ශ්‍රද්ධාවෙන් එකයි ආගම අදහනව කියන්නෙ. අනික් ආගම් වලත් එහෙමයි.ජ්‍යෝතිෂ්‍යත් එහෙම ප්‍රශ්න නොකර අදහන්න ඕනේ නං කරුණාකර එකට ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හෝ විද්‍යාව කියන වචනය පාවිච්චි කරන්න එපා. ඔබ කරන්නෙත් ජ්‍යෝතිෂ්‍ය ඇදහීම නං මේ කතාව ඇදගෙන යාමේ තේරුමක් නෑ.

    සිද්ධාන්ත කියල ඔය ලොකුවට නැවත නැවත කියන දේවල් ඔක්කොම ප්‍රායෝගිකව ඔප්පු නොකරපු අන්ධානුකරණයෙන් අදහන උපකල්පන බව මම ආයෙත් කියනව. මටත් පුළුවන් කියන්න අපේ ගෙදර බල්ලා බුරන හැම සැරේම කොහෙහරි මිනිහෙක් මැරෙනව කියල කියන්න. හැබැයි එක වෙන්නේ කොහොමද, බිරිල්ල සහ මරණය සම්බන්ද වෙන්නේ කොහොමද කියල මට පැහැදිලි කරන්න බැරි නං වැඩක් නෑ.

    ඔබට පුලුවන් නං ඔය කියන එක මුලික සිද්ධාන්තයකට එක උදාහරණයක් දෙන්න බලන්න. මුලික ජ්‍යෝතිෂ්‍ය පංතියකදී උගන්නන සරල ඒවා ඇතිනේ. මෙතන දාන්න දිග වැඩි නං තියෙන තැනක් පෙන්නන්න මම එතනින් කියවල බලන්නන්.

    ඔය කියන සිද්ධාන්ත වලින් මම අහපු සරල ප්‍රශ්නෙට උත්තරේකුත් දෙන්න මතක ඇතුව.
    "අලුත්ම ග්‍රහලෝකයක් සඳහා ජ්‍යෝතිෂයට අනුව පලාපල කියන්න ඔය සිද්ධාන්ත වලින් පුලුවන්ද ?" පැහැදිලි කිරීම් එපා, පුලුවන්ද බැරිද කියන්න.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    බුද්ධ දර්ශනය ආගමක් අදහන දෙයක් කියලා තියෙන්නේ මොන පොතේද?

    අන්න අයෙත් අනාගත්තා. ඔයා ජ්‍යෝතිෂයේ මුලිකම සිද්ධන්තයවත් දන්නේ නැ. අපි පාවිච්චි කරන්නේ ග්‍රහයන් ඒ ඔයාලා planets කියලා කියන එව්වා නෙමෙයි තේරුනාද?. ඔයාලා planets කියන එව්වයින් 7යි අපි පාවිච්චි කරන්නේ. එකත් ඔයාලා පාවිච්චි කරන ක්‍රමේට නෙමෙයි. සම්පුර්ණ වෙනස් ක්‍රමයකට. එකයි කිව්වේ ගිහින් මුලිකම සිද්ධාන්තවත් ඉගෙනගෙන එන්න කියලා...

    ඔබ පොතක් ගැන ඇහුවා නේද? මුලිකම සිද්ධාන්ත කියවන්න හොඳම තැන බ්‍රිහත් පරාශර හෝරා ශාස්ත්‍ර කියන පොත. කියවලම අපි කතා කරමුකෝ නේද? කනාමුට්ටි බිඳිනවා වගේ කවුරුත් කියවපුව මත තර්ක ගොඩ නගන්න බැනේ. ඉරිදා උදේ වරුවේ නිවාදුනම් මගේ පන්තියට එන්න අපි එතන මේ සියලිම සිද්ධාන්ත මුල ඉඳලා ගොඩ නගනවා. එක දවසක් ඇවිත් බලාගෙන ඉන්නකෝ..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19509960 said:

    මෙතන බුද්ධාගම ගැන වාද කරන්න අවශ්‍ය නෑ. කොහොමත් දෙන්න උත්තර නැති වුනාම ආගම ධර්මය ඇදගන්න එක සාමාන්‍ය දෙයක් ඔබතුමාලා අතරේ.

    ග්‍රහයන් 7ක් හරි කීයක් හරි පාවිච්චි කරන්නේ ඉස්සර කාලේ මිනිස්සු දැනගෙන හිටියේ ඔය ටික විතරක් නිසා මිසක් වෙන හේතුවකට නෙවේ. අලුතෙන් හොයාගන්න ඒවට පලාපල කියන්නේ කොහොමද කියල ඔබතුමාලා දන්නේ නෑ. කටපාඩන් තියරියෙන් කේන්දර බලන ඔබතුමාල අලුත් දේකට ඔය සිද්ධාන්ත කියන ඒව යොදන්න දන්නෙත් නෑ. ඒ නිසා එක වහගන්න කියනව අපි ඔයාල කියන ග්‍රහලෝක නෙවේ පාවිච්චි කරන්නෙ අපේ ඒවා වෙනස් කියල :rolleyes: වෙනස් නෙවේ ඒ කාලේ ග්‍රහ වස්තු කියල දැනන් හිටියේ ඔච්චරයි :dull: අඟහරු සෙනසුරු අපිට බලපානවනන් යුරේනස් හරි නෙප්චුන් හරි වෙන ඒ සමාන ග්‍රහ වස්තුවක් බලනොපා තියෙන්න හේතුවක් නැති බව නොතේරෙන්න හේතුවක් නෑනේ.

    සිය දාස් ගානක් ආකාශ වස්තු ගොඩක් තියාගෙන නොදන්නකමට ඇහැට පේන ටිකක් විතරක් පාවිච්චි කරන එකනං ජ්‍යෝතිෂ්‍යයෙ තියෙන මුලිකම සිද්ධාන්තේ මට අනික්ව ගැන හිතා ගන්න පුළුවන්.

    මට පන්තියකට ඇවිත් ඉගෙනගන්න ඕනෙකමක් නෑ. උඩින් කියපු මුලික දෙයින්ම තේරෙනවා මේක සිහිබුද්ධියක් තියෙන මනුස්සයෙකුට ඉගෙනගන්න සුදුසු දෙයක් නෙවේ කියල. තමන් දන්න සාස්තරෙන් සරල උදාහරණයක් වත් හදිස්සියකට ඉදිරිපත් කරගන්න බැරිව ඕනෙනං මගේ පන්තියට ඇවිත් ඉගෙනගන්න වගේ කතා කියනව නං ඔය දැනුමෙන් ඇති වැඩේ මොකද්ද :yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මොන ලිපියද මම දැක්කේ නෑ :oo:

    උපකල්පනයක් කියල මම අදහස් කලේ "මේක මෙහෙම වෙන්න ඇති" කියල අපි ගොඩනගන තර්කෙකට. උදාහරනෙකට මට උපකල්පනය කරන්න පුළුවන් rocat90 කියන්නේ නැකත් රාලගේ fake එකක් කියල. හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. :)
    ජෝතිෂ්‍ය මොන බන්බුවක්ක්ද කියන එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1715706

    ඔබතුමා කල්පිතය සහ උපකල්පනය හදුනන්නේ නැ
    ජෝතිෂ්‍ය කියන්නේ විද්‍යාවක් ,එක වැටෙන්නේ පාරා විද්‍යා ගණයට ,
    මේකේ සාත්‍ර බලන්නේ නැ .විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන්නේ ,සැම විද්‍යාවකට වගේම වැරදීමේ සම්බාවිතාවයක් තියෙනවා ,එක 0.5 වගේ එකකින් දක්වන්න පුළුවන් ,ඕනෙම විද්‍යාවක වගේ
    ලංකාවේ ,කරන්නම දෙයක් නොමැති උනාමත් ,විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියලා ඊට පස්සේ ගානක් හොයා ගන්නත් මේක ඒගෙන ගන්න වා බහුතරය ,ඒවගේම පරාම්පරාවේ උරුමයෙනුත් එනවා ,

    සමහර අය ආසාව නිසා ඉගෙන ගන්නවා ,එයාලා ගොඩක් වෙලාවට සෙල්ෆ් stadi කරපු අය

    ඇත්තට ම බැලුවොත් මේ හුග දෙනෙක් අතරේ නිවැරදි විෂය දැනුම නැ .එක නිසයි ,පලාපල වරදින්නේ ,ගොඩ දෙනෙක් ජීවිතය සහ ග්‍රහයෝ පොතෙන් පලා පල කියන්නේ ,ඒ පොත හොදයි ,හැබැයි එකේම තියෙනවා ,මේ තියෙන්නේ මුලික මග පෙන්වීම විතරයි කියල ,(මේ නිසා මේ විෂයේ ඉදිරි ගමනක් ගැන හිතනවා නම් මේ විෂයට යම් විදිමත් ක්‍රම වේදයක් හරහා පුද්ගල සහතික කරණයක් ඕනේ එතකොට කාටවත් රවටන්න බැ )

    ඔබ කුමන මතයේ සිටියත් ඔබේ වරද මා මෙසේ පෙන්වා දෙන්නම් ,
    විද්‍යාත්මක විෂයක් ඔබට විවේචනය කරන්න නම් ඔබේ එහි විද්‍යාත්මක ක්‍රමය යොදා ගන්නා අයුරු දැන සිටිය යුතුයි ,නැත්නම් ඔබ කරන්නේ අන්දයා අලියා ගේ හැටි කිවා වගේ දෙයක්

    විද්‍යාත්මක ක්‍රමය තුල
    1 ගැටලුව
    පවතින තත්වය තුල අඩු පාඩු හදුනා ගැනීම (ගහක් ගාව ගිනිගොඩක් ගහලා තියෙනවා ,ඒකට උඩින් තියෙන ගහේ කොළ අතු සෙලවෙනවා )ඇයි එහෙම වෙන්නේ

    2 කල්පිතය (ඒ අතර සම්බන්දයක් ගොඩ නගා ගැනීම )
    කෙනෙකුට කියන්න පුළුවන් එක සංවහන දරා නිසා වෙනවා කියල .
    (එක කල්පිතයක් )තව කියන්න පුළුවන් විකිරණය නිසා වෙනවා කියල

    3 උපකල්පන
    මේක පර්ක්ෂා කරන්න ඇටවුමක් සකස් කරන්න පුළුවන් .එතකොට අපි හිතනවා පාලිත හා පාලක ඇටවුම් දෙකටම පාවිචි කරන දේවල් එක සමානයි කියලා ,එත් දශම ගණන් වලින් ඒවා වෙනස් වෙන්න පුළුවන් (එත් එක එහෙමයි කියල හිතනවා )

    4 කල්පිත පරික්ෂාව
    මේ හදපු ඇටවුම අනුව පරික්ෂණය කරනවා
    5 නිගමනය
    නිගමනය තුල කල්පිතය හරි වෙන්නත් පුළුවන් ,වැරදි වෙනත් පුළුවන් ,එක වැරදිනම් අපි තව කල්පිතයක් හදලා පරික්ෂා කරනවා ,

    මේ දැම්මේ බ්වුතික විද්‍යා එකක්

    ඉකොන් එකක් මෙහෙම දානම් (සමාජීය විද්‍යාවක් )
    ඉල්ලුම් නිතිය
    1 ගැටලුව
    බැන්ඩ යක මිල වෙනස් වෙනකොට් ගන්න ප්‍රමාණය කොහොමද වෙනස් වෙන්නේ (මිනිසුන්ගේ ආර්ථික ක්‍රියාකාරකමක්

    2 කල්පිතය
    මිලත් ඉල්ලුම් ප්‍රමණයක් අතර අනුලෝම සම්බන්දයක් (මිල වැඩි වෙනකොට ගන්න ප්‍රමාණය වැඩි වෙනවා ,අඩු වෙනකොට අඩු වෙනවා )

    3 උපකල්පනය
    (මේ දෙක ගැන කතා කරද්දී අපිට සිද්ද වෙනවා හිතා ගන්න ගන්න ප්‍රමාණය වෙනස් කරන්නේ මිල වෙනස් වීම නිසා විතරක් කියලා හිතා ගන්න ,අනෙක් අතට කියනවා නම් ,මිල හැර අනෙක් සාදක ඉස්තාවරයි කියල )
    4 කල්පිත පරික්ෂා කිරීම
    මෙතනදී අපි දත්ත එකතු කරලා ඒවා විශ්ලේශනය කරලා සම්බන්ද ය හදුනා ගන්නවා ,
    5 නිගමනය
    මේ තුලින් අපිට පොදු නිගමනයක් එනවා ,මිලත් ඉල්ලුම් ප්‍රමානයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්දයක් කියල .
    එකියනේ මිල වැඩි වෙනකොට ගන්න ප්‍රමානය අඩු කරනවා ,මිල අඩු වෙනකොට ගන්න ප්‍රමානය වැඩි වෙනවා
    ඒ වගේම මේ ක්‍රමයට විරුද්දව වෙනස් වෙන විශේෂ භාණ්ඩ තියෙනවා කියලත්

    ජෝතිෂ්‍ය තුල
    1 ගැටලුව
    විශ්වයේ සහ අප අතර සම්බන්දයක් තිබේද එය තුලින් අපේ සංසාර ගමන ගැන තොරතුරු හෙළි කල හැකිද (අහසේ තියෙන තාරකා වලින් අපිට තියෙන සන්බන්දය )

    2 කල්පිතය
    මානසික ශක්තිය බාවිතා කරලා මේ ග්‍රහ සහ බ්වුතික දේවල් තුල සැගවුණු දෑ ගණිතමය නියායක් ගොඩ නගනව ,ඒ ගණිත ක්‍රමය ස්න්කිරණ වැඩි නිසා ග්‍රහයන් නමින් අදෙශ්න ක්‍රමයක් බාවිතා කරනවා ,මේ සියලු ගණිත සුත්‍ර බව 12 තුල කැටි කරලා හදහන නිර්මාණය කරනවා

    3 උපකල්පනය
    අපි දන්නවා සුරයා අපි වටේ යන්නේ නැ අපි සුර්යා වටේ යනවා කියලා .
    එත් ජෝතිෂ්‍ය තුල හිතා ගන්නවා අපි (පෘතුවිය )වටේ සියලු ග්‍රහයන් ගමන් කරනවා කියල ,
    සුර්ය කේන්ද්‍ර වාදය හා බු කේන්ද්‍ර වාදය , මෙන්න මේක තමා උපකල්පනය ,
    සොයා ගැනීම අවශ්‍ය දේට යන්න පවතින දෙවල් වඩාත් සරල කර ගැනීම )

    4 කල්පිත පරික්ෂව
    පවතින නියාය තුලින් අදාළ පුද්ගලයාගේ හදහන නිර්මාණය හා අදාළ නියාය තුලින් එය විශ්ලේශනය කිරීම

    5 නිවැරදි නිගමන වලට එලබීම

    විශ්ලේශනය තුලින් නිවැරදි නියාය මතු කරමින් ඒවා පුද්ගල හදහන ගලපමින් මේ දේ සිද්ද කරන්න ඕනේ ,
    මේ පියවර පහ මුලිකව සිදුවෙනවා .
    මේ තුලින් තමයි නිවැරදි පලාපලයක් ගොඩ නගන්නේ

    ඔබට තේරෙනවා ඇති අපි සිදු කරන්නේ 4 ,5 පමණයි ,එත් 3 වැන්නේ තියෙන නියායන් කලින් නිර්වචනය කරපුව (පොත් පත්වල )එත් වර්තමාන ගැලපීම් තුලිනුත් ,ප්‍රායෝගික පළපුරුද්ද මතත් ,පරිචය (නිවැරදි යැයි සම්මත කරගත් දේ (ග්‍රහ දුෂ්ටි .ගැන දන්නවා නම් මේක තේරෙයි ,ප්‍රශ්වර එක මතයක් ,ව්රාමිහිර එක මතයක් ,බාවිතය කරන්නේ එකේ ඉදිරි ක්‍රමයක් )
    මෙනිසා ජෝත්ර් වේදියා කෙතරම් බුද්ධි මත් තික්ශන ශීලි කෙනෙක් වෙන්න ඕනෙද කියන එක ,බුද්දියේ තරම අනුව තමයි ඔහුගෙන් පලාපල කියවෙන්න්නේ

    ජෝතිෂ්‍ය තුල පලාපල කථනය කල හැකි ක්‍රම රාශියක් තියෙනවා ,මේවා වෙන වෙනම යොදා ගත යුතුයි ,හැම එකක් ම පටලවා ගත්තොත් සැහෙන වරදක් වෙනවා ,එක ජෝතිෂ්‍ය වරදක් නෙමේ ,එක එය බාවිතා කරන්නාගේ වරදක් ,මා දැන් පලාපල කථනය පුහුණු වන නිසා ඒ බව හොදට කියන්න පුළුවන් ,

    ලංකවේ ගොඩක් වෙලාවට මේ ඔකොම ක්‍රම කවලම් කරලා මේ හදා ගෙන තියෙන ක්‍රමේ ගොඩක් අඩු පාඩු තියෙනවා ,ප්‍රදාන කොටස් සැහෙන අතහැරලා (අරුඩ ලග්න ,අෂ්ටක ,වර්ග සටහන් ,විම්සොත්රි මතම පමනක් ම පලාපල කීම )
    මේ සියල්ල අත හැරලත් කියන පලාපල නිවැරදි නම් ,හොද විෂය තුල ඉන්න කෙනෙක්ට සැහෙන දෙයක් කරන්න පුළුවන්
    මම කාගේ වත් ෆේක් එකක් නෙමේ ,
    ඒ ගැන විස්තර දාන්නම් :D:D:D:D:D:D

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    1 ගැටලුව - විශ්වයේ සහ අප අතර සම්බන්දයක් තිබේද එය තුලින් අපේ සංසාර ගමන ගැන තොරතුරු හෙළි කල හැකිද (අහසේ තියෙන තාරකා වලින් අපිට තියෙන සන්බන්දය )

    2 කල්පිතය - මානසික ශක්තිය බාවිතා කරලා මේ ග්‍රහ සහ බ්වුතික දේවල් තුල සැගවුණු දෑ ගණිතමය නියායක් ගොඩ නගනව ,ඒ ගණිත ක්‍රමය ස්න්කිරණ වැඩි නිසා ග්‍රහයන් නමින් අදෙශ්න ක්‍රමයක් බාවිතා කරනවා ,මේ සියලු ගණිත සුත්‍ර බව 12 තුල කැටි කරලා හදහන නිර්මාණය කරනවා

    3 උපකල්පනය - අපි දන්නවා සුරයා අපි වටේ යන්නේ නැ අපි සුර්යා වටේ යනවා කියලා .
    එත් ජෝතිෂ්‍ය තුල හිතා ගන්නවා අපි (පෘතුවිය )වටේ සියලු ග්‍රහයන් ගමන් කරනවා කියල ,
    සුර්ය කේන්ද්‍ර වාදය හා බු කේන්ද්‍ර වාදය , මෙන්න මේක තමා උපකල්පනය ,
    සොයා ගැනීම අවශ්‍ය දේට යන්න පවතින දෙවල් වඩාත් සරල කර ගැනීම )

    4 කල්පිත පරික්ෂව - පවතින නියාය තුලින් අදාළ පුද්ගලයාගේ හදහන නිර්මාණය හා අදාළ නියාය තුලින් එය විශ්ලේශනය කිරීම

    5 නිවැරදි නිගමන වලට එලබීම - විශ්ලේශනය තුලින් නිවැරදි නියාය මතු කරමින් ඒවා පුද්ගල හදහන ගලපමින් මේ දේ සිද්ද කරන්න ඕනේ ,

    පිළිතුරට ස්තුතියි, ඔබ කල්පිත සහ උපකල්පන කියන වචන වල තේරුම ගන්නේ විද්‍යාත්මක පරීක්ෂණයකදී භාවිතා කරන වචන හැටියට. මම එක ගත්තේ එදිනෙදා සාමාන්‍ය ව්‍යවහාරේදී කියන විදිහට. ඉදිරියට මම කල්පිත කියල කියන්නම්.

    ජ්‍යෝතිෂ්‍ය විද්යාත්මකයි සහ විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන බව කීවට ඒ සඳහා අනුගමනය කරපු විද්‍යාත්මක ක්‍රමය ගැන සහ ලැබුණු ප්‍රතිපලය ගැන සඳහනක් මෙතන නෑ. පියවර වලට කඩල දාල පෙන්නුවට විද්‍යාත්මක වෙන්නේ නෑ ප්‍රතිපල පෙන්නන්න ඕනේ. කෝ ඒ ප්‍රතිපල ?

    පස්වන පියවරේ තමා මට පේන විදිහට මේ පරික්ශනේ හරි වැරැද්ද බලන්නේ. ඔබම කියන විදිහට පුද්ගල හඳහන් ගලපමින් එක කරනවා කියල කියන්නේ. ඒ ගැලපීම තමා පරීක්ෂනේ කියන්නේ. එකේ ප්‍රතිපල අනුව තමා මේ ඔක්කොම හරිද නැද්ද කියන්න පුළුවන් වෙන්නේ. කොයි ඉතින් ඒ පරික්ශනේ කවුරු කවද කොහෙදිද කරේ ? අනුගමනය කරපු ක්‍රමය මොකද්ද, ඒ පරීක්ශනේ අවසන් ප්‍රතිපල මොනවද ? කොච්චර නිරවද්යතාවකින් ප්‍රතිපල ලැබුනද ? එහෙම කරපු පරීක්ෂණයක වාර්තා බලන්න තියෙනවද ? ඒ කියන්නේ ඉතිහාසේ මේක හොයාගත්ත අය විද්‍යාත්මකව කරපු පරීක්ෂණයක සහ එකේ අවසන් ප්‍රතිපලයක් තියෙනවද ? ඉතිහාසේ කවදාවත් එහෙම කරල නෑ නේද ?

    එහෙම නැත්තන් ඔබතුමාලා තාම එදිනෙදා හම්බෙන හම්බෙන කේන්දර බලන ගමනද මේකේ නිරවද්‍යතාව පරික්ෂා කරන්නේ ? ඔබම කිව මේ 4,5 කරන්නේ ඔබතුමලමයි කියල. ඒ කියන්නේ හදන කේන්දර අරන් බල බල මේකෙන් අපි ඉගෙනගත්ත දේ හරිද කියල එක එක්කෙනා තම තමන්ට ඕන විදියට බලනව මිසක් පැහැදිලිව පරීක්ෂනෙකින් ඔප්පු කරගත්ත සම්මත දෙයක් නෑ. හරියට බහුවරණ ප්‍රශ්න පත්තරේකට පොට්ටේට උත්තර දෙනවා වගේ ඔබතුමන්ලත් එන එන කේන්දරේ බල බල තාම මේක අත්හදාබලනව. අර කල්පිත වලින් හරි ඒවා මොනවද වැරදි ඒව මොනවද කියල කවුරුත් දන්නේ නෑ. එහෙම තාම පරීක්ෂණ මට්ටමේ ඉන්න ගමන් ඔක්කොම හරි වගේ මිනිස්සුන්ගේ කේන්දර හද හද නොදන්න පලාපල කියනව.

    හරිනං මේ වගේ පරීක්ෂනෙකදී මිනිස්සු සෑහෙන ප්‍රමානෙක කේන්දර අරන් නිවැරදි පරීක්ෂණයක් කරල මෙන්න බලන්න අපි කියපු දේ සීයට මෙච්චරකින් හරි, වෙන්නේ කොහොමද අපි දන්නේ නෑ හැබැයි මේක හැමෝටම හරියනව මිනිස්සු මෙච්චර ගත්තම සීයට මෙච්චරක් හරි කියල පරීක්ෂනයක් කරලා ප්‍රතිපල පෙන්නන්න ඕනේ නේද විද්‍යාත්මක වෙන්න. එහෙම එකකුත් නෑ :dull:

    ඔය එකක්වත් නැත්තන් අඩුගානේ විද්‍යාත්මකව ග්‍රහ වස්තු අපිට උපන් වෙලාව අනුව බලපාන හැටි පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ තියරි වලින්. කිරණයක් ඇවිල්ලද නැත්තන් ගුරුත්වාකර්ෂණ බලේ හරි වෙන මොකක් හරි බලයක් හරි ශක්තියක් හරි මෙන්න මේ විදිහට අපේ ඇඟේ තියෙන මොකක් හරි දෙයක් එක්ක ප්‍රතික්‍රියා කරල මෙහෙමයි වෙන්නේ කියල කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබතුමාලට ඒක කරන්නත් බෑ. :dull:

    දැන් කියන්න එපා අපි කේන්දර සෑහෙන බලල අපේ අත්දැකීමෙන් තමා මේකේ නිගමන වලට ඇවිත් ඉන්නේ කියල. මිනිස් ජීවිතයක් වගේ සංකීර්ණ දෙයක් ගැන එහෙම දෙතුන් සීයක් ගේ කේන්දර බලල නිගමනයකට එන්න පුළුවන් කියන්නේ විහිළුවක්. වාර ගානක් සමාන තත්ත්ව යටතේ සෑහෙන මිනිස්සු ගොඩකට නැවත නැවත කරල ප්‍රතිපල පෙන්නන්න ඕනේ. එකයි විද්‍යාත්මක ක්‍රමය කියන්නේ. අනික මතකනන් මම කලින් ත්‍රෙඩ් එකකදී ඔබට කිව වගේ ඔබතුමාලා කියන්නේ එක බින්දුව වර්ගෙ පලාපල නෙවේ. බෙහෙතක් නං දුන්නම එක්කෝ හොඳ උනා නැත්තන් නෑ. ඔයාල කියන පලාපල එහෙම හරි වැරදි තීරණය කරන්න බෑ වැට උඩ අනාවැකිනේ කියන්නේ. අනික සමාන තත්ව හදන්න පුලුවන්ද විද්‍යාත්මක පරීක්ෂනෙකට මිනිස්සු අතරේ, කවදාවත් බෑ. කෙටියෙන්ම කීවොත් මේ විෂය විද්‍යාත්මක පරීක්ෂනෙකින් වත් නිවැරදි බව හොයන්න පුළුවන් විෂයක් නෙවේ. එහෙම එකේ මේක විද්යාත්මකයි කියල කියන එක කොච්චර ගැලපෙනවද කියල ඔබම හිතල බලන්න :)

    ෆේක් කතාව ගණන් ගන්න එපා. මම එක නිකමට වගේ ඒ වෙලාවේ හිතිල කිවේ :D
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙතන බුද්ධාගම ගැන වාද කරන්න අවශ්‍ය නෑ. කොහොමත් දෙන්න උත්තර නැති වුනාම ආගම ධර්මය ඇදගන්න එක සාමාන්‍ය දෙයක් ඔබතුමාලා අතරේ.

    ග්‍රහයන් 7ක් හරි කීයක් හරි පාවිච්චි කරන්නේ ඉස්සර කාලේ මිනිස්සු දැනගෙන හිටියේ ඔය ටික විතරක් නිසා මිසක් වෙන හේතුවකට නෙවේ. අලුතෙන් හොයාගන්න ඒවට පලාපල කියන්නේ කොහොමද කියල ඔබතුමාලා දන්නේ නෑ. කටපාඩන් තියරියෙන් කේන්දර බලන ඔබතුමාල අලුත් දේකට ඔය සිද්ධාන්ත කියන ඒව යොදන්න දන්නෙත් නෑ. ඒ නිසා එක වහගන්න කියනව අපි ඔයාල කියන ග්‍රහලෝක නෙවේ පාවිච්චි කරන්නෙ අපේ ඒවා වෙනස් කියල :rolleyes: වෙනස් නෙවේ ඒ කාලේ ග්‍රහ වස්තු කියල දැනන් හිටියේ ඔච්චරයි :dull: අඟහරු සෙනසුරු අපිට බලපානවනන් යුරේනස් හරි නෙප්චුන් හරි වෙන ඒ සමාන ග්‍රහ වස්තුවක් බලනොපා තියෙන්න හේතුවක් නැති බව නොතේරෙන්න හේතුවක් නෑනේ.

    සිය දාස් ගානක් ආකාශ වස්තු ගොඩක් තියාගෙන නොදන්නකමට ඇහැට පේන ටිකක් විතරක් පාවිච්චි කරන එකනං ජ්‍යෝතිෂ්‍යයෙ තියෙන මුලිකම සිද්ධාන්තේ මට අනික්ව ගැන හිතා ගන්න පුළුවන්.

    මට පන්තියකට ඇවිත් ඉගෙනගන්න ඕනෙකමක් නෑ. උඩින් කියපු මුලික දෙයින්ම තේරෙනවා මේක සිහිබුද්ධියක් තියෙන මනුස්සයෙකුට ඉගෙනගන්න සුදුසු දෙයක් නෙවේ කියල. තමන් දන්න සාස්තරෙන් සරල උදාහරණයක් වත් හදිස්සියකට ඉදිරිපත් කරගන්න බැරිව ඕනෙනං මගේ පන්තියට ඇවිත් ඉගෙනගන්න වගේ කතා කියනව නං ඔය දැනුමෙන් ඇති වැඩේ මොකද්ද :yes:

    මෝඩ මනුස්සයෝ තම නොදන්නා කෙහෙම්මල් කතා කරන්න එපා කිව්වේ අන්න එකයි. තමුන් දන්නවද ඔය මහලොකු විද්‍යාවෙන් මෑතකදී හොයා ගත්ත ග්‍රහයන් අපේ පොත් වල තියන්නේ අවුරුදු දහස් ගානක ඉඳන් කියලා? හෙට ඉස්කෝලේ පටන් ගත්තම ගිහින් අහලා බලනවා...

    දන්නේ නැත්තන් නිහතමානිව අහලා ඉගෙන ගන්නවා.. අනික තමුන්ලා ඔය planets කියලා කියන එකට වඩා අපි ග්‍රහ කියලා කියන එක වෙනස්. තමුන්ලා වගේ උන්ට ලේ දෙන්න පුළුවන් මොලේ දෙන්න බැ...
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    එහෙම්ම සේරම බොරුයි කියන්නත් බෑ බං :no: :no:

    http://astrology.lankatopten.com/register_new_user.php

    මේ සයිට් එකේ කියන පලාපල හරියටම හරි, හැමෝටම කේන්දරයක් තියනවනෙ, අඩුම ගානෙ විවාහ වෙනකොටවත් බලනවනෙ. ඔය උගත් කියන කවුරුවත් තමන්ගෙ ළමයා කසාද බන්දල දෙනවද කේන්දරේ බලන්නෙ නැතුව?, පේ රටේ කොන්සර්වේටිව් පොලිටික්ස් නෑ ,ජ්‍යෝතිෂය නැත්තං ඔය කිසිම දේශපාලයෙකුට මේ රට පාලණය කරන්න හම්බු වෙන්නෙ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19516259 said:
    මෝඩ මනුස්සයෝ තම නොදන්නා කෙහෙම්මල් කතා කරන්න එපා කිව්වේ අන්න එකයි. තමුන් දන්නවද ඔය මහලොකු විද්‍යාවෙන් මෑතකදී හොයා ගත්ත ග්‍රහයන් අපේ පොත් වල තියන්නේ අවුරුදු දහස් ගානක ඉඳන් කියලා? හෙට ඉස්කෝලේ පටන් ගත්තම ගිහින් අහලා බලනවා...

    දන්නේ නැත්තන් නිහතමානිව අහලා ඉගෙන ගන්නවා.. අනික තමුන්ලා ඔය planets කියලා කියන එකට වඩා අපි ග්‍රහ කියලා කියන එක වෙනස්. තමුන්ලා වගේ උන්ට ලේ දෙන්න පුළුවන් මොලේ දෙන්න බැ...

    එහෙමයි ගුරුතුමනි :yes:, අහපු හැම එකටම උත්තර නොදී දැන් කියනව දන්නේ නැත්තන් නිහතමානිව අහල ඉගෙන ගන්නලු. මුලික සිද්ධාන්තේකට උදාහරණයක් නිහතමානිව ඉල්ලුව එකටත් පන්තියට අවොත් කියන්නන් කිව, මෙතන කොටන්න දිග වැඩිනන් ඔය උගන්නන මුලික පොතක් තියෙන තැනක ලින්ක් එකක් දාන්න කිව එකටත් කිවේ ඔනෙනන් පන්තියට එන්න කියල. :dull: ඒ අතින් තමුන්නාන්සේගේ ගෝලය සෑහෙන නිහතමානි ඔබතුමාට වඩා. ඒ මනුස්සය දන්නා ටික හරි මෙතන පැහැදිලිව දානව.

    planets හරි ග්‍රහලෝක හරි පේන හරි නොපෙනෙන හරි මොන එකක් හරි ඔය භාවිතා කරන ජාතිය ගැන තමා මම කිවේ. එහෙම අලුත් එකකට ඔය සිද්ධාන්ත වලින් පලාපල කියන්න පුලුවන්ද කියල. එත් තේරෙන්නේ නැත්තන් ඔය දැන් සෙනසුරු කියල පාවිච්චි කරන එකේ කොපියක් අරන් ඒ වගේම තව එකක් හැදුවොත් ඇතිවෙන අලුත් තත්ව වලට අනුව පලාපල හදන්න ඔය සිද්ධාන්ත වලින් පුලුවන්ද කියල ඇහුවේ. දැන් පැහැදිලිද ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආගම් සහ ජ්‍යෝතිෂ්‍ය එකට අරගෙන සමාන කරන්න එපා. ජ්‍යෝතිෂය කියන්නේ ශාස්ත්‍රයක් මිසක් ආගමක් නෙවේ නේ. බුද්ධාගම ආගමක්, ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයක්. ආගමක් අදහනකොට අපි එක සත්‍ය කියල පිළිගන්නේ තර්කයෙන් නෙවේ ශ්‍රද්ධාවෙන්. බෞද්ධයන්ට කර්මය හෝ නිවන තියෙනවද නැද්ද කියල පරීක්ෂණ කරල පෙන්නන්න ඕනේ නැහැ. බෞද්ධයන් බුද්ධ වචනය ප්‍රශ්න නොකර පිලිගන්නව ශ්‍රද්ධාවෙන් එකයි ආගම අදහනව කියන්නෙ. අනික් ආගම් වලත් එහෙමයි.ජ්‍යෝතිෂ්‍යත් එහෙම ප්‍රශ්න නොකර අදහන්න ඕනේ නං කරුණාකර එකට ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හෝ විද්‍යාව කියන වචනය පාවිච්චි කරන්න එපා. ඔබ කරන්නෙත් ජ්‍යෝතිෂ්‍ය ඇදහීම නං මේ කතාව ඇදගෙන යාමේ තේරුමක් නෑ.

    සිද්ධාන්ත කියල ඔය ලොකුවට නැවත නැවත කියන දේවල් ඔක්කොම ප්‍රායෝගිකව ඔප්පු නොකරපු අන්ධානුකරණයෙන් අදහන උපකල්පන බව මම ආයෙත් කියනව. මටත් පුළුවන් කියන්න අපේ ගෙදර බල්ලා බුරන හැම සැරේම කොහෙහරි මිනිහෙක් මැරෙනව කියල කියන්න. හැබැයි එක වෙන්නේ කොහොමද, බිරිල්ල සහ මරණය සම්බන්ද වෙන්නේ කොහොමද කියල මට පැහැදිලි කරන්න බැරි නං වැඩක් නෑ.

    ඔබට පුලුවන් නං ඔය කියන එක මුලික සිද්ධාන්තයකට එක උදාහරණයක් දෙන්න බලන්න. මුලික ජ්‍යෝතිෂ්‍ය පංතියකදී උගන්නන සරල ඒවා ඇතිනේ. මෙතන දාන්න දිග වැඩි නං තියෙන තැනක් පෙන්නන්න මම එතනින් කියවල බලන්නන්.

    ඔය කියන සිද්ධාන්ත වලින් මම අහපු සරල ප්‍රශ්නෙට උත්තරේකුත් දෙන්න මතක ඇතුව.
    "අලුත්ම ග්‍රහලෝකයක් සඳහා ජ්‍යෝතිෂයට අනුව පලාපල කියන්න ඔය සිද්ධාන්ත වලින් පුලුවන්ද ?" පැහැදිලි කිරීම් එපා, පුලුවන්ද බැරිද කියන්න.
    මේක අපි මෙහෙම කියමු නේද ?
    ජෝතිෂ්‍ය කියන්නේ විද්‍යාවක් ,බුදු දහම කියන්නේ දර්ශනයක් ,
    අපේ බහුතරයකට එක ආගමක් වෙලා තියෙනවා ,එයාල කියන්නේ බවුද්යා කියන්නේ පන්සිල් පද පහ රකින කෙනා කියල ,
    ආගමයි දරශ්න්යෙයි වෙනස කියන්නේ දර්ශනය තුල තියෙන්නේ මග පෙන්වීමක් ,එක කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් ,එදෙකෙම පල විපාක පැහැදිලි කරනවා ,එක බුදිය තියෙන කෙනා අවබෝද කරගෙන ඒ මග යනවා ,
    අනික තමයි bawudya kiyanne තෙරුවන් සරණ ගිය (ත්‍රිවිධ රත්නය තේරුම් ගෙන )අර්ය්ෂ්ටන්ගික මාර්ගය අනුගමනය කරන කෙනාට ,
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙමයි ගුරුතුමනි :yes:, අහපු හැම එකටම උත්තර නොදී දැන් කියනව දන්නේ නැත්තන් නිහතමානිව අහල ඉගෙන ගන්නලු. මුලික සිද්ධාන්තේකට උදාහරණයක් නිහතමානිව ඉල්ලුව එකටත් පන්තියට අවොත් කියන්නන් කිව, මෙතන කොටන්න දිග වැඩිනන් ඔය උගන්නන මුලික පොතක් තියෙන තැනක ලින්ක් එකක් දාන්න කිව එකටත් කිවේ ඔනෙනන් පන්තියට එන්න කියල. :dull: ඒ අතින් තමුන්නාන්සේගේ ගෝලය සෑහෙන නිහතමානි ඔබතුමාට වඩා. ඒ මනුස්සය දන්නා ටික හරි මෙතන පැහැදිලිව දානව.

    planets හරි ග්‍රහලෝක හරි පේන හරි නොපෙනෙන හරි මොන එකක් හරි ඔය භාවිතා කරන ජාතිය ගැන තමා මම කිවේ. එහෙම අලුත් එකකට ඔය සිද්ධාන්ත වලින් පලාපල කියන්න පුලුවන්ද කියල. එත් තේරෙන්නේ නැත්තන් ඔය දැන් සෙනසුරු කියල පාවිච්චි කරන එකේ කොපියක් අරන් ඒ වගේම තව එකක් හැදුවොත් ඇතිවෙන අලුත් තත්ව වලට අනුව පලාපල හදන්න ඔය සිද්ධාන්ත වලින් පුලුවන්ද කියල ඇහුවේ. දැන් පැහැදිලිද ?

    තමුන් පොතක් කියන්න කිව්වා මම පොතක් කිව්වා... බැලුවද? නැ
    දැන් කියනවා පොතක් දැම්මේ නෑලු. තමන් බේරෙන්න බයිලා ගහන්න එපා.

    සිද්ධාන්ත කියන්නලු පලවෙනි සිද්ධන්තේ පස් හය පාරක් කියලා තියෙද්දී ඒකම තේරුම් ගන්න බැරුව වැටේ යනවා. පල වෙනි සිද්ධාන්තය ග්‍රහයන් යනු කුමක්ද කියලා උගන්නන එක. ග්‍රහයෙක් ජ්‍යෝතිෂමය වශයෙන් අවභෝධ නොකර එතනින් එහාට කතා කරලා වැඩක් නැ.

    අලුත් එකකට පලාපල කියන්න අවශ්‍යතාවයක් තියනවද එහෙම අලුත් ඒකකය කියලා එකක් තියනවද නැද්ද දන්නේ නැතුව අලුත් එකක් ගැන අහනවා. මෝඩ මනුස්සයෝ ඔයා කියන ජාතියේ ඒවා මේකේ නැ. තමුන් ජ්‍යෝතිෂ කියලා හිතං ඉන්නේ සම්පුර්ණ වැරදි සහ වෙනස් දෙයක්. (අන්න එකයි එක එකා කියන ඒවා අහලා තප්පුලන මෝඩයන්ට උත්තර දීලා වැඩක් නැත්තේ) පුලුවන්නම් දැන්වත් ඒක තේරුම් ගන්නවා. මම සිතියමේ ඇමරිකාව ගැන විස්තර කරද්දී තමුන් සිතියමේ පාකිස්තානේ දිහා බලාගෙන එක නැ එක නැ කියනවා. තමන් හැමදේම දන්නවා කියන මතයෙන් මිදිලා යමක් ගැන තර්ක කරනවානම් එකේ මුලික ටිකවත් පොතක් හොයන කියවලා එනවා. නතුව මම ඒ ගැන කිසි දෙයක් ඉගෙන ගෙන නැ නමුත් මම දන්නවා එකේ වෙන දේ කියන ගොන් කතාව කියන්න එපා.
    තේරුනාද.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පිළිතුරට ස්තුතියි, ඔබ කල්පිත සහ උපකල්පන කියන වචන වල තේරුම ගන්නේ විද්‍යාත්මක පරීක්ෂණයකදී භාවිතා කරන වචන හැටියට. මම එක ගත්තේ එදිනෙදා සාමාන්‍ය ව්‍යවහාරේදී කියන විදිහට. ඉදිරියට මම කල්පිත කියල කියන්නම්.
    එකටනේ විද්‍යාත්මක ක්‍රමේ කියන්නේ

    ජ්‍යෝතිෂ්‍ය විද්යාත්මකයි සහ විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන බව කීවට ඒ සඳහා අනුගමනය කරපු විද්‍යාත්මක ක්‍රමය ගැන සහ ලැබුණු ප්‍රතිපලය ගැන සඳහනක් මෙතන නෑ. පියවර වලට කඩල දාල පෙන්නුවට විද්‍යාත්මක වෙන්නේ නෑ ප්‍රතිපල පෙන්නන්න ඕනේ. කෝ ඒ ප්‍රතිපල ?

    ඔබ තුල විෂය දැනුම තිබේනම් එක මට පෙන්වන්න පුළුවන් ,නැත්නම් මන් කියන කිසිම නියායක් ඔබට පැහැදිලි නැති වෙනවා

    පස්වන පියවරේ තමා මට පේන විදිහට මේ පරික්ශනේ හරි වැරැද්ද බලන්නේ. ඔබම කියන විදිහට පුද්ගල හඳහන් ගලපමින් එක කරනවා කියල කියන්නේ. ඒ ගැලපීම තමා පරීක්ෂනේ කියන්නේ. එකේ ප්‍රතිපල අනුව තමා මේ ඔක්කොම හරිද නැද්ද කියන්න පුළුවන් වෙන්නේ. කොයි ඉතින් ඒ පරික්ශනේ කවුරු කවද කොහෙදිද කරේ ? අනුගමනය කරපු ක්‍රමය මොකද්ද, ඒ පරීක්ශනේ අවසන් ප්‍රතිපල මොනවද ? කොච්චර නිරවද්යතාවකින් ප්‍රතිපල ලැබුනද ? එහෙම කරපු පරීක්ෂණයක වාර්තා බලන්න තියෙනවද ? ඒ කියන්නේ ඉතිහාසේ මේක හොයාගත්ත අය විද්‍යාත්මකව කරපු පරීක්ෂණයක සහ එකේ අවසන් ප්‍රතිපලයක් තියෙනවද ? ඉතිහාසේ කවදාවත් එහෙම කරල නෑ නේද ?

    මේකට පරා විද්‍යාවක් කිව්වේ එකයි ,මනසින් අවබෝද කර ගත යුතුයි ,අයනාම්ෂ කියන ගණිත පදනම මත (සුරයාගේ ගමන මත සකස් කරන ගණිත ක්‍රමයක් )මේ විෂය ගනනය කරන්නේ ,මේක ස්න්කිරණ ගනිත බාවිත්යක් ,මේක දැනට නව දත්ත බාවිතා කරලා හදල තියෙනවා(පරිගණක ගත ක්‍රමයට ) ,ඒ ගනනයි ,පැරණි ගන්නයි අතර වෙනස ඉතා කුඩායි ,එනිසා පලා පල කථනයට එකෙන් බාදාවක් නැ ,
    අනිවාර්යෙන්ම පර්යේෂන වාර්තා තියෙනවා ,අපේ රටේ අවාසනවකට ඒවා විදිමත් අයුරින් සිදුවෙන්නේ නැ ,ප්ර්යේශ්න්යක් කරන්න ලේසි නැ ,
    මන් ඒ පිළිබද ඉගෙන ගෙන තියෙන නිසා කියන්නේ ,ඉන්දියන් පර්යේෂන සංගම් පවා තියෙනවා ,එතුලින් තමයි විෂයේ ඉදිරි ගමන තහවුරු කරන්නේ ,
    උදාහරනෙකට කුජ දෝෂය ,කුජ දෝෂය යෙදුනු පලියට විවාහය බිද වැටෙන්නේ නැ ,ඒ පළිබද අනන්ත වාර්තා තියෙනවා ,

    එහෙම නැත්තන් ඔබතුමාලා තාම එදිනෙදා හම්බෙන හම්බෙන කේන්දර බලන ගමනද මේකේ නිරවද්‍යතාව පරික්ෂා කරන්නේ ? ඔබම කිව මේ 4,5 කරන්නේ ඔබතුමලමයි කියල. ඒ කියන්නේ හදන කේන්දර අරන් බල බල මේකෙන් අපි ඉගෙනගත්ත දේ හරිද කියල එක එක්කෙනා තම තමන්ට ඕන විදියට බලනව මිසක් පැහැදිලිව පරීක්ෂනෙකින් ඔප්පු කරගත්ත සම්මත දෙයක් නෑ. හරියට බහුවරණ ප්‍රශ්න පත්තරේකට පොට්ටේට උත්තර දෙනවා වගේ ඔබතුමන්ලත් එන එන කේන්දරේ බල බල තාම මේක අත්හදාබලනව. අර කල්පිත වලින් හරි ඒවා මොනවද වැරදි ඒව මොනවද කියල කවුරුත් දන්නේ නෑ. එහෙම තාම පරීක්ෂණ මට්ටමේ ඉන්න ගමන් ඔක්කොම හරි වගේ මිනිස්සුන්ගේ කේන්දර හද හද නොදන්න පලාපල කියනව.

    එකිනෙකාට ඕනේ ඕනේ විදිහට බලන්නේ නැ ,නියාය අනුව බලන්නේ
    එක නවීකරණය වෙන විදිහ අවබෝධ කරගන්න ,ජෝතිර් වේදියා දක්ස්ෂ වෙන්න ඕනේ ,ඕනෑම දෙක දක්ෂ තාවය එන්න කාලයක් යනවා ,
    ,එකිනෙකාගේ දක්ෂ තාවය මත එයාට විෂය තුල යාහැකි මග තීරණය වෙනවා

    හරිනං මේ වගේ පරීක්ෂනෙකදී මිනිස්සු සෑහෙන ප්‍රමානෙක කේන්දර අරන් නිවැරදි පරීක්ෂණයක් කරල මෙන්න බලන්න අපි කියපු දේ සීයට මෙච්චරකින් හරි, වෙන්නේ කොහොමද අපි දන්නේ නෑ හැබැයි මේක හැමෝටම හරියනව මිනිස්සු මෙච්චර ගත්තම සීයට මෙච්චරක් හරි කියල පරීක්ෂනයක් කරලා ප්‍රතිපල පෙන්නන්න ඕනේ නේද විද්‍යාත්මක වෙන්න. එහෙම එකකුත් නෑ :dull:
    පර්යේෂන තියෙනවා ,ඒවගෙන් සම්මත කරපුව තියෙනවා ,මන් ග්‍රහ දුෂ්ටි ගැන කිව්වා ,එකේ දැන් පාවිචි කරන්නේ පොතේ තියෙන එක නෙමේ ,බාවිතය තුල හරි කියල හදුනා ගත් දෙයක් ,ප්‍රතිෂත වලට වඩා මිනිසුන්ට නිවැරදි දේ කියන්න පුළුවන් නම් ,එක ම ඇතිනේ ,එක දක්ෂ්යෙකුට සුළු දෙයක් ,ප්‍රතිෂත වැඩක් නැනේ ,

    ඔය එකක්වත් නැත්තන් අඩුගානේ විද්‍යාත්මකව ග්‍රහ වස්තු අපිට උපන් වෙලාව අනුව බලපාන හැටි පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ තියරි වලින්. කිරණයක් ඇවිල්ලද නැත්තන් ගුරුත්වාකර්ෂණ බලේ හරි වෙන මොකක් හරි බලයක් හරි ශක්තියක් හරි මෙන්න මේ විදිහට අපේ ඇඟේ තියෙන මොකක් හරි දෙයක් එක්ක ප්‍රතික්‍රියා කරල මෙහෙමයි වෙන්නේ කියල කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබතුමාලට ඒක කරන්නත් බෑ. :dull:

    සුර්යාගෙන් එන කිරණ ග්රවස්තු වල වැදිලා එවගේ හැටි වෙනස් වෙනවා ,ඒවා අපිට අයිත් එන කොට තව වෙනස් වෙනවා ,සද ඇති දාට පිස්සු වැඩි වෙන්නේ ඇයි,ඇදුම අයට එක වැඩි වෙන්නේ ඇයි ,ඒ කිරණ වල බලපැම නිසා

    දැන් කියන්න එපා අපි කේන්දර සෑහෙන බලල අපේ අත්දැකීමෙන් තමා මේකේ නිගමන වලට ඇවිත් ඉන්නේ කියල. මිනිස් ජීවිතයක් වගේ සංකීර්ණ දෙයක් ගැන එහෙම දෙතුන් සීයක් ගේ කේන්දර බලල නිගමනයකට එන්න පුළුවන් කියන්නේ විහිළුවක්.
    කේන්ද්‍ර වැඩි ගානක් බලන එකෙන් තමයි ඒ ජෝතිෂ්‍ය වේදියාගේ මුහහත වැඩි වෙන්නේ ,අනික පුද්ගලයා අනුව එයා විෂය යොදා ගන්නා අකාරය (තාක්ෂණික වේදය (ඒ කියන්නේ විෂය දැනුම යොදා ගන්නා අකාරය ,නැත්නම් art එක )තීරණය වෙන්නේ ,මින්ස් ජිවිතයේ සංකීර්ණ හැසිරීම්
    මේ විෂය තුල බොහොම පැහැදිලිව දකින්න පුළුවන් ,

    වාර ගානක් සමාන තත්ත්ව යටතේ සෑහෙන මිනිස්සු ගොඩකට නැවත නැවත කරල ප්‍රතිපල පෙන්නන්න ඕනේ. එකයි විද්‍යාත්මක ක්‍රමය කියන්නේ. අනික මතකනන් මම කලින් ත්‍රෙඩ් එකකදී ඔබට කිව වගේ ඔබතුමාලා කියන්නේ එක බින්දුව වර්ගෙ පලාපල නෙවේ

    ඔබතුමා බවුතික විද්‍යාව හා විද්‍යාව පටලව ගෙන (බවුතික විද්‍යාව තුල තමයි එහෙම වෙන්නේ ,මිනිස් හැසිරීම් ගැන අද්‍යනය කරන කිසිම විද්‍යාවක (සමාජ විද්‍යා ,)එකට කියන්නේ ශුද්ද විද්‍යාව කියල ,මේකේ ගනුදෙනු කරන්නේ ප්ර්යේශ්නා ගරයක නෙමේ .අපි වැඩකරන්නේ මානුශ්ශ්යන් ඉන්න සමාජය නමැති ප්ර්යේශ්නා ගාරයේ ,වරද නිවැරදි උන කියල හිතනවා ,මන් ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාව පටන් ගන්න කොටම කියනේ එකයි ,එකත් සමාජීය විද්‍යාවක්

    . බෙහෙතක් නං දුන්නම එක්කෝ හොඳ උනා නැත්තන් නෑ. ඔයාල කියන පලාපල එහෙම හරි වැරදි තීරණය කරන්න බෑ වැට උඩ අනාවැකිනේ කියන්නේ. අනික සමාන තත්ව හදන්න පුලුවන්ද විද්‍යාත්මක පරීක්ෂනෙකට මිනිස්සු අතරේ, කවදාවත් බෑ. කෙටියෙන්ම කීවොත් මේ විෂය විද්‍යාත්මක පරීක්ෂනෙකින් වත් නිවැරදි බව හොයන්න පුළුවන් විෂයක් නෙවේ. එහෙම එකේ මේක විද්යාත්මකයි කියල කියන එක කොච්චර ගැලපෙනවද කියල ඔබම හිතල බලන්න :)

    බෙහෙත් කතාවට මෙහෙම කියන්නම් ,එකම ලෙඩේට එක වද්යවරයෙක් ලෙඩ්ඩු 4 දෙනෙක්ට එකම බෙහෙත දෙනවා 1නෙක් මැරෙනවා ,තුන්දෙනෙක්ට හොද වෙනවා ,මේකට හේතුව කියන්න පුලුවන්ද්ද ?

    ෆේක් කතාව ගණන් ගන්න එපා. මම එක නිකමට වගේ ඒ වෙලාවේ හිතිල කිවේ :D

    ඔබතුමා ෆෝරම් එකට අලුත් එකයි මන් එහෙම කිව්වේ ,විෂය ගැන ඉගෙන ගන්න ,මේ වගේ ප්‍රශ්න හොයපු ගොඩක් දෙනෙක් තමයි මේ විෂයේ උපරිම තතත්වයට ගිහින් තියෙන්නේ ,ඉතිහාසය කියන්නේ එහෙමයි
    :D:D:D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19517542 said:
    තමුන් පොතක් කියන්න කිව්වා මම පොතක් කිව්වා... බැලුවද? නැ
    දැන් කියනවා පොතක් දැම්මේ නෑලු. තමන් බේරෙන්න බයිලා ගහන්න එපා.

    සිද්ධාන්ත කියන්නලු පලවෙනි සිද්ධන්තේ පස් හය පාරක් කියලා තියෙද්දී ඒකම තේරුම් ගන්න බැරුව වැටේ යනවා. පල වෙනි සිද්ධාන්තය ග්‍රහයන් යනු කුමක්ද කියලා උගන්නන එක. ග්‍රහයෙක් ජ්‍යෝතිෂමය වශයෙන් අවභෝධ නොකර එතනින් එහාට කතා කරලා වැඩක් නැ.

    අලුත් එකකට පලාපල කියන්න අවශ්‍යතාවයක් තියනවද එහෙම අලුත් ඒකකය කියලා එකක් තියනවද නැද්ද දන්නේ නැතුව අලුත් එකක් ගැන අහනවා. මෝඩ මනුස්සයෝ ඔයා කියන ජාතියේ ඒවා මේකේ නැ. තමුන් ජ්‍යෝතිෂ කියලා හිතං ඉන්නේ සම්පුර්ණ වැරදි සහ වෙනස් දෙයක්. (අන්න එකයි එක එකා කියන ඒවා අහලා තප්පුලන මෝඩයන්ට උත්තර දීලා වැඩක් නැත්තේ) පුලුවන්නම් දැන්වත් ඒක තේරුම් ගන්නවා. මම සිතියමේ ඇමරිකාව ගැන විස්තර කරද්දී තමුන් සිතියමේ පාකිස්තානේ දිහා බලාගෙන එක නැ එක නැ කියනවා. තමන් හැමදේම දන්නවා කියන මතයෙන් මිදිලා යමක් ගැන තර්ක කරනවානම් එකේ මුලික ටිකවත් පොතක් හොයන කියවලා එනවා. නතුව මම ඒ ගැන කිසි දෙයක් ඉගෙන ගෙන නැ නමුත් මම දන්නවා එකේ වෙන දේ කියන ගොන් කතාව කියන්න එපා.
    තේරුනාද.

    මම පොතක් ඉල්ලුවේ නෑ, පොඩි උදාහරණයක් ඉල්ලුවෙ, එකත් මුලික සරලම එකක්.
    ඔබට පුලුවන් නං ඔය කියන එක මුලික සිද්ධාන්තයකට එක උදාහරණයක් දෙන්න බලන්න. මුලික ජ්‍යෝතිෂ්‍ය පංතියකදී උගන්නන සරල ඒවා ඇතිනේ. මෙතන දාන්න දිග වැඩි නං තියෙන තැනක් පෙන්නන්න මම එතනින් කියවල බලන්නන්.
    සරල උදාහරණයක් ඉල්ලපුවම පරණ පොතක නමක් විතරක් දාන එක සාධාරණද එක මට බලන්න විදියක් නැති බව දැන දැනම ? කොහෙන්ද ඔය පරණ පොත් මම හොයන්නේ ? මම ඒ පොත කොහෙන් හරි හොයාගෙන සම්පුර්ණ පොතම කියවන්න ඕනේ කියලද කියන්නේ ඔය එක උදාහරනෙකට. සරලව පලවෙනි සිද්ධාන්තේ තමයි ග්‍රහයන් යනු කුමක්ද කියල උගන්නන එක, මෙච්චර ග්‍රහයෝ ප්‍රමාණයක් අපි සම්මත කරගෙන ඉන්නවා කියල කියන එක ඔච්චර අමාරුද ?පලවෙනි සිද්ධාන්තය ග්‍රහයන් යනු කුමක්ද කියලා උගන්නන එක කියල මුල්ම වතාවට ඔබතුමා දැනුයි කිවේ, පස් හය පාරක් කීවේ නෑ.

    අලුතින් හොයාගත්ත ග්‍රහ වස්තු වල බලපෑම ජ්‍යෝතිෂ්‍ය තුල පාවිච්චි කරන්න අවශ්‍යද නැද්ද කියන එක වෙනම දෙයක්. එහෙම අවශ්‍ය උනා කියල හිතන්නකෝ මොනම හරි හේතුවකට. බුධ, සිකුරු, අඟහරු, සෙනසුරු, බ්‍රහස්පති, ඉර, හඳ ඔක්කොම පාවිච්චි කරන ඔබතුමාල ඒ වගේම සමාන ගතිගුණ තියෙන අනික් ග්‍රහ වස්තු වල බලපෑම ගණන් ගන්න අවශ්‍ය නෑ කියනවනං එක සාධාරණද ? අපි පාවිච්චි කරන ග්‍රහයෝ ඔය භෞතික ලෝකේ ග්‍රහයෝ නෙවේ කියල කියනවනං භෞතික ලෝකේ ග්‍රහයන්ගේ නම් ටිකම පාවිච්චි කරන්නයි ඒවගේ ගමන් මාර්ග, පිහිටීම් ගණනයන්ට පාවිච්චි කරන්නේ ඇයි කියලයි කියන්න පුලුවන්ද ? මම දැකල තියෙනවා සමහර අලුත් කේන්දර වල ඔය යුරේනස් නෙප්චුන්,ප්ලුටෝ පවා ඉන්නව. එතකොට එව වැරදිද ?

    ඔබතුමා මෙහෙමත් කියල තිබුන කලින්,
    නැකැත් රාල;19516259 said:
    තමුන් දන්නවද ඔය මහලොකු විද්‍යාවෙන් මෑතකදී හොයා ගත්ත ග්‍රහයන් අපේ පොත් වල තියන්නේ අවුරුදු දහස් ගානක ඉඳන් කියලා?
    එහෙනං ඒ ග්‍රහයන් ජ්‍යෝතිෂයේදී පාවිච්චි නොකර සීමිත ග්‍රහයෝ ටිකක් කේන්දරේ ඉන්න හේතුව මොකද්ද. උන්ගෙන් අපිට බලපෑමක් නැද්ද ?

    මම අහල තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය කියන්නේ ග්‍රහ වස්තු වල බලපෑම මිනිස්සුන්ට එයාලගේ උපන් වෙලාව අනුව බලපාන හැටි විස්තර කරන විද්‍යාවක් කියල. එක වැරදිද ? සෙනසුරු කියල ජ්‍යෝතිෂයේ කියන ග්‍රහය සහ ඇත්ත සෙනසුරු ග්‍රහලෝකේ අතර මොනම සම්බන්ධයක්වත් නැද්ද ?
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    පේ රටේ කොන්සර්වේටිව් පොලිටික්ස් නෑ ,ජ්‍යෝතිෂය නැත්තං ඔය කිසිම දේශපාලයෙකුට මේ රට පාලණය කරන්න හම්බු වෙන්නෙ නෑ.

    පොඩ්ඩක් පැහැදිලි කරනවද ඔය කියන දෙය වෙන්නේ කොහොමද කියලා
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    එහෙනං ඒ ග්‍රහයන් ජ්‍යෝතිෂයේදී පාවිච්චි නොකර සීමිත ග්‍රහයෝ ටිකක් කේන්දරේ ඉන්න හේතුව මොකද්ද. උන්ගෙන් අපිට බලපෑමක් නැද්ද ?

    මම අහල තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය කියන්නේ ග්‍රහ වස්තු වල බලපෑම මිනිස්සුන්ට එයාලගේ උපන් වෙලාව අනුව බලපාන හැටි විස්තර කරන විද්‍යාවක් කියල. එක වැරදිද ? සෙනසුරු කියල ජ්‍යෝතිෂයේ කියන ග්‍රහය සහ ඇත්ත සෙනසුරු ග්‍රහලෝකේ අතර මොනම සම්බන්ධයක්වත් නැද්ද ?

    එහෙන් මෙහෙන් අහලා තර්ක කරන්න එපා. වැඩක් නැ.

    අනික මම කියපු පොතේ PDF ඕන තරම් නෙට් එකේ තියනවා. අහපු කතා නෙමෙයි. එක ඉස්සෙල්ලා කියවලා ආයෙත් ඔය ප්‍රශ්නේ ආවොත් අහන්නකො...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම පොතක් ඉල්ලුවේ නෑ, පොඩි උදාහරණයක් ඉල්ලුවෙ, එකත් මුලික සරලම එකක්.

    සරල උදාහරණයක් ඉල්ලපුවම පරණ පොතක නමක් විතරක් දාන එක සාධාරණද එක මට බලන්න විදියක් නැති බව දැන දැනම ? කොහෙන්ද ඔය පරණ පොත් මම හොයන්නේ ? මම ඒ පොත කොහෙන් හරි හොයාගෙන සම්පුර්ණ පොතම කියවන්න ඕනේ කියලද කියන්නේ ඔය එක උදාහරනෙකට. සරලව පලවෙනි සිද්ධාන්තේ තමයි ග්‍රහයන් යනු කුමක්ද කියල උගන්නන එක, මෙච්චර ග්‍රහයෝ ප්‍රමාණයක් අපි සම්මත කරගෙන ඉන්නවා කියල කියන එක ඔච්චර අමාරුද ?පලවෙනි සිද්ධාන්තය ග්‍රහයන් යනු කුමක්ද කියලා උගන්නන එක කියල මුල්ම වතාවට ඔබතුමා දැනුයි කිවේ, පස් හය පාරක් කීවේ නෑ.

    අලුතින් හොයාගත්ත ග්‍රහ වස්තු වල බලපෑම ජ්‍යෝතිෂ්‍ය තුල පාවිච්චි කරන්න අවශ්‍යද නැද්ද කියන එක වෙනම දෙයක්. එහෙම අවශ්‍ය උනා කියල හිතන්නකෝ මොනම හරි හේතුවකට. බුධ, සිකුරු, අඟහරු, සෙනසුරු, බ්‍රහස්පති, ඉර, හඳ ඔක්කොම පාවිච්චි කරන ඔබතුමාල ඒ වගේම සමාන ගතිගුණ තියෙන අනික් ග්‍රහ වස්තු වල බලපෑම ගණන් ගන්න අවශ්‍ය නෑ කියනවනං එක සාධාරණද ? අපි පාවිච්චි කරන ග්‍රහයෝ ඔය භෞතික ලෝකේ ග්‍රහයෝ නෙවේ කියල කියනවනං භෞතික ලෝකේ ග්‍රහයන්ගේ නම් ටිකම පාවිච්චි කරන්නයි ඒවගේ ගමන් මාර්ග, පිහිටීම් ගණනයන්ට පාවිච්චි කරන්නේ ඇයි කියලයි කියන්න පුලුවන්ද ? මම දැකල තියෙනවා සමහර අලුත් කේන්දර වල ඔය යුරේනස් නෙප්චුන්,ප්ලුටෝ පවා ඉන්නව. එතකොට එව වැරදිද ?

    ඔබතුමා මෙහෙමත් කියල තිබුන කලින්,

    එහෙනං ඒ ග්‍රහයන් ජ්‍යෝතිෂයේදී පාවිච්චි නොකර සීමිත ග්‍රහයෝ ටිකක් කේන්දරේ ඉන්න හේතුව මොකද්ද. උන්ගෙන් අපිට බලපෑමක් නැද්ද ?

    මම අහල තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය කියන්නේ ග්‍රහ වස්තු වල බලපෑම මිනිස්සුන්ට එයාලගේ උපන් වෙලාව අනුව බලපාන හැටි විස්තර කරන විද්‍යාවක් කියල. එක වැරදිද ? සෙනසුරු කියල ජ්‍යෝතිෂයේ කියන ග්‍රහය සහ ඇත්ත සෙනසුරු ග්‍රහලෝකේ අතර මොනම සම්බන්ධයක්වත් නැද්ද ?
    මන් දාපු පොස්ට් එක බලපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19521363 said:
    එහෙන් මෙහෙන් අහලා තර්ක කරන්න එපා. වැඩක් නැ.

    අනික මම කියපු පොතේ PDF ඕන තරම් නෙට් එකේ තියනවා. අහපු කතා නෙමෙයි. එක ඉස්සෙල්ලා කියවලා ආයෙත් ඔය ප්‍රශ්නේ ආවොත් අහන්නකො...

    අහල විතරක් තියෙන්නේ මම මේ විෂය නොදන්න නිසා තමයි. එක තමා නොදන්න දේ දැනගන්න ඇහුවේ වැදගත් විදියට. මම අහපු ටිකට පේලි දෙකකින් උත්තර දෙන්න පුළුවන් මෙතනම. එත් ඒ පේලි දෙක ටයිප් කරන්න වත් නිහතමානි කමක් නෑ, උඩඟුකම ලොකුයි ඊට වඩා. මොඩය ඕනේ නං ගිහින් බලාගන්ව, ඕනෙනං පන්තියට එන්ව, මෙන්න පොතේ නම ඕනෙනං ගිහින් කියවල එන්ව වගේ උත්තර ගන්න මේ වගේ ෆෝරම් එකක මම ප්‍රශ්න අහන්න නෑ.

    කොටින්ම ඔය විදිය ගුරුවරයෙක්ට ගැලපෙන්නෙත් නෑ. ගෝලයෝ කිසි දෙයක් අහන්නේ නැතිව කියන දේට එහෙයි එහෙයි කියනවට ඔබතුමාලා හරි කැමති බව මම දන්නව. ඔය ප්‍රශ්න මම මීට කලිනුත් අහල තියෙනව ඔබතුමා වගේ අයගෙන් හැබැයි මෙහෙම ලිස්සල යන අය දැකල නෑ. ඒ අතින් ඔබතුමාගේ ගෝලයට සෑහෙන සංයමයක් තියෙනව, ඒ මනුස්සය යමක් අවංකව කියල දෙන්න උත්සහ කරනව. මට පස්සෙන් පන්න පන්න උත්තර ගන්න ඕනෙකමක් නෑ ඔබතුමාගෙන්, යමක් අහනකොට එකට සංයමයෙන් අවධානය යොමුකරල උත්තර දෙන්න බැරි නං මම ආය ප්‍රශ්න අහන්නේ නෑ. :dull:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පොඩ්ඩක් පැහැදිලි කරනවද ඔය කියන දෙය වෙන්නේ කොහොමද කියලා
    කොන්සර්වේටිව් කියන්නෙ බටහිර මඪ්‍යස්ත මතවාදය, ඒ ගොල්ලො සෑහන්නෙ බුධිමත්. අපේ රටේ තියෙන මධ්‍යස්ත පංතිය ස්වාධීන එකක්,ඒක් පොඩ්ඩක් ලිබෙරල් පැත්තට බරයි, ඉන්ග්‍රීසියෙන් කිව්වොත් (apolitical). කොන්සවේටිව් පක්ෂය බටහිර උගත් කියල හිතන කණ්ඩායම වගේ අපේ රටේ කිසිම පක්ෂක් තියනවද මධ්‍ය්ස්ථ මතධාරී කියල? බලයට එන කණ්ඩායම මහජනයාට පෙන්නන්න ඕනෙ නේ තමන් කොන්සර්වේටිව් කියල, ඒකට තමයි ජ්‍යෝතිෂය පාවිච්චි කරන්නෙ, හැබෑවටම ජ්‍යෝතිශය සත්‍යයි කියන මතයෙ ඉන්නෙ ජ්‍යෝතීර්වේදීන් විතරයි. උදා:- දැන් මහින්ද හිටපු ජනාධිපතිවරයා ගෙන් ඇහුවොත් ජ්‍යෝතිශය විස්වාස කරනවද කියල මොකක්ද දෙන උත්තරේ?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    හැබෑවටම ජ්‍යෝතිශය සත්‍යයි කියන මතයෙ ඉන්නෙ ජ්‍යෝතීර්වේදීන් විතරයි. උදා:- දැන් මහින්ද හිටපු ජනාධිපතිවරයා ගෙන් ඇහුවොත් ජ්‍යෝතිශය විස්වාස කරනවද කියල මොකක්ද දෙන උත්තරේ?

    ලංකාවේ ප්‍රධාන පුරවැසියා තම බලපරාක්‍රමය යොදා, සිටින අංක 1 ජෝතිෂ්‍යවේදීන් තෝරා, සේවය ලබා, ජෝතිෂ්‍ය නිසා අනාථ වන තත්වයට පත් වෙනවා නම් රටේ අහිංසක ජනතාවට ජෝතිෂ්‍ය සහය ගැන කවර කථාද
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අහල විතරක් තියෙන්නේ මම මේ විෂය නොදන්න නිසා තමයි. එක තමා නොදන්න දේ දැනගන්න ඇහුවේ වැදගත් විදියට. මම අහපු ටිකට පේලි දෙකකින් උත්තර දෙන්න පුළුවන් මෙතනම. එත් ඒ පේලි දෙක ටයිප් කරන්න වත් නිහතමානි කමක් නෑ, උඩඟුකම ලොකුයි ඊට වඩා. මොඩය ඕනේ නං ගිහින් බලාගන්ව, ඕනෙනං පන්තියට එන්ව, මෙන්න පොතේ නම ඕනෙනං ගිහින් කියවල එන්ව වගේ උත්තර ගන්න මේ වගේ ෆෝරම් එකක මම ප්‍රශ්න අහන්න නෑ.

    කොටින්ම ඔය විදිය ගුරුවරයෙක්ට ගැලපෙන්නෙත් නෑ. ගෝලයෝ කිසි දෙයක් අහන්නේ නැතිව කියන දේට එහෙයි එහෙයි කියනවට ඔබතුමාලා හරි කැමති බව මම දන්නව. ඔය ප්‍රශ්න මම මීට කලිනුත් අහල තියෙනව ඔබතුමා වගේ අයගෙන් හැබැයි මෙහෙම ලිස්සල යන අය දැකල නෑ. ඒ අතින් ඔබතුමාගේ ගෝලයට සෑහෙන සංයමයක් තියෙනව, ඒ මනුස්සය යමක් අවංකව කියල දෙන්න උත්සහ කරනව. මට පස්සෙන් පන්න පන්න උත්තර ගන්න ඕනෙකමක් නෑ ඔබතුමාගෙන්, යමක් අහනකොට එකට සංයමයෙන් අවධානය යොමුකරල උත්තර දෙන්න බැරි නං මම ආය ප්‍රශ්න අහන්නේ නෑ. :dull:

    නොදන්නා මිනිහා නොදන්නා බව පිළි අරන් ඉන්න ඕන ඉගෙන ගන්න. නිහතමානි වෙන්න ඕන. තමන් දන්නේ නැත්තන් ඉගෙන ගන්න ඕනේ නම් ඒක ඒ විදිහට අහන්න ඕන. නැතුව ලොකු කමෙන් ආවම උත්තර ලැබෙන්නෙත් ලොකු කමෙන්. දැන් තමුන් නොදන්නා දෙයක් ඇහුවම කියා දෙන්නේ නැ කියලා ඇඩුවට මේ තියන්නේ තමුන් මේ සංවාදේ පටන් ගත්ත විදිහ.

    නැකත් රාලේ මෙතන ප්‍රශ්නේ තියෙන්නෙ කේන්දර බලන අයගේ දැනුමේ අඩු වැඩි කම ගැන නෙවේ, ජ්‍යෝතිෂයේ. සාස්තරේ වැරදි නං මොන ක්‍රමේට හැදුවත්, කවුරු කේන්දරේ බැලුවත් ප්‍රතිපල එන්නේ නෑ.
    වෙන එකක් තියා එකම ගමේ ඉන්න අයිය මල්ලි දෙන්න බලන්නෙත් දෙවිදියකට. ලෝකේ ඉන්න හැම එකාම බලන්නේ උන්ට ඕන විදියට. එකම කේන්දරේ දහ පොළකට අරන් ගියොත් කියන්නේ දහ විදියක්. එකට හේතුව සාස්තරේ දන්න අය නැතිකම කියල හිතන් හිටියට එක නෙවේ හේතුව, නිවැරදි සාස්තරේ කියල එකක් නැතිකම.(තිබිල අභාවයට ගිහින් නෙවේ :lol: එහෙම එකක් කවදාවත් තිබිල නෑ) තියෙන්නේ එකිනෙකට වෙනස් අටවගත්ත ක්‍රම ගොඩක් විතරයි. ඔය ක්‍රම ගොඩෙන් හරි ක්‍රමේ හොයන්න විදියකුත් නෑ මොකද කියන්නේ පරීක්ෂනෙකටවත් ගන්න බැරි වැට උඩ අනාවැකි. :dull:

    ඉතිං හරි ක්‍රමයක් කියල සම්මතෙකුත් නැතුව තමන්ගෙ ක්‍රමේ හරිද කියල ෂුවර් එකකුත් නැතුව බොරුවට අතපත ගගා එහෙටත් නැති මෙහෙටත් නැතුව මේක මෙහෙම වෙන්නත් පුළුවන් හැබැයි අරෙහෙමත් පුළුවන් ඒ දෙකම නොවුනොත් ඉතිං කරුමේ තමා අපිට කරන්න දෙයක් නෑ කිය කිය බිස්නස් එක කරගෙන ඉන්න එක තමා නැකත් රාලලගේ වැඩේ :yes:

    කරුමෙට ඕක වැට උඩ ඉන්දවන්න බැරි වෙලාවක් ආවම තමා ඔන්න තරු පෙන්නේ :lol: සුමනදාස අංකල්ටත් උනේ ඕක තමා. ඔච්චර සම්මාන ගත්ත රටරටවල් වල පිළිගත්ත මනුස්සයට සම්භාවිතාව අනුව ගත්තත් ඕන කෙනෙකුට හරියන්න සීයට පනහක චාන්ස් එකක් තියන එක කියාගන්න බැරි වුන එකේ නැකත් රාලල ගැන කවර කතාද ? :lol: අතටම සීයට පනහක් දීල, තව රටේ තොටේ වෙන දේ දිහා බලලා එකෙනුත් අදහසක් අරන් ඔක්කොමත් එක්ක මහා බලසම්පන්න සාස්තරෙකුත් තියාගෙන වැරදුන එකේ නිකන් උපන් වෙලාව බලල මනුස්සයෙක් ගැන කියන්න පුළුවන් කියන එක තරන් බොරුවක් තියෙනවද ? :)

    තමුන්ම හිතනවාද මේ විදිහට ආවම තමුන්ට මනුස්සයෙක් අකුරක්වත් කියාදෙයි කියලා? ඉගෙනගන්න ඕන මිනිස්සු සාස්තරේ ඉල්ලන්නේ කකුල් අල්ලලා වැඳලා. තමුන්ලා වගේ උද්දච්ච මිනිස්සුන්ට ලැබෙන්නෙත් උද්දච්ච උත්තර විතරයි. තල වපුරන්නෝ තලත් උඳු වපුරන්නෝ උඳුත් නෙලාගනිති....
     
    Last edited: