ගම්පහ දිස්ත්රික්කයේ වත්තල නගර සභාව හැර සියළු පළාත් පාලන ආයතනයන්හි බලය ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.
ගම්පහ දිස්ත්රික්කය මෙරට වැඩිම ඡන්ද ප්රමාණයක් ඇති දිස්ත්රික්කය වන අතර එය ජය ගන්නා කණ්ඩායම සමස්ථ ජයග්රහණයට ඉතා කිට්ටු වන බව පොදු මතයයි.
අත්තනගල්ල ප්රාදේශීය සභාවේදී හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග නායකත්වය දුන් ශ්රී ලංකා නිදහස් පක්ෂය තුන්වන තැනටත් ජවිපෙ පස්වන තැනටත් ඇද විටී තිබේ. තුන්වන තැන දිනාගෙන ඇත්තේ පොහොට්ටුවේම සහාය ලද ස්වාදීන කණ්ඩායමත් විසිනි.