මම බයින්නෙ මෙයාගෙ කෙල්ලට නෙවේ මේ මනුස්සයට මොන මගුලකටද තමන්ගෙ ජීවිතය කොහෙවත් යන මස් ගොඩක් වෙනුවෙන් කෝච්චි රෝදයකට තියන්නෙ (මැරුන අයට බනින්න හොද නැති නිසා කිසිම කුණුහරුපයක් හෝ සතෙක්ගෙ නමක් යොදා ගන්නෙ නෑ)
බුදු බනේ තියෙන්නෙ මිනිස් ආත්මයක් ලබනවා කියන්නෙ කණ කැස්බෑවෙක් විය සිදුරින් ආලෝකය දකිනවා වගේ ලු (එක ඇහැක් අන්ධ කැස්බෑවෙක්ට සිදුරින් ආලෝකයක් දකින එක බොහෝම දුර්ලභ සිදුවීමක්)
එහෙම ලබා ගත්ත මනුස්ස ආත්මය තරුණ කාලෙම කිසිම වැදගත් දෙයක් නොකර කොහෙද යන කෙල්ලෙක් හින්දා නැති කරගත්තු එක අපරාධයක් වැරැද්ද කොල්ලාගේ
මැරෙන්න කලින් ඌට හිතන්න තිබ්බා මාස 10ක් ඌව බඩේ තියන් දහ දුක් විදල ලේ කිරි කරල පොවල පොඩි කාලේ ඌගෙ ජරාව ඇදල හදපු අම්මට වඩා ඔය කෙල්ලව වටින්නෙ නෑ කියල
තමන්ගෙ ලේ දහඩිය සල්ලි කරල ඒවයි කවල පොවල උස් මහත් කරපු තමන්ගෙ තාත්තට වඩා ඔය කෙල්ලව වටින්නෙ නෑ කියල
ඌ එහෙම හිතුවනම් ඔය කෙල්ලෙක් මොනව උනත් පඩේ කටවත් ගණන් නොගෙන හොදට ඉන්න තිබ්බා
දැන් ඌ මැරුනා කියල කෙල්ල කන්නෙ බොන්නෙ නැතුව දුකෙන් ඉදීද කෙල්ල නහින්න හදයිද තව මාස 2ක් යද්දි ෆුල් ආතල් එකේ ඉදිවි ඕනෙ නම් වෙන එකෙක්ව බදීවි (දැනටමත් බැදල ඇත්ද දන්නෙත් නෑ)
මම මේ ටික කිවුවෙ මේක ආදර්ශෙට ගන්න හිතන් ඉන්න අය ඉන්නව නම් ඒ අයට කියවන්න මොකද මෝඩ වැඩ කරන්න කලින් ඒ අය හිතන්න ඕනෙ තමන් ගැන විතරක් නෙවේ තමන් මත යැපෙන දෙමව්පියන් වගේ තව අය ඉන්නවා කියන එක




