26 December 2019 - අපි බලාගෙන ඉමු..

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    නිකන් අන්ධකාර වෙන එකේ මොනවා බලන්නද :angry: ඉර වැහෙන හැටි බලන්න ඕනේ. කළු කන්නාඩියක් තියෙනවා ගෙදර එකෙන් බලන්නේ

    හොඳට අව්ව තියෙන වෙලාවක අන්ධකාර වෙද්දි කොහොමද ආතල් එක :P
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    1955 මම හතරේ පංතියේ හිටියේ.එදා උදේ දහයට විතර ටික ටික කලුවර වෙන්න පටන්ගෙන අන්තිමට හොඳටම කලුවර උනා.මගේ ලඟ වාඩි වෙලා හිටියේ කෙල්ලෙක්.ඒකි බය වෙලා මාවා බදාගත්තා.ලමයි කෑගහනවා.මම නම් බය කියලා දන්න එකෙක් නෙවෙයි.ඒක නිසා නොසැලි හිටියා.කුරුල්ලො කුචුකුචු ගහනවා.කපුටො කාක් ගානවා එකදිගට.වවුලො ඔක්කොම එලියට ආවා. හරක් කෑගහනවා,බල්ලො බුරොනවා කුකුලො අඩලනවා. ඒක විනාඩි 15ක් 20ක් තිබුනා. පැයක් විතර යනකොට දෙමව්පියො ඔක්කොම ඉස්කෝල්ට දුවගෙන එනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1955 මම හතරේ පංතියේ හිටියේ.එදා උදේ දහයට විතර ටික ටික කලුවර වෙන්න පටන්ගෙන අන්තිමට හොඳටම කලුවර උනා.මගේ ලඟ වාඩි වෙලා හිටියේ කෙල්ලෙක්.ඒකි බය වෙලා මාවා බදාගත්තා.ලමයි කෑගහනවා.මම නම් බය කියලා දන්න එකෙක් නෙවෙයි.ඒක නිසා නොසැලි හිටියා.කුරුල්ලො කුචුකුචු ගහනවා.කපුටො කාක් ගානවා එකදිගට.වවුලො ඔක්කොම එලියට ආවා. හරක් කෑගහනවා,බල්ලො බුරොනවා කුකුලො අඩලනවා. ඒක විනාඩි 15ක් 20ක් තිබුනා. පැයක් විතර යනකොට දෙමව්පියො ඔක්කොම ඉස්කෝල්ට දුවගෙන එනවා

    dawal da ?
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උදේ ඉඳන් රෑ වෙනකන් වැහිබර කාලගුනේ :no: බලන්න වෙන්නේ නෑ

    පොන්නයො පූර්න සූර්ය ග්‍රහනයක් ආවම රටම කලුවර වෙනවා.දවල් රෑ වෙනවා.රෑ දවල් වෙනවා. ඒක බලන්න ඉරම බලන්න ඕන නෑ.හැබයි ඉර පේන දවසක 1955 කට්ට අව්ව උදේ දහයට වැස්සක් නෑ.එකපාරම කලුවර උනා. 26 හිරු පායන දවසක් වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොන්නයො පූර්න සූර්ය ග්‍රහනයක් ආවම රටම කලුවර වෙනවා.දවල් රෑ වෙනවා.රෑ දවල් වෙනවා. ඒක බලන්න ඉරම බලන්න ඕන නෑ.හැබයි ඉර පේන දවසක 1955 කට්ට අව්ව උදේ දහයට වැස්සක් නෑ.එකපාරම කලුවර උනා. 26 හිරු පායන දවසක් වෙන්නත් පුලුවන්.
    මැටි හරකෝ නිකන් කළුවර වෙන එක බලන්න සුර්යග්‍රහණයක් ඕනෙය දැනුත් කළුවරයි එලියට ගිහින් බලපංකො :angry:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    26 වැනිදා වලයාකාර සූර්යග්‍රහණයක්

    විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරු8.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.

    මේ වසරේ නිමාවත් සමග ශ්‍රී ලංකාවාසීන්ට අත්විදීමට ලැබෙන මෙම වලයාකාර සූර්යග්‍රහණයේ මධ්‍ය රේඛාව උතුරු ප්‍රදේශයේ යාපනය නගරයට සහ කිලිනොච්චි නගරයට දකුණින් වැටී ඇති අතර මෙම ප්‍රදේශ යා කරන රේඛාවක සිට නරඹන්නෙකුට මෙම වලයාකාර සූර්යග්‍රහණය සමමිතිකව නිරීක්ෂණය කළ හැකි වේ.

    එසේම ශ්‍රී ලංකාවේ වාකරේ නගරය සහ තලෙයිමන්නාරම යා කරන රේඛාවෙන් උතුරු ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙසත් මෙම රේඛාවෙන් දකුණු ප්‍රදේශයට අර්ධ වලයාකාර සූර්යග්‍රහණයක් ලෙසත් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී තිබේ.

    මෙම සූර්යග්‍රහණය වලයාකාරව දිස්වීම විනාඩි 4 කට ආසන්න කාලයකට සීමා වන අතර එහි උපරිම අවස්ථාව වවුනියාවට පෙ.ව 9.36ට, කිලිනොච්චියට පෙ.ව 9.36 ට, යාපනයට පෙ.ව 9.35 ට සහ ත්‍රිකුණාමලයට පෙ.ව 9.38 ට පමණ දිස්වන බව ආතර් සී ක්ලාක් ආයතනය කියයි.

    ඒ අනුව මෙම සූර්යග්‍රහණය කොළඹ සිට නිරීක්ෂණය කරන්නෙකුට චන්ද්‍රයාගේ ඡායාවෙන් සුර්යයා වැසෙන ප්‍රමාණය 84%ක් පමණ ද, අනුරාධපුරය ප්‍රදේශයේ සිට නරඹන්නෙකුට 87%ක් පමණද,වලයාකාර සූර්යග්‍රහණය සිදුවන මධ්‍ය රේඛාවේ සිට නරඹන්නෙකුට 94% ක්පමණ සුර්යයා වැසී යන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි වේ.

    මෙම සූර්යග්‍රහණය පෙනීමේ අවස්ථාව සෞදි අරාබියෙන් ආරම්භ වී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාව හරහා ගමන් කර ඉන්දියන් සාගරය ඔස්සේ ඉන්දුනීසියාවෙන් පස්වරු 12.20 පමණ අවසන් වේ.

    මෙම සූර්යග්‍රහණ අවස්ථාව කිසිසේත් පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර ඒ සදහා විශේෂිත සූර්ය පෙරහන් සහිත කණ්ණාඩි, වෑල්ඩින් කිරීමේදී භාවිතා කරන නොම්බර 14 කණ්ණාඩි, කඩදාසියක සිදුරක් සාදා එමගින් ලැබෙනඡායාව සුදු තිරයක් මත ප්‍රක්ෂේපණය කිරීමෙන් හෝ ජල බේසමක් ආධාරයෙන් නිරීක්ෂණය කළ යුතු වේ. එක එල්ලේ පියවි ඇසින් මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමෙන් ඇස් වලට හානි සිදුවිය හැකි බව ආතර් සී ක්ලාක් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

    ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මගින් මෙමසූර්යග්‍රහණය නිරීක්ෂණය සදහා උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පර්යේෂණ මට්ටමින් කදවුරු පැවැත්වීමට කටයුතු සූදානම්කරමින් පවතින අතර ඒවා මන්නාරම, වවුනියාව, යාපනය වැනි නගර කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතය.

    image_0135893219.jpg


    සූර්යග්‍රණන යනු මොනවාද?

    සූර්යයා සහ පෘථිවිය අතරින් චන්ද්‍රයා ගමන් කිරීම හේතුවෙන් චන්ද්‍රයාගේ සෙවනැල්ලෙන් සූර්යයාවැසී යන ආකාරය අනුව පූර්ණ සූර්යග්‍රහණ, අර්ධ සූර්යග්‍රහණ සහ වලයාකාර සූර්යග්‍රහණ ලෙස සූර්යග්‍රණහ ප්‍රධාන වර්ග 3 කට වෙන්කර දැක්වේ.

    චන්ද්‍රයාගේ සෙවනැල්ලෙන් සූර්යයා සම්පූර්ණයෙන් වැසී යන්නේ නම් එය පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස ද සූර්යයා අඩකින් වැසී යන්නේ නම් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස හදුන්වන අතර සූර්යග්‍රහණ අමාවක දිනයන් හිදී පමණක් සිදු වේ.

    පූර්ණ සූර්යග්‍රහණ සහ අර්ධ සූර්යග්‍රහණ ඇතැම්විට එක් වර්ෂයකදී එකක් හෝ කිහිපයක් සිදුවන අතර සුර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය ඒක රේඛීයව පිහිටීමෙන් ඇතිවන වලයාකාර සූර්යග්‍රහණලෙස හදුන්වන සූර්යග්‍රහණයක් සිදු වන්නේ ඉතාම අල්පවශයෙන් වේ. මෙහිදී චන්ද්‍රයාගේ සෙවනැල්ල සූර්යයා වටා ආලෝක වළල්ලක හැඩයක් දිස්වන ආකාරයක් දක්නට ලැබෙන අතර එම වලයාකාර බව සමහර ප්‍රදේශ වලට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්වේ.

    වලයාකාර සූර්යග්‍රණවල අතීතය

    වලයාකාර සූර්යග්‍රහණ පිළිබද අතීතය දෙස බැලීමේදී 1955 වසරේ ජුනි මස 20 වන දින සිදු වූ සූර්යග්‍රහණය විශේෂ වේ. එහිදී සූර්යයා විනාඩි 7 ක් සහ තත්ත්පර 8 ක් පමණ සදින් වැසී තිබුණි.

    1955 සිදුවූ මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ සුවිශේෂි සිදුවීම් ඇතිකළ එකකි.ජ්‍යෙතිර්වේදීන්ගේ අනාවැකි අනුව කාන්තාවන් වදකහ පානය කිරීමද ඉන් එකකි.

    ශ්‍රී ලංකා වාසීන්ට වලයාකාර සූර්යග්‍රහණයක මෑත යුගයේ අත්දැකීම ලෙස 2010 වසරේ ජනවාරි 15 වන දින දර්ශනය වූ වලයාකාර සූර්යග්‍රහණයයි හඳුනාගත හැකිය. එය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට වඩාත් හොදින් දර්ශනය වූ අතර එය දකුණු ප්‍රදේශවලට දිස් වූයේ අර්ධ සුර්යග්‍රහණක් ලෙසිනි. එදින වලයාකාර සුර්යග්‍රහණ අවස්ථාව පෙ.ව 9.35 ට ආරම්භ වී ප.ව 3.37 ට අවසන් වූ අතර සූර්යයාගෙන් 94% ක් පමණ චන්ද්‍රයාගේ සෙවනැල්ලෙන් ග්‍රහණය විය. එහි උපරිම අවස්ථාව ප.ව 1.24 ට පමණ සිදු විය.

    2010 වසරේ ජනවාරි 15 වන දින දැකගැනීමට හැකි වූ මෙම වලයාකාර සූර්යග්‍රහණය මධ්‍යම අප්‍රිකාවෙන් ආරම්භ වී ඉන්දියානු සාගරය මතින් මාලදිවයිනට ආසන්නයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී දකුණු ඉන්දියාව, බුරුමය, මියන්මාරය, ලාඕසය හරහා ගමන් කර චීනයේ නැගෙනහිර වෙරළින් අවසන් වූ බවට වාර්තා වී ඇත.


    Source: Lankadeepa
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නිකන් අන්ධකාර වෙන එකේ මොනවා බලන්නද :angry: ඉර වැහෙන හැටි බලන්න ඕනේ. කළු කන්නාඩියක් තියෙනවා ගෙදර එකෙන් බලන්නේ


    Sunglass වලින් බලන්ඩ එපා. Welding කරන කොට පාවිච්චි කරන hand shield/head shield එකක් හොයා ගනින්. නැත්තන් එව්වට දාන කලු වීදුරු කෑල්ලක් (shade එක 12ට වැඩි) කඩෙන් අරගෙන කාඩ්බෝඩ් එකක් වගේ එකක මැද හිල් කරලා එතනට හයි කරගනින්.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපේ ජීවිත කාලෙදි, ආයෙ මෙහෙම දෙයක් වෙන් නෑ.. හොඳටම කලුවර වෙනව..

    2019 වෙනි අවුරුද්දෙ, දෙසැම්බර් 26 වෙනිදා (බ්‍රහස්පතින්ද දවසක්) උදේ 9.38 ට :)

    Begins: Thu, 26 Dec 2019, 08:11
    Maximum: Thu, 26 Dec 2019, 09:38
    Ends: Thu, 26 Dec 2019, 11:25


    ඔය අපි දැකල තියෙන, පොඩි සූර්යග්‍රහණයක් එහෙම නෙමේ.. මෙන්න බලාගන්ඩ


    තමුසෙ මාර මනුස්සයෙක්නෙ ඕයි!
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මගේ හිතවත් පිටසක්වල ජීවින් සඳ තුල ‍රැඳී සිටිනවා.ඒ අය ඔයාලට එදිනෙන් පසු පහර දෙනවා.මේ ලෝකය අපේ යටතට ගන්න මම ක්‍රියාකරමින් ඉන්නවා:love::yes::yes:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මගේ හිතවත් පිටසක්වල ජීවින් සඳ තුල ‍රැඳී සිටිනවා.ඒ අය ඔයාලට එදිනෙන් පසු පහර දෙනවා.මේ ලෝකය අපේ යටතට ගන්න මම ක්‍රියාකරමින් ඉන්නවා:love::yes::yes:


    :D


    5270822_0.jpg