මචන් මට විස්තර ටිකක් දැනගන්න ඕන 3වීල් ගැන. මේ සබ්ජට් එක ගැන දන්න අය එලකිරි එකේ ගොඩක් ඉන්නවනෙ,මට පොඩි ප්රශ්න වගයක් තියෙනව. ලොකු උදව්වක්,මට පොඩි හෙල්ප් එකක් දෙන්න...
1. 3වීල් එකක් අරන් කොළඹ දුවන්න (ටැක්සි සර්විස් වගේ) මොනහරි ස්පෙශල් අපෘවල් ගන්න ඕන සීන් එකක් තියෙනවද?
2.බෑන්ක් ලෝන් එකක්,ලීසිං එහෙම දානවනම් 3වීල් එකකට (1ලැක් මම දාල,ඉතුරු ටික ලීස් කරල) පොලිය අඩුම බැංකුව මොකද්ද?
3. බෑන්ක් එකෙන් 1වෙනි මාස 2වගෙ ලීස් පේමෙන්ට් එක පොඩ්ඩක් හෝල්ඩ් කරගන්න පුලුවන්ද? පුලුවන් නම් කොහොමද කරගන්නෙ?
4. ලීස් එක දාගන්න බැන්ක් එකෙන් ඉල්ලන ලියවිලි මොනාද?ගැරන්ටර්ස්ල ඕනද? ඔප්පු මොනාහරි තියන්න ඕනද? කොච්චර කල් යනවද වැඩේට?
මම බෑන්ක් සීන් ගැන නම් මුකුත් දන්නෙ නෑ.මොකද මම කලින් ණය අරන් නෑ.ලීසින් සීන් එකෙත් මෙලෝදෙයක් දන්නෙ නෑ.දන්න කෙනෙක් මට පොඩ්ඩක් මේ ටික පැහැදිලි කරල දෙනවද?
හෙට මම බෑන්ක් එකට යන්න ඉන්නෙ ලීසින් එක ගැන කතා කරන්න.ඔය සබ්ජෙට් එක ගැන මෙලෝදෙයක් දන්නෙ නතුව චා වෙන්න කැමති නෑ බං ඒකයි. දන්න කෙනෙක් මාව දැනුවත් කරත්වා..! බොහෝම පිං..
