3 වීල් කාලකන්ණි
හැම එකාම කාලකන්නියෙක් නෙවේ තමයි. ඒත් 3 වීල් කාරයෝ නම් එපාම උනා පහුගිය ටිකේ. මම ලෙඩකට බෙහෙත් ගන්න යන්න 3 වීල් එකට නැග්ගහම කියනවා මේ බ්ලොක් එකේ පොඩි hire යන්න බෑ පාඩුයි ලු
උන් කරන්නෙත් රස්සාවක්. ඇත්ත තමයි. ඒත් මනුස්සකම කියල දේකුත් තියෙන්න එපෑ
ඊයේ එකෙක් එක්ක ආව ඌ එක්ක පණපිටින් ගෙදර ආපු එක ලොකු දෙයක්. හතර පස් පාරක් හැප්පෙන්න ගිහිල්ල නූලෙන් බේරුනා. අන්තිමට පොලිසියෙන් ලිව්වා ඒකව. පොලිසියෙන් ලිව්වට පස්සෙත් මුට ගානක්වත් නෑ. තව කිලෝමීටර් දෙක තුනක් ඇවිත් නවත්තල තිබුන 3 වීල් එකක් හප්පලා ඒකත් දැක්කේ නෑ වගේ shape එකේ ආවා
ඒ කරලා මු 700 හයර් එකට 1000ක් ඉල්ලනවා. ඇයි පොලිසියේ දඩේ කවර් කරගන්නත් එපෑ. ඇමතුවා හොඳවයින්
ආයේ නම් ජීවිතේට 3 වීල් එකක යන්නේ නෑ. උන්ට ලොකු පාඩුවක් නැතුව ඇති. ඒත් ලඟපාත ඉන්න 3 වීල් සෙට් එකටනම් මාසෙකට හාරපන්දාහක් පාඩුයි. මොකද මම නිතර 3 වීල් වල යන එකෙක්
නුවර මීටර් ටැක්සිත් නෑනේ. Uber නුවරට දුන්නොත් හොඳයි. පයින් යනවා වෙන යන්න විදියක් නැත්තම්