4G මයි-ෆයි රවුටර් - Huawei E5577 4G Mobile Wifi Router

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    6420847.gif
    Rep 4+
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගොඩක් වටිනා වැඩක් මචන්.

    මෙහෙම වැඩක් මේකෙන් කරන්නත් පුළුවන්.

    දැන් ඔය Airport වල Free WiFi access දෙනවානේ 1 device upto 1 hour කියලා.. අපි එහෙම උනහම කරන්නේ අපේ අතේ ඒ වෙලාවේ තියෙන වැඩියෙන්ම internet connection එක ඕනා device එකෙන් ගිහින් portal එකට ලොග් වෙලා internet browse කරන එක. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ගොඩක් අවස්ථා වල අපිට අපේ mobile number/passport number වගේ unique ID එකක් දෙන්න වෙනවා ඉතින් මේ පහසුකම 1 device වගේ තමයි ගන්න වෙන්නේ.
    මේක වෙන්නේ device එකේ MAC Address කියන එක එයාලා record කරගන්න එක. එතකොට 1 දවසක් ඇතුලට උපරිම පැය 1ක් පමණ කාලයක් පමණයි 1 device එකකට වෙන් වෙන්නේ.

    අපි මෙහෙම 4G router එකක් හරහා එහෙම public WiFi access point එකට ලොග් උනොත් අර කියපු MAC Address එකට වැටෙන්නේ router එකේ address එක. එහෙම උනහම අපේ mobile phone, laptop, iPad වගේ දේවල් router එකට join වෙලා ඒකට හම්බෙන internet connection එක share කරගන්න පුළුවන්. ඒවල විස්තර තියාගන්නේ router එක ඇතුලේ විතරයි. ඒ නිසා ඔක්කොම device වලට internet හම්බෙනවා.
    11.gif
     
    • Like
    Reactions: DangerMan119

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මේකට අපේ SLT හරි Dialog හරි 4G රවුටර් වලට දාල තියන සිම් දාන්න පුලුවන් ද?
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Thanks machan.. Rep Added+++++
    පට්ට සහෝ එල :yes::yes:
    ස්තූතියි තොප්පි .. Rep Added+++++ ඊට පස්සෙ කාවවත් ඇන්දුවෙ නැද්ද..මතක් වෙද්දිත් පට්ට ලොල්..:lol::lol::lol:
    ස්තූතියි සහෝ .. Rep Added+++++
    Thanks machan.. Rep Added+++++
    tfs. great thread
    ස්තූතියි සහෝ .. Rep Added+++++
    පලවෙනි ත්‍රෙඩ් එකට සුබ පතනවා..😇
    බොහොම ස්තුති සුබපැතුම් එක්කලාට:yes:..Rep Added+++++
    ela ela good thread
    math okak ganna inne meh maase agata wage :yes: ebay danna inne oya ganata labayi wage. kohenda gaththe?

    මචන් මම නම් මේක ගත්තෙ ලංකාවෙන්...රු 9450.00 ක් උනා අවුරුද්දක වගකීමත් එක්ක..
    ගත්ත තැන නම් එච්චර දිරවන තැනක් නෙවෙයි:no:,ඒත් වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ හදිසියට ගත්තා..
    මම පි.එම් එකක් දාන්නම්..
    ස්තූතියි මචන් පොස්ට් එකට..Rep Added+++++
     
    Last edited:

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Good Post machan... REP+ :yes:
    බොහෛාම ස්තූතියි සහෝ...
    slt 4g.sim eka. mekata wadada.?
    මචන් මම ට්‍රයි කරලා නම් නෑ, ට්‍රයි කරලා බලන්න විදියක් නෑ මම ඉන්න පැත්තට SLT 4G Signal නෑ.එහෙම වැඩ කරනවා කියලා හෝඩුආවක් ලැබුනාත් අනිවා කියන්නම්. ස්තූතියි සහෝ..
    ලංකාවෙන්ද ගත්තේ?
    අහ් මගෙ අතිජාත මිත්‍රයා..:D
    ඔව් මචන් මේක ගත්තෙ ලංකාවෙන්...රු 9450.00 ක් උනා අවුරුද්දක වගකීමත් එක්ක..
    ගත්ත තැන නම් එච්චර දිරවන තැනක් නෙවෙයි,ඒත් වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ හදිසියට ගත්තා..
    නියම පොස්ට් එකක් මචන්.
    රෙප්
    ස්තූතියි මචන්..ජයවේවා..
    එළකිරි මචෝ.
    මේ වගේ ත්‍රෙඩ් දිගටම දාමු.
    ඕන්න රේප් කොරා
    මෙන්න තවත් බොක්කක්...:D:D
    අනිවා මචන් මම දැන් දන්නවා ත්‍රෙඩ් එකක් දාන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියන එක..
    කිරියෙ ගන්දබ්බ අවදියෙ ඉදන් ටින් ටින් මේ වෙනකල් වැදගත් දෙයක් කිරියට එක් නොකිරීම ගැන අද කණගාටු වෙනවා..
    දැන් තමයි තේරන්නෙ නූලක් දාන එක, නූලක් කියවලා අදහස් එකතු කරන එක, තරම් ලේසි නැති බව.

    ස්තූතියි මචන්..ජයවේවා..​
    ස්තූතියි සහෝ..
    Lankabell wage 4g sim wada da
    ම්...... මේක මට හරියටම කියන්න බැහැ මචන් මොකද මම Lankabell 4G සිම් ට්‍රයි කරලා නෑ.
    ඒත් සාමාන්‍ය 4G සිම් නම් වැඩ.(ඩයලොග්,මොබිටෙල් වගේ)
    apooo wedi ban 3kata karamu
    :lol::lol: ස්තූතියි මචන් පොස්ට් එකක් දැම්මට.
    පට්ට සහෝ
    ස්තූතියි සහෝ...
    ස්තූතියි සහෝ....

    රෙප් ඉවරයි නොවරදවාම හෙට දිනයේදී සියලු දෙනාම රෙපක් බලාපොරොත්තු වන්න..:yes::yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    tfs. great thread
    ස්තූතියි සහෝ...:D
    ස්තූතියි krish69 ...​
    දිගටම කරගෙන යන්න..
    ජයවේවා!!
    +REP ADDED:cool:
    බොහොම ස්තූතියි සහෝ...අනිවා..​
    ela machn good thread.. :D
    REP++ added
    ස්තූතියි සහෝ...:D
    එල... +12
    ස්තූතියි මචන්...
    බොහොම ස්තූතියි සහෝ...​
    Good thread machan :) 4000ta wage aduwen ganna nadda mewa??
    මචන් තියනවා මම මේ ලගදි දැක්කා Huawei 4G Mobile WiFi Router එකක් රු හාරදාස් ගානකට ෂොප් එකක තියනවා. හැබැයි ඒකේ Display එකක් එහෙම තිබුනෙ නෑ.මට ඒකෙ මොඩ්ල් නම්බර් එක මතක නෑ.පොඩ්ඩක් හොයලා බලපන්.උබ කොහෙද කියලා පි.එම් එකක් දාපන් මචන් මට ඒ ෂොප් එක ලග පාත නම් කියන්නම් මම.ස්තූතියි මචන්..​
    ස්තූතියි මචන්..
    ස්තූතියි මචන්..​
    Rep 11++

    BUMP
    ස්තූතියි සහෝ...

    රෙප් ඉවරයි හෙට දිනයේදී සියලු දෙනාම රෙපක් බලාපොරොත්තු වන්න..:yes::yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    ටින් ටින් ඩබල් ටින්, අත්තක් උඩ ෆයිටිං, වන් ටින් ඩවුන් ටින්,ටින් ඉන් ද බෙලෙක් ටින්...

    ලේන්නු ගැන නම් නෙවෙයි මේ කියන්න හදන්නෙ.මා එළකිරියත් සමග එකතු වි අවුරුදු තුන හතරක් ගත උනත් එළකිරිය වෙනුවෙන් එකතු කරන පලවෙනි ත්‍රේඩ් එක මෙයයි.මෙපමණ කලක් මේ සදහා ගත් එක් හේතුවක් නම් කිරිය වැනි දැනුම් ගබඩාවකට හිස් වචන එක් කරනවාට වඩා එය එසේ නොකර සිටීම උචිත යැයි සිතූ නිසා ය.කෙසේ නමුත් අද ඒ සදහා අවස්තාව මා හට උදා වී ඇත.මෙපමණ කලක් එළකිරි දැනුම් සයුරින් ගත් උගත් දේ බොහොයි,එළකිරි සහෝදරයන්ගෙන් දිවි ගමනට ලැබූ වාරුව,පන්නරය,සහෝදරත්වය මේ සෑම දේකටම කෘතගුණ දැක්වීමට කාලය මෙයයි.:yes:
    ...ස්තූතියි...:)

    Huawei E5577 4G Mobile Wifi Router​

    2a4y7gz.jpg

    මොබයිල් වයි-ෆයි රවුටර් (මයි-ෆයි රවුටර්) කියන සංකල්පය ලංකාවෙ අපිට නම් අලුත් දෙයක් නෙවෙයි.ඔබට මොබයිල් වයි-ෆයි රවුටර් එකක් බාවිතා කරන්න ආසන්නතම හේතු තමයි ස්මාර්ට් ඩිවයිස් වලින් 3G/4G තාකෂණය බාවිතාකර අන්තර්ජාලයට පිවිසීමේදී ඉක්මනින් බැටරි ඩ්‍රේන් වීම අඩු කර ගැනීමට මෙන්ම ඔබ නිතරම සංචාරයේ යෙදන කෙනෙක් නම් ඔබේ ලැප්ටොප් පරිගණකය හා ස්මාර්ට් ඩිවයිස් සදහා අන්තර්ජාල ස්ම්බන්දධතා ලබාගැනීමට හා ඔබගේ ලැප්ටොප් එක හා ස්මාර්ට් ඩිවයිස් සියල්ල එකම අන්තර්ජාල සම්බනධතාවකින් බල ගැන්වීමට හැකි වීම.​
    අපි මේ කතාකරන Huawei E5577 4G Mobile Wifi Router එක ප්‍රධාන වශයෙන් 3G/4G තාකෂණය බාවිතාකර වයි-ෆයි හරහා අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හා වයි-ෆයි සංඥා විස්තීරකයක් (Wifi Extender) ලෙස දෙ ආකාරයකට බාවිතා කල හැක.​
    සවිස්තරාත්මකව මෙම උපාංගය මෙසේයි...​

    Huawei E5577 4G Mobile Wifi Router අසුරුම.​
    (සාමාන්‍ය ජංගම දුරකථන ඇසුරුමක් තරම්)
    බර 230.00GM​
    o3e5j.jpg




    ඇසුරුම විවෘත කල පසු Mobile Wifi Router ප්‍රධාන මුහුනත හා ඊට පහතින් අනෙකුත් උපාංග ඇතුලත් බොක්ස් එකක් ඇත.
    34602nc.jpg




    Huawei E5577 4G Mobile Wifi Router අසුරුමෙහි අඩංගු සියලු උපාංග මෙසේයි.

    01 MIFI Modem – Huawei E5577
    02 Micro USB Cable
    03 Head Charger
    04 Manual Book
    05 Battery
    blh1j.jpg

    2v3672b.jpg




    MIFI Modem – Huawei E5577

    දිග - 96.8 මිමි

    rcv8z5.jpg

    පළල - 58.0 මිමි

    2a4y7gz.jpg

    මහත - 17.3 මිමි

    29bozfa.jpg

    බර - 110ග්‍රෑම්

    t98hus.jpg




    1500 mAh බැටරි ධාරිතාවක් සමග 5.0V හා 1.0A චාජරය..
    6jf37q.jpg
    පැය 6ක උපරිම ක්‍රියාකාරීත්වය මෙම උපාංගය සදහා ලබාදෙන බව මෙහි සදහන් වුවත් මගේ අත්දැකීම අනුව පැය 5 කට නොඅඩු උපරිම ක්‍රියාකාරීත්වයක් ඇත.එමෙන්ම මෙම උපාංගය ක්‍රියාකාරී අවස්තාවේදී සාමන්‍ය තරමක හීට් වීමක් සිදු වේ.​




    Huawei E5577 4G Mobile Wifi Router හි පසුපස ආවරනය ඉවත්කල පසු සාමාන්‍ය සිම් කාඩ් පතක් යෙදිය හැකි සිම් ස්ලොට් එකක් හා Micro SD කාඩ් පත් දාවකයක් මෙන්ම මෙම උපාංගයේ IMEI නම්බර් SSID,WIFI KEY මෙසේ දැක්වේ.​
    in759j.jpg




    එසේම මෙම උපාංගය සදහා ලැබෙන 4G සංඥා වර්ධනය කරගැනීම සදහා ඇන්ටනාවක් බාවිත කිරීමට Antenna Port එකක් සහ මෙම උපාංගය අරෝපනය කිරීමට හා පරිගණකයට සම්බන්ධ කිරීමට Micro USB Port එකක් ද දැකිය හැක.​

    2ngv4a0.jpg

    fypymx.jpg

    (ඡායාරූපය උපුටාගැනීම - ගූගල් ඉමේජස් )​

    මෙම උපාංගය 4G LTE FDD 800/900/1800/2100/2600MHz හා HSPA+/UMTS/HSPA 900/1900/2100MHz සංඥා සදහා සහය දක්වයි.

    එමෙන්ම මෙහි දත්ත බාගත කිරීමේ හා උඩුගත කිරීමේ වෙගය පිළිවෙලින් මෙසේයි...

    LTE FDD DL / UL 150 / 50 Mbps
    LTE TDD DL / UL 112 / 10 Mbps​





    මෙම උපාංගය ඔන් කලවිට මෙසේ දැකිය හැක...
    (ඔන් වීමට තත්පර 5ක් ගතවේ)
    2vj4ljo.jpg
    මෙමගින් එකවර පරිශීලකයන් 10 යකට එකවර සම්බන්ධතාව ලබාගත හැකි අතර, මෙය Windows XP SP3, Windows Vista SP1/SP2, Windows 7, Windows 8, Windows 8.1 (does not support Windows RT) Mac OS X 10.7, 10.8 and 10.9 යන පරිගණක පද්ධති මෘදුකාංග සදහා සහය දක්වයි.​




    ඉදිරිපස 1.45-අඟල් TFT LCD තිරයක් සහිත මෙම උපාංගයේ අයිකන දිස්වනුයේ මෙසේයි.
    qnwr5v.jpg




    මෙහි මෙනුවට මෙහි සැකසුම් සැකසීමට ඉතාමත් පහසු ලෙස අත්‍යවශ්‍ය තේරීම් කිහිපයක්ම එක්කර ඇත.
    ඒවා පිළිවලින්...

    Device Info
    QR Code
    WPS
    Main Quota
    Data Roaming
    Wi-Fi Extender​
    mmvpg5.jpg




    එමෙන්ම අනෙකුත් රවුටර් වල ඇති ලෙසටම Huawei E5577 4G Mobile Wi-Fi Router එකේ සැකසුම් කිරීමට ද සාමන්‍ය පරිදි 192.168.1.1 මගින් වෙබ් ඉන්ටර්ෆේස් එකක් ලබා දී ඇත.
    විශේෂයෙන් සදහන් කල යුතුයි ඔබ ප්‍රථම වතාවට මෙය පරිශීලනය කරන්නේ නම් මෙහි සැකසුම් වලින් නව ප්‍රොෆයිල් එකක් සැදීම අනිවාර්ය වේ.
    2nm3ig4.jpg




    ඉතාමත් කුඩා සාමන්‍ය ඩෙබිඩ් කාඩ්පතක විශාලත්වයෙන් හා සිහින් හා ශක්තිමත් ප්ලාස්ටික් ඉදිරිපස නිමාවෙන් යුතු මෙම Huawei E5577 4G Mobile Wi-Fi Router එක ඔබගේ කලිසම් සාකුකුවේ වුවත් රදවා තබාගත හැක.මෙය මේ වන විට රු 9450.00 වැනි මිලකට වෙළදපලෙන් මිලදී ගත හැක.​
    2ltlylv.jpg

    Model - Huawei E5577​

    * LTE Category 4 Mobile Hotspot

    * Support 4G LTE FDD 800/900/1800/2100/2600MHz

    * HSPA+/UMTS/HSPA 900/1900/2100MHz

    * LTE FDD DL/UL 150/50 Mbps

    * LTE TDD Dl/UL 112/10 Mbps

    * Support up to 10 users

    * Communication System - LTE FDD/LTE TDD/UMTS/HSUPA/HSPA+
    GSM/GPRS/EDGE

    * Speed - LTE FDD 150Mbps/LTE TDD 112Mbps

    * Display - 1.45'' TFT LCD

    * Battery - 1500mAh,Maximum working time: 6 hours

    * microSD card slot - Supported

    * Wi-Fi Protocol - IEEE 802.11a/b/g/n

    *Operation System - Supporting Windows XP SP3, Windows Vista SP1/SP2, Windows 7, Windows 8, Windows 8.1 (does not support Windows RT)
    Mac OS X 10.7, 10.8 and 10.9 with latest upgrades


    දැනට මා මෙය මාසයකට වඩා වැඩි කලක් බාවිතා කර ඇති බැවින් සියලු නිරීක්ෂණ, නිගමනයන් එම කාලය මත පදනම්ව ඇති බව කරුනාවෙන් සලකන්න.එමෙන්ම කිසියම් වැරැද්දක් අඩුපාඩුවක් වී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙස මෙය නරබන ඔබගෙන් ඉල්ලා සිටින අතර ඔබගේ අදහස් සදහා මෙම නූල විවෘත ව ඇත.

    ඔබට මෙම නුල වැදගත් වූවා නම් අනෙක් අයටත් නැරබීමට BUMP කරන්න.:):)
    but