මාත් බෝල්ට් අඟල් 4.5ම බෝල්ට් දාල ඇල්ලුවෙ. මේ දිග ගානටම ඇතුලෙ ෆිනිශ් කරපු සිවිලිමේ වැදිලා නවතින උපරිම උස. ශීට් වලට යටින් ගහලා තියනවා 2x2 පොලු සම්පූර්ණයෙන්ම අහු වෙන්න බෝල්ට් එක දිගයි
මම පැනල් හයි කරපු දවසෙ හවස පට්ටම වැස්සකුත් එක්ක හුලඟක් ආව වහලත් ගහපු ගමන් නිසා පොඩි බයකුත් ආව හුලඟෙ හැටියට සීට් ගැලවිලා යයිද කියලා
එතකොට මම හිතා ගත්තෙ මේ හුලඟට පැනල් ගැලඋනේ නැත්නං ආයෙ පැනල් හුලඟට ගැලවෙන්නෙ නැහැ කියලා
මම ගොඩක් ඉලෙක්ට්‍රිකල් අයිටම් ගත්තෙ වැලිගමින්, මාතරට වඩා ලාබයි
අන්තිමට සෝලා pv වයර් මීටර් 10ක් මදි වෙලා මාතර තංගල්ල පාරෙ ප්‍රමෝද් ඉලෙක්ට්‍රිකල් කියල එකකින් ගත්තා. මම කොලඹ ජෙනරල් පවර් ඉලෙක්ට්‍රිකල් එකෙන් මීටරේ 280ට ගනිපු වයර් එකම(දැන් එතන 330යිද කොහෙද) එතන මීටරේ 415ක් උනා, හදිසියට වෙන ගන්න තැනක් නැති නිසා සහ මම ගනිපු කේබල් ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම තිබුනු නිසා ඒක ගත්තා.
ලඟදි ඇඩ් එකක් දාල තිබිලා 3mm තික්නස් එක තියන අඟල් 3/4 පලල කොපර් පටි අඩියක් 750ට දාල තිබිලා අඩි 4ක් ගත්තා බැටරි ටිකට බ්‍රේකර් දාල පැරලල් කරද්දි බස් බාර් හදා ගන්න කියලා. තව earth වලට එහෙමත් මේකෙන්ම බස් බාර් හදා ගන්න පුලුවන්. ඒ ගානට පට්ට ලාබයි
බැටරි වලට 35mm වයර් ගත්තෙ මීටරේ 1900ට වගේ ඒත් ඇඩ් එකක් දාල තිවුනු එකකින්