88,89 කාලෙ උන දේවල්

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    94න් පස්සේ අනික් උන් එක්ක බලද්දී ජාමේ බේරගන්න පුළුවන් එකම උන්ටීක
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දැන් තියෙන්නේ NPP බං AKD ඒකාලෙ ඒලෙවල්
    මම කිව්වෙත් දැන් තියන JVP එක ගැන නෙවෙයි, 90න් ඉස්සෙල්ල කාලේ. දැන් JVP එක ගොඩක් වෙනස්.

    ඇයි ඔය මිනිස්සු දෙන්නගෙ පුකට උඩින් කියතක් තියන් ඉන්නෙ? 🙄

    පුකවල් පලන්නද යන්නෙ
    ඔය රෑ බිලා ආතල් එකක් ගන්නවා කටිටිය.. මට වයස 17-20 වගේ වෙන්න ඕන..

    අප්පච්චි නම් කියල තියනව jvp පිටින් දාලා ගොඩක් අය පෞද්ගලික තරහවල් පිට කරා කියලා
    අපෝ ඔව්, ඒ වගේ සින් හෙනට වෙලා තියනව.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උන් මිනි මරුවෝ නිසා මගේ තාත්තා ග්ර්ම සේවක කෙනක්. ගෙදරට ඇවිල්ලා රෑ අරගෙන ගිහින් පාරේ දාලා මරල තිබ්බේ ගම් වල මිනිස්සු දන්නවා උන් මිනි මරපු හැටි , උන් රට විනාශ කරපු හැටි එක නිසා දෙන්නේ නෑ උන්ට මලාට

    Ita passe un gedarata ringala neda uba bihi wune?

    Ehema nattham ubalawa beraganna rajapaksha ballo 3 dena geta ringalada bihi wune?

    Ekada ochara tharaha?? :lol:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං ඒ කාලේ හදේ බන්:lol:
    මේ පවුලේ අය කියපු කතා

    සීයා(අම්මගේ තාත්තා)
    Rajans teacher කෙනෙක් නිසා මුකුත් කරලා නෑ. ගෙදරට තුණ්ඩු කෑලි දැම්මත් කිසිම හානියක් කරලා නෑ.
    හැබැයි වටේ ගෙවල් වල අය මරලා දාලා තියෙනවා

    අම්මා
    මහවැලි ගගේ නාන කොට මිනී පාවෙලා එනවලු එකවර තුන හතර. ඊට වඩා දෙයක් නෑ.
    සීයා teacher කෙනෙක් නිසා අම්මටත් කිසිම හානියක් කරලා නෑ.

    තාත්තාගේ තාත්තා
    business කරලා තියෙන්නේ, 12km ක් පයින් අරගෙන ගිහිල්ලා පිටිපස්සෙන් තුවක්කු aim කරගෙන. ඒ ඔක්කොගෙම වගේ යටිපතුල් පලලා පුදුම වදයක් දීලා තියෙන්නේ, සීයා කොහොම හරි අදුරන කෙනෙක්ගේ මාර්ගෙන් කට්ටියක් එක්ක පැනලා ඇවිල්ලා

    සීයලා දෙන්නම අදටත් හොදින් ඉන්නවා:love:
    මැරුවත් ආයේ නම් JVP එකට දෙන්නේ නෑලු
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මම ඒ කාලේ ඉපදිලා නෑ. නමුත් කියනවා නම් කතන්දර ගොඩයි දැනගත්තුවා. මගේ යාලුවෙක් ඉන්නවා පොරගේ තාත්තා JVP සැරටම කරපු එකෙක් (නිකන් කොට්ටාශයක් බාරව හිටි පොරක්) ඒකාලේ අදවගේ සන්නිවේදනය හරියට නැති නිසා ගොඩක් බොරු ආරංචි තමා පැතිරිලා තියෙන්නේ. ඔතන JVP එකයි, ආර්මි එකයි කොටවපු සීන් එකක් තමා ගිහින් තියෙන්නේ. කොහොම හරි දෙපැත්තෙන්ම වැරදි කරා. JVP එක සන්නන්ද අරගලයක් කරපු එක තමා මම දකින විදියට ගත්ත මෝඩම තීරණය. JVP එකට මුවාවෙන් තමන්ගේ පෞද්ගලික අරමුණු වලට මිනිමරපු උන් නැතිවාමත් නෙමෙයි. ඉස්සර කෙල්ලන්ගේ ලවු හුට පට වලට අකමැති තාත්තලා එහෙම සල්ලි දෙනවාලු කොල්ලව මරන්න කියලා. ඒවා නම් ආර්මි එකේ අය තමා සල්ලි අරන් කරයි කියන්නේ. ගෝනි බිල්ලා අතේලු හැමදේම තියෙන්නේ. නිකමට හරි ඇරියස් එකක් තියෙන එකෙක් සෙට් වුනොත් ඌ JVP කරාද නැද්ද නෑ අරූ ඔලුව වනපු ගමන් ඉවරයි. අනික එහෙම අහුවුනාම නිකන් මරන්නෙත් නෑ. දස වද දීලා මරන්නේ. (කෙල්ලන්ගේ එහෙම නිපල් කපලා හෙලුවෙන් ඇදගෙන යනවාලු පාර දිගේ). ගෙවල් වල බඩු මුට්ටු එලියට ඇදලා ගිනි ගහලා ඒ ගින්නටම ගෙදර මිනිස්සුන්ව පනපිටින් දාන ඒවා එහෙමත් වෙලා තියෙනවා. මම මේ කියන කතානායකයාවත් මරන්න ගෙනිහින් වෙඩි තියලා තියෙනවා ආමි එකෙන්. අදටත් එයාලගේ කැම්පස් එකේ 88/89 කාලේ මැරුණ සෙට් එකේ කෙනෙක්ගේ නම විදියට ඒ අන්කල්ගේ නම තියෙනවා. නමුත් පොර කියන විදියට හාස්කමකින් වගේ පොර මැරෙන් නැතිව බේරිලා (උණ්ඩේ හම පසාරු කරන් පැත්තට වැදිලා තියෙන්නේ ඔලුවේ. ඒ කාලේ ID එක නෑ කියන්නේ ඉතින් කොයි වෙලේ ශොට් එක වදිවිද දන් නෑ කිව්වා. පට්ට දිග කතාවක් පොර කිව්වේ හැංගිලා හිටි සිද්ධි එහෙම. ටයිප් කරන්න කම්මැලියි බං) ටික කාලයක් ඉඳලා රට පැනලා තමා බේරිලා තියෙන්නේ. ඔය කෙහෙම්මලවල් නිසා උසස්පෙල හොඳට පාස් වෙලා කැම්පස් තේරිලා අන්තිමට අදවෙනකනුත් බර වාහන රියදුරු රස්සාවක් කරන්නේ. දැන් නම් ලංකාවට ඇවිල්ලා පාඩුවේ ඉන්නවා වචනයක් වත් කියන්නේ නෑ. පොරගේ අයියා නම් තාමත් කනු කුනු ගානවා. වෙඩිමකට ගියපු වෙලාවකත් සෑහෙන්න දේවල් කිව්වා. අපි ඉතින් ඒ කාලේ ගැන දන්නේ නැති නිසා අහගෙන හිටියා. අම්මලා නම් කියන්නේ ඉස්සර ටයර් ග‍ඳ එද්දි දන්නවාලු සෙට් එකක් පිච්චෙනවා කියලා. දෙයියනේ කියලා ඒ අයට නම් කිසි කරදරයක් වෙලා නෑ. තාත්තාගේ අක්කාට බබා හම්බෙන්න ඉද්දි අසනීප වෙලා බෙහෙත් එක හොයන්න ලාම්පුවක් පත්තු කරා කියලා පෙති ගහන්න හැදුවා කිව්වා. කොහොම හරි නොවඳිනා වැඳුම් වැඳලා බේරිලා තියෙන්නේ ලොකු තාත්තා දන්න අඳුනන කෙනෙක් නිසා ගමේ ගොඩක් අයව.

    ප.ලි. විජේවිර කරන්න හැදුවේ කියුබාව කරා වගේ සන්නන්ද අරගලයක් කරලා රජය පන්නන්න. නමුත් පොර දැනන් හිටියේ නෑ මෙහෙ ඉන්නේ කට්ට කයිරාටික අයියලා ටිකක් කියලා. බලපන් ඕකට අදාල ඒ කාලේ රජයේ හිටපු ලොකු ලොක්කෝ ටික තාම ජීවතුන් අතර සුර සැප විඳිනවා. ඒ දේවල් වලට අදාලවත් නැතිව පවට කරගහපු තරුණ තරුණියෝ එකෙක් වත් නෑ. අන්න ඒකයි සන්නන්ද අරගලය උඩින්ම ෆේල් කියන්නේ.
     
    • Like
    Reactions: Yakka putha

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    88/89 wenakota ipadila hitapu kenek nam eda inna umbamada adath inne. Eyeta wadiya ada api wenas nadda? 2019 bayyo wechcha aya ada aragale nadda? Ehema baluwama 88/89 jvp eka newei dan inne.
     
    • Like
    Reactions: Yakka putha