මම ඒ කාලේ ඉපදිලා නෑ. නමුත් කියනවා නම් කතන්දර ගොඩයි දැනගත්තුවා. මගේ යාලුවෙක් ඉන්නවා පොරගේ තාත්තා JVP සැරටම කරපු එකෙක් (නිකන් කොට්ටාශයක් බාරව හිටි පොරක්) ඒකාලේ අදවගේ සන්නිවේදනය හරියට නැති නිසා ගොඩක් බොරු ආරංචි තමා පැතිරිලා තියෙන්නේ. ඔතන JVP එකයි, ආර්මි එකයි කොටවපු සීන් එකක් තමා ගිහින් තියෙන්නේ. කොහොම හරි දෙපැත්තෙන්ම වැරදි කරා. JVP එක සන්නන්ද අරගලයක් කරපු එක තමා මම දකින විදියට ගත්ත මෝඩම තීරණය. JVP එකට මුවාවෙන් තමන්ගේ පෞද්ගලික අරමුණු වලට මිනිමරපු උන් නැතිවාමත් නෙමෙයි. ඉස්සර කෙල්ලන්ගේ ලවු හුට පට වලට අකමැති තාත්තලා එහෙම සල්ලි දෙනවාලු කොල්ලව මරන්න කියලා. ඒවා නම් ආර්මි එකේ අය තමා සල්ලි අරන් කරයි කියන්නේ. ගෝනි බිල්ලා අතේලු හැමදේම තියෙන්නේ. නිකමට හරි ඇරියස් එකක් තියෙන එකෙක් සෙට් වුනොත් ඌ JVP කරාද නැද්ද නෑ අරූ ඔලුව වනපු ගමන් ඉවරයි. අනික එහෙම අහුවුනාම නිකන් මරන්නෙත් නෑ. දස වද දීලා මරන්නේ. (කෙල්ලන්ගේ එහෙම නිපල් කපලා හෙලුවෙන් ඇදගෙන යනවාලු පාර දිගේ). ගෙවල් වල බඩු මුට්ටු එලියට ඇදලා ගිනි ගහලා ඒ ගින්නටම ගෙදර මිනිස්සුන්ව පනපිටින් දාන ඒවා එහෙමත් වෙලා තියෙනවා. මම මේ කියන කතානායකයාවත් මරන්න ගෙනිහින් වෙඩි තියලා තියෙනවා ආමි එකෙන්. අදටත් එයාලගේ කැම්පස් එකේ 88/89 කාලේ මැරුණ සෙට් එකේ කෙනෙක්ගේ නම විදියට ඒ අන්කල්ගේ නම තියෙනවා. නමුත් පොර කියන විදියට හාස්කමකින් වගේ පොර මැරෙන් නැතිව බේරිලා (උණ්ඩේ හම පසාරු කරන් පැත්තට වැදිලා තියෙන්නේ ඔලුවේ. ඒ කාලේ ID එක නෑ කියන්නේ ඉතින් කොයි වෙලේ ශොට් එක වදිවිද දන් නෑ කිව්වා. පට්ට දිග කතාවක් පොර කිව්වේ හැංගිලා හිටි සිද්ධි එහෙම. ටයිප් කරන්න කම්මැලියි බං) ටික කාලයක් ඉඳලා රට පැනලා තමා බේරිලා තියෙන්නේ. ඔය කෙහෙම්මලවල් නිසා උසස්පෙල හොඳට පාස් වෙලා කැම්පස් තේරිලා අන්තිමට අදවෙනකනුත් බර වාහන රියදුරු රස්සාවක් කරන්නේ. දැන් නම් ලංකාවට ඇවිල්ලා පාඩුවේ ඉන්නවා වචනයක් වත් කියන්නේ නෑ. පොරගේ අයියා නම් තාමත් කනු කුනු ගානවා. වෙඩිමකට ගියපු වෙලාවකත් සෑහෙන්න දේවල් කිව්වා. අපි ඉතින් ඒ කාලේ ගැන දන්නේ නැති නිසා අහගෙන හිටියා. අම්මලා නම් කියන්නේ ඉස්සර ටයර් ගඳ එද්දි දන්නවාලු සෙට් එකක් පිච්චෙනවා කියලා. දෙයියනේ කියලා ඒ අයට නම් කිසි කරදරයක් වෙලා නෑ. තාත්තාගේ අක්කාට බබා හම්බෙන්න ඉද්දි අසනීප වෙලා බෙහෙත් එක හොයන්න ලාම්පුවක් පත්තු කරා කියලා පෙති ගහන්න හැදුවා කිව්වා. කොහොම හරි නොවඳිනා වැඳුම් වැඳලා බේරිලා තියෙන්නේ ලොකු තාත්තා දන්න අඳුනන කෙනෙක් නිසා ගමේ ගොඩක් අයව.
ප.ලි. විජේවිර කරන්න හැදුවේ කියුබාව කරා වගේ සන්නන්ද අරගලයක් කරලා රජය පන්නන්න. නමුත් පොර දැනන් හිටියේ නෑ මෙහෙ ඉන්නේ කට්ට කයිරාටික අයියලා ටිකක් කියලා. බලපන් ඕකට අදාල ඒ කාලේ රජයේ හිටපු ලොකු ලොක්කෝ ටික තාම ජීවතුන් අතර සුර සැප විඳිනවා. ඒ දේවල් වලට අදාලවත් නැතිව පවට කරගහපු තරුණ තරුණියෝ එකෙක් වත් නෑ. අන්න ඒකයි සන්නන්ද අරගලය උඩින්ම ෆේල් කියන්නේ.