____--- මාගම්පුර කඩේ--____

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ____--- මාගම්පුර කඩේ--____

    ගමේ මිනිහෙක් හිටියා, අපි කියමුකො ඩිංගිරිබන්ඩා කියලා, ඒ මනුස්සයා තමයි ගමේ සමිතියේ සභාපති, උඩු රැව්ලක් එහෙම තිබ්බ නිසා ගමේ උන් ඒ මනුස්සයට බොහෝම කැමැත්තෙන් හිට්යෙ.

    ඉතින් මේ ගමේ සමීතියට අයිති පොඩි පෙට්ටි කඩයක් තිබ්බා, ඒකෙ කලේ ගමේ හැදෙන එලවලු ටිකයි,
    ගඩාගෙඩි ටිකයි, විකුනන එක. ඩිංගිරිබංඩා ගමේ සභාපටි වෙන්න කලින් නම් ගොඩක් මිනිස්සු ඔය කඩෙන් බඩු ගන්න ආවා ගියා, ඒත් ඩිංගිරිබන්ඩාගෙයි උගේ ගෝලයොරොත්තගෙයි වැඩ නිසා හොද හොද මිනිස්සු ඒ ගමෙන් බඩු ගන්න එක අඩු කරලා තිබ්බ නිසා දැන් තියෙන පොඩි කඩේත් ගමේ බඩු ටික විකුන ගන්න ප්‍රමානවත් තරමක තිබුනා, මදි පාඩුවක් තිබුනත් තව පැත්තකින් ටෙන්ට් එකක් ගහ ගත්තා නම් හොදටම ඇති.

    ඉතින් මේ සභාපති ඩිංගිරිබංඩට හිතුනා යකෝ මම ගහනවා තට්ටු හතේ කඩයක්, ඊට පස්සෙ දානවා නම ඩිංගිරිබංඩා ස්ටෝර්ස් කියලා. ඒත් මේ මනුස්සයට අතේ සතයක් නැ වැඩේ කරන්න, ඉතින් ලග පාත ගමක හිට්යා ඇසි පොඩි මිනිහෙක් කොන්ඩෙ එහෙම බැදලා, මේ මිනිහා ලග සල්ලි තිබ්බ නිසා ඩිංගිරිබන්ඩා ගිහින් ඒ මනුස්සයාගෙන් සල්ලි ඉල්ලගෙන ඇවිත් ගැහුවා තට්ටු හතේ කඩයක්.
    උඩම ගැහුවා ඩ්ංගිරිබංඩා ස්ටෝර්ස් කියලා.

    බිල්ඩිම ගැහුවෙ අර පොඩි කඩේ කඩලා වත්, කඩේ ලග වත් නෙමෙයි, ගැහුවෙ උන්දැගෙ ගෙවල් ලග, හම්මේ හරි සතුටුයි ගමේ මිනිස්සුන්ට, සතුට දරාගන්න බැරුව සමහරු පපුවට ගහ ගත්තා,

    ඒත් මේ ඩිංගිරිබන්ඩට නයට ගත්ත මේ ඔක්කොම සල්ලි ගෙවන්නෙ කියලා කිසිම අදහසක් තිබ්බෙ නැ, මිනිහට ඕන උනේ කඩේ හදලා නම ගහ ගන්න මිසක් කඩේ අනාගතේ ගැන මිනිහට හිට්තන්න ඕන උනේ නැ,

    ඔන්න ඉතින් අවෘද්දක් ගියා, කඩේට මැස්සෙක් වත් නැ, ඊට පස්සෙ රට්ටු කතා කරන්න ගත්තා කඩේ ඉස්සරහ ගලක් තියෙනවා ඒ නිසා කඩේට මිනිස්සු එන්නෙ නැ කියලා, ඔන්න තව වියදම් කරලා ගලත් කැඩුවා, ඒත් නැ, එක මිනිහෙක් දෙන්නෙක් ඇවිත් නිකං කැරකිලා යනවා කඩේ පැත්තෙ, තියෙන්නෙ මොනාද බලන්න වගේ,

    ගමට බඩු ගන්න ආපු මිනිස්සු සාමන්ය විදියටම බඩු ගන්න පරන පෙට්ටි කඩේටම යනවා ලොකු වෙනසක් නැ, මේකට මල පැන්න ඩිංගිරිබංඩා කරපු වැඩේ සද්දයක් දාලා කිව්වා, කඩේට ගේන සමහර බඩු පෙට්ටි කඩේට දාන්න බැ, ඒවා ඔක්කොම අර ඩොටේ තියෙන ඩිංගිරි බංඩගෙ කඩේට විතර බාන්න පුලුවන් කියලා,
    ඔන්න ඉතින් බඩු ටිකක් දැන් බානවා ඩිංගිඩිබන්ඩගේ කඩේ, ඉතින් මෙහෙම බාන බඩු උස්සන් යනවා ආයෙ අර පෙට්ටිකඩේ ලගට වාහන වල පටවලා, ඩිංගිරි බන්ඩගෙ කඩේ පැත්තෙ ගිහිපු ඕන එකෙක් දැකලා ඇති වාහන වල බඩු පටවගෙන ආයෙ පෙට්ටිකඩේ පැත්තට එන හැටි,
    ඉතින් මෙහෙම බඩු තැන් තැන් වල අරන් යානවට යට වැඩි වියදම් ගෙවන්න උනෙත් ගමේ අහිංසක මිනිසුන්ට,

    ඉතින් අවුරුදු 5 ක් ගෙවුනා, කිසිම වෙනසක් නැ, අලුත් කඩේ නිකං දිරනවා., අර පරන පෙට්ටි කඩේ ලගින් යන්නවත් ආදායමක් නැ, අන්තිමට මේ ඩිංගිරිබන්ඩා ස්ටෝර්ස් එකට ගත්ත නය වාරික ගෙවන්නෙත් අර පෙට්ටිකඩේ වියදමින්, ඒ නිසාම පෙට්ටි කඩේ හදන් ආව අලුත් කැල්ලකුත් හදන එක පරක්කු උනා.

    ගමේ ම්නිස්සු හිතන් හිට්යෙ මේ ඩිංගිරි බංඩා කරන වැඩ රටට වාසනාවක් කියලා. මොකද ගමේ සමහර මිනිස්සු දැනන් හිටියෙ නැ මේ ඔක්කොම කරන්නෙ නය වෙලා, ඒ නය ගෙවන්නෙ කොහොමද කියලා ඩිංගිරිබංඩට කිසිම අදහසක් නැ කියලා.

    කඩේ එක තට්ටුවක් හදලා ඒකෙ මොනවම හරි විකුනලා, ඒකෙන් එන සල්ලිවලින් නය ගෙවන ගමන් ඉතිරි තට්ටු ටික ගගන්න තිබ්බා ගමත් රටත් දියුනු වෙන විදියට, ඒත් ඩිංගිරිබංඩට ඒවගෙ තේරුමක් තිබ්බෙ නැ, හිතන් හිටියෙ ඔක්කොම දන්නවා කියලා.

    ඉතින් අවෘදු පහක් ගිහිල්ලත්, එක නය වාරිකයක් ගෙවන්න තරම් ආදායමක් නැ, ගමේ හදන කිසිම බෝගයකට, කර්මාන්තයකට මේ ඩිංගිරි බංඩා උදව් කරෙත් නැ, දැන් කඩේ විකුනන්න බඩුත් නැ, බඩු වික්කට කවුරුඩ්ත් ගන්නෙත් නැ,ඒ තරමට මේ ගම අනිත් ගම් වලින් කොන් උනා,

    ඒත් ඒ ගමේ හිටිය සමහර මිනිස්සු තාමත් හිතන් ඉන්නෙ තට්ටු හතේ කඩයක් දැම්මම රට දියුනු වෙනවා, නයට හරි ලොකූ කඩයක් දැම්මම ඒක ගමට සම්පතක් කියලා. මොනා කරන්නද ඉතින් ඒ මිනුස්සුන්ගෙ අද්‍යාපන මට්ටමේ හැටි.

    ඔන්න ඉතින් මෙහෙම දේවල් මෙ ඩිංගිරිබංඩා කරන් යද්දි, ගමෙ මිනිස්සු ටික එකතු වෙලා මේ මනුස්සයව සභාපති කමෙන් අස් කරා. මැරෙනකල් සභාපති වෙලා ඉන්න පුලුවන් වෙයි කියලා හිතන් හිටපු ඩ්ංගිරි බන්ඩව අයින් කරමා මිනිස්සු කොච්ච්චර බය උනාද කියනවා නම්. තමන්ගෙ සහෝදරයො පවා ඒ මනුස්සව දාලා ගියා,

    පස්සෙ ඉතින් අලුත් සභාපතිට ඉතින් අර තට්ටු හතේ කඩ කැල්ලට කරන්න දෙයක් නැ, සමීතියට සතේක ආදායමක් නැ, යන්තම් කීය කීය හම්බ උනත්, අව්‍රුරුදු 5 ක් ගිහිල්ලත් අඩුම ගානෙ නය වාරිකයක් ගෙවාගන්න තරම් වත් කීයක් වත් නැ,

    ඉතින් මේ සභාපති ටත් කරනන් දෙයක්, නැ, ගමේ අලුතෙන් කර්මාන්තයක් පටන් අරන් ගමේ දෙයක් විකුනන්න මේ කඩේ පාවිච්චි කරන්න තව පෙනන මානෙක පුලුවන් කමක් නැ, ගමේ බඩු ටික විකුනන්න තැනක් හොයන්න මේ සභාපතිත් රටෙ ලෝකෙ නොගිය තැනක් නැ, ඒත් ඒ හැටි දෙයක් කරගන්න තාම ලැබුනෙ නැ,

    ඉතින් මේ සභාපති තීරනය කලා කඩේ රෙන්ට් අවුට් කරන්න, ඉතින් මේක හදපු අර කොන්ඩෙ බැදපු මුදලාලිම තීරනය කරා මේක ගන්න, අරන් ලැබෙන ලාබෙන් කොටසක් සමිතියට දෙන්න, කරන්නම දෙයක් නැතුව හිරවෙලා හිටපු සමිතියට මේකත් පොඩි හිතට සහනයක් උනා, හිතෙ දුකෙන් උනත් ඒක රෙන්ට් එකට දෙන්න උනා. දුකයි තමයි ඒත් අනාගතට ගැන නොහිතා කරන ඔය වගේ අදූරදර්ශී ක්‍රියා නිසා ඔහොම දුක් වෙන්න වෙනවා අපි කාටත්.

    නය වෙලා තට්ටු ගානක කඩයක් හදලා ඒකෙ උඩම නම ගහ ගත්තා කියලා කවුරුවත් පොර වෙන්නෙ නැ, තමන්ට පුලුවන් විදියට පෙට්ටිකඩයක් හරි දාගෙන, නය නොවි පුලුවන් විදියට ජිවත් උනා නම් හැමෝටම දුකක් නැ....

    අපේ ගමේ උන පුංචි කතාවක්,
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැබැයි මචන් ඔය කඩේට චුට්ටක් එහායින් ලොකු පාරක් තියෙනවා ගොඩක් වාහන යන එන.කඩේ ගාව තව පාමසියකුයි නවතින්න හෝටලෙකුයි දාගත්තා අර පාරේ යව වාහනවලින් ටිකක් හරි මේ කඩේට ගෙන්න ගන්න පුලුවන්. තව ලොකු පාරක් ඒලගින්ම හැදිගෙන එනවා තව අවුරුදු 30කින් විහර වැඩ ඉවරවෙන. අනික අර පරණ කඩේ ගාව පරණ මොරිස් මයිනර් නවත්වන්න ඉඩ තිබුනට අලුතෙන් එන ලොකු වාහන නවත්වන්නත් ඉඩ නෑ
    .
    අලුත් සභාපතිත් නිකම් ඉදලා නෑ .කලින්ත සභාපති අවුරුදු 10කදි විතර ගහ්වත ණයට වඩා සැහෙන්න ණය අවුරුදු දෙකකදි අරගෙන. .එහ් ඒවා වියදම කරලා හියෙන්නේ සමිහියේ සාමාජිකයිට වාහන ගෙන්වන්න වගේ වැඩවලට කිසිම ආදායමක් එන වැඩක් කරලා නෑ. සමිතියේ ගිණ්uමේ තිබ්බ සැහෙනගානක් අලුත් භාණ්ඩාගාරික ගහගෙන හොද අලුත් ගෙයකුත් අරන් දාලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    kohedida oka une ko link:confused: u nugath nisa job nathi nisa business skills nathi nisa ohoma wada karata man hithuwe na u modayk kiyala.:sorry:

    ohomawath kiala hitha hada ganin :lol:

    ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ අයිතිකරු 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. සාමාන්යයෙන් ලංකාවට ආයෝජන අවස්ථා සොයමින් එන ඕනෑම ආයෝජකයෙකු තීරණයක් ගැනීමට මාස හෝ වසර ගනන් වැය කලද මෙම සුප්‍රකට ව්‍යාපරිකයා කීවේ සුදුසු ඉඩමක් තිබෙනවානම් ඔහු මෙහිදීම අවසාන තීරණය ගන්නා බවය. මෙය එවකට රජයේ ප්‍රධානීන්ගේ කනට මී පැනි වැක් කිරීමක් වූ අතරය මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදි . අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශට අයත්ව තිබූ ගාලු මුවදොර ඉඩමයි.

    https://www.facebook.com/IsupportGotabayaRajapaksa/posts/1663283070371151:0

    ඊට කලින්ම තොරලානේ :lol:

    The Shangri-La group based in Hong Kong is to be given the land housing the present Army Headquarters and military sports ground in Colombo to build a US $75 million luxury hotel and apartment complex.

    Sunday November 14, 2010
    - http://www.sundaytimes.lk/101114/News/nws_14.html


    Sri Lanka to get 7-star Shangri-La hotel

    Author Jayantha Kovilagodage

    Dec 28, 2010 (LBO) – Hong Kong-based leisure group Shangri-La has signed a deal to acquire land to build a seven-star hotel in the Sri Lankan capital Colombo, the chairman of the tourism authority Nalaka Godahewa said. Shangri-La signed the agreement Tuesday to acquire 10 acres of government property near the Galle Face green promenade, Godahewa told Vimasuma.com, our sister news website.

    http://www.lankabusinessonline.com/sri-lanka-to-get-7-star-shangri-la-hotel/

    අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.


    https://www.facebook.com/IsupportGotabayaRajapaksa/posts/1663283070371151:0

    ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියලනේ. එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී. :lol::lol::lol:

    මහින්ද ෂැන්ග්‍රි - ලා ට සින්නක්කර වික්ක ඉඩමේ ඔප්පුව මෙන්න

    Shangri-la-004.jpg

    Shangri-la-003.jpg

    Shangri-la-002.jpg

    Shangri-la-001.jpg


    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/5599-2017-07-27-16-59-55
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ohomawath kiala hitha hada ganin :lol:



    ඊට කලින්ම තොරලානේ :lol:



    Sunday November 14, 2010
    - http://www.sundaytimes.lk/101114/News/nws_14.html




    http://www.lankabusinessonline.com/sri-lanka-to-get-7-star-shangri-la-hotel/



    ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියලනේ. එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී. :lol::lol::lol:

    අවජාතකයා මොන්සොන් ගොන්සොන් පච විය:lol::lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නය වෙලා තට්ටු ගානක කඩයක් හදලා ඒකෙ උඩම නම ගහ ගත්තා කියලා කවුරුවත් පොර වෙන්නෙ නැ, තමන්ට පුලුවන් විදියට පෙට්ටිකඩයක් හරි දාගෙන, නය නොවි පුලුවන් විදියට ජිවත් උනා නම් හැමෝටම දුකක් නැ....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඩිංගිරි බන්නඩලා වගේ එවුන් හැම දම කරේ බය්යියෝ චුන් කරන එක තමයි
    නුගත් ඩිංගිරි බන්නඩලා වැඩ කරන්නේ තෙමන්ගේ මොලේ පරිමාව අනුව
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නය වෙලා තට්ටු ගානක කඩයක් හදලා ඒකෙ උඩම නම ගහ ගත්තා කියලා කවුරුවත් පොර වෙන්නෙ නැ, තමන්ට පුලුවන් විදියට පෙට්ටිකඩයක් හරි දාගෙන, නය නොවි පුලුවන් විදියට ජිවත් උනා නම් හැමෝටම දුකක් නැ....

    :yes::yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,874
    2
    54,542
    113


    ඉතින් මේ සභාපති තීරනය කලා කඩේ රෙන්ට් අවුට් කරන්න, ඉතින් මේක හදපු අර කොන්ඩෙ බැදපු මුදලාලිම තීරනය කරා මේක ගන්න,

    ඔච්චර පාඩු කඩයක් කොන්ඩේ බැඳපු මුදලාලි ගත්තෙ මොකද දන්නෙ නෑ :baffled:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    මැරෙනකම්ම සබාපතිකමට තියෙන කෑදරකමට, ඩිංගිරිබණ්ඩා ගමේ චුටි දරුවන් වඩාගෙන උඩදාලා සුරතල් කරලා රගපාලා ඉම්ඹේ එහෙම නැද්ද
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    K Zone ගොඩකලකින් ඇවිත් අපේ උන් උසී ගන්වයි.... කෝ බ්‍රෝ ඒ දවස්වල දාපු පට්ට ත්‍රෙඩ් ???


     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔච්චර පාඩු කඩයක් කොන්ඩේ බැඳපු මුදලාලි ගත්තෙ මොකද දන්නෙ නෑ :baffled:
    බැංකුත් ණය දීලා අන්තිමට දේපල සින්න කර ගන්නෙ පාඩු ලාභ බලලද :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඩිංගිරි බණ්ඩාගේ කඩේට නිතර නිතර ආප්ප කන්න එන දෙපිටකාටු ගොබිලෙක් හිටිය පාල කියල මූ ඉස්සර ඉඳලම ඇහැ ගහගෙන හිටියෙ ඩිංගිරි බණ්ඩාට කොහොමද කටුව ගහන්නෙ කියල, ඉතිං ඔහොම වේලිවේලි ඉන්නකොට අල්ලපු ගමේ කට හැකර ගෑණියෙකුයි, හැමදාම අනුන්ගෙන් කන පිංගුත්තරයෙකුයි ඩිංගිරි බණ්ඩාගෙන් ණයට සිගරැට් ඉල්ලල නොදීපුනිසා ඔරොප්පුවෙලා ඉන්න ගලබංඩයි සැට් එක එකතුවෙලා, ඩිංගිරි බණ්ඩා එලවල දාල කඩේ අරගෙන ජෝගි නටන්න මාන බලබල හිටිය. කොහොමහරි හීන් නූලෙන් වැඩේ කොරගත්ත කියමුකො, කොරගත්තට මොකේ රන් එක දීගන්න අමාරුයි, අයිඩියාස් මොකුත් නැහැ අලුත් ඒව, ඔහොම ඉන්නකොට පාලයියගෙ බැංකුපොත් එහෙම හැඬල් කොරන එකාත් ඇහැ වහල සල්ලි පිල්ලියක් ගහල අලුත් ගෙයකටත් ගියා කියපන්කො දරු පවුලත් එක්ක ඔන්න ඉතිං පාලයිය තව වැටුනා, කඩෙ විකුන්නනත් කීයක් හරි පුකේ ගහගන්න පුලුවන් එහෙමවත් කොරමු කියල හදද්දි ගමට ආදරේ ගමේ එවුන් කිව්ව ගමේ කාටහරි දෙන්න පිට ගමක අයට දෙන්න එපා කියල කොහේද පාල මේ මොනවත් හොයන කෙනෙක් නෙවෙයි පත්තරේ බලබල ඉන්නව මායිය හදල දෙන කෙහෙල් කොලේ ඔතපු කෑම එක කාල පොඩ්ඩක් පන්සල පැත්තට බඩගාල එනව විතරයි. මොකෝ කඩේ විකුනන එක පත්තරේ දානවැයි පාලයිය දකින්න..., කොහොමින් කොහොමහරි ගමේ උන්ගේ ඔරොප්පුවත් ගණන් ගන්නෙ නැතුව මේ යෝදය මේක විකුන්න කියමු සිදාදියෙ එකෙක්ට, ඌ ආව අවුරුද්දක් විතර ගමේ එවුන්ට ණයට දුන්න, ඊටපස්සෙ පළමු මහලෙ බාර් එකක් දැම්ම, තව ටික කලක් යද්දි දෙවනි මහලේ කුඩු + KG පොට් එකක්, මිනිස්සු සතොසට ගිහින් එනගනනුත් ඒකට රිංගන්න පුරුදුවුනා, උඩම මහලේ බඩු පොට් එක කිසි කැතක් කුණක් නැතුව රන් වෙනව, අතට කීයක් හරි එකතුවුනාම ශොට් එකක් දාල බඩුවක් ගහන තාලෙන් පුරුදු වෙන්න ගමේ මිනිස්සුන්ට වැඩි කාලයක් ගියේ නැහැ. ගමේ පන්සලේ මල් පූජාවට, කඨින පි/න්කමට මිනිස්සු යන එක අඩුවුනා, සාමූහිකව එකාවගේ ඉඳපු ගම සංකර වුනා. අඩුමගානේ ගෑණු දරුවෙකුට ඉස්කෝලෙයක් ඇරිල පන්තියක් ඇරිල ඒ කඩේලඟින් ගෙදර එන්න බැරි තත්වයක් උදාවුනා. ගමේ එවුන් පොලිසි උසාවි ගානෙ ගියත් මේක ඉවරයක් කොරගන්න බැරිවුනා මොකේ ඒක බදුඅරන් තියෙන්නෙ පරම්පරා හතරකට කියන්නෙ.
    මේ වෙද්දි යන්තම් පරම්පරා දෙකක් විතර ගිහිල්ල ඒත් ගමේ මිනිස්සුන්ට කිසිම වගතුවක් නැහැ අතමිට සරුවුනේ නැහැ සාක්කු පිරුනෙ නැහැ ගෙදර ඇතිකරන බල්ලවත් බේරගන්න බැහැ ඩෝප් කාරයො මරනව. සමහරු කියනව කන්න කියල , වැලක ඇඳුමක් වේලගන්න බැහැ, කොච්චර හොන්නදට තිබ්බ තැනක්ද...දැන් පරම්පරා දෙකක් ගිහිල්ලත් ගමේ මිනිස්සු කියන්නෙ මේ විනාසෙ කරවු වුන්ට හෙණගහපිය උන්ගේ දරු පවුල් හැඳි ගෑවිලා පල කියල. ඒත් මම අහල තියෙන්නෙ උන් එකෙක්ටවත් දරු පවුල් නැහැ, රකින්න පවුල් ජීවිතයක් නැහැ කියලඑහෙම තිබ්බනම් ඔහොම වෙන්නෙ නැහැ කියලා අතීතෙ දවසක අපේ ආතා කියනව මට යාන්තමට අදටත් මතකයි.
     
    • Like
    Reactions: Rosantha

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ohomawath kiala hitha hada ganin :lol:



    ඊට කලින්ම තොරලානේ :lol:



    Sunday November 14, 2010
    - http://www.sundaytimes.lk/101114/News/nws_14.html




    http://www.lankabusinessonline.com/sri-lanka-to-get-7-star-shangri-la-hotel/



    ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියලනේ. එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී. :lol::lol::lol:

    man ubata mukuth kiwe na owa danwata .nugath unama ohoma karanna wenwa. lamainta hari banda dawasaka ugannapan:) man kiwe uba nugath and no business skills thats why you u do this for living but u arent stupid to mess with that sort of childish miss interpretation kiyala:):) uba hodai traffic lights laga glass eka laga pus muna dan atha dik karana unta wada:):)
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ඒත් ඒ ගමේ හිටිය සමහර මිනිස්සු තාමත් හිතන් ඉන්නෙ තට්ටු හතේ කඩයක් දැම්මම රට දියුනු වෙනවා, නයට හරි ලොකූ කඩයක් දැම්මම ඒක ගමට සම්පතක් කියලා. මොනා කරන්නද ඉතින් ඒ මිනුස්සුන්ගෙ අද්‍යාපන මට්ටමේ හැටි...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,874
    2
    54,542
    113
    බැංකුත් ණය දීලා අන්තිමට දේපල සින්න කර ගන්නෙ පාඩු ලාභ බලලද :rofl:

    බැංකු දේපළ සින්න කරගන්නවා මිසක් අතිනුත් දාල මිනිස්සු එන්නෙ නැති කඩේ පවත්වාගෙන යන්නෙ නෑනෙ :no:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කඩේ එක තට්ටුවක් හදලා ඒකෙ මොනවම හරි විකුනලා, ඒකෙන් එන සල්ලිවලින් නය ගෙවන ගමන් ඉතිරි තට්ටු ටික ගගන්න තිබ්බා ගමත් රටත් දියුනු වෙන විදියට, ඒත් ඩිංගිරිබංඩට ඒවගෙ තේරුමක් තිබ්බෙ නැ, හිතන් හිටියෙ ඔක්කොම දන්නවා කියලා.
    :(:(:yes:

    kade hoteleta widiyata gaththoth lagadima kade gawaing highway Interchange ekak set wenwa lu ai laga patha wena kadath nalu ugule damma ekata dan raja magul hena sallikarayek anith kadeta ena wuntath gama denna datha kanawa lu :no:


    gedara watenma naya wla inna asse mamayi banayi seppuwa wiida sallli paduwa piyannwana thawa mona hari badu denna wenawa