එන්තැල්පි ගැන කතා කරමුද?මම ඒ පාඩම තාම ඉගෙනගන්නවා...
![]()
![]()
එන්තැල්පි වර්ග ගොඩක් තියෙනව නේ..
පරමාණුකරන එන්තැල්පියට ඉස්සර කිව්වෙ, තූ කරන එන්තැල්පිය කියලලු..

“සම්මත අවස්ථාවේ පවතින මූලද්‍රව්‍යයෙන් ආරම්භ කර වායුමය පරමාණු මවුලයක් ලබා ගැනීමේදී සම්මත තත්ව යටතේ සිදුවන එන්තැල්පි විපර්යාසය, පරමාණුකරන එන්තැල්පිය වේ.. “

සම්මත තත්වය කියන්නෙ.. සම්මත උෂ්ණත්වයටයි, සම්මත පීඩනයටයි.
1. උෂ්ණත්වය 298K (25c)
2. පීඩනය 1.01325*10^5 Nm^-2
ඉතිං මේ උෂ්ණත්වයේදී හා පීඩනයේදී මූලද්‍රව්‍යයක් කියන්නෙ කොහොමද, ඒකට තමා සම්මත අවස්ථාවේ පවතින මූලද්‍රව්‍යයක් කියන්නෙ.. ගෑස් එකක් විදියට තියෙන්ඩ පුලුවං, නැත්තං ද්‍රවයක් හැටියට, නැත්තං ඝනයක් හැටියට..
මම ඒ පාඩම තාම ඉගෙනගන්නවා...