ඒ කියන්නෙ කඩ කඩ දෙද්දි ෆුල් ලොක් වීමත් වෙනවද ?
අහන එක පැහැදිලි මදි. මම හිතන්නෙ අහන්නෙ 100% බ්රේක් සහ 0% බ්රේක් අතර ද නැත්නම් 10-20% සහ 0% අතර ද බ්රේක් දෝලනය වෙන්නෙ කියන එක වෙන්න ඕන.
මුලින් කියපු එක තමයි වෙන්නෙ. මොකද බ්රේක් කාලයක් යනකොට ගෙවෙනව. ඒ නිසා 10-20% කියන එක නිර්නය කරන්න පරිඝනකයකට බැහැ. (මොකද ඒ මට්ටම කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා). අනිත් හෙතුව තමයි ABS වැඩ කරන්නෙ අපි උපරිම බ්රේක් පෑගුවොත් තමයි. ඉතින් පරිඝනකය කොයිම වෙලවකවත් අපි උපරිම බ්රේක් දෙද්දි ඒකට පිටින් ගිහින් බ්රේක් සිමා කරන්නෙ නැහැ. පරිඝනකය බලන්නෙ රෝද ලොක් වෙනවද කියන එක විතරයි. ලොක් වෙනවනම් ඉතමත් කෙටි කලයකට බ්රේක් අතාරිනව. සහ නැවත උපරිම බ්රේක් යොදනව.






