මේ වගේ හොද දෙයක් ඇහුවට ලංකාවේ අය කමෙන්ට් කරන්නේ නැහැ. එක්කෝ ඇඩ්සෙන්ස් කරන අයට මේවාට කමෙන්ට් දම දම ඉන්න වෙලාවක් නැහැ, එහෙමත් නැත්නම් තව එකෙක් උඩට ආව කියලා ඌට මොන කෙන්ගෙඩියක්වත් ලැබෙන්නේ නැති නිසා නිකන් කාලේ නාස්ති කරන්නේ මොකටද කියලා හිතනවා ඇති.
මම ඇඩ්සෙන්ස් ෆකීර් කෙනෙක් නම් නෙවෙයි, යාන්තම් මාසෙකට චෙක් එකක් ගෙන්න ගන්න පුළුවන් විදියට මාසයකට ඩොලර් 100ක් විතර හොයන එකෙක්. මාසෙකට ලැබුන වැඩිම ගාණ ඩොලර් 178 යි. ක්ල්ක් එකකට ලැබුන වැඩිම ගාණ ඩොලර් 38යි. මෙහෙමයි මචන්, ඇඩ්සෙන්ස් වලදි Views ගාණ වැදගත් වෙනවා, ඒත් Views + Clicks එන්න ඕනි European රටවල් වලින්. ඒ වගේම Generated Traffic අරගෙන වැඩක් නැහැ. ඒ කියන්නේ Genuine Views, Clicks වෙන්න ඕනි.
හොදම දේ තමයි ලෝකේ එදිනෙදා වෙන දේවල් බලලා කාටහරි ගන්න යමක් තියෙන පෝස්ට් දාන එක. උදාහරණයක් විදියට මේ දවස් වල කත බහ වෙන ටොපික් එකක් තමයි Malaysian flight එක අතුරුදහන් වීම. හැබැයි ඉතින් වෙන කවුරුවත් දාපුවා කොපි කරලා දාලත් වැඩක් වෙන්නේ නැහැ. එහෙම කරනවා නම් source 10ක් 15ක් විතර බලලා ආර්ටිකල් එකක් තනියෙන්ම ලියලා දාන්න. මම ඇඩ්සෙන්ස් කරන්නේ 2010 ඉදන්, මගේ සයිට් එකේ ආර්ටිකල්ස් 2011 අග භාගේ ඉදන් අප්ඩේට් කරන්නෙවත් නැහැ. ඒත් ඒ වෙනකන් ලියපු ඒවා අදටත් කවුරු හරි බලනවා, අදටත් දවසකට විව්ස් 300-500 අතර එනවා. ගොඩක්ම එනෙන ඒෂියන් කන්ට්‍රීස් වලින්, නමුත් USA, GB, AUS, Canada වගේ රටවල් වලිනුත් විව්ස් 60-70ක් විතර එනවා. ඒ රටවල් වලින්ම කිල්ක්ස් 10 ක් විතර දවසකට වැටෙන නිසා දවසකට ඩොලර් 3ක් හෝ ආසන්න ගානක් ලැබෙනවා. හිටපු ගමන් එක දවසකට ඩොලර් 10-20ක් වගෙත් ලැබෙනවා. කොහොම වුනත් මාසෙකට ලැබෙන ගාන නම් ඩොලර් 200 පන්නලා නම් නැහැ. අවුරුද්දකට සැරයක් හොස්ටින් ස්පේස් එකටයි ඩොමේන් නේම් එකටයි අදාල Fee එක ගෙවනවා.