LinkedIn ගැන කරුණු 7 ක්

umedhah

Active member
  • Jun 14, 2006
    466
    207
    43
    AKL, NZAA
    ඔබේ වෘත්තිය ජීවිතයේ වටිනාකම වැඩි කරන LinkedIn ගැන ප්‍රයෝජනවත් කරුණු 7 ක්



    මේ ලිපිය කියවන වෘත්තිකයෝ, ඒ කියන්නේ රස්සාවක් කරන අය. එතකොට රස්සාවක් ලඟදීම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය. දැන් මේ අයගෙන් ඇහුවොත් LinkedIn ප්‍රොෆයිල් එකක් තියෙනවද කියලා, ගොඩක් දෙනෙක් නැහැ කියයි. තව කට්ටියක් උඩ බිම බලයි මොකක්ද ඒ කුණුහරුපේ කියලා. හැබැයි මේ අයගෙන් ඇහුවොත් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් තියෙනවද කියලා, හැමෝම අනිවා අත උස්සනවා!
    හරි, LinkedIn කියලා දෙයක් තියෙනවා. ඒකෙන් ‍රැකියා කරන අයට හිතනවට වඩා සෑහෙන්න ප්‍රයෝජනත් තියෙනවා. මේ කතා කරන්න යන්නේ LinkedIn වෘත්තිය සමාජ ජාලයෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියන එක ගැන.


    1. මොකක්ද මේ LinkedIn කියන්නේ?

    LinkedIn-in-Sri-Lanka-aniwa-01.jpg
    Source – bizjournals.com


    පොතේ හැටියට නම් LinkedIn කියන්නෙත් තවත් සමාජ ජාලයක් තමයි. හැබැයි ඕපදූප හොයන්න, කාලේ කන්න වෙන් වුණු සමාජ ජාලයක් නෙවෙයි. වෘත්තිකයින්ට වෙන් වුණු, වෘත්තිමය පරිහරණයකට විතරක් භාවිතා වෙන සමාජ ජාලයක්. මේකේත් ෆේස්බුක් වගේම යාලුමිත්‍රයෝ එහෙම ඇඩ් කරගන්න පුලුවන්. හැබැයි ඕනම කෙනෙක්ව බෑ. තමන්ට කිසියම් වෘත්තිමය හෝ පුද්ගලික සම්බන්ධයක් තියෙන අය. එතකොට LinkedIn එකෙන් යාලුවෝ ඇඩ් කරගන්න ඕන පුද්ගලික යාලුපිට් ඇතිකරගන්න නම් නෙවෙයි. ඊට වඩා LinkedIn හරහා ඇතිකර ගැනෙන්නේ වෘත්තිය සම්බන්ධකම්. LinkedIn සමාජ ජාලය තුළ සාමාජිකයෝ බෙදාගන්නෙත් ඒ ඒ වෘත්තීන්ට සම්බන්ධ වුණු යම් යම් අදහස් තමයි. ඉතින් ඒ හින්දම කොටින් කියනවා නං, වෘත්තිකයෙක්ට වර්තමානයේදී LinkedIn ප්‍රොෆයිලයක් තියෙනවා කියන එක ලොකු වටිනාකමක් ගෙන එනවා. ඒ ඇයි කියලා ඊලඟට කියන්නම්.

    2. LinkedIn හින්දා ලැබෙන ප්‍රධානතම වාසිය මොකක්ද?

    LinkedIn-in-Sri-Lanka-aniwa-02.jpg
    Source – mindtools.com


    දැන් අපි ෆේස්බුක් ගත්තොත් කෙනෙක්ට ෆේස්බුක් එකවුන්ට් එකේ හිමිකාරයා ගැන මූලික අවබෝධයක් ගන්න පුලුවන්. හැබැයි ඒ පුද්ගලයා ගැන. ඒත් LinkedIn එකවුන්ට් එකක් බලලා කෙනෙක්ට ඒ LinkedIn එකවුන්ට් එකේ හිමිකරුවාගේ වෘත්තිමය ස්වභාවය, පළපුරුද්ද, විශේෂ දක්ෂතා වගේ දේවල් ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් වෙන්න ඕන. LinkedIn මූලික පරමාර්ථයත් ඒකම තමයි. කෙනෙක්ට LinkedIn ප්‍රොෆයිල් එකක් හදලා ඒකට තමන්ගේ ජීව දත්ත සටහනේ තියෙන විස්තර එකතු කරන්න පුලුවන්. ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාපනික සහ වෘත්තිය දැනුම් මට්ටම, වෘත්තිය නිපුණතාවයන්, වෘත්තිය පළපුරුද්ද, විශේෂ දක්ෂතාවයන් සහ කුසලතාවයන් වගේ දේවල්. එතකොට මෙතෙක් සේවය කරපු තැන්වල විස්තර එක්ක තමන්ට පැවරිලා තිබුණු වගකීම් ගැන එහෙමත් මෙතන සවිස්තරව සඳහන් කරන්න පුලුවන්.
    මේකේ තියෙන වාසිය සරලයි. ඔබට නව ‍රැකියා අවස්ථා ලබාගන්න, ‍රැකියා අවස්ථා සඳහා ආරාධනා ලබාගන්න වගේම ඔබ දැන් කරන ‍රැකියාවේ ඔබේ තත්ත්වය ඉහළ යන්නත් මේ විදියේ සවිස්තරාත්මකLinkedIn ප්‍රොෆයිල් එකක් තිබීම ලොකු වාසියක්.

    3. විශේෂ කුසලතා ලැයිස්තු කොහොමද හදන්නේ?

    LinkedIn-in-Sri-Lanka-aniwa-03.jpg
    Source – business2community.com


    ඔබේ LinkedIn එකවුන්ට් එකට ගියාට පස්සේ ඔබට තියෙනවා කියලා ඔබ දන්න කුසලතා ලැයිස්තුවකුත් හදන්න පුලුවන්. හැබැයි එහෙම තමන්ට ඕන ඕන දේවල් දැම්මට වැඩක් නෑ. ඔබව දන්න වෙන මිනිස්සු ඇවිත් ඔබට ඒ කුසලතා තියෙනවද නැද්ද කියලා සහතික කරලා යනවා. එතකොට එහෙම වැඩිම පිරිසක් සහතික කරලා තියෙන කුසලතා ඔබට ඇත්තටම තියෙනවා කියලා කෙනෙක්ට දැනගන්න පුලුවන්.
    දැන් ඔබේ LinkedIn ප්‍රොෆයිලයේ ඔබේ වෘත්තියට ගැලපෙන කුසලතා ලැයිස්තුවක් තියෙනවා නම්, ඒ කුසලතා ලැයිස්තුවෙන් බොහෝමයක් ඔබට තියෙනවා කියලා වෙනත් අය සහතික කරලා තියෙනවා නම්, ඔබව බොහොම ලේසියෙන් කෙනෙක්ගේ ඇහැ ගැටෙන්න හැකියාව තියෙනවා. ඔබව මෙහෙම නෝටිස් වෙන්නේ LinkedIn හරහා තමන්ගේ කොම්පැණියට වෘත්තිකයෙක්ව හොයන කෙනෙක්ට වෙන්න පුලුවන්. තේරෙනවනේ එතකොට තියෙන වාසිය?




    4. LinkedIn එකවුන්ට් එකක් ඇතුළේ තියෙන එක එක වැඩ කෑලි මොනවද?

    LinkedIn-in-Sri-Lanka-aniwa-04.jpg
    Source – linkedin.com


    LinkedIn පාවිච්චියට ආධුනිකයෙක් තේරුම් ගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. LinkedIn එකවුන්ට් එකක් හදන්න ඒ තරම් වෙලාවක් ගියේ නැතත්, ෆේස්බුක් එකවුන්ට් එකක් පුරවනවා වගේ ලේසියෙන් LinkedIn එකවුන්ට් එකේ විස්තර ඇතුළත් කරන්න බැහැ. ඒකට වෙලාව ගන්න ඕන. නිවැරදි භාෂා භාවිතය වැදගත්. එතකොට හැම වෙලාවේම නිවැරදි තොරතුරු දෙන්න ඕන. හරි බලමු LinkedIn පාවිච්චියේදී දැනුවත් වෙලා ඉන්න ඕන තව දේවල් ටිකක්
    Connections: මේ කියන්නේ LinkedIn හරහා පුද්ගලිකව දන්න අය. එක්කෝ ඉස්කෝලේ යාලුවෝ වෙන්න පුලුවන්, එහෙම නැතිනම් එකට වැඩකරන අය වෙන්න පුලුවන්.
    Second-degree connections: දැන් ඒ කනෙක්ෂන්ස් වලටත් තව කනෙක්ෂන්ස් තියෙනවනේ. ආන්න ඒ අය තමයි මේ. උදාහරණයක් විදියට ඔයාගෙ බොස්ගෙ බොස්. මේකම තවත් පියවරක් එහාට ගිහින් තමයි Third-degree connection කියලා කියන්නේ.
    Recommendations: මෙන්න මේක තවත් බොහෝම වටිනා දෙයක්. දැන් අපි හිතමු කලින් ඔ‍ෆිස් එකේ හිටපු බොස් කියලා. එතකොට ඔයා රස්සාවෙන් අස් වෙනකොට සාමාන්‍යයෙන් රෙකමන්ඩේෂන් ලෙටර් එකක් දෙන්න පුලුවන්. සමහර විට එහෙම දෙන්නෙ නෑ, වෙන කොහේ හරි තැනකින් රෙකමන්ඩේෂන් ලෙටර්ස් ඉල්ලුවොත් තමයි අපිටත් මතක් වෙන්නේ. හැබැයි දැන් ඔබට පුලුවන් එහෙම ඔබව රෙකමන්ඩ් කරන අයට කියලා ඔබේ LinkedIn එකවුන්ට් එකට රෙකමන්ඩේෂන්ස් එකතු කරන්න. ඒක ඔබේ වෘත්තිමය භාවයට වැඩි වටිනාකමක් වෙයි.
    Introductions: දැන් අපි කලිනුත් කිව්වනේ LinkedIn හරහා නොදන්න අයව ඇඩ් කරගන්න බෑ කියලා. හැබැයි අපි මෙහෙම හිතමු. දැන් අපේ යාලුවෙක් ඉන්නවා, එයා හිතනවා එයාගෙ යාලුවෙක්ගේ කොම්පැණියට කෙනෙක්ව ගන්න හොයනකොට ඒ ජොබ් එකට ඔයාව ගැලපෙනවා කියලා. එතකොට ඒ යාලුවට පුලුවන් එයාගෙ යාලුවාවයි, ඔයාවයි LinkedIn හරහා සම්බන්ධ කරන්න. ඒක තමයිIntroductions කියන්නේ.
    Messaging: ඉස්සර LinkedIn සයිට් එක තිබුණු විදියට ඔයාගේ නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න, ඒ කියන්නේ ඔයාගේ කනෙක්ෂන්ස් වෙලා ඉන්න අයට මැසේජ් කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට උපන් දිනේට සුබ පතන්න, අලුත් ජොබ් එකට එල කිරි කියලා කියන්න කියල LinkedIn එකෙන්ම අපිට මතක් කරනවා. හැබැයි දැන් මේ Messaging සේවාව තව දියුණු වෙලා තියෙනවා. දැන් ඒක චැට් පැනල් එකක් වගේ. කවුරුහරි කනෙක්ෂන් එකක් ඔන්ලයින් ඉන්නවා නං එයත් එක්ක මැසේජ් කරගන්න පුලුවන් චැට් කරන විදියටම.

    5. LinkedIn හරහා රස්සාවක් හොයාගන්න පුලුවන් වෙයිද?

    LinkedIn-in-Sri-Lanka-aniwa-05.jpg
    Source – linkedin.com


    දැන් මේකනේ ඇත්තටම දැවෙන ප්‍රශ්නේ. හරි, ජොබ් සම්බන්ධයෙන් කියද්දී අපිට LinkedIn තුන් ආකාරයකට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ අපි ජොබ් එකක් හොයනවා කියන තැන ඉඳන් බැලුවොත්.
    එකක් තමයි කෙලින්ම LinkedIn සයිට් එකේ තියෙන Jobs කියන තැනට ගිහින් බලන එක. දැන් තමන්ගේ ප්‍රොෆයිල් එක හරි විදියට පුරවලා, කුසලතා ලකුණු කරලා ඔක්කොම කම්ප්ලීට් නම් ඔයාට හරියන ජොබ්ස් මොනවද කියලා මෙතන පෙන්නනවා. ඕන නං LinkedIn සේවාවේ මුදල් ගෙවලා ගන්න තියෙන Premium සේවාව ලබාගෙන වැඩිපුර ‍රැකියා අවස්ථා හොයාගන්න පුලුවන්.
    දෙවෙනියට අපි හිතමු කෙනෙක් තමන්ගේ කම්පැණියට වෘත්තිකයෙක්ව හොයනවා කියලා. එයා නිකම්ම ජොබ් එක ගැන LinkedIn ඇඩ් එකක් දාලා නිකම් ඉන්නෙ නෑ. එයා ගිහින් එයාගේ Connections. Second-degree connections හරහා හොයනවා වැඩේට හරි යන මිනිස්සු. අන්න එතකොට ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එක දැකලා, ඒ ගැන පැහැදුනොත් එතනම ජොබ් එකකට අවස්ථාවක් ලැබෙන්න පුලුවන්.
    තුන්වෙනියට ගත්තොත් අපිට ඇත්තටම අපේ ජීව දත්ත සටහනට LinkedIn ප්‍රොෆයිල් එකේ ලින්ක් එක දාන්න පුලුවන්. එතකොට වෙන ජොබ් එකක් සෙට් වෙයි වගේ කියලා දැනෙන තැනකට වුනත් බය නැතුව කම්ප්ලීට් කරපු LinkedIn ප්‍රොෆයිල් එකේ ලින්ක් එක දෙන්න පුලුවන් ගිහින් බලන්න කියලා.
    ඇත්තටම මේ වෙනකොට ලංකාවේ ලොකු ප්‍රවණතාවයක් හැදෙමින් තියෙනවා LinkedIn හරහා ජොබ්ස් වලට ගැලපෙනම මිනිස්සු හොයන්න. මේක තමයි ඉතින් වෘත්තිමය ලෝකයේ වර්තමානය. අනාගතය නෙවෙයි, වර්තමානය. ඒ හින්දා දැන්මම ඒකට සූදානම් වෙලා ඉන්න එක හොඳයි.

    6. LinkedIn හරහා තියෙන වෙන ලාභ ප්‍රයෝජන මොනවද?

    LinkedIn-in-Sri-Lanka-aniwa-06.jpg
    Source – digitalparade.com


    දැන් ඔය LinkedIn Network කියන එක බොහොම වටිනවා ජොබ් එකක් කරන මනුස්සයෙක්ට වුනත්. මෙහෙම හිතන්න. දැන් ඔයා ඉන්න කම්පැණියෙන් එළිදක්වන අලුත් ප්‍රඩක්ට් එකකට මීඩියා කවරේජ් ගන්න ඕන වෙනවා. එතකොට දන්න අයට කෝල් කර කර හොයනවට වඩා ලේසියි කෙලින්ම LinkedIn ප්‍රොෆයිල් එකට ගිහින් ඔය සම්බන්ධව ඉන්නේ කවුද කියලා බලන එක. පහසුවෙන්ම මීඩියා වල වැඩ කරන අය විතරක් නෙවෙයි, මීඩියා ඒජන්සි පවා හොයාගන්න පුලුවන්. ආන්න ඒ විදියට වෘත්තීන් අතර සම්බන්ධතා හැදෙන්න LinkedIn බොහොම ප්‍රයෝජනවත්.
    දැන් LinkedIn වල තියෙනවා ප්‍රශ්න අහලා උත්තර හොයන්න පුලුවන් සිස්ටම් එකක්. ඒ කියන්නේ එක එක සමූහයන්, ගෘප්ස් තියෙනවා. දැන් අපි හිතමු සස්ටේනබල් ඩිවලොප්මන්ට් ගැන ඔයාට දැනගන්න ඕන දේවල් තියෙනවා කියලා. කරන්න තියෙන්නේ ඒ සම්බන්ධව තියෙන LinkedIn ගෘප් එකකට යන එක. දැන් එතන ඔයාට තියෙන ප්‍රශ්නේ ඇහුවහම, ඒ සම්බන්ධව ඒ ගෘප් එකේ ඉන්න එක්ස්පර්ට්ලා ඇවිත් අදහස් දක්වයි. ඒ වගේම තමයි ඔබටත් යම් කිසි දෙයක් ගැන විශේෂඥ දැනුමක් තියෙනවා නම් ඒ විදියට අනික් අයට උදවු කරන්න පුලුවන්.
    අපි හිතමු අපිට අලුත් කම්පැණියක් එක්ක ප්‍රොජෙක්ට් එකක් කරන්න ආවා කියලා. එහෙම නැතිනම් අලුත් කොම්පැණියක ඉන්ටවීව් යන්න ආවා කියලා. දැන් මේ කම්පැණිය ගැන පොඩි රිසර්ච් පාරක් දාන්න LinkedIn කියන්නේ මසුරන් වටින තැනක්. පොඩ්ඩක් කම්පැණියේ නමින් සර්ච් කරලා බලලා අපිට අවශ්‍ය කරුණු සෑහෙන්න හොඳින් හොයාගන්න පුලුවන් LinkedIn හරහා.

    7. අන්තිමට LinkedIn හරියට පාවිච්චි කිරීම ගැන ඉඟි කීපයක්

    LinkedIn-in-Sri-Lanka-aniwa-07.jpg
    Source – linkedin.en.softonic.com


    හැමවෙලාවකම මතක තියාගන්න ඕන LinkedIn කියන්නේ වෘත්තිකයෝ එකතුවෙලා ඉන්න වෘත්තිමය අවකාශයක් කියන එක. ඉතින් ඒ වගේ තැනක ජොකා බයිලා කෙලිනවා කියන්නේ තමන්ගේ ප්‍රතිරූපයටම හානියක් කියන එක අමතක කරන්න හොඳ නෑ. විශේෂයෙන්ම තමන්ගේ LinkedIn ප්‍රොෆයිල් එකේ අන්තර්ගතය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, අපි ෂෙයාර් කරන පෝස්ට් එකක වුනත්, ස්ටේටස් අප්ඩේට් එකක වුනත් ඒ වෘත්තිමය භාවය අනිවා තියෙන්න ඕන.
    එතකොට LinkedIn සයිට් එකෙන් ඇඩ් කරන්න ඕනද කියලා අහන කොල්ලවයි බල්ලවයි ඇඩ් කරන්න යන්න එපා. තමන්ගේ වෘත්තියත් එක්ක සෘජු සම්බන්ධකම් තියෙන, එහෙම නැතිනම් වක්‍රව හෝ සම්බන්ධකම් තියෙන අයව මිසක් වෙන අයව ඇඩ් කරන්න යන එක මේ වගේ සමාජ ජාලයක තේරුමක් නෑ.
    අන්තිමට කියන්න තියෙන්නේත් මුලින්ම කිව්ව දෙයක්. හැම වෙලාවේම LinkedIn ප්‍රොෆයිල් එකට එකතු කරන කරුණු සත්‍යවාදී වෙන්න ඕන. නිරවද්‍ය වෙන්න ඕන. මොකද ඕවා හොයලා බලන්නෙ නැතුව කවුරුවත් ජොබ් දෙන්නෙ නෑනේ. එතකොට තමන් කරලා තියෙන එක බොරුවක් හරි ගැස්සුනොත්, එතනින් එහාට වෘත්තිමය ප්‍රතිරූපයම ඉවරයි.


    http://www.aniwa.lk
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    එලකිරි යාලුවන්ගෙන් පොඩි (ලොකු ) සපෝට් 1k one
    මම එලකිරියට අලුතින් ආවෙ (මාස 2) ඒත් තාම හරියට එලකිරි 1 use කරන්න තේරුමක් නෑ. තේරෙන සින්හලෙන් කවුරු හරි form 1ගැන thread 1k Daannako............
    How to write new thread ?
    What is rep?
    How to use forum ?