වැඩේ අසාර්ථක වුනොත් ගහකට 45,000 නෙමෙයි 45ලක්ෂයක් වුනත් දෙන්නම් කියල අගවිනිසුරුට කියල හරි අග්රිමන්ට් ගහන්න පුළුවන්.
සීමිත පුද්ගලික/පොදු සමාගමක් නම් වගකීම සීමා වෙන්නේ ඇපයට විතරයි. කොම්පැනිය බංකොලොත් වුනොත් (නැත්තම් බංකොලොත් කලොත්) ආයෝජකයාට දෙන්න ඕන මුදල සීමා වෙන්නේ සමාගමේ ඇපයට විතරයි. එතකොට ඔය අග්රිමන්ට් එකෙන් කරන්න පුළුවන් වෙන එකම දේ ටොයිලට් එකට ගිහිල්ල පස්ස පිහදාගන්න එක විතරයි.
ඔය වගේ සමාගම් වල සාමාන්‍යයෙන් වෙන්නේ - අවුරුදු කිහිපයක් බිස්නස් එක කරලා සමාගමේ ආදායම උච්ච අගයට එයි. ඊට පස්සේ අලුත් ආයෝජකයෝ එකතු වෙන්නේ නැති මට්ටමට ආවම අධ්‍යක්ෂකයින්ට හිතෙයි දැන් නම් ඇති කියල. ඊට පස්සේ අධ්‍යක්ෂකයෝ ටික ශේප් එකේ සල්ලි ටිකට විදලා ටටා බායි කියල යයි. එච්චරයි.
පුළුවන් නම් අග්රිමන්ට් එක ගහන්න කියපන් ව්‍යාපාරය හෝ පලදාව අසාර්ථක වුවහොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ පෞද්ගලික මුදලින් හරි අර 45,000 ගෙවනවා කියල සමාගම් මට්ටමින් නෙමෙයි පුද්ගලික මට්ටමින් අත්සන් කරන්න කියල. මාකටින් කාරය පැනල දුවයි ආයේ පැත්ත පළාතේ නොඑන්න.
හැබැයි මෙහෙම ට්‍රික් එකක් තියෙනවා. ඔය වගාව රක්ෂණය කරලා තියෙනවා ඒ හින්ද සමාගම බංකොලොත් වුනොත් රක්ෂණයෙන් ගෙවනවා කියල කියන්න පුළුවන්. එකෙත් පොඩි කොස්සක් තියෙනවා. කාලගුණික හේතු වගේ හේතු නිසා වගාවන් සියල්ල විනාශ වෙලා කොම්පැනිය බංකොලොත් වුනොත් නම් රක්ෂණයෙන් ගෙවයි නමුත් අධ්‍යක්ෂක මණ්ඩලය ගේමක් දුන්නොත් එක රක්ෂණ සමාගමට නොගෙවා ඉන්න පුළුවන්.
Anika mchn company ekak pihituwala eka muwawen hora wadak karala pudgalayanta berenna puluwn da company act ekata anuwa.








