All about Cricket - Mega Thread

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කාලයක් තිස්සෙ වටිනා කියන ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතාගෙන හිටියට අනෙකුත් වැඩ රාජකාරි නිසා දවසින් දවස වැඩේ කල්ගියා:dull:.මට හිතුනා අපි කවුරුත් කැමති මාතෘකාවක් ගැන කස්ටිය නොදන්න දේවල් ටිකක් කතා කරන්න:).ක්‍රිකට්,අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට හය හතර නොතේරෙන පොඩි එකා පටන් ක්‍රිකට් වලට කැමතියි:cool:.1996 ට එපිට කාලෙදි අපේ රටේ මිනිස්සු තමන්ගෙ වීරයො විදියට ඇදහුවෙ හින්දි සිනමාවෙ එහෙමත් නැත්තම් හොලිවුඩ් වල නලුවන්:growl:.නමුත් 1996 ලෝක කුසලානය අපි දිනුවයින් පස්සෙ අපේ මිනිස්සුන්ගෙ හිත්වල අලුත් වීරයින් පිරිසක් බිහිවුනා:).ලෝක සිතියමේ ශ්‍රී ලන්කාව කියන පුන්චි දූපත ගැන අනිත් රටවල් වල අවදානය යොමු උනේ ඊට පස්සෙ.එදා සුද්දෙක්ගෙන් ශ්‍රී ලන්කාව ගැන ඇහුවම පොරට ක්ලික් වෙන්නෙ "ආ අර ජයසූරියගෙ රට නේද කියල".එදා ඉදලා අද වෙනකොට අපේ රටේ මිනිස්සුන්ට ක්‍රිකට් කියන දේ ලේ වලටම එකතු උන දෙයක් බවට නොදැනීම පරිවර්තනය වෙලා:baffled:.ඒක කොච්චරද කියන එකට ඊයෙ දවසෙ එෆ්.බී එකට වැටිච්ච කමෙන්ට්ස් හා ස්ටේටස් වල තරමින් හොදට පැහැදිලි වෙනවා:rofl:.වැඩිය ඕන නෑ පහුගිය ලෝක කුසලාන තරගාවලියෙ අපේ ටීම් එක සෙල්ලම් කරන මැචස් බලන්න එන්න මිනිස්සු කොච්චර නම් ට්‍රයි එක දුන්නද:shocked:!ටිකට් පතේ මිලට වැඩිය තුන් ගුනයක් ගෙවලා හරි ටිකක් ගන්න කොල්ලො කෙල්ලො මහ රෑ ඉදලා නිදි මරාගෙන මාලිගාවත්තෙ හිටපු ඒවා අපේ කස්ටියට මතක ඇති.:sorry:

    රායිට්.... එහෙනම් වැඩේ පටන් ගමු:cool:.මුලින්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ක්‍රිකට් බෝල්ස් ගැන,තේරෙන බාසාවෙන් කිව්වොත් ලෙදර් බෝල ගැන:nerd:.එලකිරියෙ ඇති ලෙදර් සෙල්ලම් කරපු කස්ටිය ඕන තරම්.නමුත් පාසල් මට්ටමේ,සමාජ හා අන්තර්ජාතික මට්ටමේ තරග අනුව මෙම බෝල වර්ග එකිනෙකට සෑහෙන්න වෙනස් වෙනවා:eek:.නොදන්න අය හිතනවා ඇති කොයිකත් එකනෙ කියලා,නෑ...මේවා ගුනාත්මකබවින්,හැසිරීමෙන් හා මිලෙන් එකිනෙකට ගොඩක් වෙනස් වෙනවා.ඔන්න එහෙනම් පින්තූර එක්ක මේවා ගැන පොඩි හැදින්වීමක් බලාගනිල්ලකො.:)

    kookaburra.jpg

    ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතර ඉතාම බහුලව භාවිතා වෙන්නෙ Kookaburra නාමය යටතේ නිශ්පාදනය කරන බෝල,මෙහි මව් සමාගම ඕස්ට්‍රේලියාවෙ පිහිටලා තියෙන්නෙ.එන්ගලන්තය හැර අනෙකුත් රටවල් යොදාගන්නෙ මෙම බෝල වර්ගයයි.


    1.Kookaburra Turf White
    CB101N.jpg

    Price : AUD 93.00
    Weight : 156g

    සියලු ආනයන ගාස්තු සමග රු. 11,700/- පමන වේ.

    2.Kookaburra Turf Red
    kookaburra-turf-red-cricket-ball.jpg
    Price : AUD 89.00
    Weight : 156g

    සියලු ආනයන ගාස්තු සමග රු. 11,400/- පමන වේ.

    3.Kookaburra Turf Pink
    Pink-ball-with-Pink.jpg
    මෙය තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින අතර බොහෝ දුරට දිවා රාත්‍රී ටෙස්ට් තරග සදහා යොදා ගැනෙනු ඇත.
    Price : AUD 93.00
    Weight : 156g

    සියලු ආනයන ගාස්තු සමග රු. 10,800/- පමන වේ.

    ඉහත සියලුම වර්ග අන්තර්ජාතික තරහ සදහා යොදා ගනු ලබන අතර කාන්තා තරග සදහා ඉහත වර්ග වලම 142g බර ප්‍රමනයෙන් නිශ්පාදිත බෝල යොදා ගනී.
    ඒ වගේම සියලු කන්ඩායම් වල පුහුනුවීම් සදහා මෙම වර්ගවල නිශ්පාදනයේදී ප්‍රතික්ශේපිත(Rejected) බෝල භාවිතා කරයි.මේව හොද වර්ගය සමග වෙන්කොට හදුනා ගැනීම සදහා බෝලයේ මැද දාරයේ කතිර සලකුනක් යොදා ඇත.මිලෙහිද සුලු වෙනසක් ඇත.

    එන්ගලන්ත කන්ඩායම විසින් යොදා ගනු ලබන්නේ Dukes නමැති තම මව් රටේම නිශ්පාදිත බෝල වර්ගයකි.
    ashes_ball.jpg

    Price : GBP 49.50/-
    සියලු ආනයන ගාස්තු සමග රු. 10,400/- පමන වේ.
    අලු බදුන තරගාවලිය සදහා මෙය බහුලව යොදාගනු ලබන අතර එන්ගලන්තයේ පවත්වන සියලු අන්තර්ජාතික තරග සදහාද මෙය යොදා ගනී.
    තව ජාති නම් ගොඩයි මේවා ටයිප් කරලම දැන් උපරිම ඩල්,ලැබෙන ප්‍රතිචාර අනුව ත්‍රෙඩ් එක අප්ඩේට් කිරීමට බලාපොරත්තු වේ.