All Buddhists Please Read.

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
ඔහොම දේවල් යම් පිරිසක් කරනවා තමයි. සර්ව බලධාරී දෙවියෙක් ගැන කිසිම බෞද්ධයෙක් පිළිගන්නේ නෑ. බුදු දහමේ දෙවියන් ගැන සඳහන් වෙන්නේ වෙන ආගම් වල සඳහන් වෙනවාට වඩා වෙනස් ආකාරයට.
දේව විශ්වාස පසුපස්සේ අන්ධවෙලා යන එකට මම විරුද්ධයි. දෙවියන්ට පින්දීම වගේ දේවලින් අපිට දේවාරක්ෂාව ලැබෙනවා. හොඳින් ඉන්න කෙනාට දෙවියොත් උදව් කරනවා.

ස්වාමීන්වහන්සේලා ගැන නිර්දය ලෙස විවේචනය කරපු එකට මම දැඩිසේ විරුද්ධයි. එහෙම පිරිස් ටික දෙනෙක් ඉන්නවා ඇති. බණ කියන්න සල්ලි ගන්න, අසීමාන්තිකව වාහන පෞද්ගලික පරිභෝජනයට ගන්නා ටික දෙනෙක් ඇති. ඒ අය ඉක්මනටම නැතිවෙලා යනවා. නොයෙකුත් දුශ්කරතා මධ්‍යයේ සාසනේ රකින සිල්වත් ස්වාමීන්වහන්සේලා අනන්තවත් ඉන්නවා. ලංකාවේ හැමතැනම. ඒක නිසා සුලු පිරිසක් කරන ක්‍රියාවලට සියලු පැවිදි උතුමන්ට අගෞරව කරන්න එපා.

ඔයා ඔය කියන දේ යටි අරමුණ නම් පැහැදිලි නෑ. හැබැයි සුලු සිද්ධීන් ටිකක් අල්ලාගෙන සමස්ථ බෞද්ධ ප්‍රජාවම අවමානයට ලක්කරනකොට එකෙන් වාසිය එන්නේ අන්‍යාගමික අන්තවාදීන්ට කියලත් මතක තියාගන්න.
 
fortunato

Banned
Mar 30, 2012
241
20
0
mokadda machan me open forum kiyanne ? mama thama danne ne :confused::confused::confused:

moderator la monavahari thread ekakata kemathi nethnam eka danne open forum ekata. eth eyala ekata official hethu deyi mama hithanne. MR SFwa hira kare wiruddha una hinda kiyala piliganne nea wage thamayi.
 
ah eka misak. Mata loku problem ekak wela thibba eka. thanks :)
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mokadda machan me open forum kiyanne ? mama thama danne ne :confused::confused::confused:

    machan post ekak insult wena widhita or naraka wachana baawitha karoth tatas gaala mekata wetanawa ...metana itin comments daala prasna wisadaganna tiyanne..

    Free exchange of ideas and express yourself to solve problems for the common good.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    moderator la monavahari thread ekakata kemathi nethnam eka danne open forum ekata. eth eyala ekata official hethu deyi mama hithanne. MR SFwa hira kare wiruddha una hinda kiyala piliganne nea wage thamayi.

    mod kemathi neti wagema prasnayk eti wena nisa tatas gaala mekata danne..itin metana hodin kata karala prasnaya wisadagatta nam hari:yes::yes:

    GT ME GENA PODDAK Pedili karoth hoday :D
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    machan post ekak insult wena widhita or naraka wachana baawitha karoth tatas gaala mekata wetanawa ...metana itin comments daala prasna wisadaganna tiyanne..

    Free exchange of ideas and express yourself to solve problems for the common good.
    thanks machan. I got it now :)
     
    fortunato

    Banned
    Mar 30, 2012
    241
    20
    0
    mod kemathi neti wagema prasnayk eti wena nisa tatas gaala mekata danne..itin metana hodin kata karala prasnaya wisadagatta nam hari:yes::yes:

    GT ME GENA PODDAK Pedili karoth hoday :D

    machan oya naraka wachana scene eka nam piliganna amaruyi. meeta wada amuwenma kunuharupa thiyana thread thiyanawane ban.
    me thread eke oya kiyana widihata kunuharupa dakke ne mama nam.
    mata pena widihata moderator th andha bhakthikayek. ekayi.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    machan oya naraka wachana scene eka nam piliganna amaruyi. meeta wada amuwenma kunuharupa thiyana thread thiyanawane ban.
    me thread eke oya kiyana widihata kunuharupa dakke ne mama nam.
    mata pena widihata moderator th andha bhakthikayek. ekayi.

    ekath eka pettakin hari ,,,but machan man dekala tiyana widhita monawa hari aagamak insult wena topics daala eke kunu harapa posts okkoma mekata wetanawa....metana religious sambanday hodata balanna meke daala tiyana topics...
     
    fortunato

    Banned
    Mar 30, 2012
    241
    20
    0
    ඔහොම දේවල් යම් පිරිසක් කරනවා තමයි. සර්ව බලධාරී දෙවියෙක් ගැන කිසිම බෞද්ධයෙක් පිළිගන්නේ නෑ. බුදු දහමේ දෙවියන් ගැන සඳහන් වෙන්නේ වෙන ආගම් වල සඳහන් වෙනවාට වඩා වෙනස් ආකාරයට.
    දේව විශ්වාස පසුපස්සේ අන්ධවෙලා යන එකට මම විරුද්ධයි. දෙවියන්ට පින්දීම වගේ දේවලින් අපිට දේවාරක්ෂාව ලැබෙනවා. හොඳින් ඉන්න කෙනාට දෙවියොත් උදව් කරනවා.

    ස්වාමීන්වහන්සේලා ගැන නිර්දය ලෙස විවේචනය කරපු එකට මම දැඩිසේ විරුද්ධයි. එහෙම පිරිස් ටික දෙනෙක් ඉන්නවා ඇති. බණ කියන්න සල්ලි ගන්න, අසීමාන්තිකව වාහන පෞද්ගලික පරිභෝජනයට ගන්නා ටික දෙනෙක් ඇති. ඒ අය ඉක්මනටම නැතිවෙලා යනවා. නොයෙකුත් දුශ්කරතා මධ්‍යයේ සාසනේ රකින සිල්වත් ස්වාමීන්වහන්සේලා අනන්තවත් ඉන්නවා. ලංකාවේ හැමතැනම. ඒක නිසා සුලු පිරිසක් කරන ක්‍රියාවලට සියලු පැවිදි උතුමන්ට අගෞරව කරන්න එපා.

    ඔයා ඔය කියන දේ යටි අරමුණ නම් පැහැදිලි නෑ. හැබැයි සුලු සිද්ධීන් ටිකක් අල්ලාගෙන සමස්ථ බෞද්ධ ප්‍රජාවම අවමානයට ලක්කරනකොට එකෙන් වාසිය එන්නේ අන්‍යාගමික අන්තවාදීන්ට කියලත් මතක තියාගන්න.
    නරක අය කීප දෙනයි ද ඉන්නේ? යකෝ තියන බෙන්ස් කාර් ගණනෙන් උන්ව මනින්න එපා. දුන්නොත් ගන්න ලෑස්ති ගණනෙන් මැනපන්. කී දෙනෙක් එපා කියයි ද බලපන්.

    බුදුහාමුදුරුවෝ කිව්වේ හැමෝම සමානයි කියල නේද ? එතකොට ඇයි ඔය නිකාය බේදය? මහන වෙද්දී කුලය බලන්නේ? ඒක හරි ද?

    මගේ යටි අරමුණක් නෑ. මම පෙන්නන්න හදන්නේ උඹල මහා ලොකුවට අනිත් උන් ට මිත්‍යාව කියල කෑ ගැහුවට උඹල ඊට වඩා අන්තයි කියල. උඹල ඔලුව උඩ තියාගෙන ඉන්න හාමුදුරුවොත් මිත්‍යා දෘෂ්ටිකයි. බලපන් පන්සලේ ලොකුවට ගන්නේ දෙවියන් ගේ උත්සව නේද ? අලුත්ගම කන්දේ විහාරේ කියල තියන එකට මිනිස්සු යන්නේ මොකටද දෙවියන්ට යාඥා කරන්න නේද ?
    ඇත්තටම අවමාන කරන්නේ කවුද එතකොට? මොලේ පාවිච්චි කරලා බලපන්
     
    අපෝ ගොඩක් දෙනා එපා කියයි. ස්වාමින්වහන්සේලා ඉන්නේ කෙලෙස් ප්‍රහාණය කරන්න මිසක් ඒවා එකතු කරන්න නෙවෙයි. උඹ දුන්නොත් එපා කියයි කියන්නේ උඹ දෙන්න බැලුවද ?. නොවෙච්ච දෙයක් ගැන කියලා උබ කරන්නෙත් අපහාසයක්ම තමයි

    නිකාය භේදය ආවේ සංස්කෘතිය කාරණයක් නිසා. බුදුදහම කෝට්ටේ යුගයේදී නැවැත බුරුමයෙන්, රාමඥ්ඥ දේශයෙන් ගෙන්නකොට ඒ ඒ පළාත් වල ස්වාමීන් වහන්සේලා ඒ ඒ නිකාය වලට බැඳුනා. දැන් නිකාය වලට බෙදුනා කියලා හාමුදුරුවරු මරාගන්නවාද ?. වෙන ආගම් වලනම් එහෙම වෙනවා. කුළවාදයත් ඒ එක්කම ආපු එකක්. පළාත් පළාත් වල ඉන්න කුළ ඒ ඒ නිකායන් එක්ක එකතු වුනා. ඒක සාසනේට ගැටලුවක් නෑ

    අපි නම් ඔලුව උඩ හාමුදුරුවෝ තියාගෙන ඉන්නේ නෑ. අපි සංඝ සමාජයට ගරුකරන්නේ බුද්ධ ශ්‍රාවකයින් නිසා. උන්වහන්සේලාගේ සංඝ ගුණ නිසා. උඹලා නම් ඉතින් හැම වෙලාවේදීම පහත් කරලානේ කතා කරන්නේ. බුදු දහමේ දේව විශවාස ගැන ආයේ ආයේ මම කියන්න යන්නේ නෑ. දෙවියන්ට පින්දීලා තමන්ගේ හොඳ ප්‍රාර්ථනා ඉශ්ට කරගන්නවානම් ඒකට හරස් කපන්න අපිට ඕනේ නෑ.

    එපාම කියයි. බලන් හිටපන්. නොවෙච්ච දෙයක් කිව්වේ හාමුදුරුවොන් ට බෙන්ස් දෙන්න හැදුවොත් කියපු එක ද? සොරි මචන් ඒක අපහාසයක් නම්.

    අනික බුදු දහමේ දේව විශ්වාස නෙවෙයි බන් අද තියෙන්නේ. දෙවියන් ඇදහීම සහ යාඥා කිරීම සඳහා පන්සල යොදා ගැනීම පමණයි.
    නිකාය බේදය ආවේ කොහොමද කියල නෙවෙයි. කොහොම ආවත්, කුලය බලල මහන කරන එක හරි ද වැරදිද කියපන්කෝ.
    උඹත් මිත්‍යාවට සහයෝගය දෙන බෞද්ධ ලේබල් කාරයෙක් බන්.
     
    මම නම් කවදාවත් මිත්‍යාවට සහය දුන්නේ නෑ. ඒ මිත්‍යාවත් එක්ක සටන් කරන්න තමයි හැමදාම ඉදිරිපත් වුනේ.
    කුළය බලලා මහණ කිරීම සංස්කෘතියත් එක්ක ආපු එකක්. නිකාය භේදය ආපු හැටි ගැන කියන එක ඔය කුලය බලලා මහන කරගන්න එකට සම්බන්ධයි. නිකාය භේදය හා කුළය බැලීම අතීතයේ තිබ්බේ නැත්තේ සංඝ සමාජය බුදු රජාණන් වහන්සේ හා සංකෙන්ද්‍රණය වෙච්ච නිසා. ඒක සංවෘත එකක්. නමුත් කාලයක් යනකොට එහෙම වෙනස් වීම සිද්ධ වෙනවා. නිකාය තිබ්බාට සංඝයා කවදාවත් පහත් විදිහට සලකන්නේ නෑ වෙනත් නිකායක්. නිකායන් සියල්ල සමානයි.

    මිත්‍යාවෙන් දෙවියන් යැදිම සිද්ධ වෙනවානම් ඉතින් ඒක නරකයි. නමුත් එහෙම කිව්වාට හැමදෙනාම මිත්‍යා දෘෂ්ටික නෑ.
    උඹේ මුලින් තර්ක අනුව
    පිරිසක දෙවියන් හා යාඥා කරනවා
    ඒ පිරිස බෞද්ධයින්
    ලංකාවේ බෞද්ධයින් සිටිනවා
    ඒක නිසා ඒ බෞද්ධයින් සියලු දෙනාම මිත්‍යා දෘෂ්ටිකයින්

    උඹ මිත්‍යාවත් එක්ක මාර සටනක් නේ කරන්නේ.දැන් නිකායන් සමානයි නම් ඉතින් ඒවා අතැරලා දාල මහන කරන්න තිබුනනේ. තවත් මොකට ද තියාගෙන ඉන්නේ? කාලයත් එක්ක වෙනස් වෙච්ච එක ගැන තමයි බන් මමත් කියන්නේ. කොච්චර වෙනස් වෙලාද කියනවනම් අද හොඳයි කියන්නේ එදා නරකයි කියපුව. කොටින්ම පන්සලත් හාමුදුරුවන්ගේ නමට ලියනවා. ඔය මහනායකල අනුනායකල කවදාවත් මනුස්සයෙකුට හම්බ වෙන්න පුළුවන් ද? දුප්පත් මිනිහෙකුගේ මලගේකට යනවද? හොඳම සිවුරු නැත්නම් අඳිනවා ද? ඔහොම හිටපන් වෙනස් වෙනවා කිය කියා. තව ටික දවසකින් ගෑනුත් ගෙනෙයි ප්‍රසිද්ධියේම. එතකොට උඹට පුළුවන් කොන්ඩම් පැකට් සාංඝික කරන්න.

    මට උඹේ ඔය බර වචන තේරෙන්නේ නෑ හැබැයි අද තියෙන්නේ තනිකරම මිත්‍යාව විතරයි කියල තේරෙනවා. එහෙම තියාගෙන උඹල අර එක දෙවියෙකුට විතරක් එදත් අදත් වඳින උන්ට බනිනවා. යකෝ උන් අඩු තරමේ ප්‍රතිපත්තියක් රකිනවා. උඹල මොනවද කරන්නේ. අතපය ගොඩක් තියන ඕනෑම බලි රූපයකට වඳිනවා.
    මට තේරෙන්නේ නැහැ උඹේ අන්තිම කතාව. හැබැයි තේරෙන විදිහට කියන්නම්. ඔව්, ලංකාවේ බෞද්ධයෝ කියල කියන උන් තනිකරම අන්ධකාරයේ ගමන් කරන මිත්‍යා දෘෂ්ටිකයෝ.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට ඔක්කොම කියවන්න වෙලා නෑ උඹ අහපු ප්‍රශ්න දෙකකට උත්තර දෙන්නම්

    බෝ ගහට වඳින්නේ බෝ ගහක් යට තමයි අපේ බුදුරජානන් වහන්සේ බුදු බවට පත් උනේ ඒකට ආචාර කිරීමක් වශයෙන් තමයි බෝ ගහට හැමෝම ආචාර කරන්නේ :yes:
    ඒ ආචාර කිරීම සිදුහත් කුමාරයා බුදු බවට පත් උනාට පස්සෙ බුදු රජාණන්වහන්සේ පවා කරයි කියල දන්නවා ඇතිනේ

    මම බුද්ධාගමේ ඒත් මම කවදාවත් කතරමවත් කිසිම දෙවියෙක්ට වන්දලත් නෑ මම දන්නේත් නෑ ඒ කවුද කියලවත් :no:

    ඉතින් අයිස් උඹ දැන් බලපන් මුන් බෝධි පුජාව කරන්නේ ඒකටද කියල. ළමයි විභාගෙට යන්න කලින් කරනවා. තනිකරම යාඥාවක්. ලෙඩක් උනොත් යාඥාවක් ලියල බෝ ගහේ එල්ලනවා. සුවය පතා බෝධිපූජා පවත්වනවා. ඒ කියන්නේ සුවය පතා යාඥා කරනවා. ඕව ගැන තමයි මම කියන්නේ.