Alto එකක් ගන්න යන්නෙ !?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    අවුරුදු 2ක් බලන් ඉඳලා ඇතිවෙලා... 2015 ඉන්දියන් Alto එකක් ගන්න තීරණය කරා...
    28 කට වගේ හොයාගන්න පුලුවන්...

    ඇල්ටො එක සිලෙක්ට් කරේ
    1. ඉස්සරහට අඩු උනත් උපරිම ලක්ශ 5-6න් අඩුවෙයි කියලා
    2. දැනට ඒ ගානට ගන්න තියන අඩුම බජට් කාර් එක
    3. තෙල් ගනන් එක්ක කොස්ට් එක අඩුයි
    4. මේන්ටේනන්ස් කොස්ට් එක අඩු යි
    5. වාහනයක් දැනට අත්‍යවශ්‍ය යි
    කිරියේ කට්ටියගේ අදහස මොකක්ද??? මීට වඩා හොඳ ඔප්ශන් තියෙනවද?

    ගිය අවුරුද්දෙ ගත්තනම් 24 කට වගේ ගන්න තිබ්බා... බලන් හිටියා අඩුවෙයි කියලා.... ☹️
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    හපොයි නරන්න දෙයක් නෑ. වෙන option එකක් නෑනේ. තව කාලයක් යනකම් අඩුවේන එකක් නෑ කෝමත්. මන් ගත්තේ 16 කට 2019 නොවැම්බර් වගේ. ඊට පස්සේ 22 විතර උනා ගිය අවුරුද්දේ. දැන් 28යි. :( :(:(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    හපොයි නරන්න දෙයක් නෑ. වෙන option එකක් නෑනේ. තව කාලයක් යනකම් අඩුවේන එකක් නෑ කෝමත්. මන් ගත්තේ 16 කට 2019 නොවැම්බර් වගේ. ඊට පස්සේ 22 විතර උනා ගිය අවුරුද්දේ. දැන් 28යි. :( :(:(
    2015 da???
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ගන්න මචං... මමනං කියන්නෙ අද කාලෙ හැටියට හොඳ තේරීමක්...,

    මම පාවිච්චි කරල තියෙනව. විට්ස් එකට වඩා තෙල් කරනව. ඕනෙ කන්දක ලන්දක කිසි අවුලක් නැතුව යන්නත් පුලුවන්...
    සර්විස්, ටයර්, බැට්‍රි ඇරුනම අමතර නඩත්තු වියදමක් නැති තරං...
    අදින්නෙ නෑ වගේ දැනුනොත් a/c ඕෆ් කරපු ගමං ගියර් එකක් අඩු කරා වගේ පිකප් වෙනව..😅

    එකම දේ හප්ප ගන්නෙ නැතුව පරිස්සමට පදින්න. යන්තං ගෑවුනත්, දොරවල් බොනට් පත්තර කොළ වගේ නැමෙනව...
    මගෙ යාලුවෙක්ගෙ වාහනේ පස්සෙන් වද්දල, (පොඩි ඇක්සිඩන්ට් එකක්) වාහනේ ඉස්සරහට තල්ලුවෙන ප්‍රෙශර් එකට ශීට් එකේ ඇන්ද නැමිල බෙල්ල ඇමෙට්ටි වෙලා බෙල්ලට
    කොලර් දාගෙන ඉන්න වුණා... ඒ තරමටම සේෆ්ටි මදි...

    ඕනවට වඩා හයියෙන් යන්න එපා... විසිවෙන ගතිය වැඩියි.. හයිවේ එකේ වුණත් උපරිමය 80 තියාගෙන යන එක සේෆ්...

    නැද්ද මචං, @kasun090354t
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    හයිවේ එකේ වුණත් උපරිමය 80 තියාගෙන යන එක සේෆ්...

    නැද්ද මචං, @kasun090354t
    අඩෝ හයිවේ එකේ ඇල්ටො යනවා බං 120 ට් ත්. පිස්සු හැදෙන යේමක් සමහර එවුන් යන්නේ.

    මම ඒක නිසාම හිතුවේ අලුත් එක හයිය ඇති කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ හයිවේ එකේ ඇල්ටො යනවා බං 120 ට් ත්. පිස්සු හැදෙන යේමක් සමහර එවුන් යන්නේ.

    මම ඒක නිසාම හිතුවේ අලුත් එක හයිය ඇති කියලා.
    යන්ඩ පුලුවන්, ඒත් ආර්ක්ශිත 80 වගේ තමයි hodhama.. හොද වාහනයක් නරක නැ තමන්ගෙ ආරක්ශාව තියන් පදින්ඩයි තියෙන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    අඩෝ හයිවේ එකේ ඇල්ටො යනවා බං 120 ට් ත්. පිස්සු හැදෙන යේමක් සමහර එවුන් යන්නේ.

    මම ඒක නිසාම හිතුවේ අලුත් එක හයිය ඇති කියලා.
    වෙන වාහනයක් පැදල අත්දැකීමක් තියෙන මනුස්සයෙක් ජීවිතේට ඔහොම යන්නෙ නෑ මචං....

    මමනං මොන වාහනේට නැග්ගත් වාහනේ ගැස්සෙන විදිහ, වයිබ්රේශන් වෙන විදිහ, පොඩි වංගු වලදි වාහනේ බොඩි රෝලිං ඇඟට දැනෙන විදිහ, එන්ජිමේ සද්දෙ අනුව යන්න පුලුවන් විදිහ ගැන අදහසක් හිතට ගන්නව....

    ඕනෙම මනුස්සයෙක්,
    කාර් එක, වෑන් එක, ලොරිය ඔය වාහන තුන එලවන්නෙ තුන් විදිහකටනෙ... ඒ වගේ තමයි...

    ඇල්ටො එකේනං ඔය මුකුත් ඕනෙ නැ.... නැගල ඉඳගත්තම, ස්ටීයරිං වීල් එකේ අත් දෙක තියෙන විදිහයි, කකුල් දෙක තියෙන පොසිශන්, වලින්ම අදහසක් ගන්න පුලුවන්....
    හයි වේ එකේ පාරවල් වල තියෙන රැලි උඩින් එහෙම යද්දි ගුවන් ගතවෙයි කියල බයක් දැනෙනව... මටනං ඇල්ටො එකට 80ත් වැඩියි...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    අඩෝ හයිවේ එකේ ඇල්ටො යනවා බං 120 ට් ත්. පිස්සු හැදෙන යේමක් සමහර එවුන් යන්නේ.

    මම ඒක නිසාම හිතුවේ අලුත් එක හයිය ඇති කියලා.
    120ට නම් alto එකේ යන්න එපා. යන්න පුලුවන් මන් ගිහිනුත් තියනවා. 100 හොදටම ශේප්. මන්නම් දැන් 80 තමා උපරිම ටයර් එකේ පොඩි අවුලක් නිසා. ගල් වැලි, සිමෙන්ති, ලෑලි, ටිපර් එකක බඩු ඇදලා තියේන්නේ. ගියසතියෙත් සිමෙන්ති කොට්ටා 4 අරන් අවා. :lol: :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ගල් වැලි, සිමෙන්ති, ලෑලි, ටිපර් එකක බඩු ඇදලා තියේන්නේ. ගියසතියෙත් සිමෙන්ති කොට්ටා 4 අරන් අවා.
    @GoodDetective ඇල්ටො ගන්න හොයනකොට,
    අයිතිකාරය කිරියෙ ඉන්නවද කියල බලල ගන්න... එළකිරි මෙම්බරයෙක්නං, වාහනේ දිහා බලන්නවත් එපා....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    @GoodDetective ඇල්ටො ගන්න හොයනකොට,
    අයිතිකාරය කිරියෙ ඉන්නවද කියල බලල ගන්න... එළකිරි මෙම්බරයෙක්නං, වාහනේ දිහා බලන්නවත් එපා....
    අම්මෝ මට මේක දුන්න එකත් කියලාම තමා දුන්නේ. උගේ පලවෙනි එක නිසා. වැදිච්ච තැන්ටික ඔක්කොම, දොරවල් හිටන් දාපුවා.
    , මටනම් තාම විකුනන්න කිසිම අදහසක් නෑ. විකුනුවත් ඉතින් හොර බොරුනම් නෑ අයේ. කියන්න තියන ඔක්කොම කියලා දේන්නේ මේ කියනවා වගේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    වෙන වාහනයක් පැදල අත්දැකීමක් තියෙන මනුස්සයෙක් ජීවිතේට ඔහොම යන්නෙ නෑ මචං....

    මමනං මොන වාහනේට නැග්ගත් වාහනේ ගැස්සෙන විදිහ, වයිබ්රේශන් වෙන විදිහ, පොඩි වංගු වලදි වාහනේ බොඩි රෝලිං ඇඟට දැනෙන විදිහ, එන්ජිමේ සද්දෙ අනුව යන්න පුලුවන් විදිහ ගැන අදහසක් හිතට ගන්නව....

    ඕනෙම මනුස්සයෙක්,
    කාර් එක, වෑන් එක, ලොරිය ඔය වාහන තුන එලවන්නෙ තුන් විදිහකටනෙ... ඒ වගේ තමයි...

    ඇල්ටො එකේනං ඔය මුකුත් ඕනෙ නැ.... නැගල ඉඳගත්තම, ස්ටීයරිං වීල් එකේ අත් දෙක තියෙන විදිහයි, කකුල් දෙක තියෙන පොසිශන්, වලින්ම අදහසක් ගන්න පුලුවන්....
    හයි වේ එකේ පාරවල් වල තියෙන රැලි උඩින් එහෙම යද්දි ගුවන් ගතවෙයි කියල බයක් දැනෙනව... මටනං ඇල්ටො එකට 80ත් වැඩියි...
    True:)
     
    • Love
    Reactions: PHBhagya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ගන්න මචං... මමනං කියන්නෙ අද කාලෙ හැටියට හොඳ තේරීමක්...,

    එකම දේ හප්ප ගන්නෙ නැතුව පරිස්සමට පදින්න. යන්තං ගෑවුනත්, දොරවල් බොනට් පත්තර කොළ වගේ නැමෙනව...
    මගෙ යාලුවෙක්ගෙ වාහනේ පස්සෙන් වද්දල, (පොඩි ඇක්සිඩන්ට් එකක්) වාහනේ ඉස්සරහට තල්ලුවෙන ප්‍රෙශර් එකට ශීට් එකේ ඇන්ද නැමිල බෙල්ල ඇමෙට්ටි වෙලා බෙල්ලට
    කොලර් දාගෙන ඉන්න වුණා... ඒ තරමටම සේෆ්ටි මදි...

    ඕනවට වඩා හයියෙන් යන්න එපා... විසිවෙන ගතිය වැඩියි.. හයිවේ එකේ වුණත් උපරිමය 80 තියාගෙන යන එක සේෆ්...

    නැද්ද මචං, @kasun090354t
    මොනදේ තිබ්බත්, තුට්ටු දෙකට ලැබුනත් සේෆ්ටි නැත්නම් වැඩක් තියනවද ?? ඊට වඩා හොදයි බස් එකේම ගියානම්. :lol::lol: තු නොදකින් !!
     
    Last edited:
    • Sad
    Reactions: PHBhagya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,437
    1
    32,113
    113
    - උඩරට -
    අවුරුදු 2ක් බලන් ඉඳලා ඇතිවෙලා... 2015 ඉන්දියන් Alto එකක් ගන්න තීරණය කරා...
    28 කට වගේ හොයාගන්න පුලුවන්...

    ඇල්ටො එක සිලෙක්ට් කරේ
    1. ඉස්සරහට අඩු උනත් උපරිම ලක්ශ 5-6න් අඩුවෙයි කියලා
    2. දැනට ඒ ගානට ගන්න තියන අඩුම බජට් කාර් එක
    3. තෙල් ගනන් එක්ක කොස්ට් එක අඩුයි
    4. මේන්ටේනන්ස් කොස්ට් එක අඩු යි
    5. වාහනයක් දැනට අත්‍යවශ්‍ය යි
    කිරියේ කට්ටියගේ අදහස මොකක්ද??? මීට වඩා හොඳ ඔප්ශන් තියෙනවද?

    ගිය අවුරුද්දෙ ගත්තනම් 24 කට වගේ ගන්න තිබ්බා... බලන් හිටියා අඩුවෙයි කියලා.... ☹️
    ඇල්ටෝ එකක් අරන්
    බුල්ටෝ වෙලා
    පෙට්ටියෙන් ගෙදරට
    වරෙන් ඈ.. :baffled:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඇල්ට්ර අවුලක් නැහැ බන්. හැබයි ඇල්ටෝ එකක් කියලා මතක් තියාගනින්. මම ඇල්ටෝ නම් එලවලා නැහැ. හැබයි මරුටි එලවලා තියනවා. ඒක සැරයක් කතරගම ගියා ඇග කලා දාලා වගේ. එච්චරම අවුල් නැතුව ඇති ඕක. හයිවේ සීයට ගියා එක සැරයක් වාහනේ යන විදිහට එහෙන්ම අසුවට අඩු කලා. ජපන් වාහාන යක් ගත්තාම තමා වෙනස් තේරෙන්නේ. ඒවා සෑහෙන්න ඇඟට සනීපයි. කොහොමත් හයවේනම් සීය පන්නන්න යනවා කියන්නේ ගොන් වැඩක්. මම වැඩක් ආර් එකෙත් අනූව පනින්නේ නැහැ. ඒ මගුලේ පුදුම ට්‍රැෆික් එකක් නේ තියෙන්නේ.