Aluth LTTE eke rahasigatha naayakaya
Namal Kanthan.
"තාරුණ්‍යයට හෙටක්" රහස හෙළිවෙයි - නාමල් ලන්ඩනයේදී එමිල් කාන්තන් හමුවෙලා
2010 ජනවාරි 15 වෙනි සිකුරාදා, 17:12
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවී රහසිගත සාකච්ඡාවක් සිදුකොට ඇති බව පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකවරුන් හෙළිකරයි.
පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකයින් වන අනුර දිසානායක සහ මංගල සමරවීම මන්ත්‍රීවරුන් මෙම හෙළිදරව්ව කළේ අද පෙරවරුවේ පොදු අපේක්ෂක ප්‍රචාරක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එමිල් කාන්ත් සහ නාමල් රාජපක්ෂ පෙනී සිටින ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කරමින් ඔවුන් පෙන්වාදුන්නේ ''තාරුණ්‍යයට හෙටක්" සංවිධානය පිටුපස ඇති රහස මෙය බවයි. එය එසේ නොවේ නම් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට දිනපතා ලක්ෂ 100කට අධික වියදමක් දරමින් රූපවාහිනී දැන්වීම් පළකිරීමට මුදල් ලැබුණේ කෙසේ දැයි රටට හෙළි කරන ලෙස නාමල් රාජපක්ෂ මහතාට ඔවුන් අභියෝග කර සිටියේය.
එමෙන්ම එමිල් කාන්තන් සහ නාමල් රාජපක්ෂ අතර මෙම රහසිගත හමුව සිදුවූයේ කුමන කාරණාවකටද යන්න වහාම රටට හෙළිකරන ලෙස අගමැති රත්නසිරි වික්‍රමණායක මහතාට අභියෝග කළේය.
පහත පළවන්නේ පොදු අපේක්ෂකයින් විසින් මාධ්‍යයට නිකුත් කළ එම ඡායාරූපයයි. එහි හිස බූ ගා සිටින්නේ එමිල් කාන්තන්ය.
