kohomada ban meka da ganne....galaxy s ekak thiyenne...mokadda root kiyanne
Android Root
උපුටා ගැනීම: http://www.dhanushkasline.com
මම Google සමාගමේ ඇන්රොයිඩ්(Android) මෙහෙයුම් පද්ධතිය තියන phone එකක් අරන් ටිකක් කල්,මෙච්චර කාලයක් ආපු OS එකට මොකුත් කරන්න නැතුව හිටපු මට හදිස්සියෙන්ම ඕන උනා
සිංහල install කරන්න, ඒකට ඉතින් කරන්න Root ඕනනේ.අද මම ඇන්රොයිඩ් phone එක root කලා.
මොකක්ද මේ කරනවා Root කියල කියන්නේ. Root කියන වචනේ Linux OS එකේ එහෙම වැඩ කරල පුරුදු කෙනෙකුටනම් අමුතු දෙයක් නෙමේ.Limux වල කියල කියන්නේ Windows වල Administrator එක login වගේ තමයි. Windows මෙහෙයුම් පද්ධතියේ Administrator login මගින් සියලුම පරිපාලන කටයුතු කරන්න පුලුවන් වගේ තමයි Linux වල මේක කරන්න Root login එක.
ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතියත් තනිකරම Linux kernel එක පාදක කරගෙන නිර්මාණය කල එකක් නිසා ඇන්රොයිඩ් වල Administrative Privilege ලබා ගැනීම තමයි Root කරනවා කියන්නේ.
එතකොට ඇන්රොයිඩ් එකක් සල්ලි දීල ගත්තට අපිට Administrator Access හම්බවෙන්නේ නැද්ද? නෑ අපිට ලැබෙන්නේ නෑ.අපිට කරන්න පුලුවන් define කරපු සීමිත වැඩ ටිකක් විතරයි.
උදාහරණයක් ලෙස අපිට
සිංහල font එකක් දාන්න බෑ root කරන්නේ නැතිව, නමුත් ඔවුන් install කරපු fonts අපිට වෙනස් කරන්න පුලුවන්.
ඊට අමතරව root කිරීමේ advantages
මෙතන තියනවා.
1. මුලින්ම Root කිරීම සදහා SuperOneClick කියන Software එක
භාගත කර ගන්න.
2. දෙවනුව SD Card එක Unmount කරන්න.
මේ සදහා Setting -> SD card and store වලට යන්න
3.දැන් phone එක පරිගණකයට සම්බන්ද කර USB Debugging active කරන්න
4.Step 1 වලදී භාගත zip කල file එක unzip කරගන්න.
5. එහි Super onclick setup file එක double click කරන්න.
6. දැන් phone එක root වීම ආරම්භවනු ඇත.අවසානයේ Root Successfully ලෙස විධානයක් ලැබේ.
දැන් Root කරල ඉවරයි.