සුපිරි කස්ටමර් සර්විස් 

මම පාරේ යනවිට එකවර දුටුවේ මේ අංකල් සමග ත්‍රීවිල් රියදුරෙක් බහින්බස්වන ආකාරයයි. එසේ වී අංකල් පාර මාරුවී එහාපැත්තට යනතුරු මම නවත්වා බලා සිටිමි. එකවර ත්‍රීවීල් රියදුරා ත්‍රීරෝද රථය නවත්වා පාර හරහා මාරුවී පැමිණ අර වයසක මනුස්සයාගේ කන හරහා ගැසීය.තව එකක් ගැසීය. ක්ෂණිකව වාහනයෙන් බැස පාර මාරුවී මා එතනට යන ටිකට ඔහු විසින් පයින් ගැසූ පහරින් අංකල් පාර අයිනට විසිවී ලයිට් කණුව ඔන්න මෙන්න තිබී බිමට වැටිණ. මිනිස්සු 20ක් පමණ සිටියද කිසිවෙකු ඉදිරිපත් නොවේ. කාලකන්නි රියදුරා නැවත පහරදීමට පෙර මා කෑගසාගෙන එතනට ගිය නිසා ඔහු මාරු වී ගියේය.
අංකල්ව නැගිට්ටවා අවට පාසල් ඇරී වෑන් එනකම් සිටි කුඩා දරුවෙක්ගෙන් වතුර ගෙන ඒ දරුවාද සමග අංකල්ගේ ලේ එන තුවාල සේදුවෙමු.... මේ අංකල් බෙහෙත් ගැනීමට ෆාමසියට එම ත්‍රීරෝද රථයෙන් පැමිණ ඇති අතර රියදුරාට පරක්කු වන නිසා හෝන් ගසමින් අංකල්ව හදිසි කර ඇත. බෙහෙත් ගෙන එළියට පැමිණ ඒ ගැන ඇතිවූ බහින්බස්වීමට මෙසේ මාරාන්තික ලෙස පහරදෙන ලදී.

තමා සමග හයර් එකට පැමිණි පාරිභෝගිකයාට මේ ආකාරයෙන් සුපිරිම කස්ටමර් සර්විස් එකක් ලබාදීමට ඒ කාලකන්නි ත්‍රීරෝද රථ රියදුරා සමත්විය.

ඉන්පසු අංකල් ගේ ගෙදර කොහෙද කියලා අහලා මම යන ගමන පැත්තකින් දාලා ඒ අසරණ මනුස්සයාව ගෙදරටම ගොස් ඇරලවන ලදී.
හොදම සීන් එක අංකල් ගේ ලගදී මට සල්ලි දෙන්න හදනවා. මම් එපා කිව්වා. ඊට පස්සේ සිගරට් එකක් දෙනවා යද්දි බොන්නලු.
ඒකත් එපා කියලා මම ආවා.
වැඩිහිටියන්ට සළකමු.

- Copied from facebook