අද පොඩ්ඩක් අපි සරලම විදියට කතාකරමු මොනවද මේ "Consortium Ship" එහෙම නැත්නම් "Vessel Consortium" කියන්නේ කියලා. මෙම යෙදුම බොහෝවිට බාවිතා කරනු ලබන්නේ බහලුම් ප්‍රවාහන යාත්‍රාවල නිසා අපි අපේ අවදානය දැනට බහලුම් ප්‍රවාහන යාත්‍රා වලට පමණක් අනුගත කරගෙන කරුණු කාරණා පිලිබදව පොඩ්ඩක් දැනුවත් වෙමු.
අතීතයේ ලෙස නොව වර්තමානයේ කෙමින් කෙමින් අති විශාල ප්‍රමාණයේ බහලුම් ප්‍රවාහණ යාත්‍රා නිෂ්පාදනය වන අතර එක් වරකට පටවා ප්‍රවාහණය කිරීමට හැකි බහලුම් ගණන කෙමෙන් කෙමෙන් ඉහලට යනු ලබයි. වර්තමානයේ එකවර TEU (Twenty-foot Equivalent Unit) 24,346 පමණ ප්‍රවාහනය කල හැකි යාත්‍රා නිෂ්පාදනය කර ඇත.
එතකොට මේ දාරීතාව එක්ක "Consortium Ship" එහෙම නැත්නම් "Vessel Consortium" කියන යෙදුමේ සම්බන්දය මොකක්ද? හොයලා බලමු අපි මේ ගැන බොහොම සරලව.
යාත්‍රාවක් විශාල වන්නට වන්නට එහි වරකට ප්‍රවාහනය කිරීමට හැකි බහලුම් ගණන ඉහළයයි. ඉහිදී යාත්‍රා හිමිකරුවන්ගේ සහ බහලුම් හිමිකරුවන්ගේ පිරිවැය අවම කරගැනීමට යාත්‍රාව එහි උපරිම දරිතාවයෙන් දියත්කල යුතුය. ගැටලුව තියෙන්නේ තනි යාත්‍රා හිමිකරුවෙකුට හෝ තනි බහලුම් හිමිකරුවෙකට එය කිරීමට හැකියාව ඇතිද යන්නයි? පිළිතුර බොහෝවිට එසේ කල නොහැක.
එසේනම් යාත්‍රාව උපරිම බහලුම් දාරිතාවය පුරවමින් ගමනාගමනයේ යෙදීමට කුමක් කල යුතුද?
සම්මුතියක් අවශ්‍යයි. තනි යාත්‍රා හිමිකරුවෙකට තම යාත්‍රාව තම බහලුම් වලින් පිරිවිය නොහැකිනම් එසේ කිරීමට හැකි කණ්ඩායම් කිහිපයක් සමග සම්මුතියකට එලබිය යුතුය. එලෙස ගොඩ නගන සම්මුතිය නාවිකව හදුන්වන්නේ "Consortium Ship" එහෙම නැත්නම් "Vessel Consortium" ලෙසයි. නෞකා හිමිකරුවන් කණ්ඩායමක් විසින් කිසියම් නිර්ණය කරන ලද ගමනාන්ත දෙකක් අතර හෝ කිහිපයක් අතර සම්මුතියකට අදාලව ගිවිසගත් කාලයකට තම යාත්‍රා සහ බහලුම් නැව්ගත කිරීම "Consortium Ship" එහෙම නැත්නම් "Vessel Consortium" ලෙස හදුන්වනු ලබයි.
මම තවත් සරල කරන්න යන්නේ මේ කරුණ. පහල බලන්න
@PHBhagya - Nissan Presea Shipping Line සමාගම
@NRTG - Honda Civic Shipping Line සමාගම
@Stimulus mind - Toyota Prius Shipping Line සමාගම
@Solo Rider - Nissan Navara Shipping Line සමාගම
මේගොල්ලෝ හතරදෙනා එනවා සම්මුතියකට සතියකට එක්කෙනක් තමන්ගේ නැවක් නැත්නම් යාත්‍රාවක් එක සර්විස් එකක යොදවන්න. සර්විස් එකක් කියන්නේ ගමනාන්ත දෙකක් හෝ කිහිපයක් අතර නොනවත්වා ගමන්කිරීමක්. නියමිත කාලයක්, නියමිත ගමනාන්ත අතර එක යාත්‍රාවක ඇති බහලුම් දාරිතාව බෙදා වෙන්කරගෙන බාවිතා කිරීම තමයි "Consortium Ship" එහෙම නැත්නම් "Vessel Consortium" ලෙස හදුන්වනු ලබන්නේ. අපි ඕකට ලස්සන වචනයක් කියනවා "The Alliance" කියලා.
තවත් සරල කරන්න යන්නේ දැන්. සම්මුතිය උඩ ඉන්න හතර දෙන අතර මෙන්න මෙහෙමයි වෙන්නේ. හතර දෙනාම කැමති වෙනවා එයාලට අයිති යාත්‍රා හතරක්, එක්කෙනක් සතියට එක බැගින් සේවයට යොදවන්න නියමිත ගමනාන්ත අතර. එක වෙන්නේ මෙහමයි.
Service Name : Walathara Express
Serive Routine : Colombo - Mundra - Jabel Ali - Rotterdam - Hamburg - Cape Town - Colombo
පළමු සතිය - @PHBhagya එයාගේ 24,346 TEUs දාරිතාවක් තියෙන "MSC Irina" යාත්‍රාව මෙම සේවාවේ යොදවනවා. බහලුම් ප්‍රමාණය හරියටම හතරට බෙදාගෙන ඒ යාත්‍රාවේ @PHBhagya ගේ බහලුම් වලට අමතර අනිත් තුන්දෙනගේත් @Solo Rider @Stimulus mind @NRTG බහලුම් පටවනු ලබනවා.
දෙවෙනි සතිය - @Solo Rider එයාගේ 24,346 TEUs දාරිතාවක් තියෙන "HMM Hamburg" යාත්‍රාව මෙම සේවාවේ යොදවනවා. බහලුම් ප්‍රමාණය හරියටම හතරට බෙදාගෙන ඒ යාත්‍රාවේ @Solo Rider ගේ බහලුම් වලට අමතර අනිත් තුන්දෙනගේත් @PHBhagya @Stimulus mind @NRTG බහලුම් පටවනු ලබනවා.
තුන්වෙනි සතිය - @Stimulus mind එයාගේ 24,188 TEUs දාරිතාවක් තියෙන "OOCL Spain" යාත්‍රාව මෙම සේවාවේ යොදවනවා. බහලුම් ප්‍රමාණය හරියටම හතරට බෙදාගෙන ඒ යාත්‍රාවේ @Stimulus mind ගේ බහලුම් වලට අමතර අනිත් තුන්දෙනගේත් @PHBhagya @Solo Rider @NRTG බහලුම් පටවනු ලබනවා.
හතරවන සතිය - @NRTG එයාගේ 24,188 TEUs දාරිතාවක් තියෙන "CMA CGM Concorde" යාත්‍රාව මෙම සේවාවේ යොදවනවා. බහලුම් ප්‍රමාණය හරියටම හතරට බෙදාගෙන ඒ යාත්‍රාවේ @NRTG ගේ බහලුම් වලට අමතර අනිත් තුන්දෙනගේත් @PHBhagya @Solo Rider @Stimulus mind බහලුම් පටවනු ලබනවා.
එතකොට සිදුවන්නේ තනි අයිතිකරුවෙකුට වඩා බෙදාගත් පාර්ශව හතරක් එම යාත්‍රාවේ තම බහලුම් පටවනු ලබනවා. තනි හිමිකරුවෙක්ට වඩා වැඩි ප්‍රමාණයක් බහලුම් වලින් පිරෙනවා. ඔය ආකරයට සම්මුතියකට අනුව අදාළ සේවයේ යෙදන යාත්‍රාවේ පැටවිය හැකි බහලුම් බෙදවෙන්කරගෙන බාවිතා කිරීම "Consortium Ship" එහෙම නැත්නම් "Vessel Consortium" ලෙස අපි සරලව හදුන්වනු ලබනවා.
ඔය අස්සේ ඉන්නවා නැවක් නැති හැබැයි බහලුම් විතරක් තියෙන ඩබලක්. නිකමට හිතන්න @Kalegana අයියා සහ අපේ @Johnnie_Walker ජොනියා වගේ. ඒ දෙන්නත් යාත්‍රා සමාගම් දෙකක හිමිකරුවන් නම්, මෙම සම්මුතියට එකතුවෙන්න කැමතිනම් එම දෙපළටත් ඉහත සදහන්කර ඇති පාර්ශවයන් සමග Consortium Ship සම්මුතියකට පැමිණ තමන්ට අයිති බහලුම් අදාළ යාත්‍රාවේ පටවන්න පුළුවන්. මෙහිදී වැදගත් වන්නේ සම්මුතියට අදාලව ක්‍රියාකිරීම සහ යාත්‍රාව උපරිම දාරිතාවයෙන් මෙහෙයුමේ යෙදවීමයි.
මේ කෙටි සටහන ලියන්න හිතුවේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් MSC නැවේ අයි ONEY බහලුම් පටවන්නේ MSC බහලුම් විතරක් නැතුව. එහෙම නැත්නම් CMA-CGM නැවේ EVERGREEN බහලුම් පටවන්නේ CMA-CGM බහලුම් විතරක් නැතුව වගේ ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ ඇති නිසා.
ප.ලි : අපැහැදිලි දෙයක් තියෙනවනම් අහන්න. මම තව සරල කරලා උත්තරයක් දෙන්නම්
කෙටි සටහන : Walter White
චායාරුප " අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

Last edited: