ඔබට පාරම්පරික හෙළ වෙදැදුරෙක් හමු වුවහොත් ඔබගේ බිරිඳගේ ආබාධ හා රෝග සුව කර ගැනීමට හැකියි. ඔබ දුර බැහැර ප්‍රදේශයක පදිංචිකරුවෙක් නම් සොයා දීමට අපහසු වේවි. හෙළ වෙදකමයි, ආයුර්වේදයයි දෙකක්.
හොරු නිසා දේශීය ශ්‍රාස්ත්‍රයන්ගේ බල මහිමය රටට පෙනෙන්නේ නැහැ. ඒවාට පහත් කොට සලකන, නිගා කරන පිරිසක් ද රටේ සිටීම ඉතාම ඛේදනීයයි.
හෝ
@lkfunboy අධිමානසික බලයෙන් ලෙඩරෝග සුව කරන මෙම මහතා හමු වීමට උත්සාහ කරන්න. ඔහු ඇතැම් විට රට පුරා යන නිසා හමු වීමට හැකි වේවි. එම මහතාගේ නම දීගොඩ කුමාර; ඒ වගේම තරමක් ජනප්‍රිය ලේඛකයෙක්.
සැ.යු. හෙළ වෙදැදුරන් නමින් පෙනී සිටින හොරුන්ගෙන් ප්‍රවේශම් වන්න. (උදා. හෙළ වෙදැදුරන් ඔබගෙන් මුදල් අය කරන්නේ නැහැ, ඔවුන්ට පිරිසිදු පවුල් පරිසරයක් මෙන්ම පැහැදිලි වෙද පරම්පරාවක් තිබෙනවා එනම් දෙමාපියන්ගේ උරැමය හෝ පාරම්පරික උරුමය ලැබී තිබිය දී සාම්ප්‍රදාය හා නියමයන් කඩ කරමින් මුදල් උපැයීමට පෙළඹී සිටිනවා නම් ඔවුන්ගෙන් එතරම් සෙතක් බලාපොරොත්තු වෙන්න එපා. තවද ව්‍යාජ අනන්‍යතා හෝ වාසගම් භාවිතා කරන්නන්ට ද හසු නොවන්න. සෑම විටම ඔවුන් රෝගියාගේ භාරකරු හෝ හිතවතෙක් ළඟ සිටියදී වෙදකම් කරන බවත්, බටහිර රෝහල්වල මෙන් සැවොම බැහැර කර රෝගියා තනි කර නොගන්නා බවත් මතක තබා ගන්න).
සැ.යු. අධිමානසික බල ලාභීන් යැයි කියාගන්නා හොරුන්ගෙන් ද බොහෝ ප්‍රවේශම් වන්න. (ඔවුන් මැජික් පෙන්වන, ආවේශ වන පුද්ගලයින් නෙවෙයි. බලයක් යැයි කියා ගන්නා දෙයක් ලැබෙන වෙලාවක් හෝ අප්‍රසිද්ධියේ කාටවත් නොපෙනී කළ යුතුයි හෝ රෝගියා තනි කර කළ යුතුයි යනා දී දේවල් නැහැ. පාරතොටේ දී වුවද නොමිලේ සුවකර දෙනවා)
ඔබ දෙදෙනා රෝග සහ ආබාධ සඳහා භෞතික පිළියම් සිදු කර ප්‍රමාණවත් නැහැ. ඔබලාගේ කර්මය ප්‍රභල නම් සුව කිරීමට ඉතා අපහසු වේවි. නොපමාව කුසල් වඩන්න. අන් අයට හා දරුවන්ට උදව් උපකාර කරන්න. ඔබලා බෞද්ධ නම් නිවන අරමුණු වූ ද යහපත් වූ ද ධර්මය නියමානුකූලව අනුගමනය කිරීමට අද සිට කටයුතු කරන්න. එය ඔබලාගේ පවුල් ජීවිතය උසස් කරනවා මිස කිසිසේත්ම බාධාවක් නොවේ. (ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය පටලවා නොගන්න. දෙපාර්ශවයටම නිවන් දැකීමට හැකියි නමුත් මෙහි ගිහි ජීවිතය යන්න වෙන්ව සැලකීමෙන් උදා. ඔබට බොන්න පුළුවන්, මස් බිත්තර කන්න පුළුවන් යන්න අදහස් වන්නේ නැහැ)