මුලින්ම Rockstar Athelete සහෝට ගොඩක් ස්තුතියි. මම දන්නේ නැති ගොඩක් දේවල් වලට උත්තර ලැබුනා.
"1). Double disk -
HORNET එකේම FRONT DOUBLE DISC BREAK එනවා ඒ වගේ BIKE නම් LKR 825,000 වෙනවා . - "
සමහර bike වලට තියෙනවා double disc හොයන්න අමාරුයි. auction වලනම් ඉදලා හිටලා වැටෙනවා.
"2).Price
ගණන් වෙන්නේ REGISTER කරලම LKR 790,000.00 තමන්ට REGISTER කරගන්න පුලුවන්නම් BIKE එක විතරක් LKR 590,000 දෙන්නම්.
හරි මට මේකත් කියන්නකෝ! ඔයා මේවා කෑලි කරලා ද , නැත්තන් ගෙඩිය පිටින් ද ගේන්නේ කියලා ?(මං දන්නා හැටියට මේ මහත්තයා කෑලි බැලි වැඩ නෑ ) ගෙඩිය පිටින් ගේනවා නම් ඇයි ලක්ෂ 2 ක් රෙජිස්ටර් කරන්න ගන්නේ? Tax papers තියෙනවා නම් රු.8500/= ගෙවන්න ඕනි රජයට අමතරව.ආණ්ඩු පෙරළියට කලින් නම් මේ බදු ප්‍රතිපත්තිය මේ ආකාරයෙන්ම තිබුණත් අමතර කොටස් වශයෙන් ආනයනය කොට ලියාපදිංචි කිරීමට රු.50,000 වැනි කුඩා මුදලක් ය කරන ලදී.(එකනේ ඒ කාලේ 2007 චැසි 150 උපරිම ලක්ෂ 5.දැන් ඒ කන්ඩිෂන් එකේ ඒවා ඉක්මන් එකේ තියෙනවා ලක්ෂ 9-10 )මේ රජයෙන් පස්සේ මේ ක්‍රමය තහනම් කරලා සහන කාලයක් ලබා දුන්නා රු.250,000 කුත් එක්ක.(දැන් ඒ කාලෙත් ඉවරයි.මම නම් මේ ක්‍රමයට 50% කැමති සහ 50% අකමැති.කැමති වෙන්න හේතුව නම් චැසි කොටපු ව්‍යාජ බයික් මේ ක්‍රමය නිසා වෙළදපොලට එන්නේ නෑ ) සහන කාලෙත් ඉවරයි නම් ඔයා ලක්ෂ 2ක් අරන් මොකක් ද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවා නම් වඩාත් යහපත් "
මුලින්ම කියන්න ඕනේ මේ bike එක ගෙඩිය පිටින් එන්නේ නැහැ. හැබැයි කැලි කරන්නේ නැහැ .register කරන විදිය මට මෙතන කියන්න බැහැ නමුත් අපිම register කරලා දෙනවා . leasing වගේම bike එකේ chassis no එකට CR එකක් issue වෙනවා . එකටම අදායම් බලපත්‍රය ගන්න පුළුවන්. BIKE එක ගන්න කෙනාට මට කියන්න පුළුවන්. ගෙඩිය පිටින් ගෙන්වානම් මෙහි මුළු බදු මුදලඑක්කම BIKE එක 1.1M වෙනවා. කැමතිනම් එහෙමත් දෙන්න පුළුවන්. නමුත් ගන්න කෙනෙක් ලොවෙත් නැහැ.
Rockstar Athelete කියලා තියෙන විදියට 150 CC වෙනකම් register කරන්න යන ගැන හරි. 8500 යි . Bike සදහා මීට කලින් තිබුන බදු අයකරන විදියට අඩුම එන තැපැල් 90 ටත් 290,000 බදු වැදුනා එකයි බිකේ එක 425000 වුනේ . 2003 පස්සේ ජපන් bike ලංකාවට අවේ බොහොම සීමිත විදියට. මොකද 2003 සිට 2017 දක්වා ඉන්දියන් බිකේ හැර සියලුම ආනයනය කරන යතුරු පැදි සදහා වැදුන අඩුම බද්ද 267,000 එක නිසා මේ වකවානු වල කිසිම ජපන් ඉතාලි bike අවේ නැහැ.
එකලස්කරන ලද bike සදහා ඉස්සර 50000 - 190000 දක්වා බදු අයකරා එක ඇත්ත.
ORIGINAL ජපන් CR එක දෙන්න පුළුවන්. ඒවගේම ORIGINAL DOCS ටික දෙන්නත් පුළුවන්.