ඔයා තමයි එකම කරුණ නැවත වතාවක් මෙතනට ගෙනාවෙ. ඒකට මට කරන්න දෙයක් නෑ.
හරි එහෙනම් මම පුළුවන් තරම් සරලවම කියන්නම්කො.
පිටියෙ අප්පු වැරදි කළා ඒකට වෝනින් එකක්වත් නොදී බෑන් කළා. (c) GT and U
පිටියෙ අප්පු බෑන් කළ එක නිවැරදි නම් ගසාලි බෑන් නොකළෙ ඇයි? (c) we
පිටියෙ අප්පු බෑන් කළේ ෆේක් අයිඩී එකක් නිසා (c) GT and U
පිටියෙ අප්පු ෆෙක් අයිඩී එකක් කියන්නෙ මොන පදනමක් උඩද? (c) we
පිටියෙ අප්පු කියන්නෙ සිංහල බොද්ධ එළකිරි සාමාජිකයින් ගෙ ඉල්ලීම අනුව හදපු අයිඩී එකක් (c) We (හැබැයි මේ කියන්නෙ පිටියෙ අප්පු නිවරදියි කියන එක නෙවේ)
හරි එහෙනම් නොදන්න එකාට නිර්වචනය කරල දෙන්නකො ෆේක් අයිඩී කියන්නෙ මොනවගේ ඒවටද රියල් අයිඩී කියන්නෙ මොනවගේ ඒවටද කියල.
ඔයා ඔයාගෙ නමින්ම ආවට බහුතරයක් එහෙම නෙවේ.
ඔය සේරට ම උත්තර දීල තියන නිසා නැවත උත්තර දෙන්නෙ මොන ප්රශ්නෙට ද? ඔයාට ඕන විදියකට හිතාගන්න. ඒක ඔබේ නිදහස. ඒ වගේ ම තමයි මං මගේ නිදහස අනුව අදහස් දැකවූයේ.
මාලින්ග මොකද්ද බන් මේ මෝඩ තර්කෙ....ඇත්ත නමම කියමු, ඒත් මට කියන්න පුලුවන් උඹ ෆේක් කියල....
එතකොට මොකද ... මෝඩයි නේ බන්.... ඔය අප්පුවත් කතා කරන චැට් කරන සෙට් එකක් ඉන්නව උන් කියපු නිසා අයිඩී එකත් වෙනස් කරගත්තා මාත් ඔය කතාව දන්නව...ඒ වගේම ගැසිලියගෙ ෆේක් අයිඩී ඇනත් මම වගේම උඹත් දන්නව...
මෙහෙමයි රටක ග්රන්ථ ආරක්ශා කරන උන් ඉන්නත් ඕනා... රට වෙනුවෙන් එලියට බහින උන් ඉන්නත් ඕනා ...
උඹ ඔය දෙන ටෝක් වල හැටියට උඹ පළමු ගොඩට වැටිලා ඉන්න කැමතී... ඒත් අනිත් උනුත් නැත්නම් උඹේ වැඩේ කරගෙන යන්න රටක් නැති වෙනවා.....
මේ හැම පැත්තම ඉන්න ඕනා නැත්නම් ගැසිලි වගේ උන් ඇවිත් රට හපයක් කරලා දානකන් බලන් ඉන්න වෙන්නෙ.....
පොඩ්ඩ්ක් හිතපන්.... වටපිට බලපන්...... වෙන එකෙකුට ඇඟිල්ල දික් කරන්න කලින්..... මෙතන හම්බ තර්ජන ගැන අත් දැකපු .. පරීක්ෂන කරණ උනුත් ඉන්නව... ඒව දන්න මිනිස්සු තමයි කියන්නෙ
සමහර එවුන්ට රටට මොනා වුනත් තමන්ට වෙනකන් තේරෙන්නෙත් නෑලුනෙ ...
අනික නයි පැටිය කොච්චර කිරි දීල හැදුවත් නයාම තමයි......
මම මේ පෝස්ට් ටික බලල ඔක්කොටමයි රිප්ලයි කලේ මම ආයි රිප්ලයි කරන එකකුත් නෑ ...
ගොඩක් මිනිස්සු කලකිරිල ඉන්නෙ...
හුදෙක් අප්පු බෑන් කරපු එකට නෙවි.....ගැසිලි ඉන්න එකට .....
කමක් නෑ කට ඇරගෙන ඉන්න ... තමන්ගෙම (උඹේ) කොන කපල හම්බයෙක් ඒක කටේ ඔබල යාවි දවස්ක ...
එදාටවත් හිතපන් මටත් දවසක් තිබුන ....මම කතා කලේ මොනාද කියලා
[/COLOR]
ඔයාගෙ ප්රකාශය තුළම ඔයාගෙ ආවේගයන් හා ඔයාගෙ මතයට විරුද්ධ මතයන් හෙලාදකින ආකාරය පැහැදිලි වෙනවනෙ. පිළිගත හැකි තර්කයක් ගෙන ආවොත් උත්තර දෙන්නම්. කොහොමත් ඔයා වගේ බුද්ධිමතුන් මං වගේ මෝඩයෙක් සමඟ කථා කරන එකත් තේරුමක් නැහැනෙ.
ඔයාගෙ බුද්ධිමත් අදහස් ඔයාම බිඳ වට්ටල තියන එකයි ටිකක් හෝ දුක. මං ෆේක් කියන්න පුලුවන් කෙනාම කියන ව පිටියෙ අප්පු ෆේක් කියන්න බැහැලු. පරස්පරයි නේද? තමන්ගෙ වාසියට වචන පාවිච්චිය කාලාට ඒක සුන්දරව කරන එකයි හොඳ. වචන හරඹ කාට වුණත් කරන්න පුළුවන් ඒකෙන් බුදු දහමට වෙන සුගතියක් නැහැනෙ.
මොකටද මේ වගේ ටොපික් එකක් ඇදන් ගියෙ .... සිඟිති ආතල් ගන්න මනුස්සයෙක් එක්ක... ගෙවල් වලට වෙලා නිකන් කකා බිබී ඉන්න එවුන්ය රටක , ජාතියක බරපතල තේරෙන්නෙ නෑ
ආයුබෝවන් අපි ගියා .....
ඔය වගේ දෙයක් මූනට කියන්න ඔයාට බැරි කමක් නැහැනෙ නේද? ඔයා මං ගැන කොච්චර දැනගෙන ද දන්නෙ නෑ ඔය වගේ නිගමනයක් කළේ. ඔබේ බුද්ධිමත් භාවගේ මහානුභාවයෙන් වෙන්න ඕන නිගමනය කළේ නේද?

ඔය මං පාට කරල තියන කොටසනම් මොනව වුණත් හරි. හැබැයි වැඩේ තියෙන්නෙ මෙතන පවුද්ගලික දේවල් කථාකරන ස්ථානයක් නෙමෙයි නේද?
බුදු හාමුදුරුවො වුණත් බණ කියුවෙ තේරුම් ගන්න මිනිස්සුන්ට විතරයි. ඉතින් මං කවුද ඔයාල වගේ තේරුම් ගන්නෙ නැති අයට මේවා තේරුම් කරන්න යන්න

තෙරුවන් සරණයි!!