Bangkok ගියා බොලවු.. (සංචාරයේ විස්තර)

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    thanx

    thaniyama hinda prashnak une nedda?

    නෑ මචන් එහෙම කිසිම අවුලක් උනෙ නෑ. යන්න මාස බාගෙකට විතර කලින් ඉදන් ඔක්කොම ගූගල් දෙය්යාගෙ පිහිටෙන් බලාගත්තා. ප්ලෑන් කරා පලවෙනි දවසෙ මේටික බලන්න යනවා දෙවෙනි දවසෙ මේටික කියලා. තව ඔය එක එක ෆෝරම් වල තිබ්බ විස්තර වලින් හැම දේකටම යන වියදම් ගනන් හදාගත්තා. කිසිම අවුලක් උනේ නෑ.

    Ela! Short and Sweet! +rep

    හෙ හේ.. ඊට වඩා කරන්න වෙලාවත් අඩුයි බන් :rofl:
     
    Last edited:

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    හුගක් අය අහනවා මම කරපු එක එක activities වල විස්තර. ඉතින් මෙහෙම කියන්නම්කෝ. ත්‍රෙඩ් එකේ මුලදිත් මම කිවුවා වගේ තායිලන්ඩ් කිවුව ගමන් වනචර ටුවර් එකක් කියල හිතාගෙන යන්න එපා. සල්ලි අපරාදේ. :P ලංකාවේ අපිට කරන්න පහසුකම් නැති වෙන රටවල් වල තියෙන දේවලුත් කරන්න බලන් යමල්ලා. :yes:

    අර කිවුවා වගේ මම බැංකොක් වල indoor surfing පාරක් දැම්මා surfing දැනගෙන නෙවෙයි ඒ පලවෙනි පාර මගේ. එතන ඉන්න උන් හරි හොදයි පට්ටෙට ඉගැන්නුවා. pattaya beach එකේ තියෙන parasailing පාරක් දැම්මා ඒවගේම water park එකයි thrill zone එකයි එකතු කරලා හදපු Leisure park එකකටයි ගියා. ඔය thrill zone කියන්නේ Roller-coasters එතකොට vortex වගේ ඒවා තියෙන area එකට. ඒවගේ දේවල් ලංකාවෙ මම දන්න තරමින් නෑ නේ. අවිස්සාවේල්ල පැත්තෙද කොහෙද මොකක්ද තියෙනවා කියල කවුද කිවුවා ඒත් මම හිතන්නෙ නෑ ඒවා international level එකෙන් හදපු පට්ට ආතල් එකක් ගන්න පුලුවන් ඒවා කියලා.

    b7njuf.jpg


    කතාවට බහිමුකෝ දැන්. Indoor surfing වලට ගියේ බැංකොක් වල Flow house කියලා තියෙන තැනකට. උන්ට email එකක් දාල යන්න කලින් කතා කරලා booking එකක් දාගත්තා. පැයකට උන්ගෙ ගාන baht 750ක්. කාටහරි ඕනකමක් තියෙනවා නම් මෙන්න ලින්කුව:- http://flowhousebangkok.com

    an2bsw.jpg


    Parasailing නම් pattaya beach එකේ ඇවිදගෙන යද්දි එක එක උන් ලගටම ඇවිල්ල අහනවා කැමතී නම් සෙට් කරලා දෙන්නම් කියලා. ඒකට වට දෙකක් වගේ යන්න baht 400ත් 500ත් අතර ගානක් ඉල්ලනවා. Parachute එකක්ට අපිව දාල speed boat එකකින් දෙපාරකට රවුම් දෙකක් ඇදගෙන යන එක තමා කරන්නේ මීටර් 50ක් විතර උඩින්. චූ යන්නෙ නැති ටික විතරයි. :D:D

    ඊලගට අර කිවුව leisure park එක. ;) park එකේ නම Siam park city. ඒක මම උන්ගෙම site එකෙන් book කරේ නෑ. උන්ගෙ site එකෙන් ගත්තා නම් baht 850ක් විතර යනවා. ඒකට park එකේ තියෙන ඔක්කොම activities වලට unlimited යන්න පුලුවන්. මම book කරේ වෙන tour packages එහෙම තියෙන site එකකින්. ඒකෙන් book කරාම ගාන baht 280ක් විතර :shocked:. අපේ රටේ උනත් tourists ලට වෙනම ගානක් නේ තියෙන්න මොනා කරන්න ගියත්. මම හිතන්නේ මුන් local price එකට ටිකට් book එක කරලා අපිට දෙනව පොඩි ගානක් තියාගෙන. ඒකට අර ඔක්කොම activities වලට unlimited යන්නත් පුලුවන් දවල්ට buffet එකත් හම්බෙනවා. :yes: buffet එක නම් පට්ට. කෑවා කෑමක් උන්ට දුක හිතෙන්න. ඕනම ජාතියෙක කෑම ගොඩක් තිබ්බා. හොටෙල් එකේ ඉදන් transport උත් මුන්ගෙන්ම book කරගන්න පුලුවන් package එකක් විදියට. ඒත් මම experience එක ගන්නත් එක්ක බලාගෙන MRT එකෙයි bus එකෙයි තමා ගියේ. එද්දි නම් ටැක්සි එකක ආවා දගලා දගලා ඇගට පන නැති හින්දා. :baffled: මෙන්න මේ තියෙන ලින්කුවෙන් ගියා නම් විස්තරත් බලාගෙන ගානත් බලාගන්න පුලුවන්.
    http://www.hotels2thailand.com/hotels_search.asp?k=Siam Park City මේක ගැන හුගක් එලකිරි කොල්ලො අහලා තිබ්බා. සතුටුයි කොල්ලො තායි ගෑනු ගැන අහුවට වඩා මේක ගැන අහපු එක ගැන.:yes: :D

    156u2o2.jpg


    2igp47n.jpg


    fbm49i.jpg


    a9lide.jpg


    htvjhe.jpg



    2qckx7a.jpg



    Transport ගැන නම් කියන්න තියෙන්නේ මචන්ලා කාර් ටැක්සී වල යන්නම ඕන උනොත් විතරක් යමල්ලා. නැත්තන් බොරු ගනන් කියන්නේ. Pattaya වලයි Bangkok වලයි මෝටර් බයික් ටැක්සි තියෙනවා හැබයි උන් ලංකාවේ ත්‍රීවීල් කාරයෝ වගේ. :baffled: හුගක් උන් ඔහේ යනවා. පොඩි දුරක් එහෙට මෙහාට යන්න නම් ඒක හොදයි. උනුත් එකපාර බොරු ගනන් කියන්නේ. ලංකාවෙ උනුත් tourist ලගෙන් කඩාගන්න නේ බලන් ඉන්නේ. අන්න ඒවගේ. බය නැතුව මොනා කරන්න ගියත් උන් කියන ගානේන් බාගයක් විතර කියලා කැමතීද කියල අහපන්. හුගක් වෙලාවට කැමති වෙනවා. ;) pattaya වල නම් Baht bus කියලා එකක් තමා හුගක් තියෙන්නේ. හැම පාරකම ඒවා යනවා අත දාල නවත්තලා යන්න තියෙන්නේ. බහින්න ලන් උනාම බෙල් එක ගහලා බැහලා ඉස්සරහට ඇවිල්ලා ඩ්‍රයිවර්ට baht 10ක් 20ක් විතර දෙන්න තියෙන්නේ ගිය දුරේ හැටියට. උන්ගෙන් ගාන අහලා දෙන්න ගියොත් උන් ලොකු ගනන් කියනවා. දන්නවා වගේ කෙලින්ම පොඩි ගානක් දුන්නා නම් ඇති. මදි නම් උන් කියනවා.

    බැංකොක් වල නම් මම හැම තැනම ගියේ MRT එකේ. පොඩි පොඩි දුරවල් නම් මම ගියේ අර බයික් ටැක්සි වල තමා. එක දවසක් මම තියාගත්තා බැංකොක් වල වටේම යන්න. ඒ දවසේ පාවිච්චියට ගත්තා ස්ටේශන් එකෙන්ම one day pass එකක්. baht 120යි. එහාට මෙහාට unlimited යන්න පුලුවන් ඕනෙම ස්ටේශන් එකක් හරහා. :yes: ලංකාවෙ පුරුද්දට කාලකන්නියෝ වගේ නිදාගන්නේ නැතුව උදේම නැගිටල හොටෙල් එකෙන් හම්බෙන breakfast එක දවල් වෙනකන් ඇති වෙන්න කට කපලා දාල එලියට යමල්ලා. නිදාගන්න නෙවෙයි තොපි යන්නේ රට බලන්න. :P ඇවිදින්න නම් ගොඩක් තියෙනවා මචන්ලා කොහේ ගියත්. බලන්න ගොඩක් දේවල් තියෙනවා. යනකොට හොද කකුලට අමරුවක් නැති සෙරෙප්පු දෙකක් අනිවා දාගෙන යමන්. එහෙ ගිහිල්ල සෙරෙප්පු ගන්න මොකෝ මේක හිගන රටක් නෙවෙයි නේ.
    :eek:
     
    Last edited:

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ado add more photos plzzz
    yanna hithenawa ban dekkama
    ado aniwa yanna one ban april walata wage

    elakiri hode

    ela ela.. will update when ever I have time ;)

    yaman yaman ban.. ideal habai thava ekek ekka hari set wela yanna puluvan nam ethakota kisima aulak na ne ;). April mama hithanne thailand walata rainy season eka poddak balala yaman. End of june wage nam laavata low season gaanath adui hugak eewa wala ee hinda
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,310
    642
    113
    තෑන්ක්ස් ෆොර් ඕල් ඉන්ෆො.
    අන්ඩ්
    ඈයි උබ Siam Park City ගියේ dreamworld යන්නේ නෑතුව?
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    තෑන්ක්ස් ෆොර් ඕල් ඉන්ෆො.
    අන්ඩ්
    ඈයි උබ Siam Park City ගියේ dreamworld යන්නේ නෑතුව?

    මම ඉස්සෙල්ලම යන්න හිතන් හිටියෙ dreamworld තමයි මචන්. මම හුගක් වෙලාවට කොහේ යන්න ගියත් mail එකක් දාල respond එකක් බලල තමා යන්නේ. උන් කිවුවා rides කීපයක maintenance වගයක් යනවා කියල මම ගිය දවස් වල. අන්න ඒවගේ සීන් නම් තියෙනවා ගනන් අඩු හින්දා low season වල travel කරන කොට. නැත්තන් dreamworld උත් පට්ට. :):) Siam park city එකෙත් හැබැයි අරකෙ තියෙන ඔක්කොම rides වගේ තියෙනවා.
     
    Last edited:

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    අපේ කොල්ලො ගොඩක් ආසාවෙන් බලන ෆොටො ටිකයි, ගොඩක්ම ආසාවෙන් කියවන විස්තර ටිකයි උබ මෙකේ දාලා නැහැනේ . . .:baffled:

    ela machan.. kotu panapuwa ganath kiyapan apita danaganna.

    ලැජ්ජාවෙ බෑ යකෝ..මේ කොල්ලා කියන කැත කතා :lol::lol:. ඒවා ගැන ෆොටෝස් නම් නෑ මචන්. ඒත් විස්තර ටිකක් මම දාන්නම් හෙට නිවාඩු දවසේ ගෙදර ඉන්න ගමන් ;). එහෙ මෙහෙ යද්දි දැනගත්තු ඒවා නම් තියෙනවා නේ. PM එකක් දාපන් විස්තර තව ඔනේ නම්.
     
    Last edited: