ඕකට තිත්ත උනත් ඇත්ත පැහැදිලි කිරිම මේකයි මචන්. මනුස්සයෙක්ගෙ තමන් හැදුන වැඩුන පසුබිමෙන් පොඩි කාලෙ ඉදන් එන ගති සිරිත්, ඇටිටියුඩ් යම් වයසකට ආවට පස්සෙ කාටවත් කියල බලෙන් වෙනස් කරන්න බෑ. ඒව ඒ මනුස්සයගෙ ජීවිතේ ඇතුලට කිදා බැහැල තියෙන්නෙ. කොච්චර හොද තැනකට, රස්සාවකට, තනතුරකට ආවත් සමහර අය ඔය අවුල් ඇටිටියුඩ් ජීවිතේ දිගටම අරන් යනව. සමහර අය තමන්ගෙ ඒ දේවල් තවදුරටත් නොගැලපෙන බව අවබෝධ කරගෙන ඒ දේවල් හදාගන්න අයත් ඉන්නව. හැබැයි ඒ බොහොම ටිකයි.
ක්‍රීඩාවකදී නම් ඔය වගේ අවුල් ඇටිටියුඩ් තියෙන කට්ටිය පාලනය කරගන්න පුලුවන් විදිහක් තියෙනව. ඒකට මුලිකවම කණ්ඩායමේ නායකය හොද ක්ලාස් එකක් මේන්ටේන් කරන මනුස්සයෙක් වෙන්න ඕන. ඕකට කණ්ඩායමේ උපනායකය හෝ තව සීනියර් ප්ලෙයස්ලත් එහෙම ක්ලාස් එකක් ඇතුව වැඩ කරන අය උනොත් ඒක ඇඩඩ් අඩ්වාන්ටේජ් එකක්. එහෙම උනාම අවුල් ඇටිටියුඩ් තියෙන කෙනෙක් අලුතෙන් කණ්ඩායමට ආවත් එයා අවබෝධ කරගන්නව තමන් අවුල් විදිහට හැසිරුනොත් තමන්ගෙ නායකයගෙන් හා අනිත් සීනියර් ප්ලෙයස්ලගෙන් තමන් කැපෙන බව. ඒ නිසාම ඒ කෙනත් කාලයක් යද්දි අර අයගෙ හොද හැසිරීම් වලට අනුගත වෙන්න බලනව.
හොදම උදාහරණය 96 අර්ජුණ, අරවින්ද, මහනාම, හශාන් ඇතුලු කණ්ඩායම. ඔය කණ්ඩායමටත් අවුල් ඇටිටියුඩ් තියෙන පිරිස් විවිද පැති වලින් ආවත් එහෙම ආව අය තමන්ගෙ ක්‍රීඩා ජීවිතේ ඇතුලෙ පුලුවන් තරම් අර අවුල් ඇටිටියුඩ් යටපත් කරගෙන හෝ ඒව හදාගෙන තමන්ගෙ ගමන ගියා. අර්ජුන, අරවින්දල යද්දි ඒවගේම හොද ක්ලාස් එකක් මේන්ටේන් කල සන්ගා, මහේල වගේ අය සීනියර් ලෙවල් එකේ හිටිය නිසා ඒ කාලවල අරවගේ අයගෙන් ඒ අවුල් ඇටිටියුඩ් වැඩිය එලියට ආවෙ නෑ. ඒත් සන්ගා, මහේල වගේ අය එලියට යද්දි ඔය සීනියර් පොසිශන්ස් වල ආදර් ශයට ගන්න හිටියෙ කවුද ? එහෙම යම් හෝ ක්ලාස් එකක් තිබ්බ මිනිස්සුන්ට එක්කො වැඩිකල් කණ්ඩායමේ රැදෙන්න බැරිවුනා එහෙම නැත්නම් ඒ අයටත් අර ඊට පස්සෙ ආපු අවුල් ඇටිටුයුඩ් තියෙන නායකයො හෝ සීනියස්ල යටතෙ ක්‍රීඩා කරන්න වුනා. දැන් ලන්කාවෙ ක්‍රිකට් ක්ලාස් එක අතින් එන්න එන්න පිටිපස්සට යන්න හේතුවෙන තිත්ත ඇත්ත ඕකයි. අපේ ටීම් එකෙත් නායක පට්ටම්වල දැන් ඉන්න අයගෙ ක්ලාස් එක මත තමයි මුලු ටීම් එකේම ක්ලාස් එක රදා පවතින්නෙ සහ ලෝකයා ඉදිරියෙ මැනෙන්නෙ.
ඒක තමයි "Money Can't buy you class or manners" කියල කවුදො කෙනෙක් කියල තියෙන්නෙ.