කලින් දෙකක්ම 3500 ට වගේ සෙට් වුණා. එකක් 1700 ගාණයි. එ් දෙකම හයි කරල තියෙන්නෙ අපේ ගමේ වත්තෙ මාස කීපයක්ම. කිසිම කරදරයක් නැතිව වැඩ.

ගන්න එකෙක් බය නැතිව ගනින් සුපිරිම කැමරාව. රෑට තිත්ත කරුවලේ වුණත් අඩි 20-30 ඈතට IR එළිය හොඳට වදිනවා. Frame rate එකත් හොඳයි. කොලිටියත් සුපිරි. Power usage පට්ටම අඩුයි. කැමති position 12 කට sweep එකක් program කරල තියන්න පුළුවන්.
IR LED වලට හැබැයි Current එක නම් ගොඩක් අදිනවා. මගෙ තියෙන 3 - 18650 UPS එකට කරන්ට් ගියාම එ්ක නැතිව කැමරාව පැය 15 වගේ අදින්න පුළුවන්. හැබැයි IR Night vision on කරාම පැය 2 වගේ තියෙන්නෙ. කරන්ට් වයර් අැදල දිගටම තියෙනවා නම් අවුලක් නෑ. හැබැයි solar panel දාල කරනවා නම් ලොකු UPS එකක් ඕන වෙයි.
වැදගත්ම දේ සිරාවටම unlimited online storage තියෙනවා. මගෙ දෙකේ දැන් පැය හාර පන් සීයක video අැති අපේ වත්තෙ. තාම කිසිම storage warning එකක්වත් මොනවත් නෑ. Phone App එකත් සෑහෙන හොඳයි. කලින් මම ගත්ත අඩු කුලේ ලබබ වගේ මැස්සො පියෑඹුවාට on නොවී මිනිස්සු, සත්තු වගේ වැදගත් දේකට විතරක් කැමරාව activate වෙනවා. AI ජිල්මාට් හොඳයි අැත්තටම.
මේකෙ එකම කාලකන්නි කම Windows app එකක් නෑ. ඉතින් phone එකෙන්ම තමයි බලන්න වෙන්නෙ. Pc එකකට, Monitor එකකට වගේ දාගන්න ටිකක් කරදරේ.