Beginners guide to නලීන් ද සිල්වා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    විදුසරේ යන ලිපි කියවන්න ගත්තු අලුත මටත් ඔහොම තමා බං :sorry: එක එක වචන වල තේරුම් මොනාද කියල හිතුන හිතුන වෙලාවට කියන්නෙ :sorry: එහෙම කියපු ගමං වචනෙන් වචනෙ අල්ලගෙන තමා තේරුම් ගත්තෙ :yes:

    භූ මිතික රේඛා දැකපු ලිපියෙ link එක දෙන්න බලන්න.

    මට මතක් වෙලා ඇහුවෙ බං. විදුසර පත්තරේක ඒ කාලෙ දැකපු එකක් මතක් වුණේ..
    ඉතිං මට ඒක හොයාගන්ඩ වෙන්නෙ නෑ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අක්ශාංශ දේශාංශ රේඛාද දන්නෙත් නෑ :no: සන්දර්භය දන්නැතුව මොකක් අදහස් කලාද කියන්න දන්නෙ නෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගුරුත්වය කියන්නෙ කාළ අවකාශ වක්‍රතාව.නිව්ටන්ගෙ සයිඩ් එකයි අන්ස්ටයින් ගෝලයොයි ඔක්ට මරා ගන්නවා කාලෙක ඉදන්,ඉතින් නලින්ට තියෙන ඇම්ම මොකක්ද..නලිනුටයි නලින්ගෙ වන්දිබට්ටයොයි හරිම උද්දච්චයි....:angry::angry::angry:

    ගුරුත්වාකර්ශ‍ෙණ් අවකාශකාල වක්‍රතාවෙ මේ ඔක්කොම කතන්දර විතරයි බං. ගුරුත්වාකර්ශණය දැනුනු කෙනෙක් ඉන්නවද ? කාටවත් ගුරුත්වාකර්ශණය පේනවද ? ගුරුත්වාකර්ශණය සාධාරණ සාපේක්ශතාවාදය මේ සේරම නිරීක්ශණ පැහැදිලි කරගන්න පුලුවන් වෙන්න ගොතපු වියුක්ත කතන්දර ටිකක් විතරයි.

    උඹ කොහොමද බන් කියන්නෙ එක නියමෙකටවත් අනුව විශ්වය වැඩ කරන්නෑ කියල. එහෙනන් අපි යවල තියෙන සැටලයිට් කඩන් වැටෙන්න ඕනි. GPS වැඩ නොකරන්න ඕනි. ප්ලේන් එහෙමත් කඩන් වැටෙන්න ඕනි. දැනට හොයාගෙන තියෙන නියම එක්ක විශ්වය අනුගත වෙන නිසා තමයි ඒවා හරි කියල පිලිඅරන් තියෙන්නෙ.

    ඔවු උඹ හරි. ගැලීලියෝට අඩන්තේට්ටන් කලා විතරයි. හැබැයි කතෝලික පල්ලිය නිසා තමයි යුරෝපෙට දියූනු වෙන්න බැරි අවුරැදු 1500 විතර එකතැන ඉන්න උනේ.

    විශ්වය නියම වලට අනුව වැඩ කරනව කියන්නෙම බටහිර චින්තනෙන් එන දෙයක්. විශ්වය නියමවලට අනුව වැඩ කරනව කියල කොහොමද කියන්නෙ ? මේ වෙනකං හදල තියෙන හැම ප්‍රවාදෙකිංම යම් නිරීක්ශණ ප්‍රමාණයක් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කලෑකි. ඒත් ඒ හැම ප්‍රවාදෙකටම පැහැදිලි කරන්න බැරි සිදුවීම් නිරීක්ශණය කරල තියෙනව.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ගුරුත්වාකර්ශ‍ෙණ් අවකාශකාල වක්‍රතාවෙ මේ ඔක්කොම කතන්දර විතරයි බං. ගුරුත්වාකර්ශණය දැනුනු කෙනෙක් ඉන්නවද ? කාටවත් ගුරුත්වාකර්ශණය පේනවද ? ගුරුත්වාකර්ශණය සාධාරණ සාපේක්ශතාවාදය මේ සේරම නිරීක්ශණ පැහැදිලි කරගන්න පුලුවන් වෙන්න ගොතපු වියුක්ත කතන්දර ටිකක් විතරයි.

    මම එහෙම කිව්වෙ සරලව.මම හිතුවෙ නෑ මේ තරම් ඩ්‍රාමා එකක් කියල කිරියෙ.... සරලව ලිව්වොත් උබ කියන එක ඇත්ත. ඔප්පුකරලත් නෑ,ඉස්සරහට කොහොමත් වෙනස් වෙනවා, ඉතින් මොකද? මිනිස්සු කියන්නෙ සියලු දේ ගොඩ නගාගෙන යන පිරිසක් සියලු දේ නිරවද්‍ය නෑ වෙනස්වන සුලුයි ඒක තමයි ලෝකය කියන්නෙ. තමන්ගෙ ගෙස් එකක් ගිරිය පුප්පන් කෑ ගැහුව කියල මිනිස් ශිෂ්ටාචරයක් වෙනස් වෙන්නෙ නෑ.ඒකට වැඩකුත් නෑ. ඔවා ගැන කතා කරන්නෙ නැත්තෙ වැඩකට නැති කාලය නස්ති කරන ඒව නිසා.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ගුරැත්වාකර්ශනය දැනෙන්න ඉතින් එක්කෝ අභයවකාශෙට යන්න ඕනි. නැත්තන් ප්ලේන් එහෙක කරණන් ගහන්න ඕනි. එතකොට ‍තේරෙනවා ගුරැත්වාකර්ශනය කියන්නෙ මොකක්ද කියල.

    ඒවා කතන්දර උනාට උඹ දන්නවාද ඒ කතන්දර වලට අනාගතය පු‍රෝකතනය කරන්න පුලුවන් කියල. ඒ කතන්තර වැදගත් වෙන්නෙ අන්න ඒ නිසායි. හොදම උදාහරනේ මේ ලගදි හොයාගත්තු ගුරැත්වාකර්ශන තරංග. ඒවා ගැන මුලින්ම අනාවැකිය කිව්වෙ අයින්සටයින් 1915 දී.

    විශ්වය නියම වලට අනුව වැඩ කරනව කියන්නෙම බටහිර චින්තනෙන් එන දෙයක්. විශ්වය නියමවලට අනුව වැඩ කරනව කියල කොහොමද කියන්නෙ ? මේ වෙනකං හදල තියෙන හැම ප්‍රවාදෙකිංම යම් නිරීක්ශණ ප්‍රමාණයක් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කලෑකි. ඒත් ඒ හැම ප්‍රවාදෙකටම පැහැදිලි කරන්න බැරි සිදුවීම් නිරීක්ශණය කරල තියෙනව.

    විශ්වය නියම වලට වැඩ කරන්නෙ නැත්තන් රොකට් එකක් අහසට යවන්න බෑනේ? ඔන්න සරලම තර්කයත් ගෙනවා. නැත්තන් අපිට සූර්යග්රහනයක් හරියට පුරෝකතනය කරන්න බැරි වෙනවනේ.

    මට කියහන්කෝ ඔය පැහැදිලි කරන්න බැරි සිදුවීම් මොනාද කියල?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම එහෙම කිව්වෙ සරලව.මම හිතුවෙ නෑ මේ තරම් ඩ්‍රාමා එකක් කියල කිරියෙ.... සරලව ලිව්වොත් උබ කියන එක ඇත්ත. ඔප්පුකරලත් නෑ,ඉස්සරහට කොහොමත් වෙනස් වෙනවා, ඉතින් මොකද? මිනිස්සු කියන්නෙ සියලු දේ ගොඩ නගාගෙන යන පිරිසක් සියලු දේ නිරවද්‍ය නෑ වෙනස්වන සුලුයි ඒක තමයි ලෝකය කියන්නෙ. තමන්ගෙ ගෙස් එකක් ගිරිය පුප්පන් කෑ ගැහුව කියල මිනිස් ශිෂ්ටාචරයක් වෙනස් වෙන්නෙ නෑ.ඒකට වැඩකුත් නෑ. ඔවා ගැන කතා කරන්නෙ නැත්තෙ වැඩකට නැති කාලය නස්ති කරන ඒව නිසා.

    ඒත් ඇත්තටම සමාජගත වෙලා තියෙන්නෙ විද්‍යාව කියන්නෙ ඔහොම කතන්දර ගොඩනඟන පද්ධතියක් කියලද ? මිනිස්සු හිතං ඉන්නෙ නිව්ටන් ගුරුත්වාකර්ශණය හොයාගත්ත කියල. උගන්නන්නෙ ගුරුත්වාකර්ශණය හොයාගත්ත කියල. හරියට හොයාගන්න ගුරුත්වාකර්ශණයක් සංකල්පීය ලෝකයෙන් තොරව තිබ්බ වගේ.

    ඕවත් එක්ක නැතිවෙන්නෙ මොකක්ද ? සිංහල බෞද්ධ චින්තනේ තියෙන චක්‍රීය චින්තනයයි සමස්තය දැකීමයි චතුස්කෝටික න්‍යායයි. බටහිර චින්තනේට අනුව මිනිස්සු හැමෝම හිතන්නෙ එකම විදිහට. බටහිර අධ්‍යාපනෙන් අපිට බටහිර චින්තනේ බලෙං පටවනව. නලීන් ද සිල්ව ගිරිය පුප්පං කෑගහන්නෙ මේං මේ ආක්‍රමණයෙන් සිංහල බෞද්ධ චින්තනය බේරගන්න. නැතුව විද්‍යාව අද කියන එක නෙමේ හෙට කියන්නෙ ඒක හින්ද බොරු වගේ මොන්ටිසෝරි තර්ක ටිකක් එකතු කරගෙන ඒව කියෝ කියෝ ඉන්නව නෙමේ.
     
    මොකක්ද බන් සිංහල බෞද්ධ චින්තනය? ඕක නලියා හදාගත්තු විකාර කතාවක් විතරයි උගේ හීනමානේ වහගන්න. හරියට අර හෙළ රාවණා වංශය වගේ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගුරැත්වාකර්ශනය දැනෙන්න ඉතින් එක්කෝ අභයවකාශෙට යන්න ඕනි. නැත්තන් ප්ලේන් එහෙක කරණන් ගහන්න ඕනි. එතකොට ‍තේරෙනවා ගුරැත්වාකර්ශනය කියන්නෙ මොකක්ද කියල.

    ඒවා කතන්දර උනාට උඹ දන්නවාද ඒ කතන්දර වලට අනාගතය පු‍රෝකතනය කරන්න පුලුවන් කියල. ඒ කතන්තර වැදගත් වෙන්නෙ අන්න ඒ නිසායි. හොදම උදාහරනේ මේ ලගදි හොයාගත්තු ගුරැත්වාකර්ශන තරංග. ඒවා ගැන මුලින්ම අනාවැකිය කිව්වෙ අයින්සටයින් 1915 දී.

    විශ්වය නියම වලට වැඩ කරන්නෙ නැත්තන් රොකට් එකක් අහසට යවන්න බෑනේ? ඔන්න සරලම තර්කයත් ගෙනවා. නැත්තන් අපිට සූර්යග්රහනයක් හරියට පුරෝකතනය කරන්න බැරි වෙනවනේ.

    මට කියහන්කෝ ඔය පැහැදිලි කරන්න බැරි සිදුවීම් මොනාද කියල?

    අභ්‍යවකාශෙට ගියාම මොන ඉන්ද්‍රියටද කියපං බලන්න ගුරුත්වාකර්ශණය දැනෙන්නෙ ? ඇයි අභ්‍යවාශෙට ගියාම දැනෙන දේ පෘථිවියෙ ඉන්නකොට දැනෙන්නැත්තෙ ? පෘථිවියෙ ගුරුත්වාකර්ශණය නෑ කියලද කියන්නෙ ? :rolleyes:

    ඔව් අනාගතය පුරෝකථනය කරන්න පුලුවන් තමා. ඒ පුරෝකථනය කිරීමේ හැකියාවට සාක්ශියක් විතරයි රොකට් යවනව කියන්නෙ. නැතුව ගුරුත්වාකර්ශණය තියෙනව කියන්න රොකට් යවන්න පුලුවන් එක සාක්ශියක් නෙමේ.

    සූර්යග්‍රහණ පුරෝකථනය කරන්න විශ්වය නියම වලට අනුව වැඩ කරන්න ඕන්නෑ. ග්‍රහ චලිතය පැහැදිලි කෙරෙන ඕනෙ ප්‍රවාදයකිං පුලුවන්. ඒක විශ්වය නියම වලට අනුව වැඩ කරන බවට සාක්ශියක් නෙමේ.

    dark matter ගැන හොයල බලපං. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ශනේට බුධගෙ චලිතය පැහැදිලි කරන්න බැරිවුන තැන විද්‍යාඥයො කල දේමයි අද dark matter කියල කරන්නෙ. ගුරුත්වාකර්ශනේට බුධගෙ විතරක් නෙමේ කිසිම ග්‍රහ වස්තුවක චලිතය නිවැරදිව පුරෝකථනය කරන්න බෑ. ඒත් ඒක හොඳට පේන්න තියෙන්නෙ බුධගෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මොකක්ද බන් සිංහල බෞද්ධ චින්තනය? ඕක නලියා හදාගත්තු විකාර කතාවක් විතරයි උගේ හීනමානේ වහගන්න. හරියට අර හෙළ රාවණා වංශය වගේ...

    සිංහල බෞද්ධ චින්තනේ ගැන තමා බං කලිං කියල තියෙන්නෙ.
    බටහිර චින්තනේ හිතන්නෙ රේඛියව. ආරම්භයක් තියෙනව. පැවැත්මක් තියෙනව. අවසානයක් තියෙනව. සිංහල බෞද්ධ චින්තනේ ආරම්භයකුත් නැති අවසානයකුත් නැති පැවැත්මක් ගැන කියවෙනව. බෞද්ධයො කොහොමද සංසාරය තේරුම් ගන්නෙ ? ආරම්භයක් නැති ඒත් පවතින දෙයක් විදිහට.
    බටහිර ඇරිස්ටෝටලීය ද්වීකෝටික න්‍යායෙ සත්‍යතා අගයන් දෙකයි තියෙන්නෙ. සත්‍ය වේ අසත්‍ය වේ. සිංහල බෞද්ධ චින්තනේ
    සත්‍ය වේ
    අසත්‍ය වේ
    සත්‍යද වේ අසත්‍යද වේ
    සත්‍යද නොවේ අසත්‍යද නොවේ කියල කෝටික 4ක් තියෙනව. මැරිල ඉපදෙන්නෙ මමත් නෙමේ වෙන කෙනෙකුත් නෙමේ. මේක බටහිර චින්තනේට අනුව බැලුවොත් වෙන්න බැරි විකාරයක්. පොඩ්ඩක් නලීන් ද සිල්ව ලියන ඒව කියෝල බලපං/
     
    • Like
    Reactions: dath kimbula

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Oya chinthanen korapu deyak pennapan. Nalidage deiyo seen eka arunama:rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Oya chinthanen korapu deyak pennapan. Nalidage deiyo seen eka arunama:rofl:

    ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ double slit experiment එක පැහැදිලි කරන්න විද්‍යාලංකාර අර්ථකතනය කියල අලුත් අර්ථකතනයක් නිර්මාණය කලා.
    රජරට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගල්පොසේට් (ග්ලයිපොසේට් වල තියෙන ආසනික්) කිවුල් ජලය කුඹුරු පස හේතුවක් කියල කිව්ව. මේක නාථ දෙවියන්ගෙන් ලබාගත්ත දැනුම කියල කෙලින්ම කිව්ව. නාථ දෙවියන් කිව්ව කියල නිකං හිටියෙ නෑ ආසනික් තියෙන බවට පරීක්ශණාත්මකව ඔප්පු කලා. බල්ලෙක්ගෙවත් අවධානයක් යොමු වුනේ නෑ.
    අපේ ප්‍රවාද කියල ලංකාවෙ ඉතිහාසය ගැන ප්‍රවාද ගොඩක් නිර්මාණය කරල තියෙනව. අපේ ප්‍රවාද 1 2 3 පොත් තුන හොයාගෙන කියවන්න.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ double slit experiment එක පැහැදිලි කරන්න විද්‍යාලංකාර අර්ථකතනය කියල අලුත් අර්ථකතනයක් නිර්මාණය කලා.
    රජරට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගල්පොසේට් (ග්ලයිපොසේට් වල තියෙන ආසනික්) කිවුල් ජලය කුඹුරු පස හේතුවක් කියල කිව්ව. මේක නාථ දෙවියන්ගෙන් ලබාගත්ත දැනුම කියල කෙලින්ම කිව්ව. නාථ දෙවියන් කිව්ව කියල නිකං හිටියෙ නෑ ආසනික් තියෙන බවට පරීක්ශණාත්මකව ඔප්පු කලා. බල්ලෙක්ගෙවත් අවධානයක් යොමු වුනේ නෑ.
    අපේ ප්‍රවාද කියල ලංකාවෙ ඉතිහාසය ගැන ප්‍රවාද ගොඩක් නිර්මාණය කරල තියෙනව. අපේ ප්‍රවාද 1 2 3 පොත් තුන හොයාගෙන කියවන්න.

    ඕක කෑල්ල දැක්කමවත් උබට හිතෙන්නේ නැද්ද නලින්දගේත් මොකක් හරි අවුලක් ඇති කියලා.ඔච්චර වැදගත් දේවල් නම් ඇයි බන් එහෙම උනේ.:rofl: න්ලින්දගේ ගොන් ජෝක් නිසාම තමයි පොර කියන ගොඩක් දේවල් උගේ අනුගාමිකයෝ ඇරෙන්න කවුරුත් ගණන් ගන්නේ නැත්තේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක කෑල්ල දැක්කමවත් උබට හිතෙන්නේ නැද්ද නලින්දගේත් මොකක් හරි අවුලක් ඇති කියලා.ඔච්චර වැදගත් දේවල් නම් ඇයි බන් එහෙම උනේ.:rofl: න්ලින්දගේ ගොන් ජෝක් නිසාම තමයි පොර කියන ගොඩක් දේවල් උගේ අනුගාමිකයෝ ඇරෙන්න කවුරුත් ගණන් ගන්නේ නැත්තේ

    අම්මප ? එතකොට Neuroplacticity ගැන මුල් කාලෙ කරපු පරීක්ශණ පරීක්ශණ වාර්තා වලට බල්ලෙක්ගෙ අවධානයක්වත් යොමු වුන්නැත්තෙ බටහිර රටවල විද්‍යාඥයන්ගෙත් වැරැද්ද වෙන්ඩ ඇති නේ ? Sapir ල Whorf ල නිර්මාණය කරපු linguistic relativity එහෙම බල්ලෙක්වත් ගනං ගන්නැතුව අවුරුදු ගනං කුණු කූඩ වල තිබ්බෙ ඒ මිනිස්සුන්ටත් වයර් මාරු වෙලා ඇති නේ ? එතකොට ඔය දෙකම දැන් පිලිගන්න තත්වෙට පත් වෙලා තියෙන්නෙ දැන් ඉන්න විද්‍යාඥයො ඔක්කොම පිස්සො හින්දද ?

    නලීන් ද සිල්වගෙ ප්‍රශ්නයක් නෙමේ ඕක තමා විද්‍යාත්මක ක්‍රමය කියල මහලොකුවට කියවන්නෙ. විද්‍යාවෙ සුසමාදාර්ශයක් විද්‍යා සමාජයේ පිළිගැනීමට ලක් වුනාම ඒකට විරුද්ධව යන ප්‍රවාදයක් නිර්මාණය කරනව කියන්නෙ සැඩ පාරක උඩට පීනනව වගේ. නලීන් ද සිල්වට වෙලා තියෙන්නෙත් ඒක තමා. නාථ දෙවියන්ගෙන් දැනුම ගත්ත කිව්ව නිසා ඒව සේරම නොසලකා හැරල. ඒ වුනාට කියන්නෙ මහලොකුවට කිසිම පක්ශපාතීත්වයක් නැතුව පරීක්ශණ නිරීක්ශණ කරල නිගමන වලට එන්නෙ කියල :lol: එනව බම්බුව. මිනිස්සු හිතං ඉන්නෙ විද්‍යා සමාජය කියන්නෙ මාර open minded සෙට් එකක් කියල. ඒකයි ඔය වගේ කතා කියන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ..... නාථ දෙවියන්ගෙන් දැනුම ගත්ත කිව්ව නිසා ඒව සේරම නොසලකා හැරල. ඒ වුනාට කියන්නෙ මහලොකුවට කිසිම පක්ශපාතීත්වයක් නැතුව පරීක්ශණ නිරීක්ශණ කරල නිගමන වලට එන්නෙ කියල :lol: එනව බම්බුව. මිනිස්සු හිතං ඉන්නෙ විද්‍යා සමාජය කියන්නෙ මාර open minded සෙට් එකක් කියල. ඒකයි ඔය වගේ කතා කියන්නෙ.

    ඉතින් පරීක්ෂණයක් කරන්න ඔය නාථ දෙයියන්ව ගෙන්නගන්න බැරිවෙයිද ආය :oo: සුටුස් ගාල පොඩි කාඩ් එකක් බලල අංකයක් කියන වගේ සරල පරීක්ෂනෙකින් පුළුවන්නේ ඔය දෙයියා ඉන්න බව ඔප්පු කරන්න අර හෙතුවාදියෝ අරුන් මුන්ගේ රෙදි ගැලවිලා යන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් පරීක්ෂණයක් කරන්න ඔය නාථ දෙයියන්ව ගෙන්නගන්න බැරිවෙයිද ආය :oo: සුටුස් ගාල පොඩි කාඩ් එකක් බලල අංකයක් කියන වගේ සරල පරීක්ෂනෙකින් පුළුවන්නේ ඔය දෙයියා ඉන්න බව ඔප්පු කරන්න අර හෙතුවාදියෝ අරුන් මුන්ගේ රෙදි ගැලවිලා යන්න.

    එහෙනං යුද්දෙ කරන්න කොටි හැංගිලා ඉන්න තැන් දැනගන්න තිබ්බනෙ ? තියෙන හැම ලෙඩකටම බෙහෙත් හොයාගන්න තිබ්බනෙ ? ඒ කාලෙ පෘතුගීසි ලංදේසී ඉංග්‍රීසි පරද්දන්න උදව් ගන්න තිබ්බනෙ ? ඇයි මේ එකක්වත් කලේ නැත්තෙ ? නාථ දෙවියො වෙිවා වෙනත් ඕනෙම දෙවි කෙනෙක් වේවා එහෙම හිතුන හිතුන පලියට ලංකාව වෙනුවෙන් හැම දෙයක්ම කරන්නෑ බං. එහෙම නං සුනාමියෙනුත් ලක්ශ ගානක් බේරගන්න තිබ්බනෙ.

    උඹ ගේ වටේ ඉන්න කූඹි ගුලවල් වල කූඹි බේරන්න පුලුවන් කම තිබ්බ කියල උන්ගෙ ප්‍රශ්න හොය හොය උන් බේර බේර ඉන්නවද ? කූඹි ගුලක් අල්ලගන්න තව කූඹි ටිකක් ඇවිල්ල නං උඹ එක පැත්තක් අරං උන්ට දිනන්න උදව් කරනවද ?

    නාථ දෙවියො නෙමේ මොන දෙවියොත් ඒ වගේ තමා බං. අපිට තියෙන හැම ප්‍රශ්නෙකටම මැදිහත් වෙන්නෑ. වෙන්න ඕනෙකමකුත් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :rolleyes: