Bestlife පිරමීඩද බන්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    මේකේ අවුල මොකද්ද බන් මුන් කියනවා මුන් බඩු විකුනන්නේ නියම වටිනාකමට කියලා. මේක ජාවරමක් වෙන්නේ කොහොමද. ඇයි කට්ටිය බනින්නේ

    අල්ලපු ගෙදර අයියා බැඳිලා. අද ගෙදර රැස්වීමක් තියෙනවා කියලා මටත් එන්න කිව්වා. මන් ඌට බෑ කිව්වා. ඊට පස්සේ බැඳෙන්න ඕනේ නෑ නිකන් රැස්වීමට ඇවිත් ඉන්න කියලා කිව්වා ඌට රැස්වීමට 4 දෙනක් හොයාගන්න නෑ කියලා. බෑ කියන්න බැරිකමට මාත් ගියා. රැස්වීමෙදි මන් උන්ගේ මූණටම කිව්වා ඕක පිරමීඩ් කේස් එකක්. උන් සෑහෙන්න දේවල් කිව්වා ඒක පිරමීඩ් නෙමේ කියලා පෙන්නන්න

    ඩොනල්ඩ් ට්‍රම්ප්, සංගක්කර,ලසිත් මාලිංගලාව තව එලොන් මස්ක් වගේ ලෝකේ ලොකු කොටිපතියොන්වත් උදාහරණයට අරගත්තේ. ඒ මදිවට උන්ගේ කම්පැනි එකෙන් ෆිල්මුත් හදලා. මහ බැංකුවේ අධිපතිගේ වීඩියෝ එකකුත් පෙන්නුවා නෙට්වර්ක් මාකටින් ( බෙස්ට්ලයිෆ් නෙමේ ) කියන්නේ පිරමීඩ් ජාවරමක් නෙමේ කියලා කියන එකක්.ඒ මදිවට උන් මුරුංගා කැප්සියුල් එකක් පිට රට යවනවාලු. ඒකට මහින්ද රාජපක්ෂ ප්‍රසංශා කරපු වීඩියෝ අකකුත් පෙන්නුවා

    මටනම් තේරුණා උන්ගේ මාකටින් කපටිකම. උන් සමාජ සුභසාධක කටයුතු කරලා ඒකට ප්‍රසංශා කරව ගන්නවා කවුරුහරි ලොකු කෙනෙක්ට කියලා. ඒක උන්ගේ ආයතනයට කරන ප්‍රසංශාවක් නෙමේ ඒ කරපු වැඩේට කරන ප්‍රසංශාවක්. මුන් ඒක පාවිච්චි කරනවා මුන්ගේ මාකටින් වලට
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    badu wikunala meeting tiyanne pyramid tamai 😂😂

    ඇත්ත ඇත්ත. මටත් ඕක කියන්න හිතුනා එහා ගෙදර අයියා තරහා වෙයි කියලා කිව්වේ නෑ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    චීන බාල බඩු අරන් ලොකු ගනන් දාලා විකුනන්නේ !!
    රෙෆරල් සීන් එකක් බන් යන්නේ.
    උබ හදුන්වලා දෙන ගැනුම්කරුවා , මිලදී ගන්න සෑම අයිටම් එකකින්ම උබට කමිශන් එකක් එනවා.. උබ තව අය හදුන්වලා දෙනකොට උබේ කමිශන් එක වැඩි වෙනවා.. හැබැයි ඒ අය බඩු ගන්න ඕනී..බඩු ගන්න ගන්න උබේ කමිශන් වැඩී..
    ඕවාට ‍තෝරගන්නේ අමු මෝඩයෝ - ලෝකේ පිලිබදව කිසිම දනුමක් නැති ගෙවල් වල ඉන්න ගෑනූ , ගොවියෝ , ග්‍රාමිය මිනිස්සු තමා උන්ගේ ටාර්ගෙට් එක.. උන්ව අහු කර ගන්න ලේසී..
    ඕකට කවුරුවත් මුලින් අකමැති උනාට පස්සේ එකෙක්ව බිල්ලට දීලා සල්ලි අතට ලැබෙනකොට ඒකට ආස හිතිලා දන්න දන්න හැම එකාවම බිල්ලට දෙනවා - මුලින්ම ශොට් ක දෙන්නේ එකට ඉන්න යාලුවොන්ට.. :lol: :ROFLMAO:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඩිරෙක්ට් මාකටින් සහ පිරමීඩ කියන්නේ සම්පුර්නෙන් වෙනස් ආකාර දෙකක්. .
    ඩිරෙක්ට් මාකට් කරනවා ඔරිෆ්ලේම් වල. . බාන්ඩයක් විකුනන තරමට ගානක් අතට ලැබෙනවා. . විකිනීම නතර කරාම සතයක් වත් ලැබෙන්නේ නෑ. . ජොයින් වෙන්න සල්ලි ඕනේ නෑ, ජොයින් වෙන්න බාන්ඩ මිලදීගන්න ඕනෙත් නෑ. .

    පිරමිඩ් එකේ කියන්නේ මුලින් නොවටිනා බඩුවක් ගනින් එතකොට උබට ජොයින් වුනැකි ජොයින් වෙලත් කරන්න තියෙන්නේ තව දෙන්නෙක්ව සෙට් කරන එක විතරයි ඉටපස්සේ ගෙදර බුදියන් හිටියත් සල්ලි කියලා. .

    මගේ අදහසක් තියෙනවා ඩිරෙක්ට් මාකටින් බිස්නස් එකක් කරන්න. . ඒත් තාමනම් මට එහෙම දෙයක් කරගන්න ලැබුනේ නෑ. . කොහොම හරි කරනවා දවසක මට දෙයක් ලබාගන්න නෙවේ අහින්සකයෝ අහුවෙලා තමන්ගේ සල්ලි නාස්තිකරගන්න එක වලක්වන්න. . මම පුද්ගලිකවත් දන්නවා ඕවට අහුවුන කීප දෙනෙක්ව පව් එගොල්ලන්ගේ බුද්දි මට්ටම් අඩුයි ඇත්ත කතාව ඒකයි ඉක්මනට රැවටෙනවා. . ඔහොම කෙනෙක් මාවත් ඕකකට එක්කන් ගියා බෙස්ට් ලයිෆ් එකේ අවුරුදු 14කට විතර කලින්. . මම ගියේ ඌට කෙල්ලෙක් වත් සෙට් වෙලා මූ මේ මටත් පෙන්නන්න එක්කන් යනවා ඇති කියලා හිතන්. . උන්ගේ සුරන්ගනා කතා අහලා ආවා ඉතින්. . පස්සෙ මුන් කෝල් දානවා ඉවරයක් නෑ. . මම බ්ලොක් කරලා දැම්මා. . හැබැයි අර කොල්ලයි, ඌගේ අක්කලා දෙන්නයි තව හිතවත්ම කීප දෙනෙකුයි අහුවුනා. . පස්සේ මූ කියනවා උබ කියපු දේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නෑ කියලා. . පව් ඉතින් අහින්සකයො කොච්චරක් ඕවට අහුවෙනවද. .

    ඕවා වහන්න බෑ ලොකු අතු ඕවල ඉන්නවා. . පුලුවන් එකම දේ දැනුවත් කරලා අහින්සකයො ගලවගන්න බලන එක විතරයි. .

    දැන් උන් මොනවා කරනවද කියලනම් මට අදහසක් නෑ. .
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,099
    882
    113
    33
    Srilanka
    nuben kelinma salli ganna beri nisa , baala china badu tika niyama ganata vikunawa.
    majic bullet (teleseen nemai mang hitane) - 17,000
    gas cooker - 17,000
    thawa magaula tikak , okkoma 14,000 - 17000

    leaders bank account peannala, kattiya aran hambu karanawa.
    paw ahinsaka minissu

    gov approval+ company reg tiyanawalu, mewa samara kattita magic..lanka wage rataka nadu dala wedak a ?

    mang danna taramata 99% MLM me wage over price dala, minisungen salli aran , ekin tikak team ekata denawa.

    product use karala anith ayata kiyanna kiyay (MLM basic - word of mouth), eth apita message enne whats app or facebook ekin "gedara idn nikam salli hoyanna" :ROFLMAO:
     
    • Like
    Reactions: geeko

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕකට සෙට් වෙච්ච එකෙකේ දන්නවා 2018 කිවේ range rover එකක් බස්සල රස්වාවෙන් අස් වෙනවා කියල. තාම පොර ඕක කියා කියා ඉන්නවා.
     
    • Like
    Reactions: geeko

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,894
    113
    ඕකට සෙට් වෙච්ච එකෙකේ දන්නවා 2018 කිවේ range rover එකක් බස්සල රස්වාවෙන් අස් වෙනවා කියල. තාම පොර ඕක කියා කියා ඉන්නවා.
    Ape eke hitiya, balapan tawa 1y ekakin Lambo ekak bassanwa kiyala :P
     
    • Like
    Reactions: geeko and U-tag

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජොයින් වෙන්නෙ නැතුව බඩුවක් ගන්න පුලුවන්ද අහපන්කො. ගන්න බෑ

    හැබැයි උන් කවදාවත් කියන්නෙ නෑ බෑ කියල. බොරුවෙන්ම ජීවත් වෙන කාලකන්නි ජාතියක්. ඕවට රැවටිලා බැදුනු එවුන්ව යාලුකමින් සහෝදරකමින් අයින් කරපන්.

    ඕකුන් බ්‍රේන් වොෂ් කරගත්තට පස්සෙ එලියට එන්නෙ කලින් හිටපු එකා නෙවෙයි. බල්ලො මරල හරි සල්ලි හොයන්න හදන එකෙක්
     
    • Like
    Reactions: geeko and U-tag

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    don't goo
    yanda epaa

    don't join
    Bendenna epaa

    ape appachchiwa bandawa gaththa
    kaala kanni aiya kenek

    un ee meeting wala kiyana suranganaa kathaa nee
    badu ganna giyaama

    meewa thamai thiyenne
    oone nam ganin nethnam nikaa indapan
    ooka thamai kathaawa anthimata
     
    • Like
    Reactions: geeko and S_M_S

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    ඕකට අපිව සම්බන්ධ කරන උත්සාහා කරන පුද්ගලයෙක් වේ නම් ඌගෙන් යාලු මිත්‍ර නෑදැ කම් වලින් ජීවීත කාලේටම අයින් වෙන එක නුවනට හුරුයි..
    නැත්තම් කවදාහරි අනිවා ගිනි ගෙඩියක් දෙනවා ඒක සුවර්
     
    • Like
    Reactions: geeko and S_M_S