මමත් බයික් එකේ යද්දී 4න් එක රිං වුනොත් මගේ නෙවෙයි වගේ යන්නේ.කෝල් එක ගන්නම ඕනෙනම් බයික් එක නවත්තලා තමයි ගන්නේ
මේ ටිකත් මතක තියාගන්න
වාහනයක් ඉස්සර කිරීමේදී හැරවීමේදී අනිවාර්යෙන් සිග්නල් දාන්න.ඒ වගේම ඒ කටයුත්ත ඉවරවුණු වහාම සිග්නල් ඕෆ් කරන්නත් මතක තියාගන්න.
සයිඩ් කන්නාඩි තියෙද්දිත් හරක් වගේ පස්සා බල බල යන අය ඉන්නවා.ඉස්සරහින් යන වහනෙකට උම්මා එකක් දුන්නම තමා තේරෙන්නේ.
ත්රී වීල් වල නම් වම් පැත්තට සිග්නල් දානවා කියන්නේ දකුණට හරවනවා කියන එක

ඒ නිසා අනිත් වාහන ගැනත් හොඳ කල්පනාවෙන් යන්න ඕනේ.සිග්නල් දාලා තිබ්බ පලියට අනිත් පැත්තෙන් ක්ෂණිකව ඉස්සර කරන්න යන්න එපා.එහෙම යන්න ගිහින් ඇන ගත්ත අය දැකලා තියෙනවා.