Bill of Lading / නෞභාර පත්‍රය 🚢⚓🛳️

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හපොයි බෑ :sorry:
    මට වතුරෙන් අපලයි කියල පොඩි කාලෙ කේන්දරෙ බලපු එකෙක් කීව.

    අපෙ අපුච්චත් මට කියන්නෙ, තො කොහෙ රවුම් ගැහුවත් කමක් නෑ, වතුරට එහෙම බහින්න එපැයි කියල
    අපේ බව්වත් ඔහොම තමයි නාවන්න යන්නේ වගේ තේරුනොත් ගම වටේම දුවනවා....😁
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කිරියේ නැද්ද බන් ත්‍රෙඩ් collection එකක් හදන option එකක්. උබේ මේ ජාතියේ ත්‍රෙඩ් ටික එකම වහලක් යටින් හොයාගන්න පුලුවන් විදියක් වගේ.
    පුලුවන්නේ
    bookmark එකක් දාන ගමන් label එකක් දාන්න
    ඊට පස්සේ ඒ label එකම අනිත් ඕන නූල් වලටත් දාන්න තියෙන්නේ

    bookmark section එකෙන් label එක filter කරලා ගන්න පුලුවන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    පුලුවන්නේ
    bookmark එකක් දාන ගමන් label එකක් දාන්න
    ඊට පස්සේ ඒ label එකම අනිත් ඕන නූල් වලටත් දාන්න තියෙන්නේ

    bookmark section එකෙන් label එක filter කරලා ගන්න පුලුවන්
    තුති..
    දාලා බාලන්නම්..👍
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොඩ්ඩක් එහෙනම් කතාකරමු අපි හැමෝමට කනට හුරු වචනයක් වන BL එහෙනම් නැත්නම් Bill of Lading කියන්නේ මොකක්ද කියලා. කිරියේ ඉන්න ගොඩක් අය මේ පිලිබදව දැනුවත් සහ මෙය දැනටමත් බාවිත කරනවා. සරල කෙටි සටහනකින් තව ටිකක් දැනගමු මේ පිලිබදව :yes:

    cZZ4KPk.png


    සරලවම කියුවොත් BL ( Bill of Lading ) එහෙම නැත්නම් නෞභාර පත්‍රය කියන්නේ ජාත්‍යන්තර සමුද්‍ර සහ ගුවන් මගින් කරන භාණ්ඩ හුවමාරුවේදී අපිට ලැබෙන වෙළද කුවිතාන්සිය එහෙම නැත්නම් රිසිට්පත කියලා කෙටියෙන් හදුන්වන්න පුළුවන්. Bill කියන්නේ "බිල්පත" සහ "Lade" කියන්නේ නැවකට හෝ වෙනත් ආකාරයක භාණ්ඩ ප්‍රවාහකයකට භාණ්ඩ පැටවීමයි.

    භාණ්ඩ නිපදවන නිෂ්පාදකයා ( Shipper ) වෙත අදාළ භාණ්ඩ ප්‍රවාහනය කරන නාවික සමාගම ප්‍රවාහනය කරන භාණ්ඩවල වර්ගය, ප්‍රමාණය සහ ගමනාන්තය විස්තර සදහන්කර නිකුත් කරන නීතිමය ලියවිල්ල තමයි BL ( Bill of Lading ) ලෙස හදුන්වන්නේ. අපි ඉතින් නැව් වැඩ වලදී කෙටියෙන් කියන්නේ ඉතින් ඕකට BL එක කියලා. ගොඩබිම් මාර්ග හෝ දුම්රිය මාර්ග හරහා ප්‍රවාහනය කරන භාණ්ඩ සඳහා රට අභ්‍යන්තරයේ ඇති බිල්පත් මෙන්ම, නැව්ගත කිරීමේදී ගොඩබෑමේ ජාත්‍යන්තර බිල්පතක් ලෙස මෙය නිකුත්කරනු ලැබේ.

    JZqz0gW.jpg


    නිෂ්පාදකයා (Shipper) විසින් භාරකරු (Consignee) සමග ඇතිකරගත් ගිවිසිමුට අනුව කලින් තීරණය කරන ලද ගමනාන්තයකට භාණ්ඩ බෙදා හරින විට එම භාණ්ඩ තොගය සදහා නැව් සමාගම නිකුත්කරන කුවිතාන්සියක් ලෙසද ක්‍රියා කරයි. භාණ්ඩ ප්‍රවාහන ක්‍රමය ( සමුද්‍ර / රේල්ලු / ගුවන් ) කුමක් වුවත්, නැව්ගත කළ සමාගම එය බලයලත් නිලධාරියෙකුගේ අත්සන සහිතව නිෂ්පාදකයා ( Shipper ) වෙත නිකුත් කරන අතරම නිෂ්පාදකයා (Shipper) ට රිසි පරිදි එය භාරකරු (Consignee ) වෙත පැවරිය හෝ සතු කල හැකිය.

    Bill of Lading / නෞභාර පත්‍රය යනු නැව්ගත කරන භාණ්ඩ තොගය පිලිබදව නිවැරදි තොරතුරු නැව්ගත කරන සමාගමට නිවැරදිව සැකසීමට අවශ්‍ය සියලුම සපයන නීත්‍යානුකූලව බැඳී ඇති ලියවිලක් ලෙසද ක්‍රියාකරනු ලබයි. ගමන්තයේදී රේගු කටයුතු සදහා අනිවාර්යෙන්ම ඉදිරිපත් කලයුතු ලියවිල්ලක් ලෙසද මෙම Bill of Lading / නෞභාර පත්‍රය හැදින්විය හැක.

    deKykj3.png


    BL ( Bill of Lading ) එහෙම නැත්නම් නෞභාර පත්‍රය ප්‍රදාන කරුණු තුනකින් නිත්‍යානුකුලව ලියවිල්ලක් බවට පත්වෙනවා.
    එය,

    1 ) එය බඩු බිල්පතේ විස්තර කර ඇති භාණ්ඩ සඳහා හිමිකම් ලේඛනයකි.
    2 ) එය නැව්ගත කරන ලද නිෂ්පාදන සඳහා රිසිට්පතකි.
    3 ) එය භාණ්ඩ ප්රවාහනය සඳහා එකඟ වූ නියමයන් සහ කොන්දේසි නියෝජනය කරන ලියවිල්ලකි.

    Bill of Lading / නෞභාර පත්‍රයකින් භාණ්ඩ නිපදවන නිෂ්පාදකයා ( Shipper ) හට තම භාණ්ඩ සදහා අදාළ ගෙවීම් ලැබෙනතුරු භාණ්ඩ නිදහස් නොකිරීමට බලතල ලැබෙන අතරම නමුත් පෙර ඇතිකරගත් ගිවිසුමකට් අනුව මුදල් ලැබෙන තෙක් Bill of Lading / නෞභාර පත්‍රය භාරකරු (Consignee) වෙත බෙදාහැරිය හැක. එක් එක් BL ප්‍රබේද අනුව භාණ්ඩ ගමනන්තයේදී නිෂ්කාශනය කරගැනීමට භාරකරු (Consignee) හට අවස්තාව සැලසේ.

    එහිදී Original Bill of Lading (OBL) නිකුත් කිරීමක් හමුවේ භාරකරු (Consignee) අනිවාර්යෙන්ම තම භාණ්ඩ ගමනන්තයේදී නිෂ්කාශනය කරගැනීම මුලික මුද්‍රිත BL පත රේගුවට සහ අදාළ නැව් සමාගෙමේ කාර්යාලයට ඉදිරිපත් කල යුතු අතරම BL නිකුතුව Sea waybill ( SWB ) Telex / Surrender ආකාරයට නිකුත් කිරීමත් සිදුවීනම් පිටපතකින් ඉහත පැවසු නිෂ්කාශන කටයුතු සිදුකරගත හැක. මෙහිදී නිකුත්කරනා මාද්‍ය පිලිබදව තීරණය ගනු ලබන්නේ නිෂ්පාදකයා (Shipper) විසිනි.

    KCCFtpQ.png


    තවද මෙම BL ( Bill of Lading ) නිකුත් කිරීමේදී නිෂ්පාදකයා ( Shipper ) / නැව් සමාගම / සහ භාරකරු (Consignee ) පහත සදහන් සම්මට නීති රීති පද්දතීන් හට අනුගත විය යුතුය.

    – Hamburg Rules
    – Rotterdam Rules
    – Hague Rules
    – US COGSA

    ZcTEMAU.png


    Bill of Lading / නෞභාර පත් වර්ග

    – An on-board bill of lading : අදාළ භාණ්ඩ නැව් හෝ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයට භෞතිකව භාණ්ඩ පටවා ඇති බවට තහවරු කරන ලියවිල්ල මෙයයි.
    – A received-for-shipment bill of lading : නැව්ගත කිරීම සඳහා ලැබුණු භාණ්ඩ බිල්පතක් යනු භාණ්ඩ ලැබී ඇති නමුත් දැනටමත් නැව් යාත්‍රාවකට පටවා ඇති බවට සහතික නොවන ලියවිල්ලකි. මෙමෙ ලියවිල්ල සාමාන්‍යයෙන් නිකුත්කරනු ලබන්නේ තවමත් පර්යන්තයේ හෝ බහලුම් එකලස් හෝ ගබඩා සංකීර්ණයක ඇති භාණ්ඩ සදහාය.
    – A straight bill of lading : නැව්ගත කිරීමට පෙර භාණ්ඩ සදහා කල්තියා මුදල් ගෙවා ඇති විට මෙම බිල්පත නිකුත් කරනු ලැබේ.
    – An order bill of lading : මුදල් ගෙවීමට පෙර භාණ්ඩ නැව්ගත කිරීමේදී මෙම බිල්පත නිකුත් කරනු ලැබේ.
    – Negotiable Bill of Lading / Non-negotiable Bill of Lading : මෙම වර්ගයේ ලියවිල්ලක් මගින් මුල් පිටපත ඇති ඕනෑම කෙනෙකුට භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ අයිතිය හිමිවන අතරම අනෙක් ලියවිල්ල මගින් නැව්ගත කිරීමට කලින් නම්කළ පාර්ශවයට පමණක් නිෂ්කාශනය කිරීමේ අයිතිය ලබා දෙයි.

    භාණ්ඩ ප්‍රවාහන බිල්පතේ අන්තර්ගතය පිලිබදව පොඩ්ඩක් කතාකරමු අපි අවසාන වශයෙන්

    1 ) යවන්නාගේ / ලබන්නාගේ සහ නැව්කරුගේ සම්පූර්ණ නම සහ නිල ලිපිනය පිළිබද තොරතුරු.
    2 ) මිලදී ගැනීමේ ඇණවුම් අංක / විශේෂ යොමු / ඉන්වොයිසිය හෝ යොමු අංක, සහ නැව්කරුට සහ භාරකරුට භාණ්ඩ බාරගැනීමේ මුදා හැරීමට හෝ භාරදීමේදී පිළිගනු ලබන විශේෂ උපදෙස් පිළිබද තොරතුරු.
    3 ) භාණ්ඩවල විස්තරයට නැව්ගත කරන ඒකක ගණන, භාණ්ඩ ප්‍රවාහන පන්තිය, නිෂ්පාදනවල බර සහ මානය සහ රැගෙන යන භාණ්ඩවල ස්වභාවය පිළිබද තොරතුරු.
    4 ) භාණ්ඩ අනතුරුදායක නම් අන්තරායකර ද්‍රව්‍ය නම් කිරීම ටැග් පිළිබද විස්තර සහ නැව්ගත කිරීමේදී විශේෂිත නීති සහ අවශ්‍යතා අනුගමනය කිරීම පිළිබද තොරතුරු.
    5 ) ඇසුරුම් බහලුම් පිළිබද විස්තර විස්තර ( කූඩ, පැලට්, පෙට්ටි, පෙති, බේල් etc )
    6 ) ගුදම් ප්‍රවාහන ගාස්තු ( freight ) පිළිබද තොරතුරු ( අවශ්‍ය නම් පමණයි )

    7Uxzbi6.jpg


    කෙටි සටහන : Walter White
    චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී
    යකෝ නැවක ඉනන්ව කියන්නේ ලේසි වැඩක් නෙමේ නේද?
    මේවා පොඩ්ඩක් හරි ගැස්සුනොත් ඉවරයි නේ

    ප්‍රශ්නයක් තිබේ. දැන් බන් ඔය මුලින් බාන්න ඕනේ කන්ටේනර් ඔකේ උඩින් නේ තියෙන්නේ ඕනේ නේද? ඒ සින් එක කොමද බන් ඔකේ කරන්නේ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Thanks..

    කිරියේ නැද්ද බන් ත්‍රෙඩ් collection එකක් හදන option එකක්. උබේ මේ ජාතියේ ත්‍රෙඩ් ටික එකම වහලක් යටින් හොයාගන්න පුලුවන් විදියක් වගේ.
    Search karala puluwan neda? All titles by a member.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    යකෝ නැවක ඉනන්ව කියන්නේ ලේසි වැඩක් නෙමේ නේද?
    මේවා පොඩ්ඩක් හරි ගැස්සුනොත් ඉවරයි නේ

    ප්‍රශ්නයක් තිබේ. දැන් බන් ඔය මුලින් බාන්න ඕනේ කන්ටේනර් ඔකේ උඩින් නේ තියෙන්නේ ඕනේ නේද? ඒ සින් එක කොමද බන් ඔකේ කරන්නේ?
    ඕනද ඒ පිලිබදව ලිපියක් ?
    ලස්සන කතාවක් ඒක..👍
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    Search karala puluwan neda? All titles by a member.
    search කරල හොයාගන්න එක නෙවෙයි බන් කිව්වේ.
    අර playlist එකක් වගේ collection එකක් විදියට හදන්න පුලුවන් ද කියලා.